Watch Trailer

Return To Oz (1985) with Sinhala Subtitles | නැවත මිතුරන් වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

1939 වසරේ තිරගත කරන ලද THE WIZARD OF OZ හි දිගුවක් ලෙස ඉන් වසර 47 පසුව නිපදවන ලද මෙම චිත්‍රපටය 1985 වසරෙදි තිරගත වෙනව. කතාවට අදාල කාලය ඩොරති ඔස් වලින් පිටවී මාස 6 උවත් චිත්‍රපටය නිපදවන කාල වකවානු වෙනස නිසා නළු නිළි කැල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. මෙයටද L.ෆ්රෑන්ක් බෝම් විසින් රචිත The Marvelous Land o…

Return To Oz (1985)

1939 වසරේ තිරගත කරන ලද THE WIZARD OF OZ හි දිගුවක් ලෙස ඉන් වසර 47 පසුව නිපදවන ලද මෙම චිත්‍රපටය 1985 වසරෙදි තිරගත වෙනව. කතාවට අදාල කාලය ඩොරති ඔස් වලින් පිටවී මාස 6 උවත් චිත්‍රපටය නිපදවන කාල වකවානු වෙනස නිසා නළු නිළි කැල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. මෙයටද L.ෆ්රෑන්ක් බෝම් විසින් රචිත The Marvelous Land of Oz හා Ozma of Oz යන ග්‍රන්ථ දෙක පාදක වෙනව. අද්‍යක්ෂණය වෝල්ටර් මර්ච් විසින්. තිර පිටපත ගිල් ඩෙනිස් හා වෝල්ටර් මර්ච් විසින් කරන ලද්දක්. ඇමෙරිකාවේ හා එන්ගලන්තයේදී රූගත කරන ලද මෙම චිත්‍රපටයේ ඩොරතිගේ චරිතයට ෆයිරූසා බෝල්ක් ජීවය ලබා දෙනවා. වෝල්ට් ඩිස්නි නිපැයුමක් වන මෙය බොනවිස්ටා සමාගමේ බෙදාහැරීමක්. විනාඩි 113 පුරා දිවෙන චිත්‍රපටයට වැය ඩොලර් මිලියන 28. අය ලෙස ඩොලර්  1,137,800 ක් සඳහන් වෙනව.

ඔස් සිට පැමිණ මාස 6 ගෙවුනද ඩොර්තිට ඔස් අමතක කිරීමට නොහැක. ඇගේ සිත පවසනුයේම ඔස් රාජ්‍යට යම් විපතක් වී ඇති බවයි. එමී නැන්දා සමග සිතේ එති සංකූලතාවයට ප්‍රතිකාර ගැනීමට ගොස් රෝහලින් පැන යන ඩොරති නැවතත් ඔස් වෙතට පැමිණේ. නමුත් ඇය පිටවී යන විට තිබුණ ඔස් වෙනුවට එහි ඇත්තේ සම්පූර්ණයෙන් විනාශ වී ගිය එමරල්ඩ් නගරයයි. සිංහයා හා ටින් මිනිසාව මෙන්ම ඔස් හි සියල්ල ගල් බවට පත් කර නෝම් රජු විසින් පඹයාව පැහැරගෙන ගොස් ඇත. ඩොරතිගේ අභිප්‍රාය වන්නේ පඹයාව නිදහස් කරගෙන එමරල්ඩ් නගරය යථාත්ත්වයට පත් කිරීමයි. ඒ සඳහා ඇයට නව යහළුවන් කීප දෙනෙකුගේ සහය ලැබෙයි. ඒ ටික්-ටොක්, ජැක් පම්කින්හෙඩ්, ගෝනෙක් හා බිලීනා නම් කිකිළියයි. චිත්‍රපටය ඔබත් රසවිඳින්න.

රැකියාවේ වැඩකටයුතු නැවත ආරම්භ වූ නිසා මා හට නැවත දිගු කාලයකට උපසිරැසියක් නිමවීමට නොලැබෙන බව කණගාටුවෙන් උවත් දැනුම් දෙමි. නමුත් මෙය මාගේ අවසාන එකනම් නොවේ. කාලය ලැබෙන පිළිවෙළකට ඔබ වෙනුවෙන් තවත් ඉදිරියට මෙය කරගෙන යාමට බලාපොරොත්තු වෙමි. පැරණි ප්‍රහසන චිත්‍රපට මාලාවකට (චිත්‍රපට 7 කි) උපසිරසි කිරිම ඇරඹුවද එය අතර මග නැවතීම පිළිබඳ මාගේ කණගාටුව. අදහස් උදහස් දැක්වූ සියලුදෙනාටම මාගේ ස්තුතිය!

Return to Oz (1985) on IMDb

 

 

814 MB (BR) කොපිය මෙතනින් බාගන්න

24D6AA1A30FD475D61C57C759C796888B456BE65 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,320 downloadsDownload Return-to-Oz-1985.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

මිතුරන් අතරේ බෙදාහදා ගන්න

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

1,320 downloadsDownload Subtitles40 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…idak labuna gaman filumak 2k denna amathaka krn epa saho.thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. ශාමල් මනෝජන්.

      බොහොමම ස්තූතියි සබ් ඒකට. පරණ ෆිල්ම් වලින්ම ඔහොමම සබ් කරගෙන යමු දිගටම. බයිස්කෝප් සයිට් ඒකට පරණ ෆිල්ම් කරන අය බොහොම වටිනවා. ඒ් වගේම සයිට් අලුත් පෙනුම නම් ටිකක් නුහුරුයි වගේ. ෆිල්ම් තෝරගන්න ගියාම ටිකක් අපහසුයි. කල් යනකොට හරියයි. ඒත් වෙනස බොහොම හොදයි. රටේ වෙනස වගේම.

  2. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Sadun Danushka

    අයියෝ අපරාදේ බන්
    ඔයා වගේ කෙනෙක් හොයාගන්න බැරිවෙයි
    පරන ෆිල්ම් වලට විතරක් උපසිරැසි කරන කෙනෙක් හොයාගන්න බැරි වෙයි

  4. thisal

    උපසිරැසියට තුති

  5. achi

    ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

  6. [email protected]

    අලුත් සබ් දෙන්නන් දහසක් අතර, පැරණි ඒවා ප්‍රිය කරන අය වෙනුවෙන් සබ් දෙන එකම සොයුරාවන ඔබට මාගේ අවංක සුබ පැතුම්! comment නොදැම්මත් ඔබේ ඒවා රස විඳින බොහෝ නිහඬ රසික පිරිසක් ද සිටිනවා. ස්තුතියි!

  7. Aditha Praween

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !

  8. Tharaka

    සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  10. අසිත

    මේ වගේ පරණ ඒවට සබ් දෙනවට
    බොහෝම පින්.
    ජය වේවා!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. harsha

    Mc la mata 2012 movie eke sub eka ewanna puluwanda ....

  13. gw nimal karunaratne

    I like this film

  14. Thihara Kaushalya

    මේ චිත්‍රපටිය ඉස්සර tv channel එකක ගියා නේද?
    සබ් එකට ස්තූතියි
    ❤️

  15. Anonymous

    film ek download krgne kohomd