කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා…

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් කොහොමද බිරිඳට, දරුවන්ට කන්න අඳින්න දෙන්නේ? මේ මනුස්සයටත් මේ ප්‍රශ්නයම ආවා. නරක කාලේ කොච්චර දරුණුවට ලබලද කියනවා නම් කිසිම ආයතනකින් මොහුට රැකියා අවස්තාවක් ලැබුනේ නැහැ. අන්තිමේදී දෙයියෝ මූණ බැලුවා වගේ රස්සාවක් හම්බුණා. දැන් ඉතිං ආයෙත් හොඳ කලදසාවක් ලබාවි කියලා අර මනුස්සයා කප්පරක් බරට හීන දැක්කා. ඒත්, මේ හීන සුනු විසුණු වෙලා යන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඖශධ ආයතනයක මුවාවෙන් දැවැන්ත ව්‍යසනකාරී මාෆියාවක්ක් සහිත සමාගමකට තමයි නොදැනුවත් කමින් මොහු මේ රැකියාව සඳහා බැඳී තිබුණේ. සියලු දෙනාගේම ඇස් වසමින්, මුදල් ඉපයීම මූලික පරමාර්ථය කරගනිමින්, නවතම එන්නතක් මගින් මිනිස් ජීවිත විනාශ කර දමන්නා වූ ව්‍යාපාරයක්. අවසානයේ මේ දැවැන්ත මාෆියාවේ සැබෑ ස්වරූපය පිළිබඳව ඔහුට සියලු කරුණු අවබෝධ වෙනවා. නමුත්, මේ හේතුව නිසාවෙන්ම දරාගත නොහැකි අහිමිවීමක් ඔහුගේ දෑස් පනාපිටම ඔහුට විඳ දරා ගැනීමට සිදුවෙන්නේ දෛවයේ සරදමකට වාගෙය. මරණය පෙනී පෙනී ඔහු මරණයෙන් නැවත නැගිටිනවා.ඒ, තමාට අවාසනාව කැන්දාගෙන ආ තිරිසනුන් හට මාරයා කැන්දාගෙන ඒම සඳහා. මේ තමයි අතිශය දරුණු ඝාතකයෙකුගේ උප්පත්තිය. ලොව පුරා සිටින්නා වූ දරුණුම කුලී හේවායින්ගෙන් සැදුම් ලත් මාෆියා සංවිධානයකට එරෙහිව තනි මිනිසෙකුගේ යුද්ධයක්. මිනිසෙක් කිව්වට ඝාතකයෙක්ද? එහෙමත් නැත්නම්, සුපිරි වීරයෙක්ද?
ලෝක සිනමාව අරගත්තාම විවිධාකාරයි. එක එක රටවල් වලට අයත්, එක එක අන්දමේ සිනමා ක්ෂේත්‍ර තියෙනවා. රට මොකක් වුනත්, භාෂාව මොකක් වුනත්, චිත්‍රපටිය හොඳයි නම් උපසිරැසි ගන්වලා අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ වෙද්දී එකිනෙකට වෙනස් භාෂා 13ක චිත්‍රපටි උපසිරැසි ගන්වලා තියෙනවා. මං හිතන්නේ, බයිස්කෝප් වෙබ් අඩවිය විතරක්ම නෙමෙයි, අනෙකුත් උපසිරැසි වෙබ් අඩවි අරගත්තත්, වැඩිම භාෂා ගණනක චිත්‍රපටි උපසිරැසි ගන්වලා තියෙන්නේ මං වෙන්න ඕනේ 😀 මේ එකතුවට අලුතින්ම එකතුවෙන චිත්‍රපට තමයි මේ. මේක පින්ලන්ත චිත්‍රපටයක්. ඒ වගේම, කවුරුත් ආස කරන විදියේ සුපිරි වීරයෙක් ඉන්න, “රෙන්ඩල්” කියන කොමික් කතාව පදනම් කරගනිමින් නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටයක්. “රෙන්ඩල්” කියන නමේ හංගේරියන් තේරුම “නියෝගය” කියන එක. මේ රෙන්ඩල් කියන සුපිරි වීර චරිතය තරමක් දුරට මාවල් පනිෂර් කියන සුපිරි වීර චරිතයත් එක්ක ලඟින් යනවා. පනිෂර්ට වගේම කිසිම සුපිරි බලයක් මේ රෙන්ඩල්ටත් නැහැ. දරුණු අන්දමේ අහිමිවීමක් සමගින් අපරාධකරුවන්ගෙන් අතිශය දරුණු අන්දමට පළිගන්නා චරිතයක්. කොච්චර දරුණුද කියනවා නම්, මිනිහෙක් දරුණු විදියට මරලා දාන්න කිසිඳු පැකිලීමක් නැති චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම, ගොඩක් සුපිරි වීරයන්ට තියෙන්නේ රළු අන්දමේ පෙනුමක් නෙමෙයි. නමුත්, මේ රෙන්ඩල් චරිතය ඊට බොහොම ප්‍රති විරුද්ධයි. චිත්‍රපටියේ පෝස්ටර් එක බැලුවාම හැමෝටම පේනවා ඇති කළු පාට වෙස් මූණක් දාගෙන ඉන්නවා. නැහැ, ඉක්මන් වෙන්න එපා. චිත්‍රපටිය බැලුවාම තේරුම් යාවි මේ දාගෙන ඉන්නේ වෙස් මූණක් නෙමෙයි කියලා. 😀 ඒ වගේම, මේ චරිතය ඇඳගෙන ඉන්නේ තනිකරම කළු ඇඳුමක්. මේ කළු ඇඳුම තුලින්, වෛරය, රෞද්‍ර බව, අඳුරු බව වගේම අනුකම්පා විරහිත බව ප්‍රදර්ශනය කරනවා.
ඒ වගේම කියන්න ඕනේ, මේක හොලිවුඩ් සුපර් හීරෝ චිත්‍රපටිත් එක්ක නම් සංසන්දනය කරන්න යන්න එපා. මොකද ඒක බොරු වැඩක්. යූරෝ මිලියන 1.3ක් වගේ පොඩි මුදලකින් තමයි පින්ලන්තය තමන්ගේ ප්‍රථම සුපර් හීරෝ මූවි එක රිලීස් කරන්නේ. ඉතිං, තාක්ෂණයත් එක්ක බැලුවාම අහසට පොළොව වගේ තියේවි. හැබැයි, කම්මැලිකමක් නැතුව බලන්න නම් පුළුවන්. මේ චිත්‍රපටියට මේ වෙනකම් හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලත් නැහැ. ඉංග්‍රීසි උපසිරසියක් කියලා තියෙන්නේ වෙනත් භාෂාවක උපසිරසියක් ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක්. නිකමට ඔය ඉංග්‍රීසි කියන සබ් එක දාලා බලන්නකෝ, යන්නේ කොහෙද, මල්ලේ පොල් වගේ සබ් එකක් 😀 ඉතිං, එක අකුරක් වත් දන්නේ නැති පින්ලන්ත භාෂාවේ චිත්‍රපටියකට, භාෂා කීපයක උපසිරැසි පරිවර්තනය කරලා අරගෙන, පුළුවන් උපරිම අන්දමේ සාධාරණයක් කරලා ඇති. කැමති අය අරගෙනම බලන්න. කොහොමටත් මුලින්ම ට්‍රේලර් එකත් බලලම ඉන්නකෝ. චිත්‍රපටියේ අවසානය අනුව දෙවැනි චිත්‍රපටයකුත් නිකුත් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා.
එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
11,643 downloadsDownload Rendel-2017-1.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
53 comments
Kalana
Sandaru Madurapperuma
eke dala na bro film eka
Praveen
thank you.....................
Nipun
Thanks mchn sub ekata...
Lakshan
Thanks.
Lahiru Madushanka
thanks bro
Vimukthi
සුපිරි සහෝ
Malinda
ANIWA BALANAWA. TRHANKS BRO,
nirmal
baiscopedownload kiyana site eke film eka nahane dala...
dumindu
fringe season 2 sub dennako pls
dumindu
american assassin sub ekath dennako
widuranga
elama brooooo
thanx for subsonu
film eke download link eka nehene hoyanna
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට, ජය වේවා...!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
prabodha
Ela broo supiri film ekak wenna onee. Thank...
Devinda
Gdk Pin Bn.....Ty,,,,,
තරිඳු රසාංග
ටික දවසකට පස්සේ ආපහු වැඩේට බැස්සා නේද සහෝ? සබට බොහොම ස්තුතියි.ඉස්සරහටත් මේ විදියේ හොඳ ෆිලුම් හොයලා ඒවට සබ් දෙමු.ජය!
Dilan*
sub ekata thankz.meka baiscopedownloads wala nane.hash ekakwat dennako..
Kasun Widusha
tnx sahoo
Darshana
Baiscopedownloads ekata dala ne ne....ekata danne kawadda..
Rajitha
Thanks bro......jayawewa......!
D Cash
Me film eka download karapu kenek innawanam link ekak ewanna search karata nane
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට.
හෙන ගේමක් දීලා වගේ නෙහ්.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
Ssm
Thx
Thilina Sandaruwan
sub down krnna bene
Thilina Sandaruwan
ah hri ;)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
api wenuwen karapu kapa kirimata godak isthuthi.......
අසිත
elama saho thanks
meka balanna hityeLakshitha
Mekee link akk dihallkoo bn... site wla නෑනේ bn බැලුවට .......
dinesh
me fillm eka lingk eka dannawanam ewannako
harshana
thanx bro
Dinesh
Mata rendel movie ake torrent link akak ewanna aka download karaganna be...
tharangani
thanx
Ayesh
thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සිසිල සහෝ.
වටිනම උත්සාහයක්.
ජයෙන් ජය.AWNCK
Thanks bro...niyama wedak
Chathura_Wasala
Elama..
tharaka madushanka herath
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසට.
madhusankha
Thanks bro.....
sampath n perera
ගොඩක් ස්තූතියි
kapila27
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!mindika
Thanks !!!!!!!!!!!!!!!!
Buddhika Lakmal
thanks machan
randika
Meke sub eka download karata, sub eka nhene, empty ne
Sanupa Ranmeth - Admin
Fixed :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Film eka supirinam rata adalama ne. Api balanawa broo....... godaak thanks.... godaak