කොහොමද හැමෝටම ! Rocky Balboa චිත්‍රපටියට තමයි මේ උපසිරැසි අරන් ආවෙ.Rocky V සබ් එක කරාට පස්සෙ කීප දෙනෙක් මේකටත් සබ් ඉල්ලලා තිබ්බා.ඉතින් ඔන්න මේකටත් සබ් එක අරන් ආවා.මේ ෆිල්ම් එක Rocky චිත්‍රපට රසිකයෙක් අනිවාරෙන් නැරඹීය යුතු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය තමයි creed චිත්‍රපටි නිර්මාණයටත් පාදක වෙන්නෙ.එහෙනම…

කොහොමද හැමෝටම ! Rocky Balboa චිත්‍රපටියට තමයි මේ උපසිරැසි අරන් ආවෙ.Rocky V සබ් එක කරාට පස්සෙ කීප දෙනෙක් මේකටත් සබ් ඉල්ලලා තිබ්බා.ඉතින් ඔන්න මේකටත් සබ් එක අරන් ආවා.මේ ෆිල්ම් එක Rocky චිත්‍රපට රසිකයෙක් අනිවාරෙන් නැරඹීය යුතු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය තමයි creed චිත්‍රපටි නිර්මාණයටත් පාදක වෙන්නෙ.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
මේ චිත්‍රපටියෙ රොකී බැල්බෝආ අවුරුදු හැටකට වඩා වයස කෙනෙක්.රොකී බොක්සින් ක්‍රීඩාවෙන් ව්ශ්‍රාම ගිහින් ගොඩක් කල්වෙනවා. අවුරුදු හතරකට කලින් රොකීගෙ බිරිද ඒඩ්‍රින් පිළිකාවක් හැදිලා මිය ගිහින්.රොකී එයාගෙ බිරිදගෙ නමින් ඉතාලි අවන්හලක් කරගෙන යමින් තමයි ජීවත් වෙන්නෙ.රොකී බිරිද නැති උන එක ගැන ගොඩක් දුකින් ඉන්නෙ.පෝලිත් රස්සාවක් කරනවා.රොකීගෙ පුතත් ඒ වෙද්දි තරුණයෙක්.ඉතින් ඔය අතර තමයි මේ වෙද්දි ලෝක ශූර මේසන් ඩික්සන් සහ රොකී බැල්බෝවාගෙ පරිඝනක සටනක් විකාශනය වෙන්නෙ.මේක යුග දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක්ගෙ සටනක්.ඉතින් මේකෙන් පස්සෙ කොහොමහරි රොකීට අපරාජිත ලෝකශූර මේසන් ඩික්සන් අභියෝග කරනවා එයා එක්ක වට 10ක සටන් ප්‍රදර්ශනයක් කරන්න.කොහොම උනත් අපි දැකපු තරුණ ජවසම්පන්න රොකී බැල්බෝආ නෙවෙයි දැන් ඉන්නෙ.මෙයා ගොඩක් දුර්වලයි.ඉතින් වයස්ගත රොකීට ඩික්සන් එක්ක සටන් පුලුවන් වෙයිද කියලා මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ කරලා තියෙන්නෙත් Sylvester Stallone. 7.1ක IMDb අගයක් ලබාගන්නත් මේ ෆිල්ම් එක සමත්වෙලා තියෙනවා. Action, Drama, Sport ඝනයට තමයි අයත් වෙන්නෙ. Sylvester Stallone, Burt Young ට අමතරව Antonio Tarver, Milo Ventimiglia, Geraldine Hughes ආදී නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.මේ ෆිල්ම් එක තිරගත කරලා තියෙන්නෙ 2006 දෙසැම්බර් වල.චිත්‍රපටිය පැයයි විනාඩි 42ක කාලයක් දිවෙනවා.මේ චිත්‍රපටියත් ඩොලර් මිලියන 156.2ක බොක්ස් ඔෆිස් ආදයම් වාර්තාවක් උසුලනවා.
ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
3,383 downloadsDownload Rocky-Balboa-2006.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
6 comments
Shamal manojan
thushararox
සීරීස් එකම බලාගෙන ඇවිත් මෙතනදි හිරවුනා සබ් නැති හින්දා, පස්සෙ ඉන්ග්ලිශ් සබ් එකක් දාගෙනම බැලුවා. දැන් අයෙ බලන්න පුළුවන්.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rocky Balboa (2006) Sinhala Subtitles | ජනතාවගේ ශූරයා රොකී බැල්බෝආ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Rocky-Balboa-2006.jpg)

ඇති යංතං Rocky collection එක සම්පුර්ණ වුණා. ස්තූතියටත් වඩා ඔබට ගොඩක් පිං.