Watch Trailer

Jane Eyre (2011) with Sinhala Subtitles | ඔබ නිසාමැයි [සිංහල උපසිරැසි සමඟ]

ඔලිවර් ට්විස්ට්ගෙන් පස්සේ තවත් සිනමා නිර්මාණයක් අරන් එන්න සිද්දවුනා කිව්වොත් වඩා නිවැරැදියි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යයය විෂය නිර්දේශය වෙනස්වුනු ආරංචිය ප්‍රධාන කාරණේ උනත් බයිස්කෝප් සගයින්ට යමක් සිංහලෙන්ම දෙන්න ඕනැයි කියන අදහසත් හිතේ හැමදාම තිබුණා. ඒවගේම මුලින් කියපු ප්‍රධාන කාරණේ නිසාම පෙළක්…

ඔලිවර් ට්විස්ට්ගෙන් පස්සේ තවත් සිනමා නිර්මාණයක් අරන් එන්න සිද්දවුනා කිව්වොත් වඩා නිවැරැදියි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යයය විෂය නිර්දේශය වෙනස්වුනු ආරංචිය ප්‍රධාන කාරණේ උනත් බයිස්කෝප් සගයින්ට යමක් සිංහලෙන්ම දෙන්න ඕනැයි කියන අදහසත් හිතේ හැමදාම තිබුණා. ඒවගේම මුලින් කියපු ප්‍රධාන කාරණේ නිසාම පෙළක් අයට මේක නීරස වෙන්නත් පුළුවන්. හැබැයි විශේෂයන්ම කියන්න ඕන විෂයය හදාරන දරුවන්ට නම් මේ චිත්‍රපටය ඉතාම ප්‍රයෝජනයි. ඒ අය වෙනුවෙන් ඉංග්‍රීසි උපසිරැසිත් ටොරන්ට් එකේම තියනවා. දෙවැනි වතාවට ඉංග්‍රීසියෙනුත් බැලුවොත් පාඩුවෙන එකක් නං නෑ.

2011 වසරේ මෑතදී නිකුත් වුන සිනමා නිර්මාණයක් වුනත් දීල තියෙන ටොරන්ට් සහ චිත්‍රපටයේ පිටපත ගුණාත්මකභාවය (Quality), විභේදනය (Resolution), සහ වාහකයන් (Seeders) අතින් පොහොසත්. උපසිරැසි වල ගුණාත්මකභාවය තීරණය කරන එක නම් ප්‍රේක්ෂක ඔබට භාරයි.

Jane Eyre (ජේන් අයර්) කියන්නේ කියන ඉංග්‍රීසි සාහිත්‍ය ශුරීනියක් වුන Charlotte Brontë විසින්, Currer Bell කියන අන්වර්ථ නාමයෙන් ලියැවුනු අසහාය නවකතාවක්. මේ නවකතාවේ මුල් ප්‍රකාශනය වෙලා තියෙන්නේ 1847 වගේ කාල වකවානුවකදීයි. සමාජ විවරණයක්, සාහිත්‍ය විවරණයක්, වගේම චරිත විග්‍රහයක් කෙරෙන මේ ග්‍රන්ථයෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ළමා වියේ සිටම ආදරය සොයමින් උමතුවුනු ජේන් එලියට් හුදෙකලාවම පරිපුර්ණ ජීවිතයක් සොයමින් සිටින චරිතයක්. වයසින් වැඩිවෙනවාත් සමගම මනුෂ්‍ය ජීවිතයේ තිබෙන දුෂ්කර බව වටහාගන්නා ජේන්, දෙවියන් කෙරෙහි අපරිමිත භක්තියක් වගේම ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න හුරු වෙනවා. මෙබඳු තේමාවක් රැගත් මේ නවකතාව රසවත් සිද්දීන් දාමයක් එක්ක රචනා වෙලා තියනවා.

නවකතාවේ එන සියලුම සිදුවීම් තිර රචනය වෙලා නැතිවුනත් Jane Eyre (2011) කියන්නේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් බව නරඹන ඔබට වැටහේවි. Cary Joji Fukunaga කියන අධ්‍යක්ෂකවරයා විසින් නිමැවුනු මේ චිත්‍රපටියේ ජේන් චරිතයට පණපොවන්නේ Mia Wasikowska කියන ඕස්ට්‍රේලියානු රංගන ශිල්පීනිය. නවකතාවේ නවතම අනුවාදනයක් වෙන මේ සිනමා නිර්මාණය මේ වෙනවිට Box office වාර්තා ප්‍රවර්ග 2කම දෙවැනි තැන දිනාගන්න සමත් වෙලා තියනවා. චිත්‍රපටය පුරාවටම අපූරු සිනමාන්තික අත්දැකීමක් සහ චමත්කාරජනක කතන්දරයත් ප්‍රවීන අධ්‍යක්ෂණයකට බඳුන්වුන සිනමයාන්ත්‍රණයත් සිත්බඳින සුළුයි. මේ කිසිත් නැතත් මෙගාබයිට් 750කින් අතිපැහැදිලි රූපරාමු පෙළක් ලැබීමම මේ චිත්‍රපටය නරඹන්න ප්‍රමාණවත් කියල හිතනවා.

හුදෙක්ම යමක් ඉගෙනගන්න හිතාගෙන කරපු උපසිරැසි නිසා වාග් අනුකූලනය, ගැලැපුම වගේ දේවල්වල අඩුපාඩු ඇතොත් පෙන්වලා දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. උපසිරැසි පරිවර්තනයට උදව්වුන තේජා සේනානායක සොයුරියටත්, සෝදුපත් බලපු එමීර් රාජ්‍යයේ ‘චමරියේ’ සහෝදරයින්ටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන. තවත් උපසිරැසි පරිවර්තනයකින් හමුවෙමු.

ස්තුතියි!

ප.ලි : ඔහෙලගෙ ඕනෑම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මේ උපසිරැසි පරිවර්තනය අවසරයක් නැතුව උනත් පාවිච්චි කරාට, සංස්කරණය කරාට කමක් නෑ හරිය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දිම සේනාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/03/01

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

105 comments

  1. chathurabuddi

    1st

  2. chamila

    thanks...... :)

  3. Djwathila

    Thanks මචෝ......

  4. කේ. යූ. ජී. උදාර

    සිංහල සබ් එක්ක වෙනස්ම තාලෙක ෆිල්ම් එකක් අරගෙන ආවට බොහොම ස්තූතියි. 455mb කොපියක් දුන්න එකත් ලොකු දෙයක්.

  5. anurudda

    thanks……

  6. විකියා

    මැක්සා...බොහොමත්ම තුති... සහෝ... :)

    ජයෙන් ජය~!

  7. නිෂූ

    ටික දවසකින් මේ පැත්තේ ආවේ !
    සාහිත්‍යයට ට්කක් බරයි වගේ නේ ද ?
    එහෙනම් එළකිරි ! බාන්න දැම්මා !
    බොහෝම ස්තුතියි ! ජයවේවා !

  8. CD

    මේක හොඳ ෆිල්ම් එකක් කියල යාලුවෙක් කිව්වා. ෆිල්ම් එක තියෙනවා. උපසිරසි වලට ස්තුතියි.

  9. AL1717

    Thanks Machanaan
    Sinhala Sub Hadanna Mahansi Una Hemotama
    Mage Pranamaya..

    Jaya WEwaaa

  10. රාම් රාජ්

    ස්තූතියි‍.මේ වෙන මහන්සියට

  11. M.D.A Pradeep (අමිල මනනදේව)

    මේකත් දෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
    ගොඩාක් ස්තුතියි සහෝ....
    ජය වේවා!!

  12. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    Thanx saho. aniva banawa.. jaya wewa..

  13. Saranga

    ගොඩක්‌ ස්තුතියි සහෝදරයා.මේක මම ලග තියෙන කොපි 1 ට ගැලපෙයිද දන්නේ නෑ.ජය වේවා.

  14. DiN3sH

    හොඳ කථාවක් වගේ. බලන්න ආස හිතෙනවා. චිත්‍රපටය ගැන හොඳ විස්තරයක් වගේම සබ් ලබාදීම ගැන රන්දිම සොහොයුරාට ගොඩක් ස්තූතියි! සුභ පතනවා!

  15. Tharanga Darshana Ekanayaka

    එළකිරි.....
    තැන්ක්ස් වේවා........
    ඔන්න බාන්න දැම්මා.......:D

  16. Praneeth

    සිංහල සබ් වලට ගොඩක් ස්තුතියි, මේ වගේ එකක් සිංහල සබ් නැතුව තේරුම් ගන්න අමාරුයි! මේ වගේ හොද නිර්මාණ වලට
    සබ් දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි.

    රන්දිම සහෝදරයට ගොඩක් ස්තූතියි!

  17. Shashi Fernando

    එළ, එලා, මෙන්න ගින්දර ෆිල්ම්ස්. ගින්දර බ්රෝ... තැන්ක්ස්. දැන්ම බාගන්නවා.

  18. ish

    oda wadak machn...

  19. ish

    hoda wadak machn...

  20. indika

    Thanks for film

  21. Koliya Harshanath

    thanx :) :)

  22. Air Bender

    ela machan,,,,Thaaankz 4 da sinhala sub,,,,,gud job,,,,,,

  23. chathurabuddi

    සබ් එක සුපිරි. 10/10ක් දෙනවා.

  24. චතුරංග රූපසිංහ

    ස්තූතියි මිත්‍රයා

  25. kusan

    ela machoooo.....nice worck

  26. Malith

    Thank you macho
    meke 455MB copye english sub eka thiyenawada

  27. me

    thanks

  28. ඉසුරු

    මට මේක අමතක වෙලයි තිබුණේ, ගොඩක් ස්තුතියි යාළුවා ෆිල්ම් ඒක සබ් එක්කම දුන්නට :)

  29. Ameera..

    Thanks machan wenas wenas film walata sub dana eka godak hodai.....

  30. හේමාල්

    FILM KA THIYNAWA.SUB WALATA THANK YOU BROTHER !!

  31. dinnu

    mamath hodata rasa vidapu nawa katawak tamai meka.balamu potata wada monawada wenas wela tyenne kiyala.bohoma stuie saho sub ekkama meka dunnata.
    jayawewa!!!

  32. dj

    Oliver Twist eke sub eka ne link eka weda karanne netho aye up karanna bro

  33. dj

    Oliver Twist සබ් එක වැඩ නැ අයෙ දාන්න link එකේ අවුලක්

  34. dn

    thxxxx

  35. සනත්

    මේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ :(

  36. $uvin

    එළ Kollekne...
    ජය!! ජය!! ජය!!
    Me danma baanawa...
    තැන්ක්ස් සහෝ…

  37. රන්දිම

    @chathurabuddi, chamila, Djwathila, anurudda: Your welcome Bro

  38. රන්දිම

    @ කේ. යූ. ජී. උදාර, විකියා, නිෂු, CD, AL1717,: බොහොම ස්තුතියි :)

  39. රන්දිම

    @රාම් රාජ්, අමිල මනනදේව, ධනා, DiN3sH, Tharanga Darshana Ekanayaka, Praneeth, Shashi Fernando, ish, indika, koliya: බොහොම ස්තුතියි...!

  40. රන්දිම

    @Saranga: 2CD නම් මට e-mail එකක් දාන්න! වලට හදපු සබ් ෆයිල් 2කුත් තියනවා. බයිස්කෝප් එකේ නං ඒක අමුණලා නෑ!
    වෙන ඕනෑම කොපි එකකට සබ් ගැලපෙනවා!

  41. රන්දිම

    @Saranga: අහ්! විද්‍යුත් තැපැල් ලිපිනය මේකයි: [email protected]

  42. රන්දිම

    @Air Bender, chathurabuddi, චතුරංග රූපසිංහ, kusan, Malith, me, ඉසුරු , Ameera.., හේමාල් , dinnu,: බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාර දැක්කුවට :D

  43. රන්දිම

    @dj: සියලුම උපසිරැසි මෙතනින් බාගන්න කියන තැනින් අරගන්න. නැත්නං මෙන්න ලින්ක් එක:
    http://www.mediafire.com/?prece6y7cyrn1nl

    @සනත්: කොයි ලින්ක් එකද වැඩ නොකරන්නේ?

    @dn, $uvin: බොහොම ස්තුතියි :)

  44. ravi

    machan ,parana sub weda ne...

  45. Isuru

    hda wedak 2k ne thanks for subs.........................

  46. පිස්සු පුසා

    තැන්ක්ස් සහො.. බලන්න වටින එකක් වගේ..

  47. රන්දිම

    Isuru, පිස්සු පූසා: ස්තුතියි :)

  48. nirush D

    Ela machan... me stry 1 nam patta... sinhala sub 1 romba thanks...

  49. nila

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.