ඔබ මොන ආගමක වුනත් මොන ජාතියක කෙනෙක් වුනත් අපි හැමෝම දන්නව මිනිස් ජීවිතය කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද කියන එක. ඉතින් මේ මිනිස් ජීවිතය ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ඇති ද? නමුත් මෙහෙම උපන් සමහර මිනිසුන් ඉන්නව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තිරිසනුන් වන. ඒ ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්, තවත් විටෙක ඒ ඔවුන්ගේ උ…

ඔබ මොන ආගමක වුනත් මොන ජාතියක කෙනෙක් වුනත් අපි හැමෝම දන්නව මිනිස් ජීවිතය කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද කියන එක. ඉතින් මේ මිනිස් ජීවිතය ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ඇති ද? නමුත් මෙහෙම උපන් සමහර මිනිසුන් ඉන්නව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තිරිසනුන් වන. ඒ ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්, තවත් විටෙක ඒ ඔවුන්ගේ උපන් ස්වභාවය වෙන්නට පුළුවන්… නමුත් මොනව කියන්නත් කලින් මගේ එකම පැතුම වනයේ වන හතුරෙක්ටවත්මෙ වන් ළමයෙක් නම් උපදින්නට එපා කියන එකයි… මොකද මනුස්සයෙක් වශයෙන් මම හිතන හැටියට උහුලන්න පුළුවන් ලොකුම දුකත් ඒකම තමයි….
ඒවා නම් වන ඇයගේ චරිතයත් එකක් තමයි මේ කතාව ගලාගෙන යන්නෙ නමුත් මෙහි කතාව මම හිතන හැටියට නම් ලොකු ඉඩක් වෙන් කරන්නෙ ඇයගේ වැඩිමහල් පුතා වෙනුවෙන්. තමුන්ගේ කුළුදුල් දරුවට හැම අම්මෙක්ම ගොඩක් ආදරෙයි… විශේෂයෙන් ඒ දරුව පුතෙක් වුණාම…. (ඒක එහෙම නොවුනත් අපි වැඩිමහල් දරුවන් හැටියට එහෙමයි හිතා ඉන්නෙ 😉 ). මේ කුඩා දරුව ආරම්භයේ සිටම ටිකක් අභියෝගයක් වෙනව මවට… නමුත් ඒ මවට පමණයි… පියා ඉදිරියේ ඔහු සුර දූතයෙක්… නමුත් විටෙක මවත් කටයුතු කරන ආකරය දැක්කම ළමයා ගැන දුකක් ඇති නොවෙනව නෙමෙයි.. නමුත් ඔහු මුර්ගයෙක්… මේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වා එක අන්තය සිට ගලාගෙන යන්නක් නෙමෙයි, කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ කතාවේ මැද කොටසින් නමුත් අපි කතාවට සම්බන්ධ වෙන්නේ අවසානයෙන්…. ඉතින් මේ කඩා ඉහිරුන කතාව එක්කාසු කරගැනීම අපිට භාරයි නමුත් ඒ එක්කාසු කරගන්නා කතාව නම් කොහෙත්ම සතුටුදායක එකක් නෙමෙයි… මොකද මේ කතාවේ අපි මේ කතා කරන පුතනුවන් මේ වෙනකොට අවුරුදු 18 කට ආසන්න වයසේ පසුවෙන ළමා සිරකරුවෙක්. ඔහු එතනට එන්නට සිද්ධ කල ඒ අප්‍රසන්න කතාව හා ඒ නිසාවෙන් සමාජයෙන් කොන්වෙන ඔහුගේ මව ගැන තමයි සිත රිදවන පැය 1 කුත් විනාඩි 52 ක් වන මේ කතාව ගලා යන්නෙ.
2011 වසරේ ඔක්තෝබර් මස 21 වැනිදා තිරගත වීම ආරම්භ වුන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් හා තවත් සම්මාන 62 ක් වෙනුවෙන් නාමයෝජනා ලද, සම්මාන 27 ක් දිනාගත් Drama, Mystery, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ අගනා සලරුව Lynne Ramsay විසින් තමයි අධ්‍යක්ෂණය කරන ලබන්නේ, පිටපතත් ඇය විසින්මයි නිර්මණය කරන්නේ නමුත් මේ වතාවේ මෙය හුදෙක්ම ඇයගේ අදහසක් නෙමෙයි, Lionel Shriver අතින් ලියවුන මේ කතාවට පාදක වුන ග්‍රන්ථය 2003 දී තමයි දොරට වඩින්නේ. IMDB මීටරයේ 7.5 ක් අගයක් වගේම රෝටන් ටෝමාටෝ මීටරයේ 76% ක අගයක් ලබාගත් මේ නිර්මාණය වෙනුවෙන් ඇමරිකාවේ සුප්‍රසිද්ධ සිනමා විචාරකයෙක් වෙන රොජර් ඉබර්ට් මහත්තයා ලබා දෙන අගය 4/4 ක්.
මෙහි අතිවිශිෂ්ට රංගන දායකත්වය Tilda Swinton සහ Ezra Miller ගෙන්, ඔවුන් නම් සැබවින්ම තමුන්ගේ චරිත තුල අතිශයින්ම උත්කෘෂ්ඨයි කියවහැකි. ඔවුනට අමතරව John C. Reilly, Jasper Newell, Rock Duer, Ashley Gerasimovich, Alex Manette තමයි සෙසු චරිත වෙනුවෙන් එක්කාසු වෙන්නෙ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ප්‍රේහෙලිකව අපහසු එකක් නෙමෙයි නමුත් බොහොම සංවේදී වගේම ආරම්භයෙන් ඉදලම කුතුහලය අගේට රැකගෙන යන කතාවක්. අවසාන කොටසට එනතෙක් ඔබට සමහර චරිතයන්ට මොකක් සිද්ධ වෙන්න ඇති ද ? ඇයි අද මේ මවට මෙහෙම වෙලා තියෙන්නෙ කියන එක ගැටලුවක් වේවි. Lynne Ramsayගේ අනිකුත් නිර්මාණ වගේ නෙමෙයි මෙහි පැහැදිලි අවසානයක් කතාව ඇතුලෙම ඔබට දැකගත හැකි වේවි… නමුත් මේ කතාව බලනකොට ඇතිවෙන තරහ ගැන නම් කියන්න වචන නැහැ… අම්මෝ මෙහෙම ළමයි නම් හතුරෙක්ටවත් එපා කියල ආයෙත් පතනව…ඒ වගේම කවදාවත් අම්මෙක්ට මෙහෙම දුකක් නම් දෙන්න එපා කියලත් බැගෑපත්ව ඉල්ලා සිටිමින් මම නතර වෙනව… එහෙනම් ආයෙත් හමුවෙමු… එතෙක් ඔබට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
31 comments
Prabodha Madhusankha Hettiarachchi
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Prabashjayawardane
Thanks broo sub ekata.sameerage sub ekak kiiyanne aye 2k na supiri filumak saha supiri sub ekak.oonna බෑවා එහෙනම්.....
Sameera alwis
thanx machan sub 1
rahula jayasekara
thank you
Suranjan
Thanks bro......jayawewa......!
Sachesc
ගොඩාක් ස්තූතියි ...
malith
Ela ela
ranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thunder
ela,,,
Milinda Perera
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.. ඔබට ජය!!!
Naveendra bro
supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Rukmal sandaruwan weerasekara
Thanks!
AsithaDilruwan
ela ela saho thanks
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ...
Dewadithya
Thanks for sub
K P
Thanks a lot...
Hashan M. Priyadarshana
Thank you bro
Lakshansilva18
Thanks
Kaveen Gayath
Thanks bro sub ekata
srgtd321
Thanks Bro...
Jana
Thank you for the sub
Sasiru Sampath
Machan, Highly appreciate your good work, Subtitle was mostly accurate. Please keep it up, Good luck,May the triple gem bless you.
sasanka sathyajith
Thanks for the sub
Dilanka
sub eka download karanna baa bro..
Diana
Download wenne na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank bro sub ekata....