රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා…

රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන විදිහේ පෙනුමකුත් නෙමේ රේඛාට තිබ්බෙත්. මේ කෙල්ලට එහෙමට ආදරේ ගැන ලොකු වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි එයාගේ යාළුවෝ හැමෝම ආදර සම්බන්ධකම් වල පැටලිලා ඉන්නවා දැක්කම කෙල්ලටත් එහෙම එකක වුවමනාව දැනෙන්න ගත්තා. ඔය අතර තමා ගමේ කඩේ මුදලාලිගේ පුතාගේ ඇල්ම බැල්ම රේඛා දිහාට වැටෙන්නේ. දැක්ක තැන දෙන්නට දෙන්නා හිනා වෙන්න එහෙම ගන්නවා. මෙතනින් ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. කාලයත් එක්ක ලස්සන ගෙයක්, චූටු පවුලක්, දරු පැටව දෙතුන් දෙනෙක් එක්ක මේ ආදර කතාව ටික ටික සම්පූර්ණ වෙන්න ගන්නවා කිව්වොත් මේක බොරුවක්. එහෙම කිසි දෙයක් වෙන්නෑ. සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්…..කවුරුත් නොහිතන ඒ කතාව ලියවෙන්නේ රතුම රතු පාටින්.
ඉතින් මේ අවුරුද්දේ වැලන්ටයින් එකේ නිකුත් වෙච්ච තවත් ආදර කතාවක් (නෙමේ) තමා මේ අරන් එන්නේ. විචාරක ප්‍රසාදය එහෙම හොඳට දිනාගත්තු කතාවක් නිසා උපසිරැසිය අරන් එන්න හිතුවා. චිත්‍රපටිය අයිති වෙන්නේ Thriller | Drama ගණයට. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වෙද්දි 6.9ක හොඳ අගයක් අරගෙන තියෙනවා. චිත්‍රපටියේ කතාව, රංගනය එහෙම ගොඩ දෙනෙක්ගේ පැසසුමට ලක් වුණා. ප්‍රධාන චරිතය රඟපාන්නේ වින්සි ඇලෝෂියස්. අධ්‍යක්ෂණය ජිතින් අයිසැක් තෝමස්. මනුස්සයගේ කලින් අධ්‍යක්ෂණයක් වෙන Attention Please එකත් ගොඩක් පැසසුම් ලබාගත්තු චිත්‍රපටියක්. Rekha පහුගිය දවසකදී Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරෙනවා. පැය දෙකක් තිස්සේ කුතුහලය, සාංකාව මුසු කතාවක් Rekha තුළින් බලාගත්තහැකි. පොඩ්ඩක් වගේ අමු ගතියට දුවන චිත්‍රපටියක්. බැලුවයි කියලා කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. තවත් උපසිරසියක් එක්ක හමුවෙනකම් හැමෝටම ජය පතනවා.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
3,353 downloadsDownload Rekha-2023.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
21 comments
Naveen Mbr
Danzil
Oya dunnoth denne supiri film thama
Anonymous
මලයාලම් ත්‍රිලර් නම් අනිවා බලනවා
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Lakindu R
මේක නම් නියම ෆිල්ම් එක තැන්ක්ස් මේ වගේ ෆිල්ම් කරනවට, තව මලයාලම් ඒවා කරමු ඈ
Anonymous
Supiryak wage
Naveen
උපසිරසියට තුති
Samith
Thanks brother
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Anonymous
Elaz
Pradeep
Chathuram 2023 malayalam ekata sub eka ona
Anonymous
මලයාලම් වලට සබ් දෙනවට බොහොම ස්තුතියි
Vikum
thanks brooo
dylan
Thanks brother
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!ප්‍රදීප්
ammo supiriyak.bohoma sthuthi saho sub ekata.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rekha (2023) Sinhala Subtitles | ලෙයින් කළ දඩයමක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rekha-2023-2.jpg)
ජයි ෆීනික්ස්!