Watch Trailer

Arjun (2004) | සහෝදරත්වයේ බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් අනිවාර්යෙන්ම ඉන්නවා ඇති නේද.? මේ කතාව පුරාවටත් අක්කා කෙනෙකුගෙයි මල්ලි කෙනෙකුගෙයි ජීවිත වටා ගෙතුන කතාවකුයි යන්නේ. ඒකයි මේකට මම “සහෝදරත්වයේ බැඳීම” කියලා නම දැම්මේ. ඒ නම මේකට හොඳටම ගැළපෙනවා කියලා කතාව බැලුවම ඔයාලට තේරෙයි. අපේ ජීවිත වලටත් ගොඩාක් අර්ථවත් වෙන සහෝදරත්වයේ තියෙන…

Arjun (2004)

ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් අනිවාර්යෙන්ම ඉන්නවා ඇති නේද.? මේ කතාව පුරාවටත් අක්කා කෙනෙකුගෙයි මල්ලි කෙනෙකුගෙයි ජීවිත වටා ගෙතුන කතාවකුයි යන්නේ. ඒකයි මේකට මම “සහෝදරත්වයේ බැඳීම” කියලා නම දැම්මේ. ඒ නම මේකට හොඳටම ගැළපෙනවා කියලා කතාව බැලුවම ඔයාලට තේරෙයි. අපේ ජීවිත වලටත් ගොඩාක් අර්ථවත් වෙන සහෝදරත්වයේ තියෙන උතුම් බැඳීම ගැනයි ඔයාලට මේ කතාවෙන් කියලා දෙන්නේ.

මේ කතාව ටිකක් විතර පරණ 2004 වර්ෂයේ ආපු තෙලිඟු ෆිලුමක්. පරණ වුනාට පැය 2යි මිනිත්තු 46ක් පුරාවට දිවෙන මේ කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරිම කතාවක් කියලා මට සහතික වෙන්න පුලුවන්. IMDb දර්ශකයෙ 6.5 ක  අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ෆිලුමේ ප්‍රධාන නළුවා චරිතය රඟපාන්නේ මහේෂ් බාබු. මේ කතාවෙදි මහේෂ් බාබුගෙ නම කතාව අන්තිමේදියි කියන්නේ. ඔයාලා දන්නවනේ මහේෂ් බාබුගෙ ෆිල්ම් ගැන. Aagadu (2014), Nenokkadine (2014), Dookudu (2011), Buisness man (2012), Seethamma Vakitlo Sirimalle Chettu (2013) මෙවැනි චිත්‍රපට ගණනාවක් මේ වෙබ් අඩවිය තුලද මේ වන විට ඇත. මේ ෆිල්ම් එකේ සහෝදරියගේ චරිතය රඟපාන්නේ Kirthi Reddy. ඒ වගේම කතාවේ ආදර වන්තිය විදියට රඟපාන්නේ රූමත් නිළියක් වන Shriya Saran විසිනි. ෆිලුම දෙන්න තවත් පරක්කු වෙන නිසා සිදු වලට නම් උපසිරැසි දාන්න බැරි වුනා. ඒත් එක සිංදුවකට නොදාම බැරි හේතුවක් නිසා එක සිංදුවකට දීලා ඇති.

කතාව නම් මෙහෙමයි, හයිද්‍රාබාද් වල එක පවුලක ඉන්නවා අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. අක්කයි මල්ලියි වුනාට මෙයාලා නිවුන්නු. තත්පර ගානක වෙනස නිසයි මෙයාලා අක්කයි මල්ලියි වෙලා ඉන්නේ. ඉතින් ඒකට මෙයාලා හැම වෙලේම රණ්ඩු වෙනවා. ඒ වුනාට මේ පවුල ගොඩාක් සතුටෙනුයි ඉන්නේ. මේ දෙන්නගේ කොලේජ් එකේ ඉගෙනීමෙන් පස්සෙ මීනාක්ෂිව එයාගෙ කොලේජ් එකේම ගියපු යාළුවෙකුට බන්ඳලා දෙනවා. එතනින් පස්සේ තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නේ. මීනාක්ෂි බඳින උදය කියන කෙනාගෙ පවුල මොන වගේ පවුලක්ද.? විවාහයෙන් පස්සෙ මෙයාලට එන ප්‍රශ්න මොනවද.? එයාලා ඒවට මුහුණ දෙන හැටි, මේ හැමදේම වෙන අතරෙ සුංදර ආදරේකුත් යනවා. ෆයිට් ටික නම් සුපිරිම සුපිරියි. අනිවා බලන්න යාළුවනේ. ඒ වගේම කමෙන්ටුවකුත් දාගෙනම යන්න.

මම මේ ෆිල්ම් එක භාරගෙන ටික කාලයක් වෙනවා. පැය දෙකකට වඩා ඉවර කරලා තිබුන සබ් එක ලැප් එකේ හාඩ් ඩිස්ක් එක කැඩුණ නිසා මට ආයෙත් මුල ඉඳලම හදන්න වුනා. අනික මම කරන පාඨමාලාවේ වැඩත් එක්ක එක දිගට ෆිලුම වෙනුවෙන් වෙලාව ගන්නත් අමාරුයි මට. ඒත් ටෙක් එකේ ඉසුරු කියලා යාළුවෙක් මේ සබ් එක ඉක්මනට හදලා දෙන්න කිව්වා එයාට ෆිල්ම් එක බලන්න ඕන නිසා. ඒ කියපු දේ නිසයි මම ටිකක් ඉක්මන් කරලා සබ් එක දුන්නේ. ඒක නිසා ඒ යාළුවටත් මම ස්තූති කරනවා. නැවතත් හතර වන උපසිරැසියෙන් හමුවන තෙක් ඔබ සැමට ජයෙන් ජය…!

Arjun (2004)  on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

23008e716140b9840e1722425ad7e40d9682e08c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,537 downloadsDownload Arjun-2004-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/SupunP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් ප්‍රමෝද්

Subtitles

2,537 downloadsDownload Subtitles315 B

33 comments

  1. එල්.සි. දමැල්

    Thanks Bro Supun...

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. SaDuN dAnUsHkA (ධනූ)

    එල මචං
    අනිවාර්යෙන්ම බලනවා....

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUPUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. නලින්

    ස්තුතියි සුපුන් සහෝ...!

    ජය වේවා!

  6. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  7. ck

    seeds ne... down karanna be

    1. Sadeesh Mendis

      ow anthima mb 48 download wenna .kohoma karath download wenne . 93.1% eta wada eha yanna

  8. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට

  9. mihiri

    Harry Potter and the Half-Blood Prince (2009) meke sinhala sub eka hoyala dennako puluwan kenek biscope eke thiyana sub eka wada na pls help

  10. mihiri

    Harry Potter and the Half-Blood Prince (2009) meke sinhala sub eka hoyala dennako puluwan kenek biscope eke thiyana sub eka wada na pls help thank u

  11. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxxxxxx

  12. sanka

    thanks for sub

  13. slsindu.net

    Fight Nedda Ban

    1. සුපුන් ප්‍රමෝද්

      ෆයිට් තියෙනවා ඕන තරම් අරන් බලන්නකෝ.

  14. janith

    machan tharaha wenna epa meka mata download karna bane ea ai danne na ban?

    1. සුපුන් ප්‍රමෝද්

      seeds ලා අඩු ඇති සහෝ. වෙන ටොරන්ට් එකකට හරි ට්‍රයි කරලා බලන්න.

  15. තාරක නුවන් දිල්හාර

    එල එල..
    පරණ තෙලිගු ෆිලුමක් කාලෙකින් බැලුවේ නෑ..
    අනිවා මේක බලනවා..
    සීඩ් එහෙම ඇතිනේ..?
    දිගටම මේ වගේ ඒවා අරගෙන එමු..
    ජයෙන් ජය..!!

  16. රැවන් චාමර

    මම කලින් Tv එකේ බලල තියේ...
    පට්ට ෆිලුමක්...
    තව පාරක් බලන්න පුළුවන්....
    සිරාවටම තැන්කූ සහෝ..

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. පොඩි මෑන්

    Thanks saho oyage mahansiyata godakma.

  19. ayesh

    daunlod venne nahane

  20. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Zahran

    සින්හල සබ් එකට ස්තූතියි සහෝ . ඒත් ඩව්්න්ලෝඩ් වෙන්නෙ නෑ.

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  23. Dinusha

    me film ake last tika downlord wenne yalu

    1. Sadeesh Mendis

      ow anthima mb 48 download wenna .kohoma karath download wenne . 93.1% eta wada eha yanna

  24. ayesh

    සින්හල සබ් එකට ස්තූතියි සහෝ . ඒත් ඩව්්න්ලෝඩ් වෙන්නෙ නෑ. mekata monava hari karanna ko

  25. indu

    super mcho

  26. Sadeesh Mendis

    ai macho anthima tika download wenne natthe .

  27. akila13

    thaks for sub saho good luck

  28. මයිකි

    නියමයි ෆිල්ම් එක. බොහොම ස්තුතියි සබ් කරාට

  29. Lasantharathnasirirox

    ස්තුතියි..මහේෂ්ගෙ fillumak කාලෙකින් බැලුවෙ නෑ..ජයවේවා ..!!