අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7ක IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසක…

අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7ක IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසකගේ දායකත්වයක් ලැබෙනවා…..
ඉතින් ඔයාලා දන්නවනේ රතුග‍්‍රහයා එහෙම නැත්නම් අඟහරු ගැන. අන්න ඒ ග්‍රහයා වටා ගෙතුනු කතාවක් තමයි මේ සලරුවෙන් කියවෙන්නේ. පළමුව මිනිසා හඳ ජයගත්තයින් පස්සේ ඊලඟට අවධානය යොමුවුනේ අඟහරු වෙතතයි. ඉතින් විවිධ අවස්ථාවන් ගණනාවකදී මිනිසුන් අඟහරු ගවේෂනයට විවධ පර්යේෂන යානා ගණනාවක් මේවෙන කොට යවල තියෙනවා. ඒවැයින් අඟහරු මත අයිස් තියෙනවා කියලත්, වියලුනු ගංගා ඇති බවත් හොයාගෙන තියෙනවා කියලා දන්නවා ඇති. ඉතින් මේ ග්‍රහලෝකය පෘථීවියේ ජීවය බිහිවෙන්න වසර මිලියන ගණනාවකට කලින් ජීවය පිරි ග්‍රහලෝකයක් ලෙස පැවතෙන්න ඇතිබව තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ. නමුත් තාමත් ඒ පිළිබඳ ස්ථීර සාක්‍ෂි සාධකනම් හමුවෙලා නෑ. නමුත් ඒබවට නිගමනයකට එළඹිය හැකි සාක්‍ෂි සාධක කීපයක් නම් හමුවෙලා කියලා වාර්ථාවෙනවා. විද්‍යාඥයින්ට අනුව අඟහරුවලට යන්න කෙටිම දුර ලෙස පෘථිවියත් අඟහරුත් ආසන්න වෙනකොට ගමනට මාස 6ක් පමණ ගතවෙනවා, ඒ වගේම පෘථිවියත් අඟහරුත් අතර උපරිම දුරකදී අඟහරු බලා යන්න වසර 3නහ මාරක් පමණ ගතවෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඉතින් මේ ගමනට මේවන විටත් ලෝකයේ ප්‍රභල රටවල් රුසක් පිඹුරුපත් අදිමින් සිටිනවා. නමුත් ආහාර, වාතය, මානසික ආතතිය, වේගය යන විවිධාකාරයේ කරුණු කාරනා රුසක් හේතුවෙන් අද අඟහරු ගමන දුෂ්කර තත්වයකට මුහුණ පා තිබෙනවා. නමුත් අනාගතයේ මතු දවසක අඟහරුත් මිනිස් පාසටහන් ලද ග්‍රහලෝක ගොන්නෙන් ප්‍රථම ග්‍රහලෝකය බවට පත් වෙනවාට කිසිඳු සැකයක් නෑ…….
මේ සලරුව ගැන දෙයක් කිව්වොත් මේක පාදකවෙන්නේ වර්ෂ 2025 පමණ වන විට පෘථිවිය අධික පාරිසරික දූෂණයන්ගෙන් පිරිහී ගිය යුගයක, මිනිසුන් ඇලිගී සහිත බහාලුම් යානා අඟහරු වලට යවනවා ඒ එහි ජීවත්වීමට හිතකර වායුගෝලීය තත්වයක් ගොඩනගාගැනීම උදෙසා. ඔවුන් එය සිදුකරන්නේ HAB කියන යානා මගින්. ඔවුන් එය සාර්ථකව අවුරුදු 20ක් පුරාවටම මේදේ සිදු කරනු ලබනවා. නමුත් පුදුමාකාර ලෙස මුලදී ග්‍රහලෝකය පුරාම (අඟහරු පුරාම) වර්ධනය වූ ඇල්ගී අතුරුදන් වීමකට ලක්වෙනවා. ඉතින් මේ පිළිබඳව හොයා බලන්න ගගණගාමීන් කණ්ඩායමක් පිටත්කර හරිනවා….. මේ ගමනේදී අඟහරුවලට නිරුපද්‍රිතව පා තබන්න කියල අතමායිමටම පැමිනෙනවා නමුත් නොසිතූමොහොතක විශාල කරදරයකට මේ ගගණගාමී කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකෙන් ඔවුන්ගේ සියළුම සැලසුම් කනපිට පෙරලෙනවා. කොහොම කොහොම හරි ගගණගාමී කණ්ඩායම අඟහරුට නම් ගොඩබානවා. ඒත් ඔවුන්ට එන කරදර නම් අඩුවක් නෑ. ඉතින් මේ ගගණගාමීන්ට ඇල්ගී වලට ඇත්තටම මොකද වුනේ කියල හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම අඟහරු ජීවයට සුදුසුයිද? මොනවගේ තත්වයකට ඉදිරයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙයිද? කියලා ඔයාලා සලරුව බලලම තීරණය කරන්න. ඉතින් මේ සලරුව බලා රසවිඳින්න කියන ආරාධනයත් සමඟ මම අදට ඔයාලගෙන් සමුගන්නවා. නැවත උපසිරසියකින් හමුවෙන තුරු ඔබලාට ජයෙන් ජය……!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray / DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
19 comments
vasana22
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Perera
SUB EKATA THANKS SAHODARAYA.OBATA JAYA...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!dileepa4883
උපසිරැසියට ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
ela
mewa athaharinne kesedaranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......
පුලුවන්නම් දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න....දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
AsithaDilruwan
ela ela saho thanks
godak kal balan hitiya sub denakam..Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Chamithprasad
me film download karnnr kohomada? plz help
sunanda shanth
thanks
Bruce___Wayne
Thanks bro...
මේ sci fi යටත්
ජය!Shivantha Silva
Thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mama kamathima vargayathama me. Thanks