හායි. කොහොමද? හැමදාමත් වගේ මුලින්ම සමාව ඉල්ලලා කතාවට බහින්නම්. දැන් ඉතින් දිගටම ටිකක් ප්‍රමාද වෙයි. ඒත් අනිවාර්යෙන් සබ් දෙන එක නම් නතර කරන්නේ නෑ. මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරය කරන Sylvester Stallone ගේ අති විශිෂ්ටතම නිර්මාණය වන Rocky චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John G. Avildsen. ඒ ව…
හායි. කොහොමද? හැමදාමත් වගේ මුලින්ම සමාව ඉල්ලලා කතාවට බහින්නම්. දැන් ඉතින් දිගටම ටිකක් ප්‍රමාද වෙයි. ඒත් අනිවාර්යෙන් සබ් දෙන එක නම් නතර කරන්නේ නෑ. මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරය කරන Sylvester Stallone ගේ අති විශිෂ්ටතම නිර්මාණය වන Rocky චිත්‍රපටයයි.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John G. Avildsen. ඒ වගේම රචනයත් මෙයාගේ සහ Sylvester Stallone එකතුවෙලා තමයි කරලා තියෙන්නේ. කතාව ගැන විස්තරයක් කරන්නම්. රොකී කියන්නේ දුප්පත්, වැඩ කරන පංතියේ නූගත් තරුණයෙක්. එයා මුදල් උපයගන්න පුංචි පහේ චන්ඩි වැඩත් කරනවා. නමුත් හිත හොඳයි. මෙයා පොඩි ජිම් එකක බොක්සින් ගහනවා. ඉතින් මේ කාලයේ බොක්සින් ලෝක ශූරයා වෙලා ඉන්නේ ඇපොලෝ ක්‍රීඩ් කියලා කලු ජාතික පුද්ගලයෙක්. ඉතින් රොකීට අහඹූ අවස්තාවක් ලැබෙනවා. මොකද එයා පාවිච්චි කරපු නම නිසා. ඒ නම් තමයි, The Italian Stallion කියන නම. ඉතින් මං මේකට සිංහල පරිවර්තනය දුන්නේ “කඩවසම් ඉතාලි ජාතිකයා” කියන එක.මට හිතුනා මේක ගැලපෙනවා ඇති කියලා. ඉතින් වැඩි විස්තර කිවුවොත් කතාවේ තියන රසය නැතිවෙනවා. මේ කතාවෙන ජීවිතයට හොඳ පාඩමක් කියාදෙනවා. උත්සහය තියනවනම් තමන්ට උවමනා ඉලක්කය කරා හඹායන එක ඒ තරම් දෙයක් නෙවෙයි කියන එක තමා ඒ.
ඇත්තටම මේ කතාව පරණ උනාට IMDB අගය 8.1 ක ජයග්‍රාහී වාර්තාවක් පිහිටුවලා තියනවා. මේ චිත්‍රපටය හදන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් මිලියන එකක් කියලා තමා සඳහන් වෙන්නේ නමුත් ඇ.ඩො.මිලියන 225 ක ආදායමක් ලබන්න සමත් උන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තමා 1976 වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටය උනේ. ඒ වගේම තෙවතාවක් ඔස්කාර් සම්මාන දිනන්නත් සම්ත් වෙලා තියනවා. ක්‍රීඩාව හා බැඳූන චිත්‍රපට තුලින් ලොව අංක එකේ ච්ත්‍රපටය හැටියට නම් දරන්නෙත් මේකම තමයි. මේක කියන්න වචන නැති තරම් තාත්වික ඒ වගේම විශිෂ්ට අධ්‍යක්ෂණ්යක්.
එහෙනම් අනිවාර්යෙන් මේක බලන්න. බලලා comment එකකුත් දාලම යන්න. අඩුපාඩු තියනවනම් ඒවා පෙන්නලා දෙන්න. ලඟදිම හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Rocky (1976) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
1,227 downloadsDownload Rocky-1976.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
22 comments
wicky
තිසල්
මෙක තාම බලලා නැනෙ දැන් බලන්න පුලුවන් සබ් එක්කම තැන්ක්ස් ම්අචන්
නිරෝෂ්
බොහොම ස්තුතියි කසුන්.අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ චිත්‍රපටියක්.රොකී සීරීස් එකටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! :)
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamika
niyamai.thanks. meeka balanna oona welaamai hitiye. mulu movie series ekama denna puluwanda?
kasun
ඔව් මචන් හදාගෙන යනගමන් ඉන්නේ. ලඟදිම එනවා.
Shamal manojan
නියමයිනේ? මේ සීරියස් ඒකට කව්රුහරි සබ් කොරනකර මම බලන් උන්නේ ගොඩ කාලෙක ඉදන්. බොහොම බොහොම බෙහාෙමත්ම ස්තූතියි. අර කිව්වත් වගේ මුල් ඒක විතරක් දීලා හරියන්නේ නෑ. ෆිල්ම් 6 ම ඔන.
Rocky - 1976
Rocky II - 1979
Rocky III - 1982
Rocky IV - 1985
Rocky V - 1990
Rocky Balboa - 2006
මේ සේරම දුන්නොත් ගොඩක් පින්......................................kasun
හරි මචන් අනිවාර්යෙන් දෙනවා. එල එල.
Mithun Wijethunga
Thanxxx
Withanage Priyantha Dayakeerthi
ලාංකික සිනමා රසිකයන්ට පොදුවේ නැරඹිය හැකි, කලකට අමතක නොවන "ස්වර්ණමය චිත්‍රපටයකට" උපසිරසි ලබාදීම පිළිබඳව ප්‍රථමයෙන්ම ඔබට ස්තුතිය පුද කරන්නෙමි! එමෙන්ම එකම වට්ටෝරු ක්‍රමයකට යන මෙම උපසිරසි කලාව වෙනුවට මෙවන්, කලාත්මක වටිනා චිත්‍රපට පමණක්ම කරන එක් සොයුරෙක් හෝ සිටිනවා නම් මේ වෙබ් අඩවියේ වටිනාකම තවත් වැඩිවේවි. (විශේෂයෙන්ම IMDb 250 තුළ ඇති චිත්‍රපට ගොනුව) ස්තුතියි!
kasun
ස්තූතියි සහෝ!
Lahiru
anit awat demu macxxxxaa film aka
Creed
Thank you man.
Mithun Sriyantha
නියම මුවී එක උපසිරැසියට තුති bro
Eranga Sandaruwan
මේක කොහොම හරි මිස් උනා. දෙවෙනි එක දලා තියෙන නිසා තමයි මෙඑක හොයලා බෑලුවෙඑ. එල. දෙකම ගන්න හදන්නේ. බෝම ස්තූතියි. 3 ටත් සබ් දෙන්න
kasun
ela.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LSM HUSKAA
ස්තූතියි සහෝ!
krishanmadusanka
tom hardy ragapana bronson 2008 film ekata sub nadda
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Rocky (1976) with Sinhala Subtitles| ජයග්‍රාහකයෙකුගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Rocky-1976.jpg)

supiri mcn