Watch Trailer

Rudderless (2014) with Sinhala Subtitle|තනි තනුවකින් පටන් ගත් ආපසු ගමන… [සිංහල උපසිරසි සමඟ]

IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය හා සංගීත ලෙස වර්ගීකරණයට කරනු ලැබූ සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. 2015 පෙබරවාරි 21 වැනි දින ඇමරිකාවේදීතිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Shameless (2011), Jurassic Park III (2001) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කලWilliam H. Macy නමැති අධ්‍යක්ෂකවරයා විසින්…

Rudderless (2014)

IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය හා සංගීත ලෙස වර්ගීකරණයට කරනු ලැබූ සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. 2015 පෙබරවාරි 21 වැනි දින ඇමරිකාවේදීතිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Shameless (2011), Jurassic Park III (2001)  වැනි සිනමාපට අධ්‍යක්ෂණය කලWilliam H. Macy නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙහි Billy Crudup (සෑම්) ලෙසත් Anton Yelchin (කුයින්ටන්) ලෙසත්ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සෙසු චරිත ලෙස ඔස්කාර් සම්මානලාභී Laurence Fishburne (ඩෙල්) ලෙසත් Miles Heizer (ජෝශ්) ලෙසත් Selena Gomez (කේට්) ලෙසත් රංගනයෙන් දායක වනවා. ඒ වගේම Anton Yelchin සිනමාපටයට දැක්වූ රංගනය වෙනුවෙන් 2014 Chicago International Film Festival හි හොඳම නළුවා සම්මානයද දිනාගැනීමට සමත් වනවා. තවද මේ සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.5/10 වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 63%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

සෑම්ගේ පුත් ජෝශ් නැමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තම මානසික පීඩනය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් හය දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගන්නවා. තම පුතාගේ වියෝවෙන් වටපිටාවෙන් සේම තම ඇතුලාන්තයෙන්ද එන පීඩනය හේතුවෙන් අවුල් සහගත තත්වයකට පත්වන අතර ඔහු ඈත පලාතකටගොස් බීමතින් බෝට්ටුවකට වී ජීවත් වීම පටන්ගන්නවා. මේ අතර ඔහුගේ පුතාගේ සී.ඩී. තැටි කිහිපයක්ද ඔහුගේ දිනපොතක්ද සෑම්ගේ කලින් බිරිඳ(ජෝශ්ගේ මව)විසින් ගෙනැවිත් දෙනවා. මේවා අසා බැලීමෙන් තම වියෝ වූ පුතාගේ දක්ෂතා හඳුනාගෙන තම පීඩාකාරී ජීවිතයෙන් මිදෙන්න ඔහු එම ගීත ගායනා කරන්න පටන්ගන්නවා. මේ අතර සෑම්ගේ ගීත ඇසී කුයින්ටන් ඒවා ගැන අසාවකින් වගේම කුතුහලයකින් සෑම් සමඟ මිත්‍ර වනවා. කුයින්ටගේ උනන්දුව නිසා ඔවුන් දෙදෙනා එක්වසංගීත කණ්ඩාමක් පටන් ගන්නවා. ඔවුන්ට මේක දිගටම කරගෙන යාමට හැකි වේවිද, සෑම්ට තම දුක නැති කරගැනීමට හැකිවේවිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀

 

Rudderless (2014)

 

 

807 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

4FD60693663BFDC514711B78C2E616115BA7AB74

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

31C42A09A8F7670A29DEB8BD776F48EAF7A05F93 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

985 downloadsDownload Rudderless-2014-baiscopelk.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

985 downloadsDownload Subtitles93 KB

15 comments

  1. pathum

    thanks

  2. kalinga

    elakiri machan

  3. isira

    maxxxaaa bro

  4. ositha

    digatama subs denna machn

  5. එළකිරි

    බොහොම තුති!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  8. Io

    patta

  9. Jack

    නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  10. fz

    txz

  11. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Global

    නියමයි bro, Thanks....

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරි වැඩක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra