සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ කාරණා උකහා ගැනීමට කැමති හැමෝටම මේක ඉතාමත් හොඳ සිනමා නිර්මාණයක් කියලා කිව්වැකි.
මෙය තිරගත වී තිබෙන්නෙ 1998 වර්ෂයේදි. Coen Brothers යන නාමයෙන් හොලිවුඩයේ ප්‍රකටව සිටින Joel Coen සහ Ethan Coen යන සහෝදරයින් දෙදෙනා තමා මෙම චිත්‍රපටය නිපදවා තිබෙන්නෙ. Crime / Comedy යන වර්ග වලට අයත් මෙම චිත්‍රපටයට Jeff Bridges, John Goodman, Julianne Moore, Steve Buscemi යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. මෙය තිරගත කෙරෑ අවධියෙන් පසුකාලීනව විශාල වශයෙන් ජනප්‍රිය උන චිත්‍රපටයක් ලෙස හඳන්වන්න පුළුවන්. 598,584ක් වැනි ඉහලම ප්‍රෙක්ෂක මනාප ප්‍රමාණයකින් 8.2ක් වැන ඉහල IMDB අගයක් හිමි කරගෙන මෙය IMDB දර්ශකයේ 165 වෙනි ස්ථානයේ පසුවෙනවා. ඉතිං මෙම චිත්‍රපටයේ විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය නෑ. ඒ වගේම මෙහි තේමා ගීතය වන්නෙ Bob Dylan විසින් ගායනය කරන “The Man in Me” නැමැති ගීතය.
මං මේකේ කතාව ගැන නම් කිසිම විස්තරයක් කරන්නේ නෑ. මොකද ඇත්තටම මෙහි විස්තර කරන්න තරම් කතාවක් අන්තර්ගත නොමැති නිසා. මං එහෙම කියන්නෙ ඇයි කියලා, ඔයාලට කතාව බැලුවට පස්සෙ තේරෙයි. මෙහි ප්‍රධාන චරිතේ වෙන්නෙ අමුතුම තාලේ ජීවිතයක් ගෙවන Jeff Lebowski නැමැති මැදිවියේ පුද්ගලයෙක්. මොහු තමන්ව හඳුන්වා ගන්නෙ “Dude” යන අන්වර්ථ නාමයෙන්. Dude කියන චචනෙන් සිංහලෙන් අදහස් වන්නෙ මචං, යාළුවා වගේ අර්ථයක්. නමුත් මචං, යාළුවා වගේ වචනයක් සබ් එකට දාන්න ගියොත් මේකේ සමහර තැන් වලදි සබ් එක ගොඩාක් ව්‍යාකූල වෙන්න පුළුවන්. ඉතිං මෙහි Dude කියන වචනෙට, මං සබ් එකට යෙදුවෙ “බුවා” කියන වචනේ. එහෙම යෙදුවම සබ් එකේ කිසිම ගැටලුකාරී බවක් මතුවන්නෙ නෑ. ඉතිං මේ Dude හෙවත් ජෙෆ් ලෙබොව්ස්කි නැමැති පුද්ගලයා වටා ගොඩනැගෙන හාස්‍ය මුසුවෙච්ච අපරාධමය සිදුවීමක් තමා මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ.
ඇත්තටම මෙහි කතාව විතරක් ඔහේ නරඹලා දැම්මොත් මේ චිත්‍රපටය කිසිම අගක් මුලක් නැති විකාර කතාවක් විදියට දැනේවි. ඉතිං චිත්‍රපටියේ භාවිතා වෙන චරිත, දෙබස්, යම් යම් සිදුවීම්, මේ හැම දෙයක්ම පාදක කරගෙන මේ චිත්‍රපටය ගැන ගැඹුරින් හිතලා බලන්න. එහෙම කරොත් නම් මේ චිත්‍රපටය ඔබගේ ප්‍රියතම චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි. රසිකයින් සහ චිත්‍රපටි විචාරකයින් මෙම චිත්‍රපටයට විවිධාකාර අර්ථකතන දී තිබෙනවා. හුඟ දෙනෙක් පවසන අන්දමට මෙය අධ්‍යාත්මික පණිවිඩයක් කැටිකරගත් නිර්මාණයක්. මෙම චිත්‍රපටය පාදක කරගෙන “Dudeism” නැමති දර්ශනයක් නිර්මාණය වී තිබෙනවා. එය මෙහි ප්‍රධාන චරිතේ වෙන Dudeගේ චරිත විලාසය සහ ජීවන චර්යාව ඇසුරින් ගොඩනැගුනු ආගමක්. එම Dudeism නැමැති දර්ශනය ආගමක් විදියට පිළිපදින කට්ටියත් ඉන්නවා. එමෙන්ම සමහර විචාරකයින්ට අනුව මෙම Dudeගේ චරිතය තුළින් සෙන් දහම සහ ටාඕ දර්ශනය නිරෑපණය වෙනවා කියලා මතයකුත් තියෙනවා. ඉතිං චිත්‍රපටය නරඹා මේ සියල්ල තීරණය කිරීම ඔබටම භාරයි. කලිනුත් කිව්වා වගේ කතාව විතරක් නරඹලා දාන්න හදනවනම් මේ චිත්‍රපටය නරඹන්නෙ නැතුව ඉන්න එක හොඳයි. එහෙම කරොත් මේ චිත්‍රපටය එපාම වෙලා යයි. හැබැයි මෙයින් ගම්‍ය වෙන දේවල් හිතට වද්දගන්න පුළුවන් උනොත් මෙය ඔබේ ප්‍රියතම චිත්‍රපටයක් වේවි.
ඒ වගේම මෙම චිත්‍රපටය පුරාවටම භාවිතාවෙන්නෙ ටිකක් අසංවර භාෂාවක්. ඒ හින්දා මෙය පවුලේ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටයක් නෙමෙයි. ඉතිං එහෙනම් චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කරන්න. මේක මගේ 25 වෙනි සබ් එක. තවත් සබ් එකක් රැගෙන ඉක්මනින්ම පැමිණීමේ බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,458 downloadsDownload The.Big_.Lebowski.1998.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
31 comments
C. R. ජයලත්
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
thilina
thanks machan
thisal
ස්තූතියි
නිරෝෂ්
ස්තුතියි James DC සහෝ.ජයවේවා!
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Rajitha
Thanks jayawewa.........!
හසිත මධුෂාන්
එහෙනං James DC සහෝ තමයි හොරෙන්ම මේකට සබ් එක කොටපු බුවා......
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
(dude කියන එකට මචං නොකියා බුවා කියල දැම්ම එක නං සුපිරි.)Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි Dude
ජයෙන් ජයම වේවා...!!Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!LSM HUSKAA
ස්තුතියි James DC සහෝ.ජයවේවා!
wiki
Thanks
madu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.tharindu gunarathna
next movie name?
James DC
Million Dollar Baby (2004) & The Breakfast Club (1985).
tharindu gunarathna
thanks
tharindu gunarathna
film 2ma gatta,,,, sub plz ,,, thanks,,,.
James DC
තව ටික දවසක් යයි සහෝ. සබ් දෙකේම භාගේ භාගේ කම්ප්ලීට් කරලා තියෙන්නෙ. තියෙන වැඩත් එක්ක ඉතුරැ ටික කම්ප්ලීට් කරගන්න වෙලාව මදි. පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.
Hassy
මේ වගේ indie movies , foreign language movies වලට තව subs දෙන්න පුලුවන්නම් ප්‍රසිද්ද නැති..බොහොම ස්තුත්යි!!!
sam fisherr
මටනම් වෙන දෙයක් ඔනිනැ ඔබතුමා වගෙ මේවගෙ film එකක් ගැන මේ ලිපියෙ ලියල තියන විදිහෙ ආකල්පයක් තියන කෙනෙක් දැක්කත් බඩපිරෙනව .නියමයි කොල්ලො.
LakshanD
ස්තූතියි බ්රද ❤️
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
sasanka
thanks for the sub
Anonymous
Thanks Bro
Chandika
403 forbidden kiyala enawane.download karraddi
Advertisement
Niyamai James Jaya Wewa!!!!!