රොකී හිරේ ඉඳන් නිදහස් වෙලා ගෙදර එනවා. ගෙදර එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. ගෙදර හිටිය නංගිත් අතුරුදහන් වෙලා ගිහින්. නංගි යන තැන ගැන කාටවත්ම කියලා නැහැ. රොකී එයාට ඉන්න එකම නෑයා, ලේ බැඳීම හොයාගෙන යනවා. රොකී දන්න හැම තැනකින්ම ඇහුවත් තොරතුරක් ලැබුණෙ නැහැ. මනිමාරන්ගේ දකුණු අත වගේ ඉන්න සාමිගෙන් ඇහුවත්, සාමි ප…

රොකී හිරේ ඉඳන් නිදහස් වෙලා ගෙදර එනවා. ගෙදර එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. ගෙදර හිටිය නංගිත් අතුරුදහන් වෙලා ගිහින්. නංගි යන තැන ගැන කාටවත්ම කියලා නැහැ. රොකී එයාට ඉන්න එකම නෑයා, ලේ බැඳීම හොයාගෙන යනවා. රොකී දන්න හැම තැනකින්ම ඇහුවත් තොරතුරක් ලැබුණෙ නැහැ. මනිමාරන්ගේ දකුණු අත වගේ ඉන්න සාමිගෙන් ඇහුවත්, සාමි පවා දැනගෙන හිටියෙ නැහැ. රොකීගේ නංගි, අමුදා ඉන්න තැනක් දැනගත්තා නම්, රොකී මනිමාරන්ට කරපු දේට මනිමාරන් අමුදාව මරලා ඇති කියලයි සාමි කිව්වෙ. රොකීගේ අම්මව මනිමාරන්ගේ පුතා අවුරුදු ගණනකට කලින් මරලා දානවා. ඒ වෙද්දි රොකී, මනිමාරන්ගේ ලඟ වැඩ කරපු කෙනෙක්. කොහොම වුණත් දැන් මනිමාරන්ගේ කල්ලිය රොකීව මරන්න පස්සෙන් පන්නනවා. රොකීට මේ දේවල් සමාදානව විසඳගන්න උවමනා වෙලා තිබුණා. රොකී මේ දේවල් නතර කරමු කිව්වත් මනිමාරන් රොකීව අතාරින්න නැහැ කියලා තේරුම් ගියා. රොකී තවදුරටත් පැනලා නොයා, විරුද්ධව සටන් කරන්න ලැහැස්ති වෙලා වුණා. රොකීට නංගිව හොයාගන්න පුළුවන් වේවිද? රොකී, මනිමාරන්ට කරපු දේ මොකක්ද? එයාගේ අම්මා මැරුවෙ කවුද? මනිමාරන්ගේ කල්ලි රොකීව මරන්න පස්සෙන් පන්නන්නෙ ඇයි?
මේක ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය චිත්‍රපටයක්. සමහර දර්ශන වල කුරිරු සාහසික බව, ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන ඇතුලත් වෙනවා. ඒ වගේ දර්ශන බලන්න බැරි අය/ අකමැති අය බලන්න එපා. ඒ වගේම මේක Non-linear චිත්‍රපටයක්. ඒ කියන්නෙ මේ කතාව එක දිගට ගලාගෙන යන්නෙ නැහැ. කොහොම වුණත් මේකේ ප්‍රචණ්ඩත්වය විතරක්ම නෙවෙයි, ඒ එක්කම හැඟීම් මුසු කතාවක් ගලාගෙන යනවා.
වීඩියෝ පිටපත ලබාගැනීමේ අපහසුතාවයන් නිසා ඒ වගේ සාහසික දර්ශන ඇතුලත් පිටපත ලබාගන්න බැරි වෙනවා. මේ උපසිරැසිය ලබා දෙන්නේ ඒ දර්ශන ඉවත් කරපු පිටපතකටයි. ඉදිරියේදී ඒ දර්ශන ඇතුලත්, සංස්කරණය නොකල පිටපත ලබා ගැනීමට හැකියාවක් ලැබුණොතින් ඒ පිටපතට උපසිරැසිය යාවත්කාලීන කරන්න පුළුවන්. මේ උපසිරැසිය ලබාදුන් පිතපතේ කාලය විනාඩි 120ක්.(2:00:21)
රොකී ලෙස වසන්ත් රවී සහ මනිමාරන් ලෙස බාරදිරාජාගේ රංගනය විශිෂ්ඨ ආකාරයෙන් ලබා දීලා තියෙනවා. ඒ හැරුණම රෝහිනී, රවීනා රවී යන අයද කැපී පෙනෙන චරිත ඉදිරිපත් කරනවා. වෙනත් නවක මුහුණු කිහිපයක් සුළු චරිත විදියට ඉඳහිට දකින්න පුළුවන්. වසන්ත් රවී මීට පෙරදී Taramani (2018) චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වුණා. බාරදිරාජා ප්‍රසිද්ධ, කුසලතා පිරි අධ්‍යක්ෂක වරයෙක්. Pathinaaru Vayathinile (1977), Kizhake Pogum Rail (1978), Sigappu Rojakal (1978) ආදී චිත්‍රපටවලින් පටන් ගෙන චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරනු ලැබුවා. මෑත කාලීනව අධ්‍යක්ෂණයෙන් බැහැර වී රඟපෑමේ නිරත වී සිටිනවා. මේ වසරේ තිරගත වූ Thiruchitrambalam (2022) චිත්‍රපටයේදීද ඔහුව දැකගැනීමට හැකිවුණා.
මෙහි සමහර දර්ශන ‘සින්ගල් ටේක්’ ආකාරයට රූගත කරලා තියෙනවා. ඒ අතර සටන් ජවනිකාවක් ද ඇතුලත්. එව් වගේම බලාපොරොත්තු නොවූ අද්විතීය අවසන් ජවනිකාවක් දකින්න පුළුවන්. ඒ වගේම සිනමාකරණය, සංගීතය ගැනත් අගය කරන්න ඕන. මෙයට දර්බුක ශිවා විසින් සංගීතය සපයා තිබෙනවා. මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන බේරුවල, බාබේරියන් දූපතේදී රූගත කර තිබෙනවා. මේ දූපතේ බේරුවල ප්‍රදීපාගාරය පිහිටා තිබෙනවා. ගොඩක් වෙලාවට ඉන්දියානු චිත්‍රපට රූගත කිරීමකදී සාමකාමී වටපිටාවක් තියෙන රටකට ගිහින් රූගත කිරීම් කරනවා. ඒ විදියට ලංකාවට ඇවිත් රූගත කරපු ඉන්දියානු චිත්‍රපටි ඕනෑ තරම් තියෙනවා. අරුන් මාතේශ්වරන් ඔහුගේ චිත්‍රපටවලින් අමු අමුවේ ඝාතන, ලේ වැගිරීම්, ප්‍රචණ්ඩත්වය මිශ්‍ර අත්දැකීමක් විඳින්නට සලස්වනවා. අරුන්ට කලින් මේ ආකාරයේ දර්ශන සහිත චිත්‍රපට වලට නමක් හිමි අධ්‍යක්ෂක වරයෙක් වූයේ බලායි. බාලාගේ චිත්‍රපටිවලදී මොළය, බඩවැල්, හදවත, අක්මාව ආදී ශරීරාංග බාලාගේ හිතේ හැටියට එලියට අරගෙන පෙන්වනවා දකින්න පුළුවන්.
රොකී, අරුන් මාතේශ්වරන්ගේ මංගල සිනමා අධ්‍යක්ෂණයයි. ඒ වගේම මෙහි කතාව රචනා කරන්නෙත් අරුන් විසින්මයි. ඔහු විසින් මීට පෙරදී Irudhi Suttru (2016) චිත්‍රපටයේ කතාව රචනා කරනු ලැබුවා. මේ රොකී චිත්‍රපටයෙන් පසුව Saani Kaayidham (2022) චිත්‍රපටය ද රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ලේ වැගිරීම්, කැපිලි කෙටිලි තියෙන මේ චිත්‍රපටයටත් ඉහල ප්‍රතිචාර හිමි වුණා. ඒ වගේම පැමිණීමට නියමිත Captain Miller චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ මොහු විසින්. කැප්ටන් මිලර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ධනුෂ් විසින් රඟ දක්වනවා. ඇත්තටම කැප්ටන් මිලර් කියන්නේ LTTE මරාගෙන මැරෙන ත්‍රස්තවාදී නායකයෙක්. ත්‍රස්තවාදීයාගේ නමට කතාව එක්ක සම්බන්ධයක් නැතුව ඇති කියලා ගොඩක් දුරට හිතනවා. මේ චිත්‍රපටය දැන් විශාල ව්‍යාපෘතියක් විදිහට නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් දෙමළ, තෙළිඟු, මලයාලම්, හින්දි නළු නිළියන් සම්බන්ධ වෙනවා. කොහොම වුණත් ඉස්සරහට බලාගන්න පුළුවන්.
පසුගිය වසරේ දෙසැම්බර් 23දා මේ චිත්‍රපටය නිකුත් වුණා. රෞඩි පික්චර්ස් බැනරය යටතේ විග්නේෂ් & නයන්තාරා යුගල බෙදාහැරීම කරනු ලැබුවා. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින්, ආදායම් ලබමින් දින 50 පසුකර තිරගත වුණා. ලබාගත් ආදායම කොච්චරක්ද කියලා නිශ්චිතව සඳහන් වෙලා නැතත්, ආදායම් අනුව සාර්ථකත්වයක් හිමි කරගෙන තියෙනවා. ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම් පිරි දර්ශන නිසාම OTT ප්ලැට්ෆෝර්ම් එකකට දෙන එක ගැන ගැටලුවක් වෙලා තිබුණා. කොහොම වුණත් Astro TV හරහා අප්‍රේල් මාසයේදී රොකී අන්තර්ජාලයට මුදා හැරෙනවා. Imdb අගය කිරීම 7.9/10ක්. TOI අගය කිරීම 4/5ක්. තවත් විචාරකයන්ගේ ඉහල ප්‍රතිචාර වගේම ප්‍රශංසා මෙයට හිමි වුණා. අරුන්ට අධ්‍යක්ෂක වරුන්ගේද ප්‍රසංසා හිමි වුණා. ඒ වගේම රොකී චිත්‍රපටය විශේෂ දර්ශනයක් මඟින් නැරඹූ සුපිරි තරුව රජිණිකාන්ත් රොකී චිත්‍රපට කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබුණා. බාරදිරාජා හා වසන්ත් රවීව ඔහුගේ නිවෙසට ගෙන්වා ඔවුන්ගේ ඉදිපත් කිරීම් වෙනුවෙන් ප්‍රශංසා කරා. රජිණිගේ මීලඟ චිත්‍රපටය Jailer (2023) චිත්‍රපටයෙන් වසන්ත් රවීවත් දැකගන්න පුළුවන්. රජිණි විසින් මෑතකදී නිකුත් වුණ Kantara (2022) නළු හා අධ්‍යක්ෂක රිෂාබ් ෂෙට්ටි ද ගෙන්වා, චිත්‍රපටය වෙනුවෙන් සුබ පතා ඔහුට රන් මාලයක් තිළිණ කර තිබුණා.

මේ චිත්‍රපටිය සිනමා ශාලාවලට නිකුත් වෙලා අවුරුද්දකට ආසන්න වෙන්න තියෙද්දි, මේ විදියට උපසිරැසිය අරගෙන එනවා. අනිවාර්යයෙන් බලන්න ගත්ත ගමන් කම්මැලි කමක් හිතෙන්න පුළුවන්. ඒත් දිගටම බලන්න. ඉස්සරහට බලද්දි අවසානය දකින කල් ඉවසිල්ලක් නැති වෙයි. අවසානය නම් හිතන්නෙ නැති දෙයක් තමයි වෙන්නෙ. එහෙනම් චිත්‍රපටිය අවසන් වෙනකල්ම බලන්න. අනිවාර්යයෙන්ම අතාරින්නෙ නැතිව බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් තවත් උපසිරැසියකින් පුළුවන් ඉක්මනින්ම හම්බවෙන්නම්. අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Tamil HQ HDRip පිටපත සඳහා අදාළ වේ.අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!
5,643 downloadsDownload Rocky-2021.zip3.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
30 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!shanaka
mcn meke download link aka mta pennane
Kushan
Sub akta thanks
Anonymous
දනූෂ් ලගේ ෆිල්ම් අපි ආසවෙන් බැලුවට ඔය දෙමල සුපිරි නලුවෝ ගොඩදෙනෙක් LTTE එකට පට්ටෙට සපෝට් නෙහ්
Samith
Thanks brother
Anonymous
මේකනම් කලින් බැලුවා බ්‍රෝ එනිවේ තැන්ක්ස් බ්‍රෝ
Naveen
උපසිරසියට තුති
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
Atharvaa ge aluth film eka dennko
Ssk
Vasanth ravi කියන්නේ තමන්ගේ චරිතය decent විදිහට present කරන නළුවෙක්. Best example TARAMANI. SUPIRI BRO
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥shanaka
film aka download karanna puluwan link akk danna puluwanda
P
පට්ට බීෂනයක් නේ දීල තියෙන්නේ
එල එලහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Sub eka supiri phone bhoot 2022 movie ekatath sub ekak dennko blnn asawen inn film ekak
Lahiru
Filuma nm wena subakin bluwa
anyway thanks subata
Me type ekema filumak awa keerthy sureshgethHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
indika 75
thanks..
Anonymous
A teacher 2022 sub plz(amala paul inna filumak)
රංග
නත්තල් දවසේ බලන්න හොද ෆිල්ම් ටිකක් දෙන්නකෝ බයිස්කෝප්
කාලෙකින් නිවාඩුවක් සෙට් වුනෙත්Anonymous
අලුතින් ආපු ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්නකෝ සහෝ
Naveen Mbr
අතහරින්න බැරි ඒවට තමයි උපසිරැසි දෙන්නෙ සහෝ. ලඟදි ආව සමහර ඒවා බලන එකත් කාලේ නාස්තියක්.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Pradeep Kumara
patta bn
saman
meke idx sub kohomada film ekata add karanne??????
saman
meke idx sub kohomada film ekata add karanne??????
Naveen Mbr
Zip එක Unzip කරගන්න. ඇතුලෙ idx & sub නමින් ෆයිල් දෙකක් තියෙනවා. සබ් එක වැඩ කරන්න මේ දෙකම ඕන. ඔයා වෙනම ෆෝල්ඩරයකට සබ් එක මාරු කරනව නම් ඔය ෆයිල් දෙකම ඒ ෆෝල්ඩරයටම මාරු කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් ප්ලෙයර් එකෙන් සිලෙක්ට් කරලා බලන්න තියෙන්නෙ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jack
සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rocky (2021) Sinhala Subtitles | උකුස්සෙකුගේ කතා වස්තුව… [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Rocky-2021-1.jpg)
Thanks jayawewa....!