Watch Trailer

The Muppet Movie (1979) with sinhala subtitles | මණ්ඩුක හා මිත්‍රයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාල වෙනුවෙන් රගෙන ආව තවත් ලස්සන සිනමා සිත්තමක්. මම ඔයාලට අරගෙන එන ඒව බොහෝමයක් පරණ ඒව කියල ඔයාල දන්නවනෙ. මේකත් ඒ වගේම තමා. 1976, බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න හැමෝම වගේ ඉපදෙන්නත් කලින් නිපදවුන එකක්. හාස්‍යමය සංගීතමය, වීරක්‍රියා යන වර්ගයට අයත් මේ සිනමා සිත්තම විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නි…

The Muppet Movie (1979)

ඔන්න මම ඔයාල වෙනුවෙන් රගෙන ආව තවත් ලස්සන සිනමා සිත්තමක්. මම ඔයාලට අරගෙන එන ඒව බොහෝමයක් පරණ ඒව කියල ඔයාල දන්නවනෙ. මේකත් ඒ වගේම තමා. 1976, බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න හැමෝම වගේ ඉපදෙන්නත් කලින් නිපදවුන එකක්. හාස්‍යමය සංගීතමය, වීරක්‍රියා යන වර්ගයට අයත් මේ සිනමා සිත්තම විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නිපදවූවක්. ඒ මෙහි ප්‍රධාන චරිත සියල්ලම මපට්, එහෙමත් නැත්නම් රූකඩ විදියටයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ජිම් හෙන්සන් නම් විශිෂ්ටතම රූකඩ නිර්මාණ ශිල්පියාගෙ අද්‍යක්ෂණයෙන් තමා මේ සිනමා සිත්තම කරලිට එන්නේ.

ස්වභාවික පසුතල සමග ඉතා අපහසුතා මධ්‍යයේ නිපදවන මෙය IDMB අගය 7.7 ලබගැනීමට සමත් වෙන්නේ ඩොලර් හත්කෝටි හැට හය ලක්ෂ පනස් හත්දසක අදායමක් වාර්ථා කරමින්. සිත් ඇදගන්නා ගීත කිහිපයක් සමගින් නිමවන ලද මෙය එකල මෙන්ම මෙකලද ළමුන්ගේ සිත් බැඳ ගන්නවා නිසැකයි.

ප්‍රධාන චරිතය, කර්මිට්. හුදකලාවේ වගුරක වාසය කරන ගෙම්බෙක්. දිනක් අහම්බෙන් මෙහි පැමිණෙන චිත්‍රපට නියෝජිතයෙක් කර්මිට් හට පුවත්පත් දැන්වීමක් පෙන්වනවා. එහි තියෙන්නේ හොලිවුඩ් වලට නැටීමට හා ගැයීමට හැකි ගෙම්බෙකු උවමනා බවයි. නියෝජිතයාගේ අවවාදය මිනිසුන් මිලියන ගනනක් සතුටු කලහැකි මේ අගනා අවස්ථාව මග නොහැරගන්නා ලෙසයි. ඒ අනුව වාසනාව සොයා කර්මිට් හොලිවුඩ් වෙත යාමට තීරණය කරයි.

ගමන අවසන් වන තෙක්ම කර්මිට් මහා අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වෙනවා. චාරිකාව ඒ තරමටම අභියෝගයක්. ඩොක් හොපර් නම් ගෙඹි කකුල් අවන්හල් හිමියා කර්මිට්ව දැකීමෙන් ඔහුව තම අවන්හල් ජාලයේ ප්‍රචාරණ කටයුතු වලට යොදාගැනීමට උත්සහ කරයි. මේ අතර තම ගමනේදී මෙතනින් පසු තමා සමග දිගටම සිටින මිතුරන්ද ඔහු හා එක් වේ. ඒ අතර ෆොසී, මිස් පිගී රොව්ලොෆ්, ඩොක්ටර් ටීත් සංගීත කණ්ඩායම වෙයි.

ඩොක් හොපර්ගේ මර උගුල් වලින් ගැලවී හොලිවුඩය කරා යන කර්මිට් හා මිතුරන්ගේ ගමන සාර්ථක කරගන්නේ කෙසේද?, ඔබව යලිත් ළමාවියට ගෙනයන මේ සිනමා සිත්තම ඔබත් රසවිඳින්න. යිෆී ටොරන්ට් {yify torrent} අඩවියෙන් පිටපත ලබාගන්න. කොමෙන්ට් එකකින් සහයෝගය දැක්වීමට අමතක කරන්න එපා.

The Muppet Movie (1979) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Muppet.Movie.1979.720p.BluRay.X264-YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

120 downloadsDownload The.Muppet.Movie_.1979.Baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

120 downloadsDownload Subtitles46 KB

13 comments

  1. අසිත

    elama saho thanks

  2. කසුන්

    ස්තූතියි

  3. Udara Damith B/K

    .............උපසිරැසියට බොහොම ස්තූතියි.........

  4. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට.පුලුවන්නම් මේකටත් සබ් දෙන්න
    පැරණි උනාට නියම ඇණිමේෂන් එකක්
    The Iron Giant (1999) imdb අගය 8යි.
    ජය වේවා!

  7. කසුන් හර්ෂණ

    සබට තුති සහෝ.ඔයා පරණ ෆිල්ම් වලට ආස කෙනෙක්නෙ. Cannibal Holocaust (1980) ෆිල්ම් එකට සබ් දෙනවද ප්ලීස්? කවුරුත් සබ් කරල නෑ ඒකට. නියම Thriller ෆිල්ම් එකක්.

  8. Pramod

    පුළුවන්නම් The Wind in the Willows [1983] කියන ෆිල්ම් එකට සබ් දෙන්න. අපි TV එකේ බලපු මණ්ඩුක භවන කතාවේ විදියටම තියෙන British ෆිල්ම් එකක්.

  9. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයෙන් ජයම වේවා...!!

  11. Chalana Rukshan

    thnx bro...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ....