Watch Trailer

Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle | නීතිය බිඳ දැමීමට නොහැකි නම් පද්ධතිය බිඳ දමන්න… [සිංහල උපසිරැසි සමඟ]

IMDb වර්ගීකරණයට අනුව අපරාධ සහ නාට්‍ය යන වර්ගීකරණයට ඇතුලත් පැය දෙකයි මිනිත්තු දෙකක් පුරාවට දිවෙන මේ සිනමාපටය “Dan Gilroy” කියන අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට (රෝමන් ජේ ඉස්‍රයල්) ඔස්කාර් සම්මාන ලාභී “Denzel Washington” විසින් පණ පොවයි. එක් ඔස්කාර් සම්මානයකට…

IMDb වර්ගීකරණයට අනුව අපරාධ සහ නාට්‍ය යන වර්ගීකරණයට ඇතුලත් පැය දෙකයි මිනිත්තු දෙකක් පුරාවට දිවෙන මේ සිනමාපටය “Dan Gilroy” කියන අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට (රෝමන් ජේ ඉස්‍රයල්) ඔස්කාර් සම්මාන ලාභී “Denzel Washington” විසින් පණ පොවයි. එක් ඔස්කාර් සම්මානයකටත් තවත් සම්මාන උළෙල ගණනාවක සම්මාන නවයකටත් මෙම සිනමාපටය මේ වන විටත් නිර්දේශ වී අවසන්ය. ඔස්කාර් සම්මානයද ඇතුලත්ව එයින් සම්මාන හයක්ම නිර්දේශ වී ඇත්තේ “Denzel Washington” ගේ නම යටතේයි. 2017 නොවැම්බර් 17 දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමා සිත්තම මේ වන විට 6.4/10 ක IMDb අගයක් දිනාගැනීමටත් සමත් වෙලා තියෙනව.

රෝමන් ඉස්‍රයල් කියන්නෙ ලොස් ඇන්ජලීස් හී කුඩා නීති සමාගමක වැඩ කරන නීතිඥ වරයෙක්. දෙදෙනෙකුගෙන් සමන්විත එම සමාගමේ ඉස්‍රයල්ගේ කාර්යභාරය වන්නේ තිරය පිටුපස වැඩ කටයුතු, ඔවුන්ගේ විත්ති පාර්ශවයේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නිතර අවධානයෙන් සිටීම, කෙටි සටහන් පිළියෙල කිරීම වැනි දේවල් වන අතර අනෙත් පාර්ශව කරු සමාගමේ හිමිකරු වගේම ගෞරවනීය මහාචාර්යවරයෙකු වන විලියම් ජැක්සන් ගේ කාර්‍යය වන්නේ, තිරයෙන් ඉදිරිපස කටයුතු උසාවියේ පෙනීසිටීම ඒ හා සම්බන්ධ අය සමඟ ගනුදෙනු කිරීම වැනි තිරයෙන් ඉදිරිපස වැඩ කටයුතු පිළිබඳ අවධානය කිරීමයි. අවාසනාවන්ත ලෙස සමාගමේ හිමිකරු වන විලියම් හෘදයාබාධයකට ලක්ව සමාගම කඩා වැටෙන තත්වයට පැමිණෙයි. මේ අවස්ථාවේදී මේ සියල්ලේ පාලනය ජෝජ් පියර්ස් නම් විලියම් ගේ පූර්ව ශිෂ්‍යයෙකු අතට පත් වේ. රෝමන් ගේ හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගන්නා ජෝජ් රෝමන් හට ඔහුගේම සමාගමේ රැකියාවක් ලබා දීමට කටයුතු කරයි. මුලින් ජෝජ් යටතේ වැඩ කිරීමට අකමැති උවත් පසුව ඔහුගේ මූල්‍යමය තත්වයන් හේතුවෙන් රෝමන්ට ඒ අවස්ථාව අකමෙත්තෙන් උව භාරගැනීමට සිදුවේ. මේ අතර සමාන මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් තනි අරගලයක යෙදී සිටින මායා නමැති තරුණියක් සමඟ මිත්‍රත්වයක්ද ඇතිකර ගන්නා රෝමන් විවිධාකාර හැල හැප්පීම් ගොඩක් මැද තමන්ගේ සහ තම පාර්ශව කරු විලියම්ගේ විශ්වාසයක් වූ සහ ඔවුන් වසර ගණනාවක් තිස්සේ විවිධාකාර පර්යේෂණ කරමින් නිර්මාණය කරගෙන ආ අසාධාරණ ලෙස අභියාචනා ඉදිරිපත් කිරීම (අභියාචනා අවභාවිතය) නැවැත්වීමට අධිකරණ පද්ධතිය තුල නව කෙටුම්පත් සකස් කොට සමාජ ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම සඳහා නව ෆෙඩරල් කෙටුම්පත ගොනු කිරීමට සමත් වන නමුත් ඒ වන විට රෝමන්ද අවාසනාවන්ත ලෙස ඝාතකයකුගේ වෙඩි පහරකින් දිවියට සමුදී අවසන් ය. රෝමන් තම පාර්ශව කරු සහ ඔහුගේ සිහිනයක් වූ සාධාරණ විනිශ්චයක් ලබාදීමේ සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා වූ ෆෙඩරල් කෙටුම්පත සකස් කිරීමට විලියම්ගේ අභාවයෙන් පසු රෝමන් තනිව ගෙනයන අරගලය මේ සිනමා පටය හරහා නිරූපණය කරනවා. ඉතිං ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් මම දැනට නවතිනව !!! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

“අපි හැමෝම අස්ථිරභාවයේ සහ වැරදි වල ස්වරූපයන්”
ඉඩ දෙන්න අපට එකිනෙකාගේ මෝඩකම් වලට අන්යෝන්‍ය වශයෙන් සමාවගන්න
එයයි ස්වභාවධර්මයේ පළමු නීතිය”
~ රෝමන් ජේ ඉස්‍රයල් ~

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

19 comments

  1. Krishan NiShalya

    බොහොම ස්තූති sub එකට ..
    තවත් පට්ට ෆිල්ම් වලට sub කරන්න හැකියාව ලැබේවා..
    Good Luck...

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Asitha Jayasinghe

    Denzel Washington ඉන්නවා කියන්නේ සුපිරි ෆිල්ම් එකක් තමයි. නියමයි සහෝ!

  4. subodha

    Thanks Bro

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. jstar

    excellent work bro thanks a lot more

  10. SanjulaJeter

    දිගටම සබි දෙන්න .
    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. AsithaDilruwan

    ela saho thanks

  13. jagath55

    thanks

  14. lasantha liyanage

    THANK YOU

  15. Wicki

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  17. suchroxx

    Thanks Bro

  18. Nishantha

    Love actually 2003, the english teacher 2013,contracted phase 2 2015 movies walata sub denna.

    1. Nishantha

      Love actually 2003, the english teacher 2013,contracted phase 2 2015 movies walata sub denna.