Watch Trailer

Ronaldo (2015) With Sinhala Subtitles| පාපන්දුවේ නොමැකෙන රන් නාමය [සිංහල උපසිරසි සමඟ]

ළඟදි අළුතින්ම නිකුත් වුණ, ගොඩක් කට්ටිය බලන් ඉඳපු චිත්‍රපටියක් උණු උණුවෙන්ම මං දැන් අරගෙනයි ආවෙ. මේක බයිස්කෝප් වෙබ්අඩවිය සඳහා මං විසින් කරපු පළමුවෙනි උපසිරුසි නිර්මාණය. ලොව එදාමෙදාතුර බිහිවූ අති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සම්පූර්ණ ජීවිත කතාව මේ ච්ත්‍රපටියෙන් විදහා දැක්වෙ…

Ronaldo-(2015)

ළඟදි අළුතින්ම නිකුත් වුණ, ගොඩක් කට්ටිය බලන් ඉඳපු චිත්‍රපටියක් උණු උණුවෙන්ම මං දැන් අරගෙනයි ආවෙ. මේක බයිස්කෝප් වෙබ්අඩවිය සඳහා මං විසින් කරපු පළමුවෙනි උපසිරුසි නිර්මාණය. ලොව එදාමෙදාතුර බිහිවූ අති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සම්පූර්ණ ජීවිත කතාව මේ ච්ත්‍රපටියෙන් විදහා දැක්වෙනවා. රොනාල්ඩෝ, ඔහුගේ පවුලේ අය වගේම තවත් ඔහුට නොදෙවනි තරුවක් වන ලියොනල් මෙසී හා තවත් පාපන්දු තරු රැසක්ද ද මීට තම රංගන දායකත්වය ලබාදෙනවා.

ලංකාවෙ ලොකුම පාපන්දු ලෝලීන්ට නම් මේක කියවන්නත් කලින් බලන්නම හිතෙයි. එත් පාපන්දු ලෝලීන් නොවන අයටත් මේක චරිත කතාවක් විදිහට ජීවිතයට ආදර්ශයක් ගන්න ගොඩක් දේවල් තියෙන චිත්‍රපටියක්. දුප්පත්, කටුක ජීවිතයක් ගෙවමින් දුක් විඳිමින් ඉඳපු කෙනෙක් තමන්ගෙ දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් ලෝකෙම ජය ගත්ත කතාවක් නිසාම මේකෙන් චරිත කතාවක් විදිහට හැම කෙනෙක්ටම ආදර්ශයක් ගන්න පුළුවන්. රොනාල්ඩෝගෙ නම කිව්වම ලෝකෙ නොදන්න කෙනෙක් නැති තරම් වුණත් ඔහුගේ මේ ජීවිත කතාව ගැන අහුවම නම් ගොඩක් අයට පුදුම හිතේවි. දැනට මෙම චිත්‍රපටයේ IMDB අගය 6.5ක් ලෙස සටහන් වන අතර මෙය ඇන්තනී වෝකි නැමති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.

මදේරා කියලා පුංචි දූපතක ඉපදිලා දුප්පත් පවුලක හැදීලා වැඩිලා, මුල් කාලයෙදි රොනාල්ඩෝ කටුක ජීවිතයක් ගතකරලා තියෙන්නෙ. ඔහුට අවුරුදු 11ක් තරම් පොඩි වයසකදි ගෙදරින් අයින්වෙලා, තනියම වෙනත් නගරෙකට යන්න වෙලා තියෙන්නෙ පාපන්දු නිසාමයි. ඒ වගේ අඩු වයසකදි තමන් පවුලෙන් ඈත්වුණ නිසා තරමක් මානසික පීඩනයකිනුයි ඔහු මුලදි ඉඳලා තියෙන්නෙ. ඒ විදිහට දුක් වින්දත් ඔහු මුල් කාලෙ ඉඳන්ම විශේෂිත දක්ෂතාවයන් දක්වපු නිසා තමන් මුල් කාලයේදී ක්‍රීඩා කළ කණ්ඩායම් වලින් කැපීපෙනෙන ලෙස ඉස්මතු වෙමින් ඉදිරියටම ආවා. ඔහුගේ මේ අසාමාන්‍ය දක්ෂතාවයන් නිසා ඔහුට අවුරුදු 18 වෙද්දි මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සමඟ යුරෝ මිලියන 15ක වාර්තාගත ගිවිසුමක් සඳහාද ඔහුව 2003 වසරේදී තෝරාගත්තා. එම කාලයේදීම ඔහු පෘතුගාල ජාතික කණ්ඩායමටත් තෝරාගනු ලැබුවා. අවුරුදු 22 වන විට කණ්ඩායමේ නායකත්වයද ලබාගත් ඔහු තම තනි උත්සාහයෙන් පෘතුගාල කණ්ඩායම ඉදිරියට රුගෙන ආවේ මුළු කණ්ඩායමේම බර තනි අතට ගනිමින්. 2009 වසරේ සිට ඔහු රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සඳහා තෝරාගත්තේ යුරෝ මිලියන 132ක දැවැන්ත ගිවිසුමක්ද සහිතවයි. මේ වන විට තම රට වෙනුවෙන් හා තම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ඔහු ගෝල 500කට වඩා වාර්තා කොට තිබෙනවා. වර්තමානයේ සිටින අංක එකේ පාපන්දු ක්‍රීඩකයාද වන රොනාල්ඩෝ ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට වසරක් පාසා පිරිනැමෙන FIFA Ballon d’Orසම්මානය තුන් වතාවක්ම දිනාගැනීමටද සමත් වුණා.

ඔහුගේ ක්‍රීඩා ජීවිතයට අමතරව ඔහුගේ පවුල් ජීවිතය හා අනෙකුත් පෞද්ගලික විස්තරද මෙහි අන්තර්ගත වෙනවා. ඊට අමතරව ඔහුගේ තිබෙන ජනප්‍රියතාවය නිසා තම රසික රසිකාවියන් ඔහු කෙරෙහි ආකර්ෂණය වී තිබෙන හැටි, මාධ්‍යව්දීන්ගෙන් ඔහුගේ නිදහසට එල්ල වෙන බලපෑම්, තම රටේ සමහර ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වන විවේචන ගැනද මෙහි සඳහන් කොට තිබෙනවා. ඒ ගැන ඔහු දැඩි කණස්සල්ලකින් ඉන්නවා කියලා මේකෙ පෙන්නලා දීලා තියෙනවා.  (සමහර විට එගොල්ලොත් අපේ රටේ සමහර ක්‍රිකට් ප්‍රේක්ෂකයො වගේ “රටට වඩා සල්ලි වලට සෙල්ලම් ලොකුයි, රියල් මැඩ්රිඩ් වලට වදින ගෝල් පෘතුගාලෙට ගහද්දි වදින්නෙ නැත්තෙ ඇයි” වගේ ඒවා කියනවා වෙන්නත් බැරි නෑ. )

Finding Neverland (2004) on IMDb

 

 

725 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න

92BC16C53FFE3C9C0664059D4871DA1269DE030F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,517 downloadsDownload Ronaldo-2015.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/නිර්මාණ-දුලාංජල.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණ දුලාංජල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණ දුලාංජල

Subtitles

3,517 downloadsDownload Subtitles54 KB

67 comments

  1. Sajith

    Thanks for the sub............ :)

    1. NirmanaD

      welcome bro (Y)

  2. Nuraj

    Thanx bro..........keep it up the gd work...........................

    1. Nirmana Dulanjala

      Thanks saho

  3. එල්.සී.දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    පළමු උපසිරසට සුභ පැතුම් නිර්මාණ සහෝ…
    උපසිරසට ස්තුතියි ඩවුන්ලෝඩ් කරගෙන උපසිරස එනකං බලාගෙන හිටිය එකක්...
    ඔන්න දැන්මම උපසිරස ගන්නවා...
    දිගටම උපසිරස දෙමු…
    ජය…

    1. Nirmana Dulanjala

      ගොඩක්ම ස්තූතියි සහෝ. අනිවා....ගොඩක් අය බලන් ඉඳපු නිසාමයි මේකට උපසිරුසි දැම්මේ. ජයවේවා...

    2. NirmanaD

      ගොඩක්ම ස්තූතියි සහෝ. අනිවා….ගොඩක් අය බලන් ඉඳපු නිසාමයි මේකට උපසිරුසි දැම්මේ. ජයවේවා…

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. NirmanaD

      ගොඩාක් ස්තූතියි සහෝ..
      ජයවේවා……
      බුදු සරණයි.. !!!

    2. Shanz

      Bro tv akata pen aka gahala baladdi sub pennanne kotu kotu □□ penne help me

  5. Dinuka

    ela machan ...
    thanks sabata

    1. NirmanaD

      welcome saho.. (Y)

  6. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!!!!

    1. NirmanaD

      ගෙඩක් ස්තූතියි සහෝ

  7. කේ.යූ.ජී. උදාර

    මුලින් ම අතගහල තියෙන්නෙ වටිනා ම නිර්මාණයකටනේ...
    දිගට ම මේ වැඩේ කරමු. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

    1. NirmanaD

      ජයවේවා...

  8. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1. NirmanaD

      Welcome bro

  9. fireballmovies

    “ නිර්මාණ දුලාංජල” සොහොයුරාගේ Ronaldo.2015.720p.BRRip.x264.AAC-ETRG.srt සබ් ෆයිලය සදහා හොදින්ම ගැලපෙන මූවී ෆයිලය නොමිලේ ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.

  10. දිල්ෂාන් සචින්ත (සචී)

    පලමු වැඩේට සුබපැතුම් සහෝ.ඒවගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා.....බොහොම ආසාවෙන් හිටිය ෆිලුමක් ස්තූතියි සබට....ජය!!!

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි සහෝ

  11. thisal

    තැන්ක්ස් බන් දෙනකම් උන්නෙ

    1. NirmanaD

      එළ...ජයවේවා

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි නිර්මාණ සහෝ .. මමත් කැමතිම ක්‍රිඩකයෙන් තමයි අනිවා බලනවා. මෙන්න සබ ගත්තා ඒ වගේම පළමුවැනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ .. ජය වේවා !!

    1. NirmanaD

      ගොඩක්ම ස්තූතියි සහෝ. ජයවේවා

  13. pasindu

    thanks bro.................................

    1. NirmanaD

      welcome bro

  14. Randeepa

    ela machan vede digatama saba demu.magen unusum subapethum sahoo...

    1. NirmanaD

      ගොඩක්ම ස්තූතියි මචන්. ජයවේවා

  15. “චූටී මල්ලි”

    tanx mcn
    titli 2015 hindi ekata sub denna mcn

    1. NirmanaD

      balamu mchan. welawak tibbot karannam.

  16. Kulanjana Maduranga

    1st filumama supiri 1k ne.....G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIRMANA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. NirmanaD

      ගොඩක්ම ස්තූතියි සහෝ. ජයවේවා

  17. Iroshan

    digatama karahn mchnla

    1. NirmanaD

      ගොඩක්ම ස්තූතියි සහෝ. ජයවේවා

  18. Sandeep Tharaka

    Onna math dwn krnwa :D
    Thanks a Lot sub akata saho :)

  19. namesh

    Ela machoo....thx sub ekata ......patta filomak vagee baalama balamu....:-)

  20. NirmanaD

    Thanks a lot saho... Jaya wewa...

  21. me

    Thanks

    1. NirmanaD

      welcome bro

  22. KK

    ශුභ පතනවා ඔයාගෙ උත්සාහයට. ලස්සන කතාවක්. මේ වාගේම කතාවක් බැලුව අවු 10 විතර කලින් ඒකත් දුප්පත් පවුලක කොලු ගැටයෙක් පාපන්දු වලට පිස්සු වැටිලා දුක් කම් කටොලු මැදින් යන ගමනක් ගැන. අන්තිමට වනගත වෙලා ඉන්න හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු හෝයාගෙන ගිහින් ඉගන ගන්න කතාවක් ගැන. ඇත්තටම මට ඒ කතාව අයෙමත් මතකයට ආවා මේක දැක්කාම. කොහොම නමුත් මම ආයෙමත් සුබ පතනවා...!

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි සහෝ. මාත් බැලුවා ඒ 2006 ෆිල්ම් එක නම්. ඒකත් නියමයි

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. :)
    ඔබට ජය :D

    #Hail_Hydra

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි සහෝ.

  24. සනත් ශ්‍රීමාල් පෙරේරා

    පළවෙනි උපසිරස ගැන්වීමට උණුසුම් සුබ පැතුම් නිර්මාණ සහෝට...
    සාදරයෙන් පිළි ගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
    සුපිරිම චිත්‍රපටයකටනේ සබ් එක දීලා තියෙන්නේ... එළ එළ...
    උපසිරසටත් බොහෝම ස්තූතියි මචෝ....
    ආයෙත් එළකිරි බයිස්කෝප් එක්කට උපසිර එක්ක එකතු වෙමු... ජයෙන් ජය...

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි සහෝ.

  25. Demintha Surasinghe

    මේ මම කැමතිම පාපන්දු ක්‍රීඩකයා... සබට තැන්ක්ස් මචං.... පළවෙනි සබට සුභ පතනවා....

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි මචන්

  26. indika

    බොහොම ස්තුතියි.... (Y)

    1. NirmanaD

      ජය වේවා !

  27. daminda

    thanx macho sab ekata

    1. NirmanaD

      ජය වේවා !

  28. Asela Madhusanka

    Thanks machn

    1. NirmanaD

      ජය වේවා !

  29. Rajitha Suranjana

    Niyamai Mchn..Thanx Sub ekata..Digatama Karagena yanna.. (Y)
    Malingawath gawagena thiyenne anthimata ;)

    1. NirmanaD

      එළ තෑන්ක්ස් වේවා මචන්. ඔව් මාලිංගව මතක් වුනා රොනාල්ඩෝගෙ කතාව බලන් යද්දි

  30. Thilina

    Sub akata Thanks Mtc.Puluwannan Z nation Season 2 ake Ithuru tikata sub denawada tikak awilla nawathila.

    1. NirmanaD

      ස්තූතියි...සොරි සහෝ එහෙම කරන්න නම් වෙලාවක් නෑ

  31. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. NirmanaD

      ගොඩක් ස්තූතියි සහෝ.

  32. wiki

    Thanks..

    1. NirmanaD

      welcome bro

  33. kalana

    thank you very much..grt job..

  34. NirmanaD

    thanks a lot bro

  35. Shanz

    Tv ake baladdi pen aka gahala sub pennanne bro help me

  36. Thamanna

    messi best

    1. Anonymous