Watch Trailer

Ride Like a Girl (2019) Sinhala Subtitles | සිහිනය හඹා… [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අද මං ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක්. මේක ඇත්තටම මිෂෙල් පේන් කියන ඕස්ට්‍රේලියානු තුරඟ තරඟ ක්‍රීඩිකාවගේ ජීවිත කතාව. මෙය සිනමාපටයකට නැගෙන්නේ අන් කිසිවක් නිසා නොව එය ඇත්තටම විශ්මය දනවන කතාවක් නිසායි. සමාජය සිතන පරිදි කාන්තාව යනු පිරිමින්ට දෙවෙනි වූ ළාමක ගති ඇති ශක්තිමත් බවින් සාපේක්ෂව අඩ…

කොහොමද යාළුවනේ, අද මං ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක්. මේක ඇත්තටම මිෂෙල් පේන් කියන ඕස්ට්‍රේලියානු තුරඟ තරඟ ක්‍රීඩිකාවගේ ජීවිත කතාව. මෙය සිනමාපටයකට නැගෙන්නේ අන් කිසිවක් නිසා නොව එය ඇත්තටම විශ්මය දනවන කතාවක් නිසායි. සමාජය සිතන පරිදි කාන්තාව යනු පිරිමින්ට දෙවෙනි වූ ළාමක ගති ඇති ශක්තිමත් බවින් සාපේක්ෂව අඩු පිරිසක්. නමුත් ලොවට ජීවය බිහිකරන ඇය තුල තිබෙන ශක්තිය යම් අවස්ථාවක මතුපිටට පැමිණියහොත් එය පරයා යාමට තියා සම කිරීමටද සමත් පිරිමියෙක් මේ මිහිපිට නැත්තේමය. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය, බුලත්විට වැනි දේ පාවිච්චි කරන පිරිමින් එයට දෙන නිදහසට එක් කාරණයක්නම් මහන්සිවී කරන රැකියාවේ තෙහෙට්ටුව ඒ මඟින් නිවාගන්නවා යන්නයි. උදේ පාන්දරින් අවදිවී උයා පිහා, නිවෙස් පිරිසිදු කර, රෙදි සෝදා, දරුවන්ගේ කාර්‍යයන් කොට, ස්වාමියාගේ උවමනාවන් සොයාබලා නිවසේ සියළුම රාජකාරි මැදියමට ආසන්න වෙනතෙක් සිදුකර ඉතා කෙටි හෝරා කිහිපයකට සැතපෙන ඇය තෙහෙට්ටුව නිවාගන්නේ මොන මත්ද්‍රව්‍යයෙන්ද? සමහරවිට මේ දේ හැමෝටම තේරුම් යන එකක් නෑ. හැබැයි තනිව ජීවත්වී අත්දැකීම් තියෙන පිරිමින් දන්නවා, ඇත්තටම රැකියාවට වඩා එය අසීරු කටයුත්තක් බව. ඉතිං තේරුම් ගන්න ඇගේ තිබෙන ශක්තිය.

අපි කතාව පැත්තට හැරුනොත්, පැඩී පේන් කියන්නෙ ළමයි දහ දෙනෙකුගෙ තාත්තෙක්, එයාගෙ පොඩිම ළමයා වූ මිෂෙල් පේන් ඉපදී ටික දවසකින් ඔහුගේ බිරිඳ මෙලොව හැර යනවා. ඔවුන්ගේ පවුල තුරඟ තරඟ හා සම්බන්ධ එකක්. ඉතිං මේ දරුවන් දහ දෙනාම බලාගෙන පැඩී ජීවත් වෙනවා. එයාට ඉන්නවා ස්ටීවි කියලා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුත්. මේ හැමෝම ගොඩක් එකිනෙකාට බැඳිලා ඉන්නෙ. මේ හැමෝටම තම පියාගෙ අශ්ව ගොවිපළේ සහ නිවසේ විවිධ රාජකාරි පැවරිලා තියෙනවා. කාලයත් සමඟ පැඩීගෙ දරුවන් දස දෙනාගෙන් අටක්ම ජොකියන් බවට පත්වෙනවා. මිෂෙල් කුඩාකල පටන්ම ඇගේ හීනය බව කියන්නේ ඕස්ට්‍රේලියාවේ විශාලම තුරඟ තරඟය වන මෙල්බන් කුසලානය ජයග්‍රහණය කිරීමයි. නමුත් කිසිම දිනක මෙල්බන් කුසලානය කාන්තාවක් විසින් දිනා නැහැ. නමුත් ඇය ඇගේ සිහිනය අත් හරින්නෙත් නෑ. මේ අතර ඇගේ සහෝදරියක් වන බ්‍රිජඩ් තරඟයක් අතරදී ඇද වැටී මියයනවා. ඉන්පසු ඇගේ පියා කැමති වෙන්නෙ නෑ මිෂෙල් තවදුරටත් මේ ක්‍රීඩාවේ යෙදෙනවට. නමුත් මිෂෙල් ඇගේ තීරණය වෙනස් කරන්නෙත් නැහැ. එක් තරඟයකදී ඇයද ඇද වැටෙනවා. ඇගේ හිස්කබල, වැලමිටි දෙකම, දණහිස් බිඳී යනවා. මොළයේ අභ්‍යන්තරයෙන් හා පිටතින් රුධිර වහනයන් වෙනවා. වෛද්‍යවරුන්ග්ගගේ මතය වන්නේ මින්පසු ඇය සුව උවහොත් කිසිම දවසක නැවත ක්‍රීඩා නොකළයුතු බවයි. තවත් එක් වැටීමක් වී මොළයට හානියක් උනොත් ඇගේ ජීවිතය මාරාන්තික වන බවයි. නමුත්…

දෛවය ඇගේ ජීවිතය පාලනය කරයිද, ඇය විසින් දෛවය පාලනය කරයිද? ඇගේ සිහිනයට කුමක් වෙයිද? මේ දේවල් දැනගන්න, ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.

අපි කතාවෙ නිර්මාණ දායකත්වය ගැන බලමු. මේ චිත්‍රපටය Biography, Drama, Sport යන ඛාණ්ඩ වලට අයත් වන අතර පැයකුත් විනාඩි 38ක් පුරා දිවෙනවා. Rachel Griffithsගේ අධ්‍යක්ෂණයක් වූ මෙය රචනා කොට ඇත්තේ Andrew Knight සහ Elise McCredie විසින්. IMDb දර්ශකයේ මේ වෙනවිට 7.0ක අගයක් ලබාගෙන තියෙනවා. Teresa Palmer, Sam Neil හා Brooke Satchwell ප්‍රධාන චරිත වලට පණ පොවනවා. එහි සිටින මිෂෙල්ගේ විශේෂ අවශ්‍යතා ඇති සහෝදරයා වන Stevie Payneගේ චරිතය නිරූපණය කරන්නේ ඔහු විසින්මයි. එංගලන්තයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2020 ජූනි 26 වෙනිදා. AACTA සම්මාන උළලෙදි හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම ඔරිජිනල් සංගීත ලකුණ ආදිය සඳහා නම්වී තියෙනවා. අමතක උනා කියන්න මේකෙ නිෂ්පාදනය Richard Keddie, Rachel Griffiths සහ Susie Montague-Delaney විසින් කරලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක පිරිවැයකින් නිමවී තිබෙන මෙහි නිකුත්වීමේ දිනය ලෙස දක්වා ඇත්තේ 2019 සැප්තැම්බර් 26යි. නිර්මාණය ගැන මූලිකවම කියන්න තියෙන්නෙ ඕක තමයි.

අධිෂ්ඨානය, වීර්‍යය, උත්සාහය, කැපවීම, පවුලේ බැඳීම, සහෝදරත්වය හා පීතෘ ප්‍රේමය ආදියෙන් සමන්විතවී දිවෙන මේ කතාව පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් එකක්. ඉතිං ඔයාලටත් පුළුවන්කමක් තියෙනවනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා. මම මේ සබ් කලාට හොඳින්ම ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් නෙවෙයි. සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු තියෙයි. හැබැයි මම පුළුවන් උපරිමයෙන්ම මේක කලා. ඔයාලා බලලා අඩුපාඩු කියන්න. ටිකක් කර්‍යබහුල වෙලාවක ගොඩක් කාලයක් අරගෙන තමයි මේ සබ් එක කලේ.

එහෙනම් දැනට නවතින්නම්, ඉක්මනින්ම තවත් සබ් එකකින් එන්න බලාගෙන. සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව පරිස්සමින් ඉන්න. ඔබට ජය…!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,387 downloadsDownload Ride-Like-a-Girl-2019.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,387 downloadsDownload Subtitles45 KB

14 comments

  1. Anonymous

    Thank you so much bro!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Requests ......

    Coming 2 America - 2021

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  4. Shamal manojan

    හැකිනම් Silence 2016 චිත්‍රපටය ටත් උපසිරැසි දෙන්න.

  5. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. indika75

    thanks..

  8. Suranjan

    Thanks jayawewa....!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Jagath55

    Thanks

  11. Pramukmili

    Thanx bro.......................

  12. Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි

  13. MAALNATH

    Thanks. .............good luck. ............

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.