Watch Trailer

Rekhachithram (2025) Sinhala Subtitles | වැළලුනු සිහිනයක් [සිංහල උපසිරැසි]

Rekhachithram (2025) Sinhala Subtitles ආයුබෝවන්. අද ඔබට උණු උණුවෙම ගෙන එන්නේ සියළු දෙනාම බලා සිටි මේ වසරේ නිකුත් උන ප්‍රථම මලයාලි බ්ලොක්බස්ටරයයි. ඒක අද OTT සඳහා නිකුත් උනා. වැඩි වෙලා නොයවා ඒකෙ උපසිරැසිය ඔබට දෙන්න ලැබීම ලොකු සතුටක්. ඉතිං මේ සති අන්තෙ බලන්න ඔබට සුපිරි mystery crime thriller film එකක්…

Rekhachithram (2025) Sinhala Subtitles

ආයුබෝවන්. අද ඔබට උණු උණුවෙම ගෙන එන්නේ සියළු දෙනාම බලා සිටි මේ වසරේ නිකුත් උන ප්‍රථම මලයාලි බ්ලොක්බස්ටරයයි. ඒක අද  OTT සඳහා නිකුත් උනා. වැඩි වෙලා නොයවා ඒකෙ උපසිරැසිය ඔබට දෙන්න ලැබීම ලොකු සතුටක්. ඉතිං මේ සති අන්තෙ බලන්න ඔබට සුපිරි mystery crime thriller film එකක් තියෙනවා. වාණිජ අතින් මෙය කෝටි 7ක් විතර වැය කරල නිපදවපු රුපියල් කෝටි 55ක් ඉක්මවා ආදායමක් ලබපු අති සාර්ථක චිත්‍රපටයක්. අසිෆ් අලි ගිය වසර තුල පෙනී හිටපු සෑම චිත්‍රපටයක්ම ඉහළ ජනප්‍රියත්වයට පත් උන බව ඔබ දන්නවානේ. ඉතිං ඒ ගොන්නට මේකත් එක් වෙනවා.

කවදත් මලයාලිය mystery crime thriller වලට තෝතැන්නක් වෙන එක හේතුවක් තමයි කේරළයෙ ඊට ගැලපෙන සත්‍ය සිදුවීම් නිතර සිද්ධ වෙන එක. සත්‍ය සිදුවීම් වටා ගොඩ නැගුන ඒ වගේම සත්‍ය සිදු වීම් වලින් Inspire උන චිත්‍රපට බොහොමයක් තියෙනවා. 1992 සිදු උන අබායා කන්‍යා සොහොයුරියගේ මරණයත් චිත්‍රපට රාශියකට Inspire උනා. ඇත්තටම ඒ අභිරහස පිළිබඳ තීන්දුවක් ලැබෙන්නෙ 2020 දි. තවමත් එහි අභියාචනා තවමත් ක්‍රියාත්මක වෙනවා. මේකටත් අදහස එන්න ඇත්තෙ ඒ සිද්ධියෙන් බව හිතා ගන්න පුළුවන්.

රඟපෑම් සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරණ නව යොවුන් තරුණියකගේ අතුරුදහන් වීම සහ ඇයගේ යැයි සැක කෙරෙන ඇට සැකිල්ලක් සොයා ගැනීම සහ ප්‍රසිද්ධියේ දිවිනසා ගත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පාදක කර ගෙන එක්තරා පොලිස් පරීක්ෂක වරයෙක් පරීක්ෂන ආරම්භ කරනවා. ඒ සිද්ධිය හා සම්බන්ධ ප්‍රබල පාර්ශ්වයකින් දැඩි බලපෑමක් එල්ල වෙද්දී මෙම විමර්ශනය සාර්ථක කර ගැනීමට රාජකාරී මට්ටමින් පිට ඔහු දරණ උත්සාහය මීට පදනම් වෙනවා. මෙම ප්‍රබන්ධයට අදාළ සිද්ධි දාමයන් දශක හතරකට කලින් තිර ගත කරන ලද චිත්‍රපටයක් සහ මම්මුට්ටි ඇතුළු සින්මා ශිල්පීන් අතරින් දිව යනවා.

අසිෆ් අලි ප්‍රධාන චරිතයෙන් දායක වන මෙහි යොවුන් නිළි අනස්වරා රාජන්, සිද්දික්,මනෝජ් කේ ජයන්,මෙන්ම ජග්දීශ් සහ මම්මුට්ටි දෙපළ ඔවුන්ගේ සැබෑ චරිතම රඟපානවා. ජොෆින් ටී චාකෝගේ අධ්‍යක්ශණයක්. 

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Rekhachithram (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

18,187 downloadsDownload Rekhachithram-2025.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Marco (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

18,187 downloadsDownload Subtitles54 KB

9 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  3. Sachin

    Web dl copy wlata sub eka galapen nathi weida bro?

  4. Dilomi

    Thank you!

  5. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ ආපුගමන්ම මේක බලන්න සබ් දුන්නට......

  6. Pamod Nakandala

    Thank you brother !!!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Lahiru Lakshan

    thanks machn....

  9. Anonymous

    Thank you