Watch Trailer

Hera Pheri (1976) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ , “විජේ” සහ “අජේ” ය…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ ,

“විජේ” සහ “අජේ” යනු කුඩා කාලේ සිටම වංචනික වැඩ කරන දෙදෙනෙකි. ඔවුන් ධනවත් ‘ගෞරවනීය’ එහෙත් අපරාධකාරී මනසක් ඇති මිනිසුන්ගේ ධනය කොල්ලකති. එක් රාත්‍රියක සූදුවේ යෙදී සිටියදී, “පී.කේ” නම් පුද්ගලයා විසින් තම පියා ඝාතනය කිරීමට යෙද වූ වූ “ෂෙරු” නම් පුද්ගලයාව විජේ හඳුනා ගනී. විජේගේ ඛේදනීය අතීතය අජේ නොදනී. පී.කේ, මේ අතර, විජයගේ මිතුරෙකු ලෙස මවාපාමින් වෙස්වළාගෙන සැරිසරයි. පසුව අජේට දැනගන්නට ලැබෙන්නේ පී.කේ ඔහුගේ පියා බව ය. නමුත් පී.කේ ගැන යථාර්ථය විජේ සොයා ගනීවිද? ඔවුන්ගේ මිත්‍රත්වය ගැන කුමක් කිව හැකිද? එය සදහටම නැති වී තිබේද? අමිතාබ් භච්චන්, විනෝද් ඛන්නා සහ සහිරා භානු ප්‍රධාන රංගනයට දායක වූ විනෝදාත්මක චිත්‍රපටයකි.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Here Pheri (1976)(HD) Hindi Full Film යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස් හතයි, තත්පර විසිඅටක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,165 downloadsDownload Hera-Pheri-1976.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,165 downloadsDownload Subtitles59 KB

13 comments

  1. කවිඳු ජයවර්ධන

    උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ.වෙනස් විදිහෙ ෆිලුමක් වගේ.දිගටම පැරණි ගුණාත්මක හින්දි චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දෙන්න.ඔබට ජය..!!!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Shamal manojan

    බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලෙන් කාරුණිකව ඉල්ලීමක් කිරීමට කැමතියි.

    බයිස්කෝප් වෙබ් අඩවියෙහි සිනමාපට දර්ශක යටතේ ඇති ඔස්කාර් සම්මාන ලැයිස්තුව මේ වනවිට Update කරමින් තිබෙනවා. ඒ පිළිබඳව ස්තූතියි වන්ත වෙමි. එමෙන්ම මා ඉල්ලීමක් කිරීමට කැමතියි ඒ ලැයිස්තුව 2010 න් නොනවත්වා ඔස්කාර් සම්මාන වල ආරම්භක වර්ෂ දක්වාම Update කරන ලෙසට. එනම් 90s, 80s, 70s, 60s, 50s, 40s, 30s ආදී ඔස්කාර් මුල් යුගයන් දක්වාම Update කරන මෙන් මා ඉල්ලා සිටිමි. එමෙන්ම තවද වෙබ් අඩවියෙහි සිනමාපට දර්ශක යටතේ පෙර පැවති මේ වනවිට ඉවත් කොට ඇති AFI විශිෂ්ටතම ඇමෙරිකානු චිත්‍රපට ලැයිස්තුව නැවතත් ඇතුලත් කරන ලෙසට ඉල්ලමි. මා විශ්වාස කරනවා බයිස්කෝප් ඇඩ්මින් වරුන් මාගේ මෙම සාධාරණ ඉල්ලීම් සලකා බලයි කියා. මේ පිළිබඳව කවුරුන් හෝ ඇඩ්මින් වරුන් ගේ අවධානයට යොමු කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

  4. Shamal manojan

    එමෙන්ම විතානගේ මහතාගේ මෙම පැරණි උපසිරැසියටද ස්තූති වන්ත වෙමි.

  5. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    තෙරේ මෙරේ භානියා ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන්ද

  6. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. indika75

    thanks..

  9. Deegayu Abeysekera

    thank you

    keep this service

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Ajith

    thank you for sinhala sub.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.