ආදරය එහෙම නැත්නම් ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා. කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ජිවිතයේ සුන්දරම අත්දැකීම කුමක්ද කියලා, ඔයාලගෙන් බොහෝ දෙනෙක් ලබා දෙන පිළිතුරු තුල අනිවාර්යෙන් ” ආදරය ” කියන වචනය අන්තර්ගත් වෙලා තියනවා. මොකද ආදරය කියන අකුරු 4 ඒ තරමටම මිහිපිට ජීවත් වෙන සෑම දෙනාට සමීප වූ පොදු දෙයක්. විශේ…

ආදරය එහෙම නැත්නම් ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා. කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ජිවිතයේ සුන්දරම අත්දැකීම කුමක්ද කියලා, ඔයාලගෙන් බොහෝ දෙනෙක් ලබා දෙන පිළිතුරු තුල අනිවාර්යෙන් ” ආදරය ” කියන වචනය අන්තර්ගත් වෙලා තියනවා. මොකද ආදරය කියන අකුරු 4 ඒ තරමටම මිහිපිට ජීවත් වෙන සෑම දෙනාට සමීප වූ පොදු දෙයක්. විශේෂයෙන්ම මිනිසාට.අපි ආදරය වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්.
මොකක් ද මේ ආදරය. කෙනෙකුට මේක ලෞකික බැඳීමක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් ජීවයේ පැවත්මට වර්ගයා බෝ කිරීමට අවශ්‍යය තව එක් දෙයක් විතරක් විදියට හදුන්වන්න පුළුවන්. තව කෙනෙක් බොහොම සරලව දෙදෙනෙකු අතර තියෙන ආදරය, සෙනෙහස විදියට මේක දකින්න පුළුවන්. මවක් සිය දරුවන් කෙරෙහි තියෙන ප්‍රේමය වඩා උතුම් විදියට තව කෙනෙක් දකින්න පුළුවන්. මේ මොනවා උනත් බොහෝමයක් ආගම්, පුද්ගලයන් විසින් ආදරය විවිධ විදියට අර්ථ දක්වලා තිබුනට ආදරයට තවමත් නිසියාකාර අර්ථ දැක්වීමක් නෑ. මොකද ආදරය ඒ තරමටම සංකීර්ණ ක්‍රියාවලියක්.
කෙටියෙන් නම් ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියල අපිට කියන්න පුළුවන්.
ඒත් ආදරයට එකම එක පොදු දෙයක් තියනවා. ඒ තමයි ජාති, ආගම්, කුල භේද, දුප්පත් පොහොසත්, කළු සුදු ආදි කිසිම හේතුවකට ආදරය සීමාකරන්නවත්, කොටු කරලා තියන්නවත් බෑ. අපි මොනවහරි දෙයක් කරන්න ගියොත් මොකක් හරි දෙයක් ඒකට හරස් වෙනවා නේද? ඒ දේට පොඩිම හරි බාධාවක් එනවා නේද? ඒ වගේම තමා ආදරයටත් මේ වගේ බාධාවන් එනවා. අපි ඒ බාධාවන් ජයගෙන ඉස්සරහට යන්න ඕන.
අපේ රටේ නම් එච්චරටම නැති උනට, ඉන්දියාවෙ මේ ජාති, ආගම්, කුල භේදය බරපතලටම තියනවා. මේ නිසා ඒ රටේ ආගමික ගැටුම් හා මිනීමැරුම් පවා සිද්ද එනවා. මොනවා උනත් අන්තිමටම කියන්න තියෙන්නෙ දෙන්නෙක් අතර අවංක ආදරයක් ඇති උනොත්, ඒ දෙන්නගෙ ආදරය මේ කිසිම දෙයකින් නවත්තන්න බෑ කියලා. මොකද ආදරය කියන්නෙ දෙන්නෙක් එකට එකතු වෙලා ජීවත් වෙන එකම විතරක් නෙමේ. දෙන්නෙක්ගෙ හදවත් දෙක එකට එකතු වෙන්නයි ඕන. එහෙම උනොත් අවංක ආදරයක් පාරජය කරන්න මේ ලෝකෙ කිසිම දේකට හැකියාවක් නෑ.
ඕන් ඔය විදියට මට නිකමට හිතුනා ආදරය ගැන කෙටිම කෙටි හැඳින්වීමක් කරලම ලිපිය පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද මෙහි සඳහන් කරලා තියන කරුණු මේ චිත්‍රපටයටත් අදාළ වෙන හින්දා.
එහෙනම් හා හා පුරා කියලා මගෙ පළවෙනි සිංහල උපසිරැසිය ඔයාලට දෙන්නයි මේ හදන්නෙ. මම බයිස්කෝප් වෙබ් අඩවියේ සේවය ලබා ගන්න පටන් අරගෙන දැනට අවුරුදු 4ක් විතර වෙනවා. පස්සෙ මටත් හිතුනා මාත් බයිස්කෝප් එක වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන කියලා. ඒකෙ ප්‍රථිපලයක් විදියට තමයි අද මේ දමිළ චිත්‍රපටියේ උපසිරැසිය ඔයාලගෙ අතට පත් වෙන්නෙ. ආහ් තව එකක්… “විමා” අයියට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නු එකට. ඒ වගේම බයිස්කෝප් අඩවියටත්. මම කියෙව්වා වැඩිද මන්දා. 😀
කතාව ගැන කියනව නම් මේක ලස්සන දමිළ ආදර කතාවක්. 2016 අගෝස්තු 26 වනදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය Thattathin Marayathu (2012) කියන මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. IMDb දර්ශකයේ 6.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට මේක සමත් වෙලා තියනවා. මේකෙ අපේ කතා නායකයා, එහෙම නැත්නම් ආදරවන්තයා වන විනොද් ගෙ චරිතයට Walter Philips හා කතා නායිකාව එහෙම නැත්නම් ආදරවන්තිය වන ආයිෂා විදියට Isha Talwar ද තම රංගනයෙන් දායක වෙනවා. ආදරය, විරහව, දුක, සතුට, හාස්‍ය හැමදේම හොදින් මේ චිත්‍රපටයෙ අන්තර්ගත වෙලා තියනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් අපේ කතා නායකයා විනෝද් කියන්නෙ වැඩිය ඉගෙනීමට උනන්දුවක් නැති කොයිවෙලාවෙ බැලුවත් තම යහළුවන් එක්ක කෙලිදොලෙන් කාලය ගත කරන හින්දු ආගමික කොල්ලෙක්. දවසක් විනෝද් තම යහළුවෙකුගේ මංගල උත්සවයට සහභාගි වෙනවා.එදා මංගල උත්සවයේදි සිදුවෙන සිදුවීමක් හේතුවෙන් විනෝද්ට හමුවෙනවා ඉස්ලාම් ආගමික කෙල්ලෙක් ආයිෂා කියලා. සිදුවීම මොකද්ද කියලා චිත්‍රපටිය බලද්දි ඔයාලට පෙනෙයි.මෙතන ඉඳන් විනෝද්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. මොකද කිව්වොත් විනෝද්ට ආයිෂා ගැන ආදරයක් ඇති වෙනවා. ප්‍රශ්නෙට හේතුව ඒක නෙමේ, හේතුව වෙන්නෙ විනොද් හින්දු ආගමික කොල්ලෙක්. ආයිෂා ඉස්ලාම් ආගමික කෙල්ලෙක්. ආයිෂාව දාගන්න විනෝද් පුදුම කට්ටක් කන්නෙ. මේ නිසා විනෝද්ට හිරේ පවා ඉන්න සිද්ද වෙනවා. හැබැයි විනෝද් මේ සේරම කරදරවල වැටෙන්නෙ ආයිෂාව ආරක්ෂා කරන්න ගිහිල්ලා. ඒ තරමටම විනෝද් ආයිෂාට ආදරය කරනවා. කොහොමින් කොහොම හරි විනෝද් තමන් වෙනුවෙන් මේ කරන දේවල් වලට ආයිෂාගෙ හිත යනවා. අන්තිමට ආයිෂා තමන්ගෙ කැමැත්ත දෙනවා විනෝද්ට. විනෝද්ගෙ ගෙදරින් නම් ආයිෂාට කැමතී. ඒත් ආයිෂගෙ ගෙදරින් තමා ඔක්කොම ප්‍රශ්න ඇති කරන්නෙ. අන්තිමටම ආයිෂාගෙ ගෙදර අය ගම අතෑරලා පිට ගමකට යන්න තීරණය කරනවා. විනෝද් මේ නිසා මොන වගේ තීරණයක් ගනීවිද? ආයිෂාගෙ ගෙදරින් මේ ආදරයට කැමැත්ත දේවිද? මේ දෙන්නට ආයි එකට එකතුවෙන්න පුලුවන් වේවිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. හැමදේම කිව්වොත් කාතාවෙන් වැඩක් නැතිවෙයි නේ.
දවස් 6ක් තිස්සෙ කොටලා කොටලා ඉවර කරපු මේ, ආදරය, විරහව, දුක, සතුට, හාස්‍ය එක්ක ගලා යන මේ ලස්සන ආදර කතාව කිසිම කම්මැලිකමකින් තොරව ඔයාලට බලන්න පුලුවන්. මේක මගේ පළවෙනි උපරැසි ගැන්වීම නිසා අඩුපාඩු එහෙම ඇති. ඒවට Sorry වෙන්න ඕන ඈ….. මේ උපසිරැසියෙ වැරදි හා අඩුපාඩු එහෙම තියනව නම් comment එකක් දාලා ඒ ගැන මාව දැනුවත් කරන්න. මොකද එතකොට මට ඊළඟ උපසිරැසිය කරද්දි ඒ දේවල් හදා ගන්න පුලුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස්, චෝදනා එහෙම තියනව නම් ඒවත් කියන්න. එහෙනම් අදට මම සමුගන්නම්. තවත් මේ වගේම උපසිරැසියකින් හමු වෙමු. ඔබ සැමට ** බුදු සරණයි ** ** ගණදෙවි පිහිටයි ** ** අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ** ** ජේසු තුමන්ගෙ පිහිටයි **
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,065 downloadsDownload Meendum-Oru-Kadhal-Kadhai-2016.Baiscopelk.com_.rar102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/AdhithyaGimhana1-e1474943224759.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ආධිත්‍ය ගිම්හාන
Subtitles
38 comments
Madusha Dulanjana
දිල්ශාන් සචින්ත
එල මචන් .සුපිරි ෆිලුමක් වගේ..බොහොම ස්තූතියි සබ් එකට.
Sisila Prasad
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ඒ වගේම පලවෙනි උපසිරසියට සුභ පතනවා.
දිගටම අපත් සමගින් උපසිරැසිකරණයේ රැඳෙවි යැයි බලාපොරොත්තු වෙනවා.
ජය!!!දිල්ශාන් සචින්ත
සුබපතනවා පලවෙනි උපසිරසි නිර්මාණයට.දිගටම සබ් දෙමු.
Adithya Gimhana
මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.උපසිරැසියට ගැළපෙන ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් ඔක්කොම ෆේස්බුක් ගිණුමට දාල තියෙන්නෙ.
ධනුෂ්ක සම්පත්
එල එල ඔහොම යන්
Adithya Gimhana
මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.උපසිරැසියට ගැළපෙන ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් ඔක්කොම ෆේස්බුක් ගිණුමට දාල තියෙන්නෙ.
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ආධිත්‍ය ගිම්හාන” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Adithya Gimhana
මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.
ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් ඔක්කොම ෆේස්බුක් ගිණුමට දාල තියෙන්නෙ.Lakmal Wanniarachi
දෙන එකක් නැහැ කියල හිතුනේ මේකට උපසිරස ගොඩක් ස්තූතියි.ජය වේවා.
buddhika
niyamai...tanx sub ekata...
sandun
thanx,puluwannam meke malayalam ekatath sub denna,mokada eke rating wadi,
Tharaka
පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Buddhika
Palaweni sub ekata suba pthum bro..niyama wedak..hmmm api weda karane ratin pita..ithin paluwa makaganne film ekak balala thama..hmm wedi kemaththak dakwanne south indian movie walata nisa aluth ekakata sub ekak denakam balagena innawa...ithin me film ekata sub dila kiyala dekka gaman thama me comment ekak demme. ..
NIK
සබ් එකටත ගොඩාක් ස්තූතියි සහෝ....
Chalana Rukshan
thnx bro..
Shnaka
elaaa sahoo..digatama sub demuuu....
Anjana Indunil
mcnla film eka download karanne kohomada???
Adithya Gimhana
පහළ තියෙන Comments ටික බලන්න සහෝ
Prabod wijesingha
Palamu sub ekata congratulation digatama karamu
isuru
thanx broo
Kulanjana Maduranga
patta tamil 1k ne...aniwa balanawa...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks GIMHANA saho..Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Lushan Kuruppu
Thank you bro!
good luck for the 1st attempt!ලහිරු ප්‍රසාද්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
nilanka caldera
ලිපිය නම් හොදට ලියලා තියෙනවා.. :) උපසිරැසට ගොඩක් මහන්සි වෙන්න ඇති නේද සහෝදරයා?? දිගටම උපසිරැස කරගෙන යන්න මං සුභපතනවා!!
Tharu
ko bin film eke link eka
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ...
ලිපියත් හොඳට ලියලා තියනවා.
තව තව සබ් කරන්න හැකියාව ලැබේවා!
දිගටම දෙමු ආ....Sajith Thilakarathne
niyamai saho sub ekata thawa denno....
sanka
maxxxxaa..jaya wewa...ela
PCVENOM
බොහොම ස්තූතියි සහෝ
Snake Raj
පළමු වන උපසිරැසි ගැන්වීමට සුභ පැතුම්!
ජය වේවා.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka Silva
Thank ypu saho
dinusha
Niyamai bro.....podi udavvak karanavako saho.....oru khadal oru modhal film eke sub eka set karala denavako bro.....
shamal
ජය වේවා....!
Nehan
Meke download keranne dirckt or torrent link ekk dapanko plz
Dammika
Uravukku Mariyaadhai 2021
මෙකේ සිංහල sub එක දෙන්නකෝ.....
Advertisement

ela