මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් හැමෝටම අවුරුදු තෑග්ගක් අරගෙන ආවා. ගොඩාක් අය මග බලාගෙන හිටපු නියම කොමඩියක් තමයි ඔන්න ගෙනාවේ. ෆිල්ම් එක එලියට ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. හාඩ් සබ් කොපි තමයි ඇවිත් තිබුනේ. හරියට ඉංග්‍රීසි සබ් එකක්වත් ඇවිත් තිබුනේ නෑ.…

මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් හැමෝටම අවුරුදු තෑග්ගක් අරගෙන ආවා. ගොඩාක් අය මග බලාගෙන හිටපු නියම කොමඩියක් තමයි ඔන්න ගෙනාවේ. ෆිල්ම් එක එලියට ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. හාඩ් සබ් කොපි තමයි ඇවිත් තිබුනේ. හරියට ඉංග්‍රීසි සබ් එකක්වත් ඇවිත් තිබුනේ නෑ. ඒත් ඔන්න ඊයේ පෙරේදා දවසක තමයි හොඳ කොපියක් එක්ක සබ් එකක් එලියට ආවේ. ඉතින් එතකන් ඉවසගෙන ඉන්න උනා මේක කරන්න. වෙනදා වගේම හසන්ත සහෝ සහ සමීර සහෝ තමයි හොඳ කොපියක් ඇවිත් තියනවා කියලා මාව දැනුවත් කලේ. අවුරුදු ගමන් බිමන් එක්ක පොඩ්ඩක් ඔට්ටු වෙලා එහෙම ඔන්න සබ් එක කොහොමහරි ගොඩ දාගත්තා.
කවුරුත් හොඳට දන්න හඳුනන කොමඩි තරුව Kevin Hart මේහිදී රංගනයෙන් දායක වෙනවා. ඒවගේම Ice Cube, Ken Jeong, Benjamin Bratt, Olivia Munn, Bruce McGill රංගන තරු අතර සිටිනවා. Tim Story තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අන්තර්ජාලයේ කියවෙන විදියට නම් විචාරකයන්ගෙන් ගුණ දොස් විවේචනය අඩු මට්ටමක තිබුනත් දැනටත් මේක උපයලා තියන ආදායම ඩොලර් මිලියන 122ක්. ඉතින් ෆිලුම ගැන හිතාගන්න පුලුවන්නේ. අනික ඉන්නේ ලේසි පහසු කොමඩි චරිතයක් නෙමෙයිනේ. ඉතින් ඔන්න විනාඩි 101ක්ම කට්ටියගේ වැඩකිඩ ටික බලාගන්න පුලුවන්. කතාව කොහොමද යන්නේ කියලා පොඩි විස්තරයක් කියන්නම්.
කෙවින් හාට් මෙහි ඉන්නේ බෙන් විදියට. එතකොට බෙන් ඇවිත් පරිවාස කාලයක ඉන්න පොලිස් නිලධාරියෙක්. එතකොට එයා ඉන්නේ ජේම්ස් (අයිස් කියුබ්) යටතේ. ජේම්ස් රහස් පරීක්ෂකයෙක්, බෙන්, ජේම්ස්ගේ නංගිව බදින්න ඉන්නේ. ඒ කියන්නේ වෙන්න යන මස්සිනාලා දෙන්නෙක්. බෙන් ඉතින් පිස්සු චරිතයක්. විකාරමයි කියවන්නේ. කරන්නෙත් පිස්සු වැඩ. කරන වැඩ සේරම නාගන්නවා. කතාවේ ඉන්න දුෂ්ඨයා තමයි පෝප්. එයා හොඳ සල්ලිකාරයෙක්. හැබැයි ජාවාරම් කරන්නේ. වරාය කොමසාරිස් පවා ඉන්නේ එයාගේ සාක්කුවේ. කොහොමහරි සල්ලි වගයක් හොරකම් කරපු නිසා මේ පෝප් එයාව මරලා දානවා. ඒත් හොරා එයා නෙමෙයි. පෝප්ගේ කෙනෙක්ව ඒ තනතුරට දාගන්න උවමනාවක් තිබුන නිසා එයාව මරවනවා. මේ සිදුවීම් වෙන්නේ මියාමි නගරයේ. එතකොට ජේම්ස් සහ බෙන් ඉන්නේ Atlanta නගරයේ. එයාලා එහේදී ජාවාරම්කාරයෙක්ව අල්ලගන්න යනවා. ඒ වෙලාවේ කොහොමහරි ඒ කෙනා ලඟ තිබිලා පෙන් ඩ්‍රයිව් එකක් හම්බවෙනවා. ඉතින් මේකට පොලිසියේ කාටවත් ඇතුලට යාගන්න බැරිවෙනවා. හැබැයි ඒ විදියට ඒ පෙන් ඩ්‍රයිව් එක වැඩිදියුණු කරපු කෙනාව හොයාගන්න පුලුවන් වෙනවා. එයා මියාමි වල කෙනෙක්. ඉතින් බෙන් සහ ජේම්ස් ඒ කෙනාව හොයාගෙන මියාමි වලට යනවා. එයාලා හිතනවා ඒ පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන දේවල් හොයාගත්තොත් ඒකෙන් මේ දේවල් වලට සම්බන්ධ ලොකුම කෙනාව කොටු කරගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ මුල් හරිය යන්නේ. කතාව ඉදිරියට බලාගෙන යන්න ඔයාලාට බාරයි.
තව පොඩි දෙයක් මතක් කරන්න තියනවා. izombie බලන යාළුවෝ බලාගෙන ඇති සබ් එක දෙනකන්. අන්තිම කොටස් දෙක දැනටමත් ඇවිත් තියෙන්නේ. ඉතින් මේක කරන නිසා ඒක ටිකක් පහු කරන්න සිද්ධවුනා. ඉතින් ඒ වෙනුවෙන් සමාවෙන්න ඕනා. හැකි ඉක්මණින් ඒ කොටස් දෙකත් ලබාදෙන්නම්.
ඉතින් එදා ඉඳන්ම ඉතින් කොමඩි ෆිල්ම් කරන්න තමයි වැඩි ආසාවක් තියෙන්නේ. හිනාවෙලා ෆිල්ම් එකක් බලන්න ඉතින් කවුද අකමැති. මේ ෆිලුමේ කොමඩි ගැන ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ හැමතැනම කිසි අඩුවක් නැතුව තියනවා. තව ඉතින් අවශ්‍ය තැන් වලට පොඩි පොඩි වචනත් පාවිච්චි කරන්න සිද්ධවුනා. එහෙම නැති උනොත් එහෙම කතාවේ රසය නැතිවෙයි කියලා හිතුනා. ආයෙත් පුලුවන් දවසක හොඳ කොමඩියක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. ආයෙත් එහෙනම් හැමෝටම සුභම සුභඅලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජය!!!!
600 MB (720p BR x265) කොපිය මෙතනින් බාගන්න
FB5A780B4C3756DD2E863EA861A58DB0E48B4520760 MB (720p BR x264) කොපිය මෙතනින් බාගන්න
31863A1645003B6DA1426E905EAAB529CA17F5811.95 GB (1080p BR x264) කොපිය මෙතනින් බාගන්න
E3E8AF849DF4324755ED40313EB468FA5CA14148 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,980 downloadsDownload Ride-Along-2-2016.zip221 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
53 comments
Krishan NiShalya
Krishan NiShalya
elo...
filuma kalinma baagaththa
sub ekata Thanks...☺☺☺☺☻c.dark
thanks bokka.patta a.............elaz
CHEthiya
Thankz
SandZ18
Thanks!
lahirulg
jaaathi saho.....jaaathi........suppaaaa aaaaa
ඉසුරු දිල්ශාන්
එල එල නුවන්ත සහෝ!
එනකම් බලාගෙන හිටපු ෆිලුමක්!!
කාලෙකින් නේද කොමඩියක් කලේ? උබේ කොමඩියක් නම් ඉතින් අහන්න දෙයක් නෑ!
ජයවේවා!!!mithun
Trust 2015.
මෙකටත් සබ් දෙන්නකො සහොලChami.S
Thanks....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ප්‍රණීත් චින්තක
අනිවා බැලිල්ලක් තමා නුවන්ත සහෝ.
උපසිරැසියට ස්තුතියි.
තවත් කතාවකින් හමුවෙමු. :)vikum
super sahoo...sub ekata thanks..
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා..!!!Dina
720P 490MB 10bit WEB-DL x265 HEVC Direct Link
http://x265mkv.com/download-ride-along-2-2016-720p-10bit-we…
Dulanga
thanks
mithun
හම්මො blurry copy එනකම්ම ඉදල සබ් දුන්න එක නම් ගොඩක් අගෙ කරනව සහො . මම මෙක බාගත්ත උදෙම. උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රෝ. තව නියම ෆිල්ම් එකක් ඇවිත් තියෙනව හොද කොපි . මෙකටත් සබ් දාන්නකො. The Trust 2016. (නිකොලොස් කෙජ්) ගෙ මුවි එකක් . මෙකත් දෙන්නකො
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
mithun
මෙකට බොහොම ස්තුතියි .daddy's home මුවී එකෙන් පස්සෙ බලන්න යන ඉලග කොමඩිය.. මෙකත් නියම ඇති බලලම ඉමු එහෙනම්
Asitha
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
ela.thanksKulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Achi
එසේම වේවා සහෝ!!!
ගොඩක් ස්තූතියි සබට...
ජය වේවා!!!dilshan
thanks
D Chamara
bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya..
indika
ස්තුතියි…..
nalinda
thanks
dinesh
thanks BRo..
Amila Mudalige
Thanks saho
nuwan
Patta.. Enakan balan hitiye... Thank you wewa!
Amila
Thanks mchn...!
Anonymous
Ela
vihanga raveen
bohoma sthuthiyi macho sub ekata.mamath meka balanne nathuwa hitiye honda copy ekak enakan.elakiri.keep up the good works!
pramuk
thanxxxxx bro..........
LAKSHAN
උපසිරැසියට ස්තුතියි.
Darshana Anuradha
Patta bn........
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
manilka weerasinghe
ela
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි සහෝ'''''''''''''''''''''
Hiranhiru
Onna mamath download kara. Godak isthuthii sahoo.. thawa thawath sub denna...
Dilusha Nuwan Narasinghe
එල මේකේ මුල් එක බැලුවා සුපිරි
අනිවා මේකත් ඒ වගේ ඇති
තෑන්ක්ස් සබ් එකටjack sparrow
thanka x bro
Mahesh
Sub ekata thanx sahooo
Shan
thnq bro
Theek
Great
Lakshan
Thank you machan
Gayan_madushanka_
Thanks bro
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි ...
prasakr
සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති
Dulanga95
උපසිරැසියට බොහොම ස්තුතියි....
tv malli
tnx bro sub ekata
sanjeewakbg
Thanks bro..
thanks bro
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elo...
filuma kalinma baagaththa
sub ekata Thans...☺☺☺☺☻