Watch Trailer

Rescue Under Fire (2017) AKA Zona hostil Sinhala Subtitles | යුධ ගිණි දැල් මැදින් සිදුකෙරුණු මුදවාගැනීමේ මෙහෙයුම..! [සිංහල උපසිරසි සමඟ]

”යුද්ධය” කියන වචනය ඇහුවමත් අපේ හිත්වල ඇතිවෙන්නෙ බයක්, වේදනාවක් වගෙම පිළිකුලක්. 1983 වසරේ සිට 2009 වසර දක්වා පුරා වසර 27කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටත් සිවිල් යුද්ධයකින් පීඩා විඳපු රටක්. වාසනාවකට වගේ අද වෙද්දි අපේ රටේ යුධ වාතාවරණයක් ඇත්තෙ නැහැ. ඒත් ජාතිවාදය, ආගම්වාදය වැනි මතවාද මූලික කරගෙන වෙනත් රටව…

”යුද්ධය” කියන වචනය ඇහුවමත් අපේ හිත්වල ඇතිවෙන්නෙ බයක්, වේදනාවක් වගෙම පිළිකුලක්. 1983 වසරේ සිට 2009 වසර දක්වා පුරා වසර 27කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටත් සිවිල් යුද්ධයකින් පීඩා විඳපු රටක්. වාසනාවකට වගේ අද වෙද්දි අපේ රටේ යුධ වාතාවරණයක් ඇත්තෙ නැහැ. ඒත් ජාතිවාදය, ආගම්වාදය වැනි මතවාද මූලික කරගෙන වෙනත් රටවල් ගණනාවකම මේ වෙද්දිත් කුරිරු යුධ ගැටුම් සිද්දවෙනවා. ජීවිත දහස් ගාණක් මේ කුරුරු යුද්ධයට බිලිවෙනවා. ඒ වගෙම තමන්ගේ රට ජාතිය රැකගන්න යුධ පිටියට යන සොල්දාදුවන්ගේ ජීවිතත් මේ යුද්ධ නිසා අහිමිවෙනවා. තවත් බොහෝ පිරිසක් ආබාධිත තත්වයට පත්වෙනවා. යුද්ධයක් පවතින රටක ආර්ථික හා සමාජීය නිදහස පිරිහී යන අතර අවසානයේදී ඉතිරිවන්නේ වේදනාවෙන් හා කටුක බවින් යුත් අමිහිරි මතකයක් පමණයි…

ඉතින් මේ කියන්න යන්නෙත් යුද්ධයේ කුරිරු බව අපිට කියාදෙන තවත් එක් සත්‍ය කතාවක් ගැනයි. 2001 වසරේ සිට වර්තමානය වන තෙක්ම ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සටන්කාමීන් විසින් මෙහෙයවන යුද ගැටුම් සිද්දවෙන බව අපි කවුරුත් හොඳින්ම දන්නා දෙයක්. 2012 වසරේ අගෝස්තු 12 කියන්නෙ NATO සංවිධානයේ මූලිකත්වයෙන් ඇමෙරිකානු හමුදාවන්හි සහයට ඇෆ්ගනිස්ථානයේ සේවයේ යොදවා සිටි ස්පාඤ්ඤ (ISAF – අන්තර්ජාතික ආරක්ෂක ආධාර බළකාය) සෙබළුන්ට නම් තීරණාත්මක දවසක්. ඇෆ්ගනිස්ථානයේ ස්පාඤ්ඤ හමුදා බල ප්‍රදේශයට අයත් බලා මුර්ගාබ් ප්‍රදේශය හරහා ගමන් කරන ඇමෙරිකානු සහ ස්පාඤ්ඤ ඒකාබද්ධ හමුදා රථ පෙළකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවෙන්නෙ කවුරුවත් නොහිතපු වෙලාවක. මේ ප්‍රහාරයෙන් හමුදා රථයක් මුළුමනින්ම විනාශ වන අතර සෙබළුන් කිහිපදෙනෙකුටත් තුවාල සිද්දවෙනවා. ඒත් රථ පෙල නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවීම අත්‍යවශ්‍යය බැවින් ලුතිනන් කොන්ටේ ඇතුළු හමුදා සෙබළුන් පිරිසකට තුවාලකරුවන්ව රැගෙන යාමට ස්පාඤ්ඤ වෛද්‍ය බළකායේ වෛද්‍යවරියක් වන ඉසබෙල්ගේ මූලිකත්වයෙන් යුත් මුදවාගැනීමේ (Medevac) හෙලිකොප්ටරය පැමිණෙන තෙක් ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ නතරවෙන්න සිද්දවෙනවා. ඒත් යුධ පිටියේදී අවාසනාව කියන දේ අරුමයක් නොවෙන බව පසක් කරමින් තුවාලකරුවන් මුදවාගැනීමට පැමිණෙන හෙලිකොප්ටරය ගොඩබාන අවස්ථාවේදී අනතුරට පත්වෙලා පෙරළෙනවා.

මේ සිදුවීමත් එක්ක ප්‍රහාරයෙන් තුවාල ලබපු සොල්දාදුවන්ට අමතරව වෛද්‍යාධාර සපයන්න ආපු හෙලිකොප්ටර් යානයේ හිටපු වෛද්‍ය ඉසබෙල් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයිනුත් මේ ප්‍රදේශයේ කොටුවෙනවා. මේ අතරේ පාලන මැදිරියේ උසස් නිළධාරීන් තීරණය කරනවා අනතුරට පත්වුණු ගුවන් යානය පුපුරවලා තුවාලකරුවන්ව හා කාර්ය මණ්ඩලය විතරක් මුදවාගන්න ඕනි කියල. නමුත් ස්පාඤ්ඤ ගුවන් හමුදා නියමුවෙක් වන ලෙඩෙස්මා නම් මේ තීරණය අනුමත කරන්නෙ නැහැ. ඔහුගේ අදහස වෙන්නෙ සෙබළුන්ව මුදාවාගන්න යන අතරෙම අනතුරට පත්වුණු හෙලිකොප්ටර් යානයත් නැවත මූලස්ථානයට අරන් එන්න ඕනි කියන එකයි. ලෙඩෙස්මා කියන විදිහට හෙලිකොප්ටර් යානයට සිදුවී ඇත්තේ සුළු අනතුරක් නිසා යානය අලුත්වැඩියා කරල නැවත සේවයට යොදාගන්න පුළුවන්. ලෙඩෙස්මාගේ අදහස පිළිබඳව සලකා බලන ඉහළ නිළධාරීන් තීරණය කරනවා තුවාලකරුවන් වගෙම අනතුරට පත්වුණු යානයත් ආපහු අරන් එන්න ඕනි කියල. ඉතින් මේ මුදවාගැනීම මෙහෙයුම ආරම්භ වෙනකන් ලුතිනන් කොන්ටේ සහ ඔහුගේ සෙබළුන්ට සිද්දවෙනවා මේ ප්‍රදේශයේ සිටින තලෙයිබාන් සටන්කාමීන්ගේ ප්‍රහාර එල්ලවෙන අතරේ තුවාලකරුවන්ව වගෙම අනතුරට පත්වුණු යානයත් ආරක්ෂා කරගන්න. ඒත් ලුතිනන් කොන්ටේට දරුණු ත්‍රස්තවාදීන් 200කට ආසන්න පිරිසක් එක්ක ඔට්ටුවෙන්න සිද්දවෙන්නෙ හමුදා සෙබළුන් සුළු ප්‍රමාණයක් එක්කයි. ගුවන් සහයට පැමිණෙන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා වල පවා උණ්ඩ වගෙම ඉන්ධනත් ඉවරවෙන්න ආසන්න තත්වයක පවතින නිසා හරි ආකාරව සහයක් ලබාදෙන්න බැරිවෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දරුණු වාතාවරණයක් පවතින අතරේ තමයි ලෙඩෙස්මා ප්‍රමුඛ ගුවන් හමුදා සෙබළුන්ට මේ මුදවාගැනීමේ මෙහෙයුම කරන්න සිද්දවෙන්නෙ. ඉතින් මීට එහා දෙයක් මම කියන්න යන්නෙ නැහැ. ස්පාඤ්ඤ ගුවන් හමුදාව, වෛද්‍ය බළකාය වගෙම පාබළ සෙබළුන්ගේ උත්සහය සහ කැපවීමත් එක්ක තුවාලකරුවන්ව වගෙම අනතුරට පත්වුණු හෙලිකොප්ටර් යානය මුදවාගැනීමේ මෙහෙයුම සිද්දවෙන්නෙ කොහොමද කියල නරඹන ඔබට දැක බලගන්න පුළුවන්…

Action, Drama, Thriller, War යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 මාර්තු 17වන දින නිළ වශයෙන් තිරගතවීම ආරම්භ කළ Rescue Under Fire AKA Zona hostil චිත්‍රපටය ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Adolfo Martínez Pérez නම් අධ්‍යක්ෂවරයා විසින් සිදුකර ඇති අතර තිර පිටපත නිර්මාණය කර ඇත්තේ Luis Arranz, Andrés M. Koppel සහ Antonio Saura යන අය විසිනුයි. මෙම සිනමාපටයට Ariadna Gil,Raúl Mérida,Roberto Álamo,Antonio Garrido සහ Ingrid García Jonsson ඇතුළු තවත් නළු නිළියන් රැසක් තම රංගන දායකත්වය ලබා දී ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේ Tabernas, Almería, Andalucía, Desierto de Tabernas හා Almería, Andalucía යන ප්‍රදේශ වලදීයි. යුරෝ 5,000,000ක බර පැනක් දරමින් නිපදවූ මිනිත්ත්තු 93ක කාලයක් පුරාවට ගලායන කතා පුවතකින් යුත් මෙම සිනමාපටය 6.4/10 ක ඉහළ අගයකට IMDb මීටරය කරකැවීමට සමත්ව තිබෙනවා. තවද 2018 වසරේ පැවැත්වෙන Goya Awards සම්මාන උළෙදීදී සම්මාන ද්විත්වයක් සඳහාද මෙම චිත්‍රපටයේ නම යෝජනා වී තිබෙනවා.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ වැඩි වශයෙන් හොලිවුඩ් හමුදා චිත්‍රපට වලට පමණක් සීමාවෙලා හිටපු මමත් ගොඩක් කාලෙකට පස්සෙ අහම්බෙන් තමයි මේ චිත්‍රපටිය බැලුවෙ. මමත් මුලින් හිතුවෙ නම් කතාවෙ වැඩි දෙයක් නැතුව ඇති කියලයි. ඒත් චිත්‍රපටිය බලන් යද්දි තමයි මට තේරුණේ හොලිවුඩ් සිනමාවට එහා ගිය දෙයක් වෙනත් භාෂාමය චිත්‍රපට වල තියනවයි කියන එක. ඉතින් මම කියන්නෙ හොලිවුඩ් හමුදාමය චිත්‍රපට බලන කෙනෙකුට වුණත් කිසිම සැකයක් හිතන්නෙ නැතුව මේ චිත්‍රපටිය බලන්න කියලයි. මොකද හොලිවුඩ් හමුදාමය චිත්‍රපට හා සමානවම මේ චිත්‍රපටයත් නිර්මාණය කරල තියනවා.

”සටනකදී මියයාම ඉමහත් ගෞරවයකි,
ඔබ මියයන්නේ එක් වරක් පමණි,
මරණය පැමිණෙන්නේ කිසිදු වේදනාවකින් තොරවය,
එමෙන්ම මරණය සිතන තරම් බියකරු නැත,
වඩාත්ම බියකරු දේ වන්නේ…
බියගුල්ලෙකු ලෙස ජීවත්වීමට සිදුවීමයි.”

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

8,918 downloadsDownload Rescue-Under-Fire-2017.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

8,918 downloadsDownload Subtitles43 KB

38 comments

  1. Shalika Madhusanka

    yaluwane mama hemadama sub download kale baiscop eken flash ekai DCs.Legends.of.Tomorrow.S03 ekai sub parakku unata mama kawadawath benne ne kohoma hari sub denna.oyala hadana sub ekak download karagena balana ayata meka godak duka hithena deyak

  2. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. Ravin

    Thanks for the sub

  4. Samitha

    Me film eka baiscopedownload eke ne neda?

  5. dumidu

    THANK YOU MACHAN

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  7. sanjeewa

    සොයාගත නොහැක කියල එන්නේ ඇයි කොහොමද සබ් බාගන්නේ

  8. Subhash pushpakumara

    Mehema kiwuwata tharaha wenna ap.a mata dan biscope akata anna apa wela tiyenna mcho... tv serious nathi hinda.. wenadata dawasta 3n sarayak withar ano.

  9. Subhash pushpakumara

    Ftt film akak macho..

  10. thisal

    ස්තුතියි

  11. vindaka

    ela ela

  12. Dulanga

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ABC

    බොහොම ස්තූතියි! ජයවේවා! බුදු සරණයි!

  15. FUS

    any way that is not fucking civil war...

  16. Rajitha

    Thanks machan......jayawewa......>!

  17. Udaya Fernando

    Thanks Isuru

  18. sudeera

    thanks
    ath maka sinhala sub aka na neda ???????????????

  19. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    The Eternal Zero (2013) ෆිල්ම් එකට සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  20. Kenan Sujindra

    මේක මම බැලුව හින්දර පහරක් <3
    ස්තූතියි සබට සහෝ

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ashan karannagoda

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට..
    ජය වේවා..!!!!
    බුදුසරණයි..!!!!!

  23. amila

    Thanks

  24. Anupa

    Tnx

  25. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..

  26. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

  27. Nipuna Madhushan

    ela

  28. sanjeewakbg

    thanks bro..

  29. dimal

    බොහොම ස්තූතියි සහෝ

  30. HDCOPE

    isuru broooo tnx sub ekataaaa

  31. ishan1653

    niyamai macho...

  32. ariyathilalaka

    thanx ayye

  33. GreatRawana

    Thanx Macho. Great Work

  34. nihalpujitha

    thanx broo

  35. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  36. Janith Sachintha

    මෙච්චර මේ වැඩ තියන ලෝකෙ මචං උබල කරන සේවය අගයන්න වචන නෑ එත් ඒතරං මහන්සියෙන් කරපු සබ අඩුගානේ නම වත් නොතිය විකුනං කන උන්ට කියන්න තියෙන්නෙ මචං ඔය පවුකාර වැඩේ කරන්නෙපා උබලා ඔය හොරකං කරන්නේ උබලටම උදව් කරපු එකාගේ වෙලාව
    ඊට වඩා පැය ගානට තමංගෙ අම්මා විකුනන එක නම්බුයි මොකද සබ් ලියන එකෙක්මයි එකෙ කට්ට දන්නෙ
    එහෙනං සබට thanx මචං ඔහොම යං

  37. sandharu

    Thanks broo

  38. Waruna Kamalawansha

    සුපිරියක් වගේ... බලමු බොහෝම ස්තූතියි උපසිරැසියට