ආයුබෝවන් හැමෝටම! ලැබුන සුළු විවේකයකින් Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි…

ආයුබෝවන් හැමෝටම! ලැබුන සුළු විවේකයකින් Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි Pet Sematary නවකතාව ඇසුරින් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඊට වසර තුනකට පසු එහි දෙවෙනි කොටසකුත් නිකුත් වෙලා තිබෙනවා. පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් විදියට 2019දිත් තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ රීබූට් එකක් විදියට නෙමෙයි 2019 චිත්‍රපටයට අදාල ප්‍රීකුවල් එකක් විදියට තමයි. සුරතල් සුසාන භුමීයේ අපි නොදන්න ආරම්භක කතාව මේ සලරුවෙන් අපට දැනගන්න පුළුවන්.
චිත්‍රපටය මේ වෙද්දි 68%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.0ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Lindsey Beer විසින්. රංගනයෙන් දායක වෙන අය අතර X-Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් ලෙස අපි හැමෝම ආදරය කල David Duchovny බිල් ලෙසත්, Jackson White නොර්මා ලෙසත්, Natalie Alyn Lind ජඩ් ලෙසත්, Jack Mulherm ටොමී ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපට දෙක නැරඹුවනම් ඔයාලා දන්නවා ඇති සුරතල් සුසාන භූමීය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඒ ගැන ලස්සන ලිපියක් Pet Sematary (2019) චිත්‍රපටයේ රවිදු සහෝ දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන්නේ 2019 ෆිල්ම් එකේ සිදුවීම් වලට කලින් 1969 වසරේ සිදුවුන සිද්ධියක් පිළිබඳවයි. ඒ නිසා කලින් මේ චිත්‍රපට බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් බැලුවට කමක් නෑ කියලත් මතක් කරන්න ඕන.
ඇත්තටම මේ ෆිල්ම් එකේ මුල් අයිතිකාරයා උනේ රවිදු රුක්ෂාන් සහෝ. මට මේක දුන්නට එයාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. උපසිරසි ගොනුව හොයලා දීපූ හිරාන් සහොටත්, ෆිලුම වෙන කරලා දුන්න විමා සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාලත් එහෙනම් කොමෙන්ටුවක් කොටාගෙන යන්න. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,029 downloadsDownload Pet.Sematary.Bloodlines.2023.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
12 comments
Arawinda Sunimal
Shamal Manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Haunted Mansion 2023 ෆිල්ම් එකටත් සබ් දෙන්න.
Hiran Ganepalla
උපසිරසියට බොහොම ස්තූතියි යුරාන් සහෝ. ජය වේවා !
තන තන තාන තම්දෙනා
සබට තුති මචන්..ඉක්මනටම දීල නේ ❤
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසි මෙච්චර ඉක්මනින් ලබාදුන්නට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen Mbr
ගොඩක් ස්තූතියි අයියේ! 19 ෆිල්ම් එකත් බැලුවා. මේකත් අරගෙන බලන්න ඕන. ජයෙන් ජය! ✌
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharuka
Sub ekata thanks jaya wewa saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Malith samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | බිහිසුණු සුසාන භූමීයේ ආරම්භය! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Pet-Sematary-_-Bloodlines-2023-b-1-1.jpg)

ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......