Revolver (2024) Sinhala Subtitles අද මන් සබ් අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් කොරියන් ෆිල්ම් එකකට. නම තමා Revolver. කාස්ට් එක හින්දම එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක් තමා මේක. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තිරගත වෙන්නේ ගිය මාසේ හත්වෙනිදා. මේ වෙද්දි ඩොලර් මිලියන 1.7ක ආදායමක් Revolver චිත්‍රපටිය ලබාගෙන තියෙනවා…
Revolver (2024) Sinhala Subtitles
අද මන් සබ් අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් කොරියන් ෆිල්ම් එකකට. නම තමා Revolver. කාස්ට් එක හින්දම එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක් තමා මේක. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තිරගත වෙන්නේ ගිය මාසේ හත්වෙනිදා. මේ වෙද්දි ඩොලර් මිලියන 1.7ක ආදායමක් Revolver චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. පැයකුත් මිනිත්තු පනස් හතරක් පුරාවට ගලන් යන මේ ෆිලුම අයත් වෙන්නේ Action, Thriller, Crime කියන ගනයන්ට. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Oh Seung Uk. මේකේ ලොකුම විශේෂත්වය තමා කාස්ට් එක. ටොප් ලෙවල් කාස්ට් එකක් තමා මේ ෆිලුමේ ඉන්නේ. Jeon Do Yeon, Ji Chang Wook, Im Ji Yeon තුන්දෙනා තමා ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ.
《CAST – රංගන දායකත්වය》
• Jeon Do Yeon – හා සු යොන්ග්
• Ji Chang Wook – ඇන්ඩි
• Im Ji Yeon – ජොන්ග් යුන් සොන්
• Kim Jun Han – ශින් දොන්ග් හෝ
• Kim Jong Soo – ප්‍රධාන අධ්‍යක්ෂක
• Jung Man Sik – ජෝ ප්‍රධානි
• Lee Jung Jae – ලිම් සොක් යොන්ග්
• Jeon Hye Jin – ග්‍රේස්
• Jung Jae Young – මින් ගි හ්යුන්
《Summary – සාරාංශය》
හා සු යොන්ග් කියන්නේ පොලිස් නිලධාරියක්. දවසක් අල්ලස් චෝදනාවක් හින්දා නොකරපු වැරැදිත් භාරගන්නේ ඒකට වගකියන්න ඕනෙ ඊස්ටන් ප්‍රොමිස් කියන කම්පැනියෙන් මිලියන හත්සීයක වන්දියක් දෙන්න පොරොන්දු වුන හින්දා. මේක වෙන්නේ එයා අලුත් අපාර්ට්මන්ට් එකේ පදිංචියට යන්න ඉදපු දවසේ. ඉතින් පරිවාසෙ ඉදලා ඉක්මනටම එන්න පුළුවන් වෙයි කියලා තමා හා සු යොන්ග් හිතන් ඉදියේ. ඒත් අල්ලස් විදියට සල්ලි ඇරුනම කුඩුත් හම්බුනයි කියන සාක්ෂිය නිසා හා සු යොන්ග්ට අවුරුදු දෙකකට හිරේ යන්න වෙනවා. අවුරුදු දෙකක් හිරේ ඉදලා නිදහස් වුනාට පස්සේ දෙන්න පොරොන්දු වුන මිලියන හත්සීය අරගන්න බලාගෙන තමා මෙයා ඉන්නේ. ඒත් සල්ලි දෙන්න පොරොන්දු වුන කෙනා හා සු යොන්ග්ට සල්ලි දුන්නේ නෑ. ඒ අතරේ දැනගන්න ලැබෙනවා පදිංචි වෙන්න ඉදපු අපාර්ට්මන්ට් එක වෙන කෙනෙක්ට පවරලා කියලා. මෙයා සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් හා සු යොන්ග්ට සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මන් යනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හැමෝටම සුභ දවසක්!
Revolver (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,124 downloadsDownload Revolver-2024.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Revolver (2024) Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
9 comments
Gagan pabasara
Dushantha Kaushal
THANKS For Subtitles
Geun dae
Thank you for being so dedicated and hard working! ^0^.
Buddhika laKMal
ස්තූතියි නයන බුද්දික සහෝ උපසිරැසියට........
milinda
Officer Black Belt 2024 sub eka dennako bro
milinda
Thank you... Officer Black Belt 2024 ekatath sub ekak dennako
Malith samarawickrama
Thanks sub ekata
Ruchira
Thanks for the sub!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Revolver (2024) Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/09/Revolver-2024-2.jpg)
Drive (2024) චිත්‍රපටය ක් කරන්න කො ස්තුතියි සබ් එකට