Watch Trailer

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට ඉස්සර. මේ තමා අද අපේ…

ඇයි මම මේ ලෝකෙට ආවේ?

මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ?

ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ?

මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ?

එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට.

එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට ඉස්සර.

මේ තමා අද අපේ යාළුවන්ට තිළිණ කරන්න යන IDMb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 7.5/10 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන 2012 නොවැම්බර් 21 දින තිරගත වීම් ආරම්භ කල Rise of the Guardians (2012) කියන ත්‍රිමාණ චිත්‍රපටිය. ඇත්තටම කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්, පුංචි ළමයි සහ ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ බලාපොරොත්තු සහ සිහින ගැන ලස්සනට ගොතපු කතාවක් ත්‍රිමාණ සජිවිකරණයෙන් තව තවත් වර්ණවත් කරලා එහි අගය තවත් වැඩි වෙලා තියෙන්නේ. මේ කතාව කරන කොට මම කරපු පළවෙනි උපසිරැස ගොඩක් ප්‍රයෝජනවත් උනා. එහි තේමාවට සමාන ඊට වඩා දෙයක් ඇතුලත් කරලා තියෙන්නේ. මේ කතාව පදනම් වෙලා තියෙන්නේ පුංචි ළමයි ආසාවෙන් බලාගෙන ඉන්න නත්තල් සීයා (Santa), එතකොට දත් සුරංගනාවී (Tooth Fairy), වැලි මිනිසා (Sandman) සහ පාස්කු හාවා (Easter Bunny) කියන ළමා ලෝකේ සිහින වීරයන්ගේ චරිත පදනම් කරගෙන. අපේ රටේ මේ චරිත හැම එකක්ම ජනප්‍රිය නැති උනත් නත්තල් සීයා ගැන හැමෝම දන්නවා. ඇත්තටම පොඩ්ඩේකුට බලන්න දෙන්න වටිනා කියන කතාවක්. මම උපසිරැසිය කරන විට වග බලාගත්තා පොඩි දරුවෙකුගේ උනත් හිත දූෂණය නොවෙන ආකාරයට වචන හසුරවන්න. මෙහි හඬ දායකත්වයෙන් අපි දන්න සුප්‍රසිද්ධ නළුවෝ කිහිප පොළක්ම දායක වෙලා තියනවා. Chris Phine, Hugh Jackman, Jude Law සහ Alec Baldwin නළුවන්ගෙන් සහ Peter Ramsey ගේ අධ්‍යක්ෂණයෙන් මෙය පසු අද අපේ රස වින්දනය සඳහා ලැබිල තියෙනවා.

එහෙනම් මම මේ ලස්සන කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් ඔයාලට ආරම්භයක් ලබා ගන්න.

ළමා ලෝකේ කියන එක රැඳිලා තියෙන්නේ එයාලගේ අහිංසක බලාපොරොත්තු, සිහින සහ සිතුම් පැතුම් වලින්. ඉතින් එයාලගේ හිත් මේ විදිහට ආරක්ෂා කර ගන්න එයාලගේ හිතට බිය කියන නපුරට ඇතුළු වෙන්න නොදී එයාලව ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා එයාලා තමයි “ආරක්ෂකයන්” (Guardians) කියලා හඳුන් වන්නේ. එයාල ගැන තමයි මම කලින් කිව්වේ. මේ පිරිස මේ රාජකාරියට පත් කරන්නේ සඳ මත සිටින මිනිසා එහෙම නැතිනම් සඳ. ඉතින් මේ අතරේ වෙනම කෙනෙක් ඉන්නවා “ජැක් ෆ්‍රොස්ට්” කියලා එයා එයාගේ නම විතරක් දන්න, එයාගේ වැඩේ එයාවත් දන්නේ නැති කෙනෙක්. එයා තමා මේ ලෝකෙට ශීත ඍතුව ගෙන එන්නේ. එය එයාට ලැබුණ බලයෙන් කරන්නේ විනෝද වෙන එක. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලගේ පරණ සතුරෙක්, එහෙම නැතිනම් කලින් මේ ආරක්ෂකයෝ එකතු වෙලා හිර කරන ලද සතුරෙක් එනවා තවත් බලගතු වෙලා. එයාගේ රාජකාරිය තමයි පුංචි දරුවන්ගේ හිතට බිය ඇතුල් කිරීම. මේ හැම කෙනෙක් ගැනම දරුවන් විශ්වාසය තබන තරමට ඔවුන්ගේ ශක්තිය බලය වැඩි වෙනවා. මේ සැරේ එන මේ සතුරා තමයි “බූගි” මිනිසා කියන්නේ. මෙයාගේ බලයේ වැඩි කමට මේ සැරේ සඳ මත සිටින මිනිසා තව ආරක්ෂකයෙක් පත් කරනවා දරුවන්ව බියෙන් ආරක්ෂා කර ගන්න. බලමු එහෙනම් මේ “බූගි” මිනිසා මේ සැරේ ඇවිත් දරුවන්ගේ මල් හිත්වලට කොච්චර හානියක් කරාවිද කියලා, ඒ වගේම මේ ආරක්ෂකයන් මේ සඳහා ගන්න පියවර මොකද්ද කියලත්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින ලෙසට. එහෙනම් හැමදෙනෙකුටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,110 downloadsDownload Rise.of_.the_.Guardians.2012.rar141 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,110 downloadsDownload Subtitles141 KB

91 comments

  1. ranga

    patta machan danma banawa Thnxxzzzz

  2. chandima

    Thnxxxxx maxxaa machan denakm unne film aka download karagena :)

  3. lasidu

    නියමයි සහෝ අනිවා බානවා .. ඇනිමේෂන් නම් අතාරින්නෙ නෑ නේ අපි :)

  4. quik

    thanks

  5. Budditha

    හොඳ වෙලාවට මේක ඩවුන්ලෝඩ් වෙන්න දාල තිබුනේ.. මොකද මේ දවස් වල මැක් එකේ හැපී මීල් එකට දෙන්නේ Rise of the Guardians Characters! ඒක දැකලා තමයි බලන්න හිතුනේ.. බොහොම ස්තුතියි!

  6. vass

    supiri macho patta akaka wagey api dwn wenna damma

  7. chamath cafe

    ලොවෙත් නෑ මේවා තමා ඕනේ...මැක්සා

  8. ccnp

    Thanks

  9. tharanga

    බොහොම පින් මචං මේ වගේ ඒවාට සබ් දෙන එකට..දිගටම වැඩේ කරමු :)

  10. Bandula

    maru maru macho

  11. chami

    thnxz so much

  12. උදාර

    ලොවෙත් නැත පට්ටය දෙනකම් උන්නේ

  13. elakiri

    එලම තමා හසන්ත ඕඕන් අපිත් බාන්න දැම්ම

  14. Fernando

    download wenna damma

  15. pubudu

    thnxx bro

  16. wow

    wow...maru :)

  17. kalinga

    ජය වේවා හසන්ත..තවත් නියම ඇනිමේෂන් එකක් සබ් එක්කම ගෙනල්ල නේ. මැක්සා මමත් ඔන්න ගන්නවා,

  18. upali

    download karagena unna mediafire walin dan adama balanwa.thnxz hasanatha baiscope.lk

  19. was

    නියමයි මචෝ..උබ දෙන්නෙත් පට්ට ඒවා නේ... ඔන්න අපිත් පින් දිදී බාන්න දානවා..

  20. Dilan-

    niyamai Animation nam maxxa

  21. sidath.

    thanks machan

  22. waruna

    DOWNLOADING....... THX

  23. Eranda

    maxxa mnna mama bawa.....thnx for sub aiyaa :) :)

  24. Kibula

    thanksssssss

  25. ganidu

    එල.. මචං මම ගන්නවා.

  26. කැළුම්

    සුපිරි ෆිල්ම් එකක්..මේක දෙනකම් බලාගෙන උන්නේ

    ජයම වේවා!!!!!!!

  27. rusuru | රුසිරු

    මරු මචෝ

  28. amila

    niyamai bro

  29. g-a-n-d-u

    සබ් නම් පට්ටයි ඔයාගේ දිගටම දෙන්න හොද ෆිල්ම්ස් වලට ජය

  30. dineth

    jayama weywa

  31. fad

    maxxa wadak

  32. nilupa

    dvd rip wagey a9 v9 thx

  33. randy

    pattai ,meka enakan balagena unne ~~!
    thnksz

  34. Harsha Lahiru

    එලකිරි කොල්ලා ජයෙන් ජය

  35. eraNga

    patta machan aniwa ada rata balanwa

  36. marayagehorawa

    මේක මම සැවෝයි එකේ බැළුවා... ආයේ ඉතිං කියන්න දෙයක් නැහැ නියම ෆිල්ම් එක. බය නැතිව බාගෙන බැලියැකි... ළමයින්ටනං සුපිරි...

  37. Chami.S

    Thanks!!

  38. thisan

    thx bro

  39. මැක්ස්

    නියමයි සහෝ...keep it up

  40. චමිඳු සඳකැලුම් (චමියා)

    api kawadada animation atha ariye... niyamai... blue ray eka aapu gaman apith ganno...!!!

  41. jeewantha

    patta saho digatama subs denna math banna damma

  42. Isuru Mahindarathna

    මේකනම් පට්ට වගෙ, බලමු. සබට තෑන්ක්ස්!!!!!

  43. dm

    godak godak thanks.බොහොම පින්

  44. සමීර කරුණාරත්න

    සුපිරි දෙනකම් බලාගෙන හිටියෙ, ගොඩක් ස්තුතියි.

  45. නලියා

    නියමයි හසන්ත සහෝ..
    මෙක වැටෙන්නේ කොයි වේලේද කියලා බලන් උන්නේ

    ජය වේවා..!

  46. සචිත උදාර

    නියමයි! මේක එනකන් හිටියේ, තෑන්ක්ස් ...

  47. me

    Thanks

  48. sura

    ela kiri machan

  49. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    සයිට් එක වෙනස්වෙලාද?

  50. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අපි වගේ පොඩිහිටියන්ට ඉතින් හසන්තගේ පිහිට තමා :P :P

Load more comments