Watch Trailer

Steel Rain (2017) Aka Gangcheolbi Sinhala Subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරසි]

මේ පාර මං උපසිරැසි අරගෙන ආවෙ 2017 වර්ෂයේ තිරගත වුන තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයකටයි..සමහරු නම් මේක බලලත් ඇති.ඒත් සිංහල උපසිරැසි නැති නිසා ටික දෙනෙක්ට මග ඇරෙන්නත් ඇති. Action, Drama, Thriller කියන වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. 2011 වර්ෂයේ පලවූ Yang Woo-suk ගේ…

මේ පාර මං උපසිරැසි අරගෙන ආවෙ 2017 වර්ෂයේ තිරගත වුන තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයකටයි..සමහරු නම් මේක බලලත් ඇති.ඒත් සිංහල උපසිරැසි නැති නිසා ටික දෙනෙක්ට මග ඇරෙන්නත් ඇති. Action, Drama, Thriller කියන වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. 2011 වර්ෂයේ පලවූ Yang Woo-suk ගේ වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිපදවුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහුමයි. Jung Woo-sung, Kwak Do-won, Lee Geung-young වගේ ජනප්‍රිය නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. Jung Woo-sung විසින් මෙයට හොඳම නළුවා සම්මානයත් හිමිකරගෙන තියෙනවා..චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.

යූම් චුල් වූ කියන්නෙ හිටපු උතුරු කොරියානු විශේෂ බලකායෙ සාමාජිකයෙක්.දවසක් මොහුව හම්බෙන්න එන ඔහුගේ හිටපු අණවෙන නිළධාරියා ඉහළ පෙලේ හමුදා නිළධාරීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැරසෙන බව පවසා ඔවුන්ව ඝාතනය කිරීමට ඔහුට අණදෙනවා..තමන්ගේ අවසාන ඉලක්කය ඝාතණය කිරීමට උත්සව අවස්ථාවකට පැමිණියත් ඔහුගේ ඉලක්කය වෙනුවට එතනට පැමිණෙන්නේ අංක 1 හෙවත් උතුරු කොරියානු නායකයා.මේ වෙලාවෙදි දකුණු කොරියාවේ තියෙන ඇමරිකානු රොකට් විදිනයකින් මෙතනට පොකුරු බෝම්බ සහිත රොකට් ප්‍රහාර දෙකක් එල්ල වෙනවා..මේ ප්‍රහාරයෙන් සිය ගණනක් දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා.මේ වෙලාවෙදි බරපතල තුවාල ලබන උතුරු කොරියානු නායකයාවත් අරගෙන යූම් දකුණු කොරියාවට එනවා.

ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට හා ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා.යුධ ප්‍රකාශ කිරීම නිසා ඇමරිකාව හා දකුණු කොරියාව පූර්ව න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම් වෙනවා.මේ වෙලාවෙදි දකුණු කොරියාවෙ ඉන්න උතුරු කොරියානු නායකයාව ඝාතණය කරන්න උතුරු කොරියානු සන්නද්ධ කණ්ඩායමකුත් එනවා..රටවල් දෙක අතර යුද්ධය නතර කරන්න යූම් සහ දකුණු කොරියානු රජයේ නිළධාරි ක්වාක් චුල් වූ දැඩි උත්සහයක් දරනවා..මෙයාලට යුද්ධය නතර කරන්න පුලුවන් වෙයිද, ඇත්තටම කුමන්ත්‍රණය දියත් කලේ කවුද කියලා නරඹලාම දැනගන්න ආරාධනා කරමින් මම සමුගන්නවා.හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න.. හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,989 downloadsDownload Steel-Rain-2017.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

6,989 downloadsDownload Subtitles58 KB

18 comments

  1. Thilina Weerasinghe

    Thanks for Subtitle....

  2. Kavinu

    තෑන්ක්ස් සබ් එකට.. පුළුවන් නම් Seven Days (2007), Ben X (2007) ෆිල්ම් දෙකට සබ් කරන්න.................
    ඇයි කවුරුත් Ben 10 ටීවී සීරිස්වලට සබ් කරන්නැත්තෙ සුපිරි සීරිස් එකක්නෙ Ben 10 (2016) සීරිස් එක විතරයි එපිසෝඩ් හතලිස් ගනන් පනස් ගනන් තියන සීසන් තියෙන්නෙ ඊට කලින් ආපු Ben 10 ටීවී සීරිස්වල එක සීසන් එකක එපිසෝඩ් 10යි නැත්තං 13යි
    Ben 10 (2005 TV series)
    (2005–2008)

    Ben 10: Alien Force
    (2008–2010)

    Ben 10: Ultimate Alien
    (2010–2012)

    Ben 10: Omniverse
    (2012–2014)

    Ben 10 (2016 TV series)
    (2016–present)

    පුළුවන් නම් මේ Ben 10 ටීවී සීරීස්වලට සබ් කරන්නකො කවුරුහරි
    තව Ben 10 කාටූන් ෆිල්ම් එකකුත් තියනවා Ben 10: Secret of the Omnitrix (2007) කියලා ඒකටත් සබ් කරන්න

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Anonymous

    Thank .. ela..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. D.Chamara

    bohoma sthuthii

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  11. Malith Samarawickrama

    thanks bro for a sub.

  12. podda

    thanks

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  14. melinda

    thank you

  15. nilanka_baiscop

    thanks

  16. Dewadithya

    Thanks for sub!

  17. kevin D...

    Thanks...

  18. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.