අද අරගෙන ආවේ කොමඩි, නාට්‍යමය යන වර්ගීකරණයට අයත් තෙලිඟු සිනමාපටයක්. ඇත්තටම මේක මම තෙලිඟු සිනමාපටයකට යොදපු පලවෙනි උපසිරැසි නිර්මාණය. සමීර චතුරංග සහෝදරය තමයි වැඩේ භාර දුන්නේ. ඉතිං එයාට ස්තූති වෙන ගමන් සිනමාපටය පැත්තට හැරුනොත් 2014 අගෝස්තු මාසෙ පළවෙනිද ඉංදියාවේදී තිරගත වීම ඇරඹුනු මේ සිනමාපටය අධ්‍යක්ෂණය…

අද අරගෙන ආවේ කොමඩි, නාට්‍යමය යන වර්ගීකරණයට අයත් තෙලිඟු සිනමාපටයක්. ඇත්තටම මේක මම තෙලිඟු සිනමාපටයකට යොදපු පලවෙනි උපසිරැසි නිර්මාණය. සමීර චතුරංග සහෝදරය තමයි වැඩේ භාර දුන්නේ. ඉතිං එයාට ස්තූති වෙන ගමන් සිනමාපටය පැත්තට හැරුනොත් 2014 අගෝස්තු මාසෙ පළවෙනිද ඉංදියාවේදී තිරගත වීම ඇරඹුනු මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Sujeeth” කියන අධ්‍යක්ෂක වරයා. මෙහි ප්‍රධාන නළුවා (රාජ)ගේ චරිතයට “Sharvanand” කියන රංගන ශිල්පියා රංගනයෙන් ධායක වන අතර ප්‍රධාන නිලිය (ප්‍රියා)ගේ චරිතයට “Seerat Kapoor” කියන රංගන ශිල්පිනිය රංගනයෙන් ධායක වනවා.මිනිත්තු 132ක් පුරා දිවෙන මෙම සිනමාපටය IMDbදර්ශකයේ 7.2/10 ක් වැනි ඉහල අගයක් ලබාගැනීමටද සමත් වෙලා තිබෙනවා.
රාජ කියන්නෙ සාමාන්‍ය එළවලු වෙලෙන්දෙක්ගෙ පුතෙක්. එයාගෙ අවංක කම නිසා නිතරම කෙල්ලොත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධතා කැඩෙනව. ඊට පස්සෙ එයාට ප්‍රියාව හම්බවෙලා දෙන්න ආදරේ කරන්න පටන් ගන්නව. ඔය අතරෙ නගරයේ එක්තරා කණ්ඩායමක් ලොකු අමාත්‍ය වරුන් පොලිස් පරීක්ෂක වරුන් වගේ අයව පැහැරගන්නව. මේ පැහැරගැනීම් සිද්ද වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් සිද්ද වෙලා තියෙන ආකාරයටමයි. ඉතිං පොලීසියෙන් ඒ කලින් අභිරහස විසඳපු පුද්ගලයා වන පොලිස් කොමසාරිස් දිලීප්ව මේකත් විසඳන්න පත් කරනවා. ඔහු යටතේ වැඩ කරන නයීම් භාෂා කියන දක්ෂ තරුණ පොලිස් නිලධාරියා මේ දිලීප් අල්ලන හොරු ගැන සෑහීමකට පත් වන්නේ නෑ. ඒක එහෙම වෙන අතරෙ රාජ පැත්තට ආවොත් රාජ දැනගන්නව ප්‍රියා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි පොලිස් කොමසාරිස් දිලීප් ගෙ දුව කියල. ඒ වගේම ඔහු දැනගන්නව දිලීප් ඇයව ඇමති තුමාගෙ පුතාට බන්දල දෙන්න යනව කියලත්. රාජ දුව ගැන කතා කරන්න දිලීප්ව මුණගැහෙන්න ගියහම දිලීප් රජට කැමති වෙනව. ඊට පහුවදාම රාජව මුණගැහිල කියනව නගරයේ වෙන පැහැරගැනීම් කරන්නෙ තමන් බවත් ඒව සිදු කරන්නේ ලොකු ත්‍රස්තවාදී කල්ලියක් අල්ලගන්න බවත් කියල රාජව නගරයේ ඉන්න ලොකු පුද්ගලයෙක්ව පැහැරගන්න යොදවනව. ඔන්න ඔතනදි රාජ ප්‍රියාව පැහැරගන්නව. මොකද පොලිස් කොමසාරිස් කියන්නෙත් ලොකු කෙනෙක් නිසා. ඔය අවස්ථාවේදි ප්‍රියා ඇය ඇත්තටම ආදරය නොකරන බවත් ඇය රාජ එක්ක යාලු උනේ තාත්ත ඇමති පුතාට ඇයව බන්දල දෙන්න යන එකෙන් වැලකිලා උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියා යන්න බවත් හෙලි කරනවා.
රාජ ඇයව ඇගේ යාලුවාගෙ ගෙදරට එක්කගෙන යනව. දිලීප් මේ පැහැරගැනීම ප්‍රසිද්ධ නොකර හොර රහසේම ප්‍රියාව හොයනවා. නමුත් ඔහුට කිසිම දෙයක් හොයාගන්න හම්බවෙන්නේ නෑ.මේ අතරේ ප්‍රියාට රාජ ගැන ආදරයක් ඇති වෙනවා. රාජ දිලිප්ට ඇමති තුමා සමඟ ඉන්න වෙලාවක කතා කරල කප්පම් ඉල්ලනවා. මේ අතරේ නයීම් හෙලිදරව් කරගන්නවා මුලින් සිද්ද උන පැහැරගැනීමුත් සිද්ද කරල තියෙන්නේ රාජ බව සහ දිලීප් නොව රාජ දිලීප්ව රවටා ඇති බව. රාජ කප්පම් ඉල්ලපු බව දැනගන්න ප්‍රියා ඒ ගැන රාජ ගෙන් ප්‍රශ්න කරන වෙලාවෙ ප්‍රියාගෙ තාත්ත ඇවිල්ල රාජව අල්ලගෙන යනවා. දිලීප් පැහැරගැනීම් කරපු කෙනාව අල්ලගත්ත කියල සතුටින් ඉන්න අතරෙ ඇමති තුමාගෙ පුතාව පැහැරගෙන කෝටි 15ක කප්පම් මුදලක් ඉල්ලනවා. දිලීප් පොලිස් ස්ථානයට ගියහම තමයි දැනගන්නේ රාජ කූඩුවේ නෑ කියල.
ප්‍රියා ඇගේ මව සමඟ ගෙදරට යන අතර ඇය රාජගේ ගෙදරට වාහනය ධාවනය කරන්නැයි රියදුරාට බල කර රාජගේ ගෙදරට යනවා. ගිහින් රාජගේ තාත්තට පැහැරගැනීම් වලට චෝදනා කරන විට ප්‍රියාගෙ මව ප්‍රියාගෙ පියා හා රාජගෙ පියා මිත්‍රයෝ බවත් රාජගෙ පියාව ප්‍රියාගේ පියා විසින් පැහැරගැනීමේ සිද්දියකට හසුකර හිරේට යවන බවත් හෙලි කරනවා.මේ අතර දිලීප් දැනගන්නවා රාජ සහ නයීම් එකට වැඩ කරන බව. කතාවෙ හුඟක් දේවල් කිව්වනෙ. රාජටයි නයීම්ටයි දිලීප්ව හසු කරගන්න ලැබෙයිද කියල ඔයාලම බලන්න. මේ පැය දෙක තුලදි මේ කියපුවට අමතරව තවත් හුඟක් රසවත් දේවල් සිද්ද වෙනව. ඉතිං ඒ වයි මේවයි ඔක්කොම බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
17FCE453C2A020C88DA0924B828A6A8106A7A4CF1.45 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
853EF720F26C9246989F17C869C202ADD4CF68CD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,653 downloadsDownload Run-Raja-Run-2014-baiscopelk.zip155 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
kavindugaysahan
udi
ow macho nitin ge alut eka okata sub denna
හර්ෂණ
නියමයි. ඔන්න බානෝ
චාමික දිල්හාර (දිලා)
ඉවසන්න සහෝ...... අද හෙටම දෙනවා
එල්.සි. දමැල්
උපසිරසට තුති මාලිංග සහෝ...
ජය...Gayan
Thanks... :) :)
Kulanjana Maduranga
niayamai...telugu 1k ne...bagena balamu...lassana storyak wge..thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
චාමික දිල්හාර (දිලා)
නියමයි සහෝ...... අනිවා බෑමක් තමයි
ns
උපසිරයට තුති
Elderman
Maru ekak neh. Thawa denna hode
R.D
Thanks ah............
Rasidu
Maru. Sub ekata Thanx.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!melan sriwantha
ela film1k wagee..onna mamath gattha.thanks bro
ishan
super wrk broooo
bee
elzzzzzzzzzzzzz tnx wewa sub walata
“චූටී මල්ලි”
tnx hasaa
isuru
Ela saho marai
Sanjaya
Thanks Saho.....
indika
බොහෝම ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dපොඩි මෑන්
Thanks bro :)
Chami.S
Thanks.....
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsds kulathilaka
i did not watch it yet but thanks baiscope is good at sub i know that
ash
thank u so mch
janaka
mama lagadi thamai oyalawa balanna gaththa.oyalaga move bana hati dannahana.aka kauru hari kiyala danawada??????????????????
Tharindu
elaa
Suresh
Thanks for
Tharaka Lahiru
tnq
Ahinsaka
Supirima thamai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

chinnadana nee kosam (2014) me film akatath puluwannam sub dennakolagadi tamai hoda rip akak awe tnx