Watch Trailer

Rocky Handsome (2016) with Sinhala Subtitles | ආදරය වෙනුවෙන් ගිනියම් වූ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

නොසිතූ පැතූ වෙලාවක හමුවුණු, නොසිතූ පැතූ අන්දමේ සලරුවක් අරගෙන තමයි මේ වතාවෙ එන්නෙ. A Flying Jatt චිත්‍රපටය, වෙබ් අඩවියේ පලවෙලා මිනිත්තු කීපයක් ගතවෙනකොටම සමීර චතුරංග සහෝගෙන් ෆේස්බුක් එකට පණිවිඩයක් ආවා, Rocky Handsome චිත්‍රපටයට තවම හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් ඇවිල්ලා නැහැ, පුලුවන්නම් සඳුන් ධනුෂ්ක ස…

Rocky Handsome (2016)

නොසිතූ පැතූ වෙලාවක හමුවුණු, නොසිතූ පැතූ අන්දමේ සලරුවක් අරගෙන තමයි මේ වතාවෙ එන්නෙ. A Flying Jatt චිත්‍රපටය, වෙබ් අඩවියේ පලවෙලා මිනිත්තු කීපයක් ගතවෙනකොටම සමීර චතුරංග සහෝගෙන් ෆේස්බුක් එකට පණිවිඩයක් ආවා, Rocky Handsome චිත්‍රපටයට තවම හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් ඇවිල්ලා නැහැ, පුලුවන්නම් සඳුන් ධනුෂ්ක සහොත් එක්ක එකතුවෙලා අසාලිවීමක් කරලා සබ් එක එවන්න බලන්න කියලා. ඉතින් සඳුන් ධනුෂ්ක සහෝ පළමුවෙනි පැය අසා ලියද්දී මම දෙවැනි පැය අසා ලිව්වා. අතිශය කාර්යබහුල මොහොතක වුණත් ඒ ඉල්ලීමට පිටුපාන්න තරම් ශක්තියක්, දහිරියක් තිබුණේ නැහැ. එහි ප්‍රතිපලයක් විදියට, සඳුන් ධනුෂ්ක සොහොයුරා සමගින් එක්ව, පුරා දිනකට ආසන්න කාලයක් තිස්සේ යෙදුනාවූ අතිශය බැරෑරුම් කර්තව්‍යක අවසාන ප්‍රතිපලය ලෙස, මෙම චිත්‍රපටය සඳහා නිමවූ අංග සම්පූර්ණ සිංහල උපසිරැසිය ප්‍රේක්ෂක ඔබ සැම වෙත ගෙනහැර පෑමට එසේනම් අවසරයි….   දීර්ඝ කාලයකට පසුව, බොලිවුඩයේ ක්‍රියාදාම නළුවන් අතර හිනිපෙත්තේම රජයන ක්‍රියාදාම නළුවකු වන John Abraham ප්‍රධාන රංගන භූමිකාව හොඹවන, දමිළ නිළි Shruti Haasan ගේ අයස්කාන්ත රංගන ස්වරූපයෙන් ඔපමට්ටම් වන මෙම බොලිවුඩ් ක්‍රියාදාම සිත්තම, සිනමා ශාලා ආක්‍රමණය ආරම්භ කරනුයේ මේ වර්ෂයේ මාර්තු මස 25 වනදා.එදා පටන් මේ දක්වා, බහුතරයක් වූ සිනමා ලෝලීන්ගේ කීර්ති ප්‍රසංශා මධ්‍යයේ මේ දක්වා වූ පැමිණි ගමන් මගෙහිදී, ප්‍රේක්ෂක ජනතා මනාපයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවකගේ මනාපයෙන් IMDB දර්ශකයේ 7.0 ක් වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත.2010 වර්ෂයේදී නිකුත් වූ The Man from Nowhere නම් කොරියානු සිනමාපටය ඇසුරු කොට ගනිමින්, ඉන්දියානු සම්භාව්‍යද එයට මැනවින් එක් කර නිෂ්පාදනය වුනා වූ මෙම අනගි සිත්තම, Sunny Bawra සහ Inder Bawra ගේ සුමියුරු සංගීත නාදයට, තම සුමියුරු හඬ හැකියාවෙන් වර්තමාන බොලිවුඩය දිග් විජය කළ ගායක ගායිකාවන් වන Shreya Ghoshal, Rahat Fateh Ali Khan, Sunidhi Chauhan සහ Ankit Tiwari ගේ මනෝරම්‍ය ගායන ප්‍රතිභාවෙන් අලංකෘත වූ අතිශය මියුරු ගීත සමුදායකින්තම මෙම සිත්තම තව තවත් ඔප මට්ටම් වී තිබෙනවා. කතාවේ අන්තර්ගතය කෙටියෙන් පැවසුවහොත්, පාළුව, කාන්සිය, තනිකම සිය විනෝදාංශය කරගත්, අතීතයේ සිදු වුණා වූ දරුණු සිදුවීමක් සිය සිත් පතුලේ තබාගෙන තනිවම ඒ දුකට මුහුණ දෙමින්, ජීවිතය නම් රඟ මඩලෙන් පරාජය වූ දේහධාරී තරුණයෙකු….සිය බේබදු මවගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා සමාජයෙන් කොන් වූ, පාසල් යන වියේ පසුවන කුඩා දැරියක්…..මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිය පරම ආයුධය කොට ගනිමින් පාතාල ලොව කෙරුම්කරුවා වූ අති දරුණු මිනීමරුවෙකු….මිනිස් අවයම ජාවාරම සිය ව්‍යාපාරය කරගනිමින්, නගරයේ පාලනය සියතට ගැනීමට මාන බලමින් සිටිනා, අනුකම්පා විරහිත සොහොයුරන් දෙදෙනෙකු…මේ සියළු දෙනාම විනාශකොට දමා, යහපත් නගරයක් බිහිකිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බලගැන්වූ පොලිස් නිලධාරීන්….මේ සියලුම චරිතයන් එකිනෙකා හා ගැටීමෙන් සිදුවන්නා වූ පලවිපාකයන්ට මොවුන් කෙසේ නම් මුහුණ දේවිද…තමන්ට සිදුවූ අතිශය දරුණු අකටයුත්තක් වෙනුවෙන්, අදාළ පුද්ගලයින්ගෙන් අති දරුණු අන්දමින් පළිගනිමින් පැමිණෙන මිනීමරු ඝාතන යන්ත්‍රය කවුරුන් නම් වේද…..පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ එකිනෙකට වෙනස්ම ආකරයේ හැගීම් සමුදායකින් ප්‍රේක්ෂක සිත් සතන් පුරවා, අවසාන නිමේෂයෙන් නෙත් කඳුලින් පුරවාලීමට සමත්කම් දක්වන මෙම අනගි සිත්තම නැරඹීමට සියලුම දෙනාට කෙරෙන්නා වූ ආරාධනාවත් සමගින් අදට ඔබෙන් සමුගෙන යාමට අවසරයි.තවත් රසබර සිත්තමකින් ඔබ සියලු දෙනා හමුවන තුරාවට, සියළු දෙනාටම ජයවේවා!!!

A Flying Jatt (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Rocky.Handsome.2016.Hindi.720p.HDRiP.999MB.ShAaNiG.mkv

ලබා දී ඇති උපසිරසි සියළුම HDRiP  පිටපත් සඳහා අදාළ වේ.

14,048 downloadsDownload Rocky.Handsome.2016.HDRiP_.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/sadun-sisil-e1474908432764.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට සහ “සදුන් දනුෂ්ක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

14,048 downloadsDownload Subtitles103 KB

29 comments

  1. Nchamara

    Thanks...

  2. Thiran

    meka nam patta film eka mn baluwa ayeth parak balanawa fight nm fight thanks...

  3. Thushara

    Thanx

  4. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා…

  5. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “සිසිල ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  6. Kalhara

    නියමයි සහෝ. හොද ෆිල්ම් එකක්

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  8. praneeth madu

    සුභ පැතුම්

  9. NIRO

    THNX SAHO....oyage lipya nam patta....narakada pothak liwwoth .... :)

  10. sanka

    Dishoom 2016 hdrip awoo

  11. දිල්ශාන් සචින්ත

    නියමයි අයියලා බොහොම ස්තූතියි.සබ් එකට.

  12. Udaya Fernando

    Thanks machan

  13. Bobby

    Thank you very much

  14. Kulanjana Maduranga

    niayamai…denakm balan hitapu 1k..thanks SISILA & SADUN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  15. මනෝජ්

    thank u saho

  16. ashan lankanath

    thanks

  17. Pushpa Kumara

    thanx sub ekata,,, jaya wewa

  18. Anuradha

    Tanx bro....

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. eagle

    Subata thx two guys habaatama lipiya leyapu eakkena nam sinahala mahachaarya da kohedo

  21. sandun

    mcn uptobox eken download karanna therenne na..plz kiyala dennako

  22. bs manaram

    Thankx macho

  23. deshi

    The Man from Nowhere එකේ කොපිය

  24. shasith sandaruwan

    යාලුවෙක්ගෙන් ෆිලුම හම්බවුනා. දැන් තමයි සබ් එක බාගන්නේ. මම දැනගෙන හිටියේ නෑ නේ සඳුන් අයියටයි සිසිල සහෝදරයටයි හින්දි අසා ලිවීම කරන්න පුලුවන් කියලා... නියමයි වැඩේ.. දිගටම සබ් දෙමු ආ...
    ඔබලාට ජය!

  25. Dushan

    Thanks for sub

  26. herathherath

    Thanks for sub
    සුපිරි සහො දිගටම කරගෙන යන් ජයෙන් ජය

  27. janakasameera

    thanx bro ...........

  28. Prabodha Jayakody

    Thanks...

  29. Nish

    Adarei bro