Watch Trailer

Paprika (2006) AKA Papurika Sinhala Subtitles | සිහිනයන් යථාර්ථයක් වූ කල්හී.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

පැප්රිකා කියන්නෙ සිහිනයන්ගේ කාන්තාවක්. ඔබට ඇයව හමුවිය හැක්කේ සිහිනයෙන් පමණයි. ඔබේ දුක් වලට ඇය ඇහුම්කන් දේවි. ඔබගේ ප්‍රශ්න විසඳීමට ඇය පෙනී සිටීවි. නමුත් ඇය ඔබ සනසන්නේ සිහිනයෙන් පමණයි. මනෝචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානයකදි දක්ෂ මොළකාරයෙක් අතින් පුංචි උපකරණයක් නිපදනවා. මේක හදන්නෙ වැඩිය මේරිලා නැති ගොඩක්…

පැප්රිකා කියන්නෙ සිහිනයන්ගේ කාන්තාවක්. ඔබට ඇයව හමුවිය හැක්කේ සිහිනයෙන් පමණයි. ඔබේ දුක් වලට ඇය ඇහුම්කන් දේවි. ඔබගේ ප්‍රශ්න විසඳීමට ඇය පෙනී සිටීවි. නමුත් ඇය ඔබ සනසන්නේ සිහිනයෙන් පමණයි.

මනෝචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානයකදි දක්ෂ මොළකාරයෙක් අතින් පුංචි උපකරණයක් නිපදනවා. මේක හදන්නෙ වැඩිය මේරිලා නැති ගොඩක් ළාමක කෙනෙක් අතින්. තම මිතුරාගෙ සිහින තමන්ටත් බලන්න හැකිනම් කියන සිතුවිල්ල නිසයි මේ නිර්මාණය බිහිවෙන්නෙ. නමින් “ඩීසී මිනි”. මේ උපකරණය හරහා මිනිසුන්ගෙ මනසට ඇතුල් වෙලා ඔවුන්ගේ සිහින නැරඹිය හැකියි. මේ උපකරණය නිර්මාණය වෙන්නෙ මනෝචිකිත්සක රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණින්. නමුත් හදිසියේ මේ හදපු උපකරණ වලින් කිහිපයක් මධ්‍යස්ථානෙන් අතුරුදහන් වෙනවා. ඒත් එක්කම මධ්‍යස්ථානෙ මනෝචිකිත්සක උපකරණ වලට සම්බන්ධ කර තිබු රෝගින්ගෙ සිහින එකකට එකක් යාවෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. සිහියෙන් ඉන්න මිනිස්සු පවා සිහිවිකල් වී තේරුමක් නැති දේවල් කියවන්න පටන් ගන්නවා. දිවි නහගන්න පටන් ගන්නවා. මේ සේරම ඩීසී මිනි හොරකම් කරපු පුද්ගලයා සිදු කරන දේවල්. මේ ඩීසී මිනි නිර්මාණය කිරීමට මුල් වුන කණ්ඩායමේ ප්‍රධානියා තමයි “චිබා අට්සුකෝ” කියන්නෙ. එයා ගොඩක් බුද්ධිමත්, ගාම්භීර කාන්තාවක්. නමුත් ඇයට තවත් ස්වරූපයක් තිබෙනවා. ඒ තමයි ඩීසී මිනි හරහා මිනිසුන්ගෙ මනසට ඇතුල් වන ආදරණීය කාන්තාව “පැප්රිකා“. ඩීසී මිනි අයුතු ලෙස භාවිතය නිසා සිදුවෙන සත්‍ය ලෝකය සහ සිහින ලෝකය එකට යාවීම නතර කිරීමට සිදුවන මනස අවුල් ජාලයක් භවට පත් කරන සිදුවීම් රාශියක් ඇතුළත් චිත්‍රපටයකට තමයි මේ උපසිරසි අරන් ආවේ.

Paprika කියන නම සමහරවිට අහලා තියෙන්න පුළුවන්. මොකද ඒක සැර කුළුබඩු වර්ගයකට කියන නමක්. ඒත් කලින් කිව්ව විදියට මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය තමයි “පැප්රිකා” කියන්නෙ. IMDb 7.7 ක් වගේ ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ ජපන් ඇනිමේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Satoshi Kon අධ්‍යක්ෂක වරයා. Tokyo Godfathers 2003, Millennium Actress 2001 සහ Perfect Blue 1997 කියන්නෙ එතුමාගෙ ප්‍රසිද්ධ අධ්‍යක්ෂණ වලින් කිහිපයක්. එතුමගෙ ගොඩක් නිර්මාණ මනස වියවුල් වන, ගැඹුරු අර්ථයක් සමාජ ගත කිරීමට සමත් වූ චිත්‍රපට ලෙස ජනප්‍රියයි. මේකත් ඒ ඝණයටම වැටෙන මොලේ වෙහෙස කරන විදියෙ චිත්‍රපටයක්. ඒ වර්ගෙ නිර්මාණ හොයන අයටනම් මේක බලන එක ගොඩක් වටිනවා. 

ඒ වගේම මේකෙ තව විශේෂයක් තියෙනවා. මං කිව්ව විදියට මේ චිත්‍රපටයෙ අන්තර්ගතය වෙන්නෙ සිහින යථාර්ථයක් බවට පත්වීමෙන් සිදුවන සිද්ධි ධාමයක්. චිත්‍රපටි පිස්සෙක්ට වගේනම් එහෙම කිව්වම මොකක්හරි මතක් වෙන්න ඉඩ තියෙනවා. ඔව්. ඒ තමයි Nolan ගෙ Inception 2011 සිනමා නිර්මාණය. මේ දෙකම බලපු කෙනෙක්ට හිතන්න පුළුවන් සම්පූර්ණ උපුටාගැනීමක් නෙවෙයි කියලා. ඒත් බලපු සියළු දෙනාම වගේ පිළිගත්ත කාරණය තමයි Concept එක Paprika චිත්‍රපටියට අයිතියි කියන එක. ඒ වගේම බොහෝ සිදුවීමුත් ඒ ආභාෂයම අරන් තියෙනවා. අපිට අයිතියක් නෑ Inception ඇත්තටම Paprika වලින් උපුටා ගත්තා කියන්න. මොකද නෝලාන් අධ්‍යක්ෂකවරයවත් ඒක පිළිගන්න ඉදිරිපත් වෙලා නෑ. ඉතින් මේ දෙකම බලපු අයට තමයි ඒක තීරණය කරන්න හැකියාව තියෙන්නෙ. පහතින් තියෙන්නෙ පුංචි ඒ වගේ සමාන දර්ශණ ඇතුලත් රූප ටිකක්. 

 

1

2

3

4

5

6

7

8

එහෙනම් තවත් ඇනිමේ එකකට උපසිරසි අරන් ආපහු එන්නම්. සුභ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.

2,619 downloadsDownload Paprika-2006-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,619 downloadsDownload Subtitles30 KB

18 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) .. පුළුවන් නම් Badnaam Gali (2019) film එකට සබ් දෙන්න..
    ජය වේවා.!

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. indika75

    Thanks..

  4. Amalka

    තැන්ක්ස් නවෝ සබ් එකට ඕකනම් පිස්සු හැදෙන ඇනිමෙකක් සබ් එකත් දුන්න එකේ ආපහු බලනව පස්සෙ

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  6. Suranjan

    Thanks jayawewa......!

  7. Chanu Mikhail

    සුපිරියක් බොහොම ස්තූතියි මෙව්වා ගේනවාට ;)

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  9. Udara Damith Dissanayaka

    maru

  10. Isirajanith

    Thanks sub ekata supiri ela pluwanman Shaun and sheep 2019 sub dennko please

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Kavinu

    සබට තුති ❤️

  13. sathyajith

    thanks for the sub

  14. Sam fisherr

    තැන්ස් ආ අලුත් හොද ඇනිමේ සිරියස් එහෙමත් තිබ්බොත් ගේන් අමතක කරන්න එපා

  15. Dewadithya

    Thanks for sub!

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Yasindu Kalana

    Thank You

  18. Pavith Wijesooriya

    සතෝෂි කොන් සෙන්සෙයි ගේ මේ අපූරු ඇනිමේ එකට උපසිරසිය ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ.සබ් එක නම් සුපිරී...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.