Watch Trailer

Resident Evil Vendetta (2017) with Sinhala Subtitles | නව ලොවක් කරා පියනගන, ලෝක විනාශයේ ජන සංහාරය! [සිංහල උපසිරැසි සමඟ]

පිල්ලී(සොම්බි) ඝාතනය කිරීමේ විශේෂඥ හැකියාවක් සහිත ඇමරිකානු හමුදා බටයකු වන ක්‍රිස් රෙඩ්ෆීල්ඩ්, සහයක බල ඇණියක් සමගින් මේ ගමන් කරන්නෙ, එක්තරා සුවිශේෂී වූ මෙහෙයුමක් වෙනුවෙනි. නීති විරෝධී අවි ආයුධ වෙළඳාම නිසා ජාත්‍යන්තරයට අත්‍යාවශ්‍ය වන්නාවූ අපරාධකරුවෙකු වන්නා වූද, මෑත කාලීනව අති සාර්ථකව ජීව රසායනික අවි…

පිල්ලී(සොම්බි) ඝාතනය කිරීමේ විශේෂඥ හැකියාවක් සහිත ඇමරිකානු හමුදා බටයකු වන ක්‍රිස් රෙඩ්ෆීල්ඩ්, සහයක බල ඇණියක් සමගින් මේ ගමන් කරන්නෙ, එක්තරා සුවිශේෂී වූ මෙහෙයුමක් වෙනුවෙනි. නීති විරෝධී අවි ආයුධ වෙළඳාම නිසා ජාත්‍යන්තරයට අත්‍යාවශ්‍ය වන්නාවූ අපරාධකරුවෙකු වන්නා වූද, මෑත කාලීනව අති සාර්ථකව ජීව රසායනික අවි නිපදවීමට හැකියාවක් සහිත යැයි සැක සහිත වන්නාවූද, ග්ලෙන් ඒරියස් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි. නමුත්, සියලු සැක සංකාවන් සත්‍යයක් කරමින්, මෙම බිහිසුණු ආයුධ ජාවාරම්කරුවාගේ ජීව රසායනික අවි හමුවේ ජීවිතය බේරාගැනීමට අවස්තාව උදාවන්නේ ක්‍රිස් හට පමණි.

ක්‍රම ක්‍රමයෙන් ඇමරිකානු භූමිය තුල නැවත වතාවක් සොම්බි පහරදීම් වර්ධනය වීමක් දක්නට ලැබෙන කාල වකවානුවක, විශ්වවිද්‍යාල මහාචාර්‍යවරියක් විසින් වසර ගණනාවක සිට කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක ඖශධයක් නිපදවනු ලබනවා. නමුත්, අවසාන ප්‍රතිඵලය වන්නේ පැහැරගැනීමට ලක්වන මෙම මහාචාර්‍යවරියගේ දැනුම යොදාගනිමින්, පෙර නොවී විරූ අන්දමේ අතිශය බිහිසුණු, අතිශය ශක්තිමත් වෛරසයක් නිපදවීමයි. මේ සියලු කාරණා පිටුපස සිටින්නා වූ, වෛරයෙන් අන්ධ වූ බිහිසුණු පුද්ගලයා කවුරුන්ද? අතිශය බිහිසුණු වෛරසයක් නිර්මාණය කරමින් මොහු මේ ප්‍රයත්නය දරන්නේ කුමන අන්දමේ ව්‍යසනයකින් ලොව විනාශ කර දමන්නද? අතිශය බිහිසුණු ජීව රසානය ආයුධ හමුවේ මෙම ප්‍රයත්නයන් ව්‍යර්ථ කර දමන්නේ කෙසේද? සියල්ල ඔබ සැමට බාරයි.

Resident Evil කිව්වාම නොදන්නා කෙනෙක් නම් ඉන්න අමාරුයි. පරිඝනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වගේම, චිත්‍රපට ක්ෂේත්‍රයේ පවා ජයකෙහෙලි නැංවූ නමක් තමයි Resident Evil කියන්නෙ. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, Resident Evil චිත්‍රපට මාලාවේ නවතම ඇනිමේෂන් චිත්‍රපටය. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ ජපානය විසින්. ජපානේ හැදුවා වුනත්, සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ මං ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි ගන්වන පළවෙනි අවස්තාව. මං සාමාන්‍යයෙන් ඇනිමේෂන් චිත්‍රපටි වලට උපසිරැසි කරන කෙනෙක් නෙමෙයි. ඒත්, මේකෙදි නම් මට මගේ අදහස වෙනස් කරන්න වුණා. මේ ලිපිය කියවන එක පැත්තකින් තියලා, නිකමට මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො. අනිවාර්‍යයෙන්ම වෙනසක් දැනේවි. “ජපනා හපනා” කියලා කතාවක් තියෙන්නෙ නිකමට නෙමෙයි කියලා තේරුනේ මේ චිත්‍රපටය නරඹද්දී තමයි. චිත්‍රපටය පුරාවටම ත්‍රිමාන සජීවීකරණය අති විශිෂ්ට මට්ටමක පවතිනවා කියලා කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්. සමහර වෙලාවට මට පුදුමත් හිතුණා, මේක ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක්ද, නැත්නම් සැබෑම මිනිසුන් සහ දර්ශන තල සහිත චිත්‍රපටයක්ද කියලා. ඒ වගේම, තාක්ෂණයට නොදවෙනි කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇඟ කිලිපොලා යන්නා වූ ක්‍රියාදාම දර්ශන ඉතාමත් විශිෂ්ට ලෙස සකස් කරලා තියෙනවා. කොටින්ම කිව්වොත්, අවසාන Resident Evil චිත්‍රපටයට වඩා මං මේ චිත්‍රපටය රස වින්දා. 2017 වර්ෂයේ මැයි මස 27 වෙනිදා, ජපානයේදී තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වන විට, imdb දර්ශකයේ 6.8 ක අගයකින් සමන්විත වෙනවා.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. සහතික කරලා කියනවා, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්. Resident Evil රසිකයෙක් නම්, හීනෙන් වත් මේක මගහැරගන්න හිතන්න එපා. පූර්ව ප්‍රචාරක පටය තාමත් බැලුවේ නැත්නම්, චිත්‍රපටය ඩවුන්ලෝඩ් වෙනකම් ඒකත් බලලම ඉන්නකො. චිත්‍රපටය බලපු අය, කොහොමද කියලා අදහසකුත් දාගෙන යන්නකො.

තවත් චිත්‍රපටයකින් හමුවන තුරු, හැමදෙනාටම ජයවේවා!!!

 

 

Resident Evil: Vendetta (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරස BR සහ WEB පිටපත් සඳහා අදාළ වේ.

12,575 downloadsDownload Resident-Evil-Vendetta-2017.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

12,575 downloadsDownload Subtitles29 KB

58 comments

  1. JR

    තැනකු වේවා, අනිවා බැලීමක් :D

  2. dilan lakmal

    Sisila aiya kohomada.ela film eka wage.thanks sub ekata.thama beluwe nam ne.ela

  3. sanda

    Thx Broo,,,,,,,,,,,,

  4. prabodha

    Thank u brother.....

  5. එල්.සී. දමැල්

    කොහේ මඟ අරිනවද මේක?
    බොහොම ස්තුතියි උපසිරසට සිසිල සහෝ...
    දිගටම උපසිරස ගෙනෙමු...

  6. Mithun

    Web-dl copy තියෙන එකෙ අරගන්න ඔනෙ
    සුපිරි මුවි කොලිටින් එකක් ආසාවෙන් බලපු ඩිවිඩි ගෙනත් එ දවස් වල..
    සබ් එක දාම්මට ස්තුතියි සහෝ
    ඔබට ජය..

  7. Prasad

    Sub Ekata Thx.Menna Hash Tag Eka 24510827D36F2A1BC52AF81AE0D0FF1A0F2A58DE

  8. pramod

    thank u bro thank u thawa thawath animation denna.

  9. නුවන් මානගේ

    නියමයි... දිගටම කරගෙන යමු.. ඔබට ජය

  10. අසිත

    elama saho thanks

  11. ඉෂාන් මදුෂ

    නියමයි.. නියමයි..ගොඩක් ස්තූතියි.සහෝ මේ දෙකටත් සබ් දෙනවනම් පින්
    Final Fantasy VII Advent Children (2005)
    Brotherhood: Final Fantasy XV (2016)
    ජය වේවා!

  12. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සිසිල සහෝ....
    සොම්බි නම් ඉතිං අනිව බලනව....

  13. Lahiru

    Thanx for sub sisila bro.

  14. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    සහෝගේ ලිපිය කියෙවුවට පස්සේ මොන ෆිල්ම් එකක් උනත් අනිවා බලන්න හිතෙනවා.
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  15. KAVINDA GAMAGE

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

  16. ashan lankanath

    thanks ........................good luck

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. daminda

    download karan hitiye sub denakan. thanks machan sabata

  19. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  20. Lahiru

    Machan sisila..ram charange dhruva kiyala filumak ewith awata sub dapanko .

  21. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
    දැන් ටිකක් වේගේ අඩුවෙලා නෙහ් :P
    අවුලක් නෑ. පුලුවන් වෙලාවට සබ් දෙමු ආ...
    වැඩිපුර හින්දි බස්සපන්.
    ඔබට ජය!

  22. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

    Izombie s03e11 සිංහල උපසිරැසිය ලැබුනේ නෑනේ ඇඩ්මින් සහෝ
    කෙනෙක් ඒගැනත් තරහ නැතුව බලනවද?

  24. RANA D

    thnkz sahooo sub1 t....

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Udara Damith B/K

    මන් නම් මේක තියෙනවා දක්‍කා ටොරන්ට් වල ඊට පස්සේ
    youtube එකට ගිහිල්ලා බැලුවා මරු

  27. Chamu

    Thxxx sub ekata digatama sub denna me wage ewata.

  28. Hirantha

    Thnks machan

  29. Amalka

    ජපන් ඇනිමේශන් නම් ඉතින් කොහොමටත් සුපිරියි අනිවා බානව සබ් එකට තැන්ක්ස්
    පුලුවන්නම් Final fantasy vii advent childrens (Directors cut) ඇනීමේශන් එකටත් සබ් දෙන්න ඒකත් සුපිරිම ඇනිමේශන් එකක් එක සැරයක් බලන්නකො ඕයාටම තේරෙයි ඒ ඇනිමේශන් එකත් සුපීරියී කීයල්

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. kasun pradeep(KD)

    සුපිර් බ්‍රෝ...ඉස්සරහටත් මේ වගේ උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා

  32. Chamith Mihiranga

    Iye rema baluwa aiya.. supiri. patta animation.. Thank you very much...

  33. janitha

    thanks bro!!!!

  34. thisan

    thx brov

  35. Dilan

    Supiri saho..lassana film ekak..obata jaya wewa saho.

  36. Bhagya

    Thanks....!

  37. sunimal

    Trailer eka baluwama nam hituna aniwa balanna ona film ekak kiyala.. me wage film apita genath denawata thanks bro..... a wagema sub ekatath godak thanks....

  38. Pasindu

    සුපිරි

  39. sanjaya

    thanks macho

  40. Sanjaya Kumara

    Thanks Machan sub ekata

  41. Chalana

    thnx bro...

  42. nirosha

    niyama film eka. sabath niyameta thibuna

  43. ZAp

    mata me movie eka download kara ganna link eka danawada

  44. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. Rusith Mendis

    එළම සහෝ....

    මේකත් කරමු=> King Arthur: Legend of the Sword-2017

  47. sahan weerasinghe

    CHIPS 2017 sub eka denna puluwanko

  48. KAVINDA GAMAGE

    මාගේ ගෞරවණීය ප්රයණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  49. muditha

    good job sisila saho
    jayen jaya

  50. kasun

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

Load more comments