Watch Trailer

Sangam (1964) with Sinhala subtitles |හින්දි සිනමාවේ 31 වන ස්ථානයේ රැඳී සිටින, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ චිත්‍රපට වර්ග කිරීම් අතර 31 වන ස්ථානය ලබා සිටින, පැය තුනකට වඩා අධික ධාවන කාලයක් සහිත මිත්‍රත්වය සහ ප්‍රේමය ගැටෙන, සංවේදී කතා පුවතක් රැගත් ආන්දෝලනාත්මක හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබෙනවා මා…

මෙය හින්දි සිනමාවේ චිත්‍රපට වර්ග කිරීම් අතර 31 වන ස්ථානය ලබා සිටින, පැය තුනකට වඩා අධික ධාවන කාලයක් සහිත මිත්‍රත්වය සහ ප්‍රේමය ගැටෙන, සංවේදී  කතා පුවතක් රැගත් ආන්දෝලනාත්මක හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයත් මෙයයි. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද  ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.

එදා මෙදා තුර හින්දි සිනමාවේ ජනප්‍රියතම තුන්කොන් ආදර කතාවක් වූ මෙහි ප්‍රධාන චරිත වන්නේ රාධා, සුන්දර් සහ ගෝපාල්ය. සමීප පවුල් තුනකට අයත් මොවුන් තිදෙනා කුඩා කාලයේ සිටම හිතවත්කමෙන් බැඳී සිටී. සුන්දර් සහ ගෝපාල් දෙදෙනාම රාධාට ආදරය කළත් රාධා ආදරය කළේ නිහඬ චරිතයක් වූ ගොපාල්ටය. තම හොඳම මිතුරාවන සුන්දර්, රාධාට පණ සේ සලකා ආදරය කරනා බව දන්නා නිසා ගෝපාල්, රාධාගේ ආදරය පිළි නොගනියි. පසුව සුන්දර් ගුවන් නියමුවෙකු ලෙස සේවය කරද්දී සතුරු ප්‍රහාරයකට ලක්ව ගුවන් යානය කඩා වැටේ. සුන්දර් මියගියා සේ සලකා ගුවන් හමුදා ආචාර ද පිරිනැමේ. ඉන් පසුව ගෝපාල් සහ රාධා ආදරයෙන් බැඳී විවාහ වීමට තීරණය කරයි. ඒ අතර ගුවන් අනතුරින් මියගියා සේ සලකන ලද සුන්දර් සුවය ලබා ආපසු පැමිණේ. එතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේ ද? මෙහි දී එක් අයෙකුට මරණය අත්වේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, යන පැරණි හින්දි චිත්‍රපට හතර සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබූණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උත්සාහයයි.

1964 වර්ෂයේ තිරගත වූ මෙම “සංගම්” හින්දි චිත්‍රපටය “ෆිල්ම් ෆෙයාර්” සම්මාන හතරක් සහ වෙනත් සිනමා සම්මාන හයක් දිනා ගන්න ලදී. මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හයවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

මෙම ලින්ක් එකෙන් වීඩියෝඑක ලබාගන්න.

https://drive.google.com/file/d/0Bx_HNc-nFuscRFlCd29MWktmQkE

Sangam (1964) on IMDb

 

 

 

ඉහත පිටපත සඳහා අදාළ වේ

2,543 downloadsDownload Sangam-1964.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

2,543 downloadsDownload Subtitles54 KB

26 comments

  1. Mayura

    බොහෝම පින් සහෝදරයා... මේ වගේ ෆිල්ම් දෙන්න කවුරුත් නැහැ දැන්. දිගටම මේ මෙහෙවර කරගෙන යන්න කියලා ඉල්ලනවා. රාජේෂ් ඛන්නාගේ ෆිල්ම් තියේ නම් දෙන්න.

  2. Shammi

    thanks bro

  3. චරිත

    ආරාධනා, අභිමාන් වගේ පැරණි චිත්‍ර‍පටවලටත් පුළුවන් නම් උපසිරැසි දෙන්න.

  4. mahesh

    tnx yaluwa aniwa balana film tamai me. mama nam download wenna dala sub ekath gatta onna

  5. sanka

    ඔයා කරන මේ වැඩේ ගොඩාක් වටිනව මොකද මේ වගේ පරණ ෆිල්ම් ශොප් එකකවත් හොයාගන්න නෑ.මම ගොඩක් මේ පරණ ෆිල්ම් බලන කෙනෙක් පුලුවන්නම් Laadla
    1994 එකටත් සබ් දෙන්නකො කොහෙවත් මේක හොයන්න නෑ

  6. Kulanjana Maduranga

    niayamai…saho krn sewaya hugak watinawa...thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. පැතුමි ඉෂාර

    හමිමේ❕ ෆිලුම නමි අපේ ආචිිිිචිලාගේ කාලේ ෆිලුමක්නමි තමයි එත් මචං මේකෙ සිංදු ටික ලස්සන නිසා මටත් බලන්න වෙයි වගේ❕ එනිවේ තැන්ක්ස් මචං සබට තවත් මේ වගේ ලස්සන ඇන්ටික් ෆිලුමි වලට සබි කරන්න ආරාධනා කරනගමන්.. තවත් මේ වගේ සබිකරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❗✔ බයිස්කෝප් මංසලට ඡය❕✌

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. සංඛ සඳනුවන් (සනා)

    මේවගේ පැරණි චිත්‍රපටවල අපි නම්වත් දන්නේ නෑ. මේ වගේ චිත්‍රපටවලට සිංහල උපසිරැසි ලබාදෙන එකට බොහොම ස්තුතියි.

  10. darshi

    thanks dear

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..............
    දිගට ම මේ වගේ පරණ ඒවා ටිකක් අරන් එන්න.

  13. Withanage Priyantha

    අදහස් දක්වන සහ බාගත කරගෙන නරඹන සොයුරු සොයුරියන් සැමට ස්තූතිය පුද කරන අතර, වර්තමානයේ අපේ රටේ මාධ්‍ය සුක්කානම අතට ගෙන ඇති නව පරපුර, අප රටේ මෙවැනි චිත්‍රපට ප්‍රියකළ වැඩිහිටි ප්‍රේක්ෂක ජනතාව අමතක කිරීම ලොකු අසාධාරණයක් ලෙස මා දකින්නෙමි. මෙම වෙබ් එක තුළ ද ඒ තත්වය එසේම පවතී. අලුත් චිත්‍රපට සබ් කිරීමට "පුදුම පොරයක්" පවතින්නේ. වැඩිහිටි පිරිස චිත්‍රපට නරඹන්නට කැමති නැතුවා නොවේ, ඔවුන් රසවිඳීමට කැමති චිත්‍රපට සැපයුමක් නොමැති වීමක් තමා සිදුව ඇත්තේ. එය මා හොඳින්ම දන්නේ, මා විසින් සබ් කළ චිත්‍රපට සඳහා මා ලැබූ ඉතා සංවේදී ප්‍රතිචාර නිසායි. ඔවුන්ව සියලු රුපවාහිනී සේවා වලින් සහ සියලු උපසිරසි වෙබ්වලින් නොසලකා හැරලා. ඔවුන්ටත් ගැලපෙන චිත්‍රපටයක් ඉඳහිට හෝ ලබා දෙමු කියලා මෙම වෙබ් එකේ සිටිනා සංවේදී සොයුරු සොයුරියන්ට ආයාචනයක් කරන්නෙමු. ස්තුතියි!

  14. Shamal manojan

    මෙම උපසිරැසියට ඔබතුමන්ට බොහෝම ස්තූතියි. Mithun Chakraborty රගපාන Disco Dancer - 1982 චිත්‍රපටයට ද Rajesh Khanna රගපාන Aradhana - 1969 චිත්‍රපටයට ද උපසිරැසිය ලබාදෙන ලෙසට ඔබතුමන්ට හෝ බයිස්කෝප් අඩවියට පැරණි චිත්‍රපට වලට උපසිරැසි යොදන අයෙකුට මා අාරාධනා කරමි. මේ පිළිබදව කවුරුන් හෝ සලකා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    1. Withanage Priyantha Dayakeerthi

      ෂාමාල් වෙතට,

      ඔබ ” ආරාධනා ” පැරණි හින්දි චිත්‍රපටයට සිංහල උපසිරසි කරන්න කියල ඉල්ලීමක් කරලා තියෙනවා.
      එහෙත් එම පැරණි හින්දි චිත්‍රපටයට වෙනත් අයක් දැනට සිංහල උපසිරසි කරල තියෙන්නේ. එය DVD Shop වල තියෙනවා. එහෙම මිලදී ගත් පැරණි හින්දි චිත්‍රපට නම් මා ළඟ තියෙනවා. ඒවායේ නාමාවලිය පහත තියෙනවා. සේවයක් විදියට මට ඒවා කොපි කරල ඔයාලට එවන්න පුළුවන්. එක් සිංහල උපසිරසියක් කරන්න දින ගණනාවක් යන නිසා මම කරන්නේ එසේ කලින් නොකරපුවා විතරයි. මගේ දුරකතන අංකය 0718222697. මම ඒවා මිල දී ගත්තේ කොළඹ, කොටුව මල්වත්ත පාරේ "MV එන්ටර්ටෙයින්මන්ට්" DVD Shop එකෙන්.

      ආරාධනා, දෝස්ති, සාති, සංගම්, අල්බේලා, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී,

    2. pramoda

      මෙවැනි පැරණි චිත්‍රපට බයිස්කෝප් වෙබ් අඩවිය තුළ ඩවුන්ලෝඩ් කරගන්නා ප්‍රමාණය සංඛයාත්මකව අඩුවුවත් මෙතනින් ලබාගන්නා කොපි කීපයක් DVD තැටිවලට නඟා රට පුරාම ව්‍යාප්ත වනබව මා විසින් ප්‍රායෝගිකව දැක ඇත්තෙමි. එම නිසා පසු නොබැස මෙවැනි පැරණි චිත්‍රපට දිගටම කිරීමට ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවායයි ප්‍රර්ථනා කරන්නෙමි!

  15. Chandraratne

    Thanks for your sub -titles for "Sangam" evergreen Hindi film.

  16. poorna rm

    ela macho man oya film ekata godaak asai thankz machan

  17. Janaka

    මට මතකයි 70 දශකයේ දී "ගීත්" හින්දි චිත්‍රපටය මරදාන ක්‍රවුන් සිනමාහලේ වසර තුනකට අධික කාලයක් නොකඩවා දිනකට දර්ශන වාර 04 ක් ප්‍රදර්ශනය කළා. ඒ කලා රසිකයන් ඔක්කොම තාම මැරිලා නැහැ. ඒ වගේ රසිකයන් මේ රටේ තවම සිටිනවා කියලා අමතක නොකළ ඔබට මාගේ අවංක ගරුත්වය පුද කරනවා. ඒ වගේම මේ වෙබ් එක තුළ ඔබේ හුදෙකලා සටන (උත්සාහය) අතහරින්න එපා.

  18. kavinda

    thank you

  19. දහරා මුතු අමා

    සෑහෙන කාලෙකට පස්සේ නියම චිත්රපටියක්නේ ගෙනල්ල තියෙන්නේ.
    රාජ් කපූර් ගේ වෙනස්ම රංගනයක් තියෙන චිත්‍රපටියක්. සින්දු ටික තමයි නියම.
    හැබැයි අන්තිමට තමයි ඇඩෙන්නේ.
    නියමයි. තවත් මේ වගේ ඒවා දෙන්න.

  20. Buddhika_Kandanegedara

    ස්තුතියි ඔබේ වටිනා උත්සහය අගය කරමි.
    දිගටම මෙ වගෙ වටිනා ෆිල්ම් දෙන්න උත්සහ කරන්න..

  21. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  23. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  24. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි priyantha සහෝ උපසිරැසියට...ජයවේවා,