Watch Trailer

Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි. එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්…

Red Riding Hood (2011)

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ  කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි.  එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. එයා ජීවත් වෙන්නෙ අර ගස් වලට පිටුපසින් තියෙන ගෙදර” කියලා. වෘකයා ආච්චිගෙ ගෙදරට දුවලා දුවලා ගියා. ඊට පස්සේ ඌ ආච්චිව ගිලලා දාලා ආච්චි හිටපු ඇඳට වෙලා හිටියා. ටික වෙලාවකට පස්සෙ, පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආච්චි ඉන්න ගෙදරට ආවා. ඊට පස්සෙ එයා ඇඳට වෙලා ඉන්න වෘකයා දිහා බැලුවා. එතකොටම පුංචි රෙඩ් රයිඩින් හුඩ් හොඳටම භය වෙලා ඇහුවා “ආත්තම්මේ, මොනතරම් ලොකු ඇස්ද ඔයාට තියෙන්නේ” කියලා. එතකොට වෘකයා කිවුවා “ ඒ ඔයාව හොඳට බලාගන්න, මගෙ පැටියෝ” කියලා. “ආත්තම්මේ,මොනතරම් ලොකු කන් දෙකක්ද ඔයාට තියෙන්නේ”. “ ඒ ඔයාව හොඳට ඇහෙන්න, මගෙ පැටියෝ” වෘකයා කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු නහයක්ද ඔයාට තියෙන්නේ”. “ඒ ඔයාගෙ සුවඳ හොඳට දැනෙන්න, මගෙ පැටියෝ” වෘකයා කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු දත්ද ඔයාට තියෙන්නෙ”. එතකොට “ඒ ඔයාව හොඳට හපලා කන්න” කියලා කියාගෙන වෘකයා පුංචි රෙඩ් රයිඩින් හුඩ්ගේ ඇඟට පැන්නා.  එතකොටම පුංචි හුඩ් මහා හයියෙන් කෑ ගැහුවා. මේ කෑ ගැහිල්ල ඇහිලා එතන තියෙන වනාන්තරේට වෙලා හිටපු දර කපන්නෙක් පුංචි හුඩ් ඉන්න ගෙදරට දුවගෙන ආවා. ඇවිල්ලා එයා එයාගෙ පොරවෙන් වෘකයාගේ ඔළුවට ගහගෙන ගහගෙන ගහගෙන ගියා. එතකොට වෘකයා මහ හයියෙන් කට ඇරලා කෑ ගැහුවා. එහෙම කෑ ගහනකොට එයාගෙ බඩේ හිටපු ආච්චි එළියට පැන්නා. ඊට පස්සෙ වෘකයා ඈතට ඈතට දුවගෙන ගියා. පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආයේ කවදාවත්ම ඒ වෘකයව දැක්කේ නෑ… කතාව ලස්සනයිද? මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ මම  ඒ දැන් කියපු පුංචි රෙඩ් රයිඩින් හුඩ්ගේ කතාව අහලා ඇති. මම ඔය මට පුළුවන් උපරිම සරල විදිහට ඒ කතාව කිවුවෙ. මේක පුංචි ගැහැණු ළමයෙක් සහ නපුරු වෘකයෙක් ගැන කියවෙන කතාවක්. මෙහෙම කිවුවට වෙන වෙන රටවල් වලට යද්දී මේ කතාව සමහර තැන වලදී වෙනස් වෙනවා. මේකෙ මුල්ම කතාව ලියලා තියෙන්නෙ Charles Perrault කියන ප්රං ශ ජාතික ලේකඛයා විසින්. ඒ කතාවෙදි නම් වෘකයා ආච්චිවත් කාලා හුඩ්වත් කනවා. එතනින් කතාව ඉවර වෙනවා. හැබැයි පසුව වෙච්ච සංස්කරණ වලදි නම් එතනින් කතාව ඉවරවෙන්නේ නෑ. ගස් කපන්නෙක්, නැත්නම් සමහර තැන්වල කියවෙන්නෙ දඩයක් කාරයෙක් කියලා, ඇවිල්ලා දෙන්නවම බේරගන්නවා. 

ඔය කිවුවෙ අද අරගෙන ආපු සලරුවට පාදක වෙච්ච කතාව. මේ සලරුවවේ නම රෙඩ් රයිඩින් හුඩ් (Red Riding Hood). එහෙම ඉතින් නම සමාන වුනාට කතාව ටිකක් විතර වෙනස්. බලපු අය දන්නවා ඇතිනෙ… වැලරි කියන්නෙ ඩැගර්හෝන් කියන ගමේ ජීවත්වෙන තරුණ ගැහැණු ළමයෙක්. මෙයා පීටර් කියන ඒ ගමේම කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ. ඉතින් මෙයාලා ජීවත්වෙන ගමට නර වෘකයෙකුගෙන් වසර ගණනක ඉඳලා කරදර සිද්ධ වෙනවා. මේ සිදුවීම් අස්සේ වැලරිගේ දෙමාපියන් තීරණය කරනවා එයාව හෙන්රි කියන සල්ලිකාර කොල්ලට බන්ඳලා දෙන්න. ඒ වුනත් වැලරි ආදරෙය කරන්නෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හිටිය පීටර්ටයි. ඉතින් මේ වැලරියි පීටරුයි තීරණය කරනවා ගමෙන් පැනලා යන්න. නමුත් එයාලට යන්න ලැබෙන්නෙ නෑ. ඔවුන් යන්න හදනකොට වැලරිට දැනගන්න ලැබෙනවා එයාගෙ අක්කව නර වෘකයා විසින් මරලා දාලා කියලා.ඊට පස්සෙ මේ ගමේ ඉන්න ඕගස්ට් කියන පූජක වරයා මේ ගමට සොලමන් නම් පූජකවරයව ගෙන්නනවා, මේ නර වෘකයාව මරන්න කියලා… ඊට පස්සෙ මොකද වෙන්නේ… ඔයාලම බලන්න.

මේ සලරුව නිකුත්වෙන්නේ 2011 වසරේ. සලරුව IMDb  දර්ශකයේ 5.4ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චරිත ටික සහ නළු නිළි කැල මෙහෙමයි.

වැලරි විදිහට, Amanda Syfreid ද,

සුසේට්, නැත්නම් වැලරිගේ අම්මා විදිහට,  Virginid Madsen ද,

සිසාර්, නැත්නම් වැලරිගේ තාත්තා විදිහට, Billy Burke ද,

පීටර් විදිහට, Shiloh Fernandez ද,

ෆාදර් සොලමන් විදිහට, Gary Oldman ද,

හෙන්රි ලසාර් විදිහට,  Max Irons ද,      

මෙම සලරුව සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ අධ්‍යක්ෂකවරියක් විසින්. නමින් ඇය Catherine Hardwicke. Twilight සහ The Nativity Story යන සිනමාපට අධ්‍යක්ෂණය වූයේ මැය අතින්. වොනර් බ්‍රදර්ස් සමාගමේ බෙදා හැරීමක් වෙන මෙම සලරුව කම්මැලිකමක් නැතුව විනාඩි 100ක් පුරාවට ඔයාලට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තවත් සලරුවකින් මුණගැහෙමු. එතකන් Baiscopelk  එන හැමෝටම බුදු සරණයි…!!!

ආ… ඒ වගේම කියන්න ඕන අපේ හින්දි උපසිරසිකරණයේ ප්‍රමුඛයා වන හේවා ලුණුවිලගේ නොහොත් අපේ ආසිරි අයියා මේ දවස් වල ටිකක් අසනීපෙන් ඉන්නෙ. ඉතින් අපි වෙනුවෙන් මහන්සිය නොබලා උපසිරසිකරණයේ යෙදෙන ඔහුට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි එකතුවෙලා ප්‍රාර්ථනා කරමු… 

අනික, ඔයාලගේ ප්‍රතිචාර අඩුවීම නිසා අපේ, ඒ කියන්නෙ බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ උපසිරසිකරණයට තියෙන රුචිය දැන් බොහෝ දුරට අඩුවෙලා තියෙන්නෙ. ඉතින් එතකොට කට්ටිය මේ වැඩේ අතෑරලා දාවි. එහෙම වුනොත් ඔයාලට පරණ සුපුරුදු විදිහටම ඉංග්‍රීසි උපසිරසි එක්ක තමයි චිත්‍රපට බලන්න වෙන්නෙ. එතකොට ඩීවීඩී ගහලා මේ සබ් විකුණන අයියලාටත් ඔහේ නිකම්ම ෆිලුම රයිට් කරලා විකුනන්න තමයි වෙන්නේ. එහෙම වුනොත් ඩීවීඩී විකිනෙන එකත් අඩුවෙයි කියලයි මම නම් හිතන්නෙ. අනික ඩීවීඩී ගහන අයියලා අපේ නමයි, සයිට් එකේ නමයි ඉතුරු කරලාම මේ සබ් ඩීවීඩී වලට ගහනවා නම් අපි ඉතාමත් සතුටට පත්වෙනවා… බොහොම ස්තූතියි..! 

කලින් පල කල ලිපිය

ඔන්න හා හා පුරා කියල අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ලොකු පොඩි කොයි කවුරුත් පොඩි කාලෙ ආදරය කරපු රතු හැට්ටකාරිගෙ කතාව. ඔයාල හැමදාමත් ආදරයෙන් බලපු ඉස්සරහටත් බලන්න ඉන්න twilight කතා මාලාව ඩිරෙක්ට් කරපු Catherine Hardwicke ගෙ තවත් ලස්සන වැඩක් තමයි මේක. ඊළගට එන්න තියෙන ට්විලයිට් කතාවට කලින් අනිවාර්යයෙන් බැලිය යුතු කතාවක් තමයි මේක. මොකද කියනවනම්, ලොවපුරා ට්විලයිට් ෆෑන්ස්ල අහනව මේකද අලුත්ම ට්විලයිට් ස්ටෝරිය කියල. ට්විලයිට් එකේ ඉන්න Billy Burke එහෙමත් ඉන්නව ඕන්.

නරවෘකයන්(werewolf) පාදක කොටගත් නොසිතූ පැත්තකට අප රැගෙන යාම සහ අප පුන්චි කාලෙ ඇසූ රතු හැට්ටකාරිගෙ කතාවට මෙය කෙසේ සම්බන්ධ වන්නේදැයි ෆිල්ම් එකේ අවසානය දක්වා අපට සිතා ගැනීමට ඉඩ නොතැබීම මෙහි තිබෙන විශේෂත්ව විදිහට දක්වන්න පුලුවන්.

කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවනම්, වැලරි(Amanda Seyfried) පුන්චි අවදියේ සිටම දුප්පත් දර කපන්නෙකු වන පීටර් (Shiloh Fernandez) හා ආදරයෙන් බැදී සිටී. මේ අතර ඔවුන්ගේ ආදරය මැදට තුන්වැන්නෙකුද පැමිණෙයි (son of Jeremy Irons Max Irons). ඇයගේ පිවිතුරු ආදරයට නරවෘක ශාපය වැටෙන්නේ නොසිතූ අන්දමිනි. ඒ ඇයගේ ආදරනීයයෙකුම බව කෙසේ විශ්වාස කරන්නද? මේ සියලු සිදුවීම් රතු හැට්ටකාරී කතාන්දරය හා කෙසේ සැසදේවිද?

කට්ටියම එහෙනම් බාගෙන බලමුකො. ට්විලයිට් ෆෑන්ස්ලට අනිවාර්යයි. මේකෙ දෙවෙනි ෆිල්ම් එකක් එයිද නැද්ද කියල බලපු කට්ටිය හිතල බලමු. හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට කියන්නත් අමතක කරන්න එපා ඕන්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුජාන් සන්චක(නැණා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Red Riding Hood (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Red Riding Hood 2011 1080p BluRay x264 AC3 – Ozlem

Red.Riding.Hood.2011.BrRip.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,939 downloadsDownload Red-Riding-Hood-2011.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

2,939 downloadsDownload Subtitles64 KB

101 comments

  1. උදාර

    thanks machan.

  2. නිෂූ

    ජයවේවා !
    හැමදාම වගේ අදත් එහෙම කිවුවා. බොහෝම ස්තුතියි මේකට.

    සිංහල සබ් එන්න එන්නම අඩුවේගෙන යනව වගේ නේ ද ?
    නම වෙනස් කරන්න වේවිද බයිස්කොප් අමුවෙන් කියලා !
    හුටා ! ඒක එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව‍ා

    මොකද සිංහල සබ් එකක් එක්ක බලනකොට දැනෙන ආතල් එක අයේ කොහෙමෙ තේරැම් කරල දෙන්නද කියලා හිතාගන්නවත් බෑ

  3. සුපුන්

    ඔය ෆිල්ම් එක මගේ ලඟ තිබුනා මෙච්චර දවස් බැලුවෙ නෑ. කියන විදියට හොඳ එකක් වගේ. අදම බලන්න ඕන. ස්තූතියි.

  4. chamila

    thanks......

  5. sampath

    ela comment 1ka machan....

  6. MARK

    thankz matchan...4 ur post..me karu hari Ready [Salman Khan ge alut film eka]...me week eke dwnlord karapu aya innawada..mama ahanne menna me copy eka gana Ready.2011.Hindi.PDVDRip.XviD-DDR.avi
    mwka screen copy ekak da kiyala mata danaganna oni...me torrent eka dwnlord karapu kenek innawa nam kiyanna,...meke subtitels tiyanawada danne nha neda....

  7. DragonD

    SOURCE CODE ෆිල්ම් එකේB.Rip එකක් අවුට් උනා
    ඒක දාන්න
    නියම ෆිල්ම් එකක්
    Red R.hood එකෙ imdb ratings අඩුයි නෙ
    අල්ලුවෙ නෑ

  8. deeps

    ශා ලස්සන ෆිල්ම් එකක් වගේ,,,දැම්මා ලිස්ට් එකට...ස්තුතියි ඔත්තුවට

  9. Viraj

    බො‍හොම ස්තූතියි!!!

  10. srilankan girls

    ලස්සන ෆිල්ම් එකක් වගේ, බොහෝම ස්තුතියි මේකට.

  11. boralu

    onna mamath banaowoooo,,,,,,,,,,,,,,

  12. අමල් ප්‍රසාද් සමරවීර

    ona math rathu hettakari balannai hadanne...thnxxxxxxxxxxx

  13. Edgar

    Man langa meka thiyenawa.Hondada danne nathi nisa baluwe na.Wistharayata bohoma pin.

  14. Udaya සාලින්ද

    thanks saho.....

  15. Praසන්ன

    හොද කතාවක් වගෙයි. බාගෙන බලමු.

  16. lakshan

    hoda film akak waga thanxx machan

  17. Pissu Man

    @MARK
    PDVDRip කියන්නෙ Pre-DVDRip ඒ කියන්නෙ අඩු කොලිටි.

  18. Anonymous

    TO Pissu Man: thankz bro.....pissu man keevata oya tiyenne maxxsa meetarayak...sirawata.....thankz matchan again

  19. MARK

    TO Pissu Man: thankz bro…..pissu man keevata oya tiyenne maxxsa meetarayak…sirawata…..thankz matchan again

  20. vimukthi senavirathna

    Thanks sahooo. waiting.....
    source Code

  21. AL1717

    Appa mekaa out Wenakan Balagena hitiye
    Thanks machan.

    Onna ahenam Bewenna Daanawaaaa

    Jaya Wewaaa

  22. me

    Thanks

  23. dinnu

    onna ehenam mamath banawa.
    jayawewaa

  24. manjula

    thanks dear

  25. shalana

    Thanks........

  26. Tharanga Darshana Ekanayaka

    නියම කතාවක් ස්තුතියි දුන්නට.

  27. Pandukabaya

    මමත් ඕක බලන්න තමයි හිතන් ඉන්නේ

  28. Eka

    Thankx Brooo........!!!!

  29. Dilshan

    Tnx...

  30. chkz

    onnaa baanwaaa ..sub walata cmnts madi

  31. රාම් රාජ්

    :D

  32. chinthaka

    nice movie

  33. හේමාල්

    700MB BRrip ekak thiyenawa.puluwannam eka update karanna.

  34. Anonymous

    Sinhala sub ekath dennako. Chama

  35. -Madhushanka Gamage-

    තැන්ක්ස් මචන් :)

  36. Madhawa Habarakada

    එල එල. මම ටොරන්ට් කීයක් බෑවද එකක්වත් හරිගියෙ නෑ.
    ස්තුතියි. :)

  37. yasas

    meke elefilm ekak kiyala u kiyane nisame mame download kerenewa

  38. Tharanga Sujeeva Madalakanda

    IMDB රේටින්ග්ස් අඩුය් කියපු නිසාම බෑව. හොඳ Film එකක් IMDB රේටින්ග්ස් නම් දැන් පිළිගන්න බැ.

  39. anupiya

    mata sinhala penne na yaluva mokada karanne??????

  40. Priyantha De Silva

    "baiscopelk" Home page eke "Sinhala Fonts" kiyala kiyana theninn gihinn, thiyena upadess anuwa karala beluwada ?

    mama hithanne Operating System eka mokakk unath Sinhala Fonts kiyawanna puluwann wenna oone ehema kalaama .

  41. sahanmadusanka

    hoda akak waga balamuko man dannawa ogollo apita danna hoda awa kiyala thanxxxxxxxxxxxxxxxx

  42. chinthaka

    onna mamath DOWNLOAD wenna demma...thanx machan film ekata....

  43. ඩිල්ෂාන්

    maxxa

  44. mindika

    thanks

  45. Illusion

    meke sinhala sub nadda?

  46. Gossip NEWS Lanka

    elazzzzzzzzz

  47. sandun

    Thanqqqqqqqqqq

  48. Viraj Tharinda

    ko yako sinhala

  49. thilina

    elazz machan

  50. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි. මග බලන් හිටියේ බලන්න මේක.
    මෙන්න බාන්න දානවා :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ඒ වගේම ආසිරි අයියට ඉක්මමින්ම සුව වෙන්න කියලා පතනවා

Load more comments