Watch Trailer

Ronin (1998) with Sinhala subtitles | සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! මේ වතාවෙ අරගෙන ආවෙ ටිකක් විතර අමුතු විදිහෙ ෆිල්ම් එකක්, ගොඩක් අය බලල ඇති කියල හිතනව, ප්‍රධාන චරිතය තමයි Robert De Niro, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 සැප්තැම්බර් 25වෙනිද, IMDB අගය 7.3 ලැබිල තියෙනව, අධ්‍යක්ෂණ කරල තියෙන්නෙ John Frankenheimer, ඇත්තටම සෑහෙන දු…

Ronin (1998)

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! මේ වතාවෙ අරගෙන ආවෙ ටිකක් විතර අමුතු විදිහෙ ෆිල්ම් එකක්, ගොඩක් අය බලල ඇති කියල හිතනව, ප්‍රධාන චරිතය තමයි Robert De Niro, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 සැප්තැම්බර් 25වෙනිද, IMDB අගය 7.3 ලැබිල තියෙනව, අධ්‍යක්ෂණ කරල තියෙන්නෙ John Frankenheimer, ඇත්තටම සෑහෙන දුරට සාර්ථක ෆිල්ම් එකක්, ෆිල්ම් එක රූගත කරල තියෙන්නෙ ප්‍රංශයේ, පළමු වරට තිරගත කරල තියෙන්නෙ ඇමරිකාවෙදි, කාර් රේස් එහෙම බලන්න කැමති අයට අවස්ථාවක්, ඒ වගේම කියන්න ඕනෙ මේ උපසිරැසියේ යම් අවුලක් තිබුනොත් සමාව ඉල්ලනව, මොකද මේ ෆිල්ම් එක භාෂා දෙක තුනක්ම ඇතුළත් මූවි එකක්, ඒක නිසා චුට්ටක් විතර අමරු වුනා උපසිරැසිය කරන්න…

කතාව මේ විදිහට මතක් කරන්නම්, මං කලින් කිවුවනෙ චුට්ටක් විතර අමුතු විදිහෙ ෆිල්ම් එකක් කියල, මෙහෙමයි සිද්ධ වෙන්නෙ, Robert De Niro, මෙයාට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ සෑම් කියල, ඉතින් සෑම් යනව රැකියාව හොයන්න, එයා යම් පිරිසක් ළඟට තමයි රැකියාව හොයාගෙන යන්නෙ, එයාල කට්ටිය දෙයක් පැහැර ගන්න සැලසුම් කරන අතරතුරයි සෑම්ට එයාලව හම්බ වෙන්නෙ, එතන ඉන්න කට්ටියගෙන් ගොඩක් අත් දැකීම් තියෙන්නෙ සෑම්ට විතරයි, එයාල සැලසුම් කරන්නෙ තව ධනවතුන් පිරිසක් ළඟ තියෙන කේස් එකක් පැහැර ගන්න, නමුත් එයාලට ඒ වැඩේ කරන්න ගොඩාක් දුරට අත් දැකීම් නෑ, සෑම්ට ඒ බව තේරෙනව, ඊට පස්සෙ සෑම් තමයි සැලැස්ම ඉදිරියට කරගෙන යන්නෙ, එයා සැලැස්ම සාර්ථකව අවසන් කරනව, නමුත් එයාලත් එක්ක ඉන්නව ග්‍රේගර් කියල කෙනෙක්, එයා රාජකාරි කරන්නෙ රුසියාවෙ රාජ්‍ය ආරක්ෂක අංශයෙ‍, එයා එම අංශයේ රාජකාරි කරන අතරතුරයි සැලැස්මට සම්බන්ධ වෙන්නෙ, කොහොම හරි ඉතින් සෑම්ගෙ සැලසුමට අනුව එයාල කේස් එක පැහැර ගන්නව, ඊට පස්සෙ ග්‍රේගර් එයාල හැමෝම රවට්ටල කේස් එකත් අරගෙන අතුරුදහන් වෙනව, සෑම්ට ගොඩක් දේවල් කරන්න වෙනව ග්‍රේගර්ව හොයාගන්න, සිද්ධිය ඇත්තටම මොකද වෙන්නෙ කියල දැනගන්න ෆිල්ම් එක බලලම ඉමු, මං හිතනව විස්තර කළා ඇති කියල, අවුලක් තිබුනොත් අනිවාරයෙන්ම සමාවෙන්න කියල මතක් කරනව, සුපුරුදු විදිහට සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

 

Ronin (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ronin.1998.720p.x264.600mb.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

457 downloadsDownload Ronin-1998.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

457 downloadsDownload Subtitles38 KB

19 comments

  1. scott

    Dr.Strange.2016 eke sub danna

  2. Jack

    පරණ උණාට මේක බලලා නෑ මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  4. අසිත

    Robert De Niro ge patama film ekak
    balanna kawuruth

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dulanga

    Thanks

  7. CHEthiya

    Thankz...

  8. ඇත්ත ඇනෝ

    Thank you
    Added to download

  9. කෞෂාන් පියුමන්ත

    පට්ට පහරක් වගේ.තෑන්ක්ස් බ්‍රෝ

  10. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයෙන් ජයම වේවා...!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ....

  13. Akalanka

    Thnx ..............

  14. ලහිරු අසලක

    නියමයි

  15. johnbrown

    spoiler alert

  16. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  17. Navidu2019

    spoile karanne ai

  18. සිවෙන්ද්‍ර

    Thank Bro

  19. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !