Watch Trailer

The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ]

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්. මීට කලින් රාජාලීන් සම්බන්ධ Brothers of the Wind (2015) චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයෙයි මේ චිත්‍රපයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. කැමති අය ඒකත් අරගෙන බලන්න. රාජාලි දඩයම… ඒ කියන්නේ කූඩුවෙන් පිට හැදෙන්න ශක්තිය තියෙන රාජාලියෙක්ව උගේ පොඩි කාල…

 

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්. මීට කලින් රාජාලීන් සම්බන්ධ Brothers of the Wind (2015) චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයෙයි මේ චිත්‍රපයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. කැමති අය ඒකත් අරගෙන බලන්න.

රාජාලි දඩයම… ඒ කියන්නේ කූඩුවෙන් පිට හැදෙන්න ශක්තිය තියෙන රාජාලියෙක්ව උගේ පොඩි කාලෙදි අරගෙන හදාගෙන පුහුණු කරනවා. ඊට පස්සේ රාජාලියා එක්ක ගිහින් නරියෙක්ව වගේ දඩයම් කරනවා. ඉන් පස්සේ නැවතත් රාජාලියාව කැළේට නිදහස් කරනවා… ඔන්න ඔය චුට්ට තමා රාජාලි දඩයක්කාරයෙක් කරන්නේ. කියන්න ලේසියි, ඒත් මේ චිත්‍රපටය බලද්දි ඒ වැඩේ කොච්චර කල් යන අමාරු කාර්යභාරයක්ද කියලා තේරෙයි.

සාමාන්‍යයෙන් රාජාලි දඩයක්කාරකම හිමි වෙන්නේ පියවරුන්ගෙන් පුත්‍රයන්ට. නර්ගයි කියන්නෙත් එයාගේ තාත්තගෙන් රාජාලි දඩයක්කාර උරුමය ලැබුණු කෙනෙක්. හැබැයි නර්ගයිට ඉන්නේ දුවෙක්. එයා තමයි අයිෂොල්පාන්. අයිෂොල්පාන්ටත් ඕනෙ වෙන්නේ තමන්ගේ සීයායි තාත්තයි වගේ රාජාලි දඩයක්කාරයෙක්, නෑ නෑ රාජාලි දඩයක්කාරියක් වෙන්න.

එහෙම කරන්නේ කොහොමද ඒකට රාජාලි දඩයම් සංගමයේ වැඩිහිටියෝ විරුද්ධයි නිසා? දෙමාපියෝ රාජාලි දඩයක්කාරියක් වෙන්න අයිෂොල්පාන්ට සහයෝගය දෙයිද? මොනවා සිදු වුණත් අවසානයේ ඇයට රාජාලි දඩයක්කාරියක් වෙන්න පුලුවන් වේවිද?

ඒවට උත්තර දැනගන්න Otto Bell විසින් අධ්‍යක්ෂණය කරපු, IMDb දර්ශකයේ 7.5ක අගයක් ලබාගත්ත, 2017 හොඳම වාර්තාමය චිත්‍රපටය විදිහට BAFTA චිත්‍රපට සම්මානයකට නාමයෝජනා ලබා තිබෙන, සම්මාන 8ක් ජයග්‍රහණය කරපු සහතවත් සම්මාන 18කට නාමයෝජනා ලැබුණු මේ චිත්‍රපටය බලන්න.

 

The Eagle Huntress (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Eagle.Huntress.2016.720p.BluRay.x264-[YTS.AG]

The.Eagle.Huntress.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,525 downloadsDownload The-Eagle-Huntress-2016.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/L-C-Demel.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

2,525 downloadsDownload Subtitles73 KB

20 comments

  1. madu

    ela.jaya wewaa...

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Sisila Prasad

    බොහොම ස්තුතියි උපසිරසියට.
    ජයවේවා!!!

  4. අසිත

    elama saho thanks

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Eranda

    Ela ela

  8. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Soori

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට...

  11. Sachinth

    Ayye mahesh babuge aluth film akey nani ge film akei sub dennako

  12. Amil

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Chalana

    thnx bro...

  16. Isuru Chamara

    Thxxx

  17. nadeen1985

    Love this

  18. nimal dissanayake

    සයිට් එකේ රසික-රසිකාවන්ටයි ඉස්-ඉස්සෙල්ලාම ආමන්ත්‍රණය කරන්නේ.
    මේක බාගෙන බලන්න, බය නැතිව.
    ලස්සනම ලස්සනයි. කොච්චරද කියල වචනවලින් කියන්නේ කොහොමද?
    එල්. සී. ගුඩ් ජොබ්! වෙල්ඩන්!!
    තෑන්ක්ස් වෙරි-වෙරි මච්!

  19. Waruna Kamalawansha

    වටිනා වාර්තා වැඩසටහනක්... බොහෝම ස්තූතියි උපසිරැසියට

  20. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ✈️1️⃣0️⃣0️⃣