ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිර…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො.
මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු නම් නැතිව ඇති. නමුත් මේ චිත්‍රපටිය නම් ඉතාමත්ම හොඳ මට්ටමේ එකක් කියලා නම් මට නිර්දේශ කළ හැකියි. සටන් ජවනිකා වලින් අඩුවක් නෑ අවසානය වෙනකල්ම. කාලෙකට පස්සේ දැකපු හොඳ ඇක්ෂන් චිත්‍රපටයක් කියන්න පුළුවන් හොලිවුඩයෙන් පිටත බිහිවුණු.
කතාව නම් වැඩිය කියන්නේ නෑ.මේ සලරුවේ සඳහන් කාලය වන විට චීනයේ ගුවන්ග්ෂෝ වරාය අසළ බලවත්ව සිටි ප්‍රධාන නැව් සමාගම් දෙකක් තියෙනවා. මේ ප්‍රදේශයේ පරිහානියට හේතු වෙලා තියෙන්නෙත් මේ සමාගම් දෙකම තමා. එයට හේතුව ඔවුන් පවත්වාගෙන යන අබිං ගුහා, සූදු පොළවල් හා වෛශ්‍යා නිවාස වැනි ක්‍රියාකාරකම්. නමුත් මෙම සමාගම් සහ ඒවා පාලනය කරන දුෂ්ට පාලකයින්ගේ විනාශය වෙනුවෙන් නැගී හිටින වීරයෙක් ගැන ගලා යන කතාවක් තියෙන්නේ.
ඔන්න ඔහොමයි කතාව. දන්නවනේ ඉතින් චයිනීස් ඇක්ෂන් චිත්‍රපටි කියපුවාම. ක්‍රියාදාම ජවනිකා වලින් නම් අඩුවක් නෑ කලින් කිව්වා වගේම. ඒ වගේම ළඟදිම අර්ධ ශතකයක් ගහන්න ලැහැස්ති වෙන, මේ නිර්මාණයටත් ගොඩක් උදවු කළ අදිත ප්‍රවීන් සහෝටත් විශේෂ ස්තූතියක් තියෙනවා. හැමදාමත් වගේම අවශ්‍ය වෙලාවෙදි උදවුවට ආවට බොහොම ස්තූතියි අදිත. එහෙනම් මේ නිර්මාණයත් රසවිඳියි කියලා හිතනවා. යන ගමන් අදහස් උදහස් එහෙම තියේ නම් සඳහන් කරන්න.එහෙනම් ආයුබෝවන්!
1d8cfc8813aac13d71a3029856a350220f9a43d9 b4cda7c275d5be79a3b6800036cfb8f610d718df ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,045 downloadsDownload 201506060646baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
30 comments
VIDEOS|9
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Nishantha
Ane saho, Bara adu Copy ekak nadda???
Ranuka
patta . jaya wewa....Machan supiri THRILLER movie ekak dennako.... thnks bro..
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ඔබලාට ජය...Hansi Rukshika
අයියේ ඔයාලට පුලුවන් නම් අපිට ROGUE(2007) කියන චිත්‍රපටිය ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මේක HORROR THRILLER වර්ගයට අයත් AUSTRALIAN චිත්‍රපටියක් අනික මේකේ ප්‍රධාන චරිත අතර SAM WASHINTON හා RADHA MITCHEL යන සුපිරි අයත් ඉන්නවා වඩාත් වැදගත් දෙය නම් මෙය බිහිසුණු කිඹුලෙකුගේ කතාවක් අනික AUSTRALIA වලින් බිහිවුනු හොදම CROCADILE චිත්‍රපටිය මෙය කියලත් කියවෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න ඔය දෙන්නට පින්
bobby
Thank you Bro.
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට ………………..
hasintha
patta me wage sfilm tikak danawanam thanx
meka niyamaiDarahana
Supiriy saho..
melan sriwantha
niyamai mchan....thanks...meeta wada podi size 1k thibunanam tawath supiri
Dilshan
thank"s you
Dinuka
thanks sub ekata.
sanandreas dennakooKulanjana Maduranga
niayamai…patta filumaki..podi awlakata thiyenne copya loku wadi 1ka.thanks ADITHA & RAVINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……
samee
Niymai. Balanna watina ekak wage. Thankz brothers
Jack
නියමයි මචන්.
දෙන්නටම බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Asiri
thanks bro
vikum
kasunum(thanks) jaya wewa..!!!!
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
ඇයි බන් මගේ නම දාලා තියෙන්නේ ?
උඹනේ සබ් එකම කළේ .
ස්තුතියි සබට !
පට්ට ක්‍රියාදාම චිත්‍රපටයක් .
හැමෝම බලන්න .kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!madushan
thanks bro ! :D
bee
tnx mchn jaya wewa
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා. ;-)
ජය වේවා. ! :-D“චූටී මල්ලි”
tnx
shavika
Sub aka Wada Nane ??
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයbmsara
aiyoooo subtitle download kranna baneee err watenawaaaaa
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Anonymous
720p sub hari [1080p walata waradee]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි ඔබට..... ජය ...!!!!