අප්පා!!!!! සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් අලුත් උපසිරැසියක් පරණ ෆිල්ම් එකකට අරගෙන ආව. අන්තිමට දීපු දෙක තුන වගේම මේකත් මහා සිනමාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ. ඒ වගේම මගේ ලඟ තියෙන අවසාන හිච්කොක් ෆිල්ම් එක. තව හොයාගමු පහුවෙනකොට. බලමුකො ෆිල්ම් එකේ විස්තර එහෙනම්. 1940 වසරෙ අප්‍රියෙල් මාසයෙදි ඉංග්…

අප්පා!!!!! සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් අලුත් උපසිරැසියක් පරණ ෆිල්ම් එකකට අරගෙන ආව. අන්තිමට දීපු දෙක තුන වගේම මේකත් මහා සිනමාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ. ඒ වගේම මගේ ලඟ තියෙන අවසාන හිච්කොක් ෆිල්ම් එක. තව හොයාගමු පහුවෙනකොට. බලමුකො ෆිල්ම් එකේ විස්තර එහෙනම්.
1940 වසරෙ අප්‍රියෙල් මාසයෙදි ඉංග්‍රීසි හා ප්‍රංශ බසින් ප්‍රදර්ශනයට අරඹන මේ චිත්‍රපටයට ඩොලර් ලක්ෂ 13 ක ඇස්තමේන්තුගත ආදායමක් ලැබෙනව. හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 172 වන තැන තියෙන මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකක් දිනාගැනීමට සමත් වෙනව. ඒ වගේම තවත් සම්මාන 10 කට නිර්දේශ වෙනව. හොඳම චිත්‍රපටය හා හොඳම සිනමාකරණය කියන සම්මාන දෙක තමා හිමිකරගන්නෙ.
ලෝරන්ස් ඔලිවර්, ජෝආන් ෆොන්ටේන් යන නළු නිළි දෙපල හොඳම නළු නිළි සම්මාන සඳහා නිර්දේශ වෙනව. මේ චිත්‍රපටයටත් පාදක වෙන්නෙ ජැමෙයිකා තානායම චිත්‍රපටයට වගේම ඩැෆ්නි ඩූ මෝරියර් ගෙ ඒ නමින්ම වන නවකතාව. අපි බලමු කතාව කොහොමද කියල ටිකක්.
රැකියාව ලෙස වයසක කාන්තාවක සමග ඇගේ තනියට සංචාරයේ යෙදෙන නමක් නැති ඇයට පොහොසත් වලව්කාර මැක්සිමිලියන් ඩී වින්ටර් නම් කනවැන්දුම් මහත්මයාව මොන්ටෙකාලෝ වල හෝටලයකදි මුණගැහෙනව. සති දෙකක් ඇතුලත මේ දෙදෙනා විවාහ වෙනව.
විවාහ වෙන යුවල පදිංචියට එන්නෙ එංගලන්තයේ කොර්න්වෝල් වල තියෙන මැක්සිමිලියන්ගෙ මැන්ඩලේ කියන වලව්වට. වලව්වෙ ගෘහ පාලිකාව මිසිස් ඩෙන්වර්ස් කලින් හිටිය ඩී වින්ටර් මහත්මියගෙ ලස්සන, ගුණ වය වයා ඉන්න උඩඟු කාන්තාවක්. ඇය නිතරම උත්සහ කරන්නෙ නව ස්වාමි දුවව පහත් කර කතා කරන්න. මේ අතර නව යුවල නිවසට පැමිනීම සමරන්න සංවිධානය කරන සාදයේදි ඇඳුමක් නිසා වින්ටර් මහත්මයා හා මහත්මිය අතර ගැටුමක් හටගන්නවා. ඇඳුම පෙර බිරිඳට අයත් එකක්.එය ගෘහ පාලිකාවගේ සැලසුමක් නිසා ඇතිවන්නක්.
මේ අතර ඇතිවන කුණාටුවක් නිසා වලව්ව අසල මුහුදේ නැවක් අනතුරට පත්වෙනව. ඒ ගැන පරීක්ශා කරන කිමිදුම් කරුවන්ට ඒ අසලම කලකට පෙර ගිලී ගිය බෝට්ටුවක් හමුවෙනවා. ඒ වෙනකාගෙවත් නොවේ ඩී වින්ටර් මහත්මයාගේ කලින් බිරිඳට අයත්ව තිබූ ඇගේ බෝට්ටුව. ඇගේ මල සිරුරත් සමගම.
එසේනම් දියේ ගිලී මියගියා යැයි කියන, සැතපුම් ගනනාවකට එපිටින් හමුවී තම බිරිඳගේ බවට සලකා මිහිදන් කල සිරුර කගේද? වලව්ව අසලම මුහුදේ ගිලී ගිය බෝට්ටුව තුල ඇය සිටියේ කොහොමද? පිළිතුරු සොයාගැනීම චිත්‍රපටය නරඹන ඔබට බාරයි. තවත් උපසිරැසියකින් ලඟදීම හමුවෙමු.
චිත්‍රපටය yify torrent අඩවියෙන් බාගත හැකියි.( මොකෝ කියන්නෙ පරණ ඒව බලන්න කැමති අය මැරලින් මොන්රෝ රඟපාපු ෆිල්ම් දෙකතුනක් බලමුද?, කොමෙන්ට් එකක් දාල බලමු කට්ටියගෙ කැමැත්ත කොහොමද කියල.)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,272 downloadsDownload Rebecca-1940.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
17 comments
Kulanjana Maduranga
Malithsank
ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ මේ වගේ දුර්ලභ මැණික් ගොඩදාන එකට ගොඩාක් පින් ම්චන් නොසෑහෙන ස්තුතියි !!!
බොබී
සාහිත්‍ය මාසය නිසාද කොහෙද, පොත්වලින් හදන චිත්‍රපට ටිකක් වැඩියෙන් පළවෙනවා වගේ. පරණ ෆිල්ම් ගොඩක් අයට බලන්න නොහිතුනාට, ඒකත් තේරුම් ගත යුතු වෙනම කලාවක්. මේවට සබ් දැම්මේ නැත්නම් කවදාවත් අපේ අය මේවා ගැන දැනගන්නේ නෑ. බොහොම ස්තූතියි මේ වගේ දුර්ලභ චිත්‍රපට ගේනවට. වෙනස් විදියට හිතන එක්කෙනෙක්වත් බයිස්කෝප් එකේ ඉන්න එපායැ.
Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
මෙම වෙබ් එකට මා පැමිණෙන්නේ ඔබගේ හෝ ජේම්ස් D.C. සොයුරාගේ උපසිරසියක් දාලා තිබේද බලන්නමයි. ඒ මන්ද ඔබ දෙදෙනා විසින් මෙම වෙබ් එකට ඉතාමත් අගනා, ස්වර්ණමය පැරණි ඉංග්‍රීසි සිනමාපට මාලාවක් ඉදිරිපත් කර ඇති නිසායි. ඒ සියල්ලම බාගත කරගෙන ඉතා සුරක්ෂිතව මා ළඟ තිබෙනවා, ඒ මන්ද නැවත නැවතත් නරඹන්නට.
ඉතින් මාගේ සිතේ කනගාටුවක් තිබුණා ඔබ මේ උපසිරසි සැපයීමෙන් ඉවත් වෙලාද කියලා. ඒ මන්ද ගොඩක් කාලයක් ඔබ නිහඬව සිටි නිසා. ඉතිං මෙය දුටුවහාම මා විසින් එය බාගත කර ගත්තා. මා ළඟ දැනටමත් මෙහි වීඩියෝව තිබෙනවා. ඉදිරියේදීත් මෙවන් සවර්ණමය සිනමාපට සඳහාම ඔබෙන් ඔබෙන් උපසිරසි ලැබෙන බව මා දන්නවා. "මැරලින් මොන්රෝ" රඟපෑ සිනමාපට ඔබ ඉදිරි කාලයේ ලබා දෙන බව සටහන් කර තිබෙනවා. එය දැනගැනීමත් සතුටක්.
ඔබේ මෙම අගනා කැපවීමට මාගේ අවංක ස්තුතිය සහ ප්‍රණාමය!!!Priyantha Dayakeerthi
ඔබ වැනි වටිනා අයෙක් සමඟ කතා කරන්නට කැමතියි. ඔබේ දු.අ. දැනගන්නට පුළුවන් ද? 0718222697, 0779785608.
JackJill
ela kiri wage buwekne macho uba , me wage films thama onee...anika kelinma Yify eken ganna kiwa eka loku deyak bn ..ehema nathnum epa wenawa wena wena site walin ganna giyama. plsss macho Marylin Monroe act karana movies tikath dapan ....digatama wade karagena yamu.
gud luck!!!!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
අම්මෝ නියමයිනේ දෙන්ඩ දෙන්ඩ
Kulanjana Maduranga
subata thanks.....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!jagath55
Thanks
Kasun Samaraweera
ඇල්ෆඩ් හිච්කොක් ගේ Rebecca චිත්‍රපටයට උපසිරසි ලබාදීම සම්බන්දයෙන් ස්තූතිවන්ත වන අතර, ඔහුගේම The Lady Vanishes (1938) / Mr and Mrs Smith (1941) / I Confess (1953) වැනි චිත්‍රපට සදහා ද උපසිරසි ලබාදීමට හැකි නම් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
Wicki
ඔබට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
subata thanks....