ජීවිතේ කියන දේ ඇසිල්ලකින් වෙනස් වෙන්න පුලුවන්. එහෙම බැලුවම ආදරේ කියන්නෙ මොකක්ද? ආදරේ තේරුම් ගන්න මාසයක් නැත්නම් අවුරුද්දක් ඇති වෙයිද? එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්, තුනක්, ජීවිත කාලයක්? සෑම්, ජෝර්ජියා දෙන්නත් ඇති තරම් ආදරේ කරන්න ඇති, අහස උසට හීන මවන්න ඇති. ඒත් නොහිතපු වෙලාවක සෑම්ගේ ඇස් ඉස්සරහා පිටම…
ජීවිතේ කියන දේ ඇසිල්ලකින් වෙනස් වෙන්න පුලුවන්. එහෙම බැලුවම ආදරේ කියන්නෙ මොකක්ද? ආදරේ තේරුම් ගන්න මාසයක් නැත්නම් අවුරුද්දක් ඇති වෙයිද? එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්, තුනක්, ජීවිත කාලයක්? සෑම්, ජෝර්ජියා දෙන්නත් ඇති තරම් ආදරේ කරන්න ඇති, අහස උසට හීන මවන්න ඇති. ඒත් නොහිතපු වෙලාවක සෑම්ගේ ඇස් ඉස්සරහා පිටම ජෝර්ජියා මැරිලා වැටුනම.. ඒ ජෝර්ජියාගේ මරණෙ වගකීම හැමෝම ඒ සෑම්ගේ පිටම පටවනකොට.. අසරණ වුන සෑම් සමාජ ආශ්‍රයෙන් මිදිලා හුදකලා ජීවිතයක් ගත කරනකොට.. එහෙම හිටපු සෑම් ඉස්සරහාට අවුරුදු තුනකට පස්සේ ජෝර්ජියා ආයිත් ආවහම..!
ඒ වගේ සිදුවීම් පෙළක් පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක් එක හුස්මට නරඹන්න කැමති නම් Last moment of clarity 2020 ඔබට හොඳම තේරීමක් වෙයි. විනාඩි 90 ක ධාවන කාලයක් ඇතුළතදී ජෝර්ජියා විදියට රංගනයෙන් දායක වෙන්නේ Samara Weaving (Ready or not චිත්‍රපටයේ ග්‍රේස්ව නම් අමතක වෙන්න විදියක් නෑ), සෑම් විදියට Zach Avery ත් ප්‍රධාන චරිත හොබවනවා. 2020 මැයි 19 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය වෙනුවෙන් දැනට Imdb දර්ශකයේ Thriller ශානරය යටතේ ලකුණු 5.9 කුත්, ගූගල් පරිශීලකයන්ගේ 81% ක මනාප මට්ටමකුත් ලැබිලා තියනවා. ඇත්තටම Samara ගේ රංගනයෙන් මුළු චිත්‍රපටයම බබලනවා කියලා කියන්න පුලුවනි.
ඒක තමයි චිත්‍රපටය ගැන කියන්න තියන විස්තරය. දැන් මම කියන්නෙ ගොඩ කාලෙක ඉඳන් මං කියන්න හිටපු විස්තරයක්. මෙතනින් පස්සේ ලිපිය ටිකක් දික් වෙයි, මොකද මේ මගේ 200 වෙනි සිංහල උපසිරැසිය නිසා.
2017 පෙබරවාරි දෙවනිදා, ඒ කියන්නේ මීටර අවුරුදු තුනයි, මාස තුනකට විතර කලින් තමයි මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සම්පත් දායිකාවක් වුනේ. එතකොට මම විශ්ව විද්‍යාලෙ දෙවනි වසරට ආවා විතරයි. විවේක කාලේ ලැප් එක දිග ඇරන් යාලුවෝ එක්ක චිත්‍රපටි බැලුවා. ඒවා ගැන කතා කරා. ඔහොම ඉද්දි තමයි හැමදාම සිංහල උපසිරැසිය එක්ක වැටෙන බයිස්කෝප් සිංහලෙන් නම ඔලුවට ගියේ. ඉතින් ඒ විදියට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න උත්සහයක් ගන්න පෙළඹුනා. එහෙම කරපු පළමු උපසිරැසිය Thank you – 2011 හින්දි චිත්‍රපටය. ලයින් බර ගානක් තිබුනා. ඒ ටික කරද්දි මේ මොන මෝඩකමක්ද කරගත්තෙ කියලා හිතුනා. කොහොම හරි පළවෙනි උපසිරැසිය අවසන් කරලා සයිට් එකේ පළ වුනාට පස්සේ, යාලුවෝ තමයි මාව තවත් දිරි ගැන්නුවේ. ඒ වගේම මට මතකයි සයිට් එකේ ඇඩ්මින්වරයෙක් විදියට මං මුලින්ම අඳුන ගත්තේ අසංක රණතුංග අයියාව. Thank you – 2011 උපසිරැසිය වෙනුවෙන් අසංක අයියා කමෙන්ට් කරලත් තිබුනා. ඉතින් පළවෙනි උපසිරැසියම බර ලයින් ගානකින් පටන් ගත්ත නිසා ඊට පස්සේ උපසිරැසි කරන එක මට ඒ තරම්ම අමාරු වුනේ නෑ. ඔය විදියට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම සිංහල උපසිරැසි නිර්මාණය කරන්න පෙළඹුනා. ඒක ඒ චරිත ඇතුළෙ ජීවත් වෙනවා වගේ දෙයක් වෙන්න පටන් ගත්තා. ඒ ජීවිතේට මම කොයි තරම් ඇලුම් කරාද කියනවා නම්;
2017 ඔක්තෝම්බර් 6 වෙනිදා උපසිරැසි දිවියේ මගේ පළමු කඩයිම Mom 2017 හින්දි චිත්‍රපටයෙන් සම්පූර්ණ කරන්නත් (ආසිරි අයියාගේ සාදර අනුග්‍රහයෙන්), 2018 මාර්තු 7 මගේ දෙවැනි කඩයිම The greatest showman 2017 චිත්‍රපටයෙන් සම්පූර්ණ කරන්නත් (සිසිල අයියාගේ සාදර අනුග්‍රහයෙන්), 2018 ඔක්තෝබර් 26 වෙනිදා මගේ තුන්වැනි කඩයිම විදියට Alpha 2018 සිංහල උපසිරැසි ගන්වන්නත් (අසංක අයියාගේ සාදර අනුග්‍රහයෙන්) මට පුලුවන් වුනා. අද ඒ කියන්නේ 2020 මැයි 23 වෙනිදා මගේ සිව්වැනි කඩයිම මේ විදියට සනිටුහන් වෙනවා. සුපුරුදු පරිදිම මේ පාරත් චිත්‍රපටය ඉල්ල ගත්තේ ඇඩ්මින්වරයෙක්ගෙන්. හසන්ත අයියාට බොහොම ස්‍තූතියි මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අවස්ථාව දුන්නට.
ඉතින් සිංහල උපසිරැසි දෙසීයක් දක්වා ආ කාලය ඇතුළතදි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය, මට බයිස්කෝප් සිංහලෙන් පවුල බවට පත් වුනා. විශේෂයෙන් මේ වෙලාවේ වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිර ගුණතිලක අයියාත්, සිංහල උපසිරැසිකරණයේ අපි හැමෝටම ගුරුවරයෙක් වගේ ඉන්න රොයිලි ප්‍රනාන්දු අයියාවත් මතක් කරන්න ඕනෙ. ඇඩ්මින්වරුන් විදියට මම ඉතාමත් ගරු කරන දෙපලක් තමයි, අසංක රණතුංග අයියා සහ හසන්ත වික්‍රමරත්න අයියා. උපසිරැසි ගන්වද්දි සමහර ඉංග්‍රීසි යෙදුම් වල තේරුම් ගූගල් කරලාවත් හොයාගන්න බැරි අවස්ථා වලදි පුස්තකාල දෙකක් වගේ ඉන්න මේ දෙන්නාගෙන් තමයි මම ඒවා අහ ගන්නෙ. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයේ සිසිල අයියා, ආසිරි අයියා, අශාන්, නලීන් අයියා, සුධීර අයියා, යශෝධ, සමීර, සමන්, චාමර, තිසර (බයිස්කෝප් මංසල), සඳුන් අයියා (බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්), නිර්මාණි අක්කා, නවෝදනී නංගි කරන මෙහෙය මතක් කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙලා තිබුන Fringe කතා මාලාවට මාව උනන්දු කරේ හසයියා, කියන පමාවට සීසන් එකෙන් සීසන් එකට ඩවුන්ලෝඩ් ලින්ක් එව්වේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ ඉසුරු ශ්‍රීනාත් මල්ලි. උපසිරැසි පැත්තෙන් සම්පත් දායකයෙක් නොවුනත්, සමාජ සත්කාරද, ගෙට්ද හැම තැනදිම බැහැලා වැඩ කරන හසයියාගේ, රුමේෂා අක්කාවත් ආදරෙන් මතක් කරනවා. කියන්න බැරි තරම් සහෝදර සහෝදරියෝ ගණනාවක් මට මෙතනින් මුණ ගැහුනා. උපසිරැසි රසබරව, ගුණාත්මකව නිර්මාණය කරනවා කියන දේ මං ඉගන ගෙන තියනවා නම්, ඒ ඉගන ගත්තේ අපේම සහෝදර සම්පත් දායක, දායිකාවන්ගේ උපසිරැසි සහිතව චිත්‍රපට නරඹලා. ඇඩ්මින්වරුන්ගේ නම් කියවුන නිසා ඒ වගේ උපසිරැසි නිර්මාණය කරන නිහඩ විරුවන් විදියට මයුර අයියා, තරිඳු අයියාගේ උපසිරැසි ගැන්වීම් හදුන්වන්න කැමතියි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බයිස්කෝප් සිංහලෙන් මේ සොදුරු පවුල එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හිතවතුන් හැමෝගෙම ප්‍රතිචාර නිසා තමයි අද මම මේ විදියට 200 වෙනි උපසිරැසිය දක්වා ආවේ. මගේ පවුලේ අයත්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මගේ ආචාර්‍යවරුන් සහ සහෝදර සහෝදරියන් හැම දෙනාමත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා. ඒ ආදරය වෙනුවෙන් හැම වෙලාවෙම මගේ උපරිමයෙන් සිංහල උපසිරැසිය ඔබට ලබා දෙන්න උත්සහ කරනවා. මම වගේම අපේ බයිස්කෝප් සිංහලෙන් පවුලේ හැම සම්පත් දායකයෙක්ම මේ කර්තව්‍ය කරන්නෙ හදවතින්මයි. ඒ විශ්වාසයෙන්, ඒ ආදරයෙන් අපි නැවතත් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB HD පිටපත් සඳහා අදාළ වේ.
3,570 downloadsDownload Last-Moment-of-Clarity-2020.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
66 comments
malithmadhushan45
Navodani Thilini Sasanika
අක්කගෙ හැම කඩඉමකදිම කියනවා වගේ මං උපසිරසි හදන වැඩේට එකතු වුනේ Your Name ෆිල්ම් එකට අක්කා සිංහල උපසිරසි දීලා තියෙනවා දැකලා. තනියෙම බලන එකේ අනිත් අයටත් රසවිඳින්න පුළුවන් වෙන්න ඇනිමෙ වලට උපසිරසි දෙන්න ගත්තෙ ඒ නිසයි. 200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා. මං දන්න තරමින් වේගෙන්ම උපසිරසි දෙන කාන්තා පර්ශවය නියෝජනය කරන්න ඉන්නෙ අක්කා තමයි. ඒ තරම් වේගෙන් දෙනවා. වේගෙ විතරක් නෙවෙයි බලන්න ආස හිතෙන විදියට උපසිරසි දෙන කෙනෙක්. එහෙනම් ඊළඟ කඩඉමත් මේ වේගෙන්ම යන්න හදවතින්ම සුභ පතනවා. ❤️❤️
Chamikara Vidanage
සුබ පැතුම් නංගී.. කැපවීම අගය කරනවා. ජය වේවා!!!
Prabuddha
Great! Congratulations! :D :)
එල්.සී. දමැල්
අඩවියේ කොරියන් පැත්ත වෙනුවෙන් බොහොම කාර්යශීලීව උපසිරස සපයන කෙනෙක් තමයි හෙළිලි අක්කා...
ඉතින් ඔන්න මාත් උණුසුම් සුභ පැතුම් එකතු කරනවා අක්කාගේ 200වෙනි උපසිරස ගැන්වීම වෙනුවෙන්. ඊළඟ කඩයිම්වවලටත් ඉක්මනින් ළඟා වෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ජය... :)මයුර
200ට උණුසුම් සුබ පැතුම් පතනවා හෙලිලී.
මාවත් මතක් කරාට තුති.
මේක නම් බැලෙයි වගේ කොහොමත්
තියෙන හැටියට නොබලා බෑ.
තවත් කඩ ඉම් ගණනාවක් පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පුද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවාgihan perera
නියමයි නංගී...200ට උණුසුම් සුභ පැතුම් නංගී.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..... දෙවි පිහිටයි....ජය වේවා.....
baiscopelkishu
සුභ පැතුම් නංගියා.. 300 ත් ගහමු ඔය වේගෙන්ම..
Pasindu Madumal
කොරියන් නම් ඉතින් හෙළලි අක්කා තමයි. ළගදි තමයි හරියටම අදුරගත්තේ. හරිම නිහතමානී හොද අක්කා කෙනෙක්. උපසිරැසිකරුවන්ගෙන් කාන්තා පාර්ශවය පැත්තෙන් ගොඩක් ලොකු කාර්‍යදූර්‍යයයක් ඉටුකරන අක්කා කෙනෙක්. එහෙනම් 200 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම්...තව තවත් මේ වගේ කඩයිම් වලට යන්න හැකියාවක් ලැබේවා..! උපසිරැසියට බොහොම ස්තුතියි අක්කේ..!
තාරක නුවන් දිල්හාර
උපසිරැසි 200 කඩයිමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කේ...
තව තව කඩයිම් ගණනාවක්ම පසු කරන්න හැකියාව ලැබෙන්න කියල පතනවා.
කරන කියන වැඩ කටයුතුත් සාර්ථක වෙලා, තව තවත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය, හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
උපසිරැසියටත් බොහොම ස්තුතියි...!
ජය..!!!Achintha Udayanga
200ට උණුසුම් සුභ පැතුම් හෙලී
ෆ්රින්ජ් එක ගොඩදාලදෙනවට පින් ඔන්න,
ඒ පිනම ඇති
ඊලඟ කඩයිම් වලටත් ඉක්මනටම යන්න කාලය, බලය,ජවය, ශක්තිය සේරම ලැබෙයි
ඉගෙන ගන්න වැඩ කටයුතු විතරක් නෙවේ
කරන කියන සියළු කටයුතු සේරම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි
අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනෑ නැතිවෙයි
මේ හැම දෙයක් ඉෂ්ට සිද්ධ වෙයි
ගැම්මට සබ් කරමු සයිට් එකත් එක්ක දිගටම ඉමු...ජය වේවා..Asiri (hewa)
Appe. 200th gahala. Maawa pahukaralath gihin.
200 weni upasirasiyata suba pathum helili. Digatama karagena yamu. Film eke 18+ nisa itin balannama wenawa. Jayawewa!Dileka Prabodhinee
200 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් අක්කේ!!
ජීවිතයේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා කියලා වගේම තව තවත් උපසිරැසිකරණයේ යෙදෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.samee
super sis..thank u sooomuch
ravindu rukshan
200 වෙනි උපසිරැස වෙනුවෙන් සුබ පතනව අක්කී
අක්කී මේ ටිකෙ ඔයාගෙ ෆ්‍රිංජි බලාගෙන යනවා
පට්ටම කතාවක් තමයි අක්කි දෙන්නෙ
දෙන්නෙ
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවාඋදයංග සම්පත් හතරසිංහ
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුබපතනව සහෝදරී. බයිස්කෝප් පවුලේ සාපේක්ෂව සහෝදරියන් අඩු වුණාට ඉන්න කීප දෙනා සෑහෙන වැඩ කොටසක් කරනව කියල හැමෝටම පේනව. හෙළිලි කියන නමත් ඒ සෙට් එකේ ඉහළින්ම තියෙන නමක්. 200ක් වෙන්කල් ආපු එකේ තව 50ක් මහ අමාරු වැඩක් නෙවෙයි. 250ට යමු ඔහොමම ඉක්මනින්. එහෙනම් අධ්‍යාපන වැඩ වගේම ජීවිතේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ජය වේවා.. ! ✌️✌️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයයුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරී
ඉක්මනටම ඊළග කඩයිමටත් යමු . . . . .suranuwan
thank you.....
#UDshehan
Congratulation !
Hope you make 300 Soon.Anonymous
Congratulations akkiyo
Charith
Congratulations akkiyo
Anonymous
ඔබට බොහොම ස්තූතියි වගේම පින්! ජීවිතේ හැම යහපත් පැතුමක්ම ඉශ්ඨ වේවා කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා..!
indika75
200 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!
lal
Congratulations helili duwe. Your subs are absolutely completed. Wants and waiting to see your next milestone. Thousand thanks to you.
#ChalinduDeshan(kinaa)
200ට සුභ පැතුම්. 250ත් ගහමු. ජයවේවා..!
Anonymous
අප්පට සිරි 200 ත් ගහලද?
200 වෙනි සබට උණුසුම් සුබ පැතුම් හෙළිලි.
මේ විදියට වැඩේ නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යමු.
සුපිරි ෆිල්ම් එකක් වගේ කියල තියෙන විදියටනම්.
ඒත් මේක ගන්න වැඩිපුරම හේතු වෙන්නේ 18 + කියලා දාපු එක.
එහෙනම් ඔන්න ගත්තා. ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා පතනවා.
ජයවේවා!!Anonymous
ආ, කියන්න බැරි වුනා, මාවත් මතක් කලාට බොහොම ස්තුතියි.
Anonymous
ෂුවර් එකට ආසිරියා :P
Helili Hemamali
ඔයාගෙ නම මොකක්ද?
Helili Hemamali
මුලින් මාත් එහෙම හිතුවා. ඒත් එයා පහළ කමෙන්ට් කරලා තියනවා.
Kavinu
Kdrma ඉෂ්ට දේවතාවියක්නෙ ඉතින්!!
සුබ පැතුම් අක්කේ,
ජය වේවා... ❤️
ඊළඟ කඩයිමටත් ඉක්මනටම යමුAnonymous
Helili Hemamali, Thanks a lot
Suranjan
Thanks jayawewa.....!
Anonymous
සුහ පැතුම් ස්තුතියි
Kantha_DLA
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ෟී
අපිට Blindspot 5 වෙනි කතාමාලාව උපසිරස කරල දෙන්න. ඒක කව්රුත් කරන් නෑ කිව්වා. ඒක දැන් පටන් අරගෙන තියෙන්නේ.. අනේ කරුණාකරලා ඒක කරල දෙන්න
satM
Supiri.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
සමාවෙන්න ඕන කඩඉමට මුලින්ම සුභ පතන්න බැරිවුනාට.! බයිස්කෝප් පවුලෙ හමුවුන තවත් සහෝදරියක් විදියට හදුන්වන්නට පුලුවන්.! බයිස්කෝප් පවුලෙ ඉන්න කාන්තා නියෝජන අතලොස්ස කොහොමත් විශාල දායකත්වයක් සයිට් එකට ලබාදෙනවා ඒ අතර ඉන්න වේගවත්ම උපසිරැසිකාරිණියක් විදියට නංගිව අඳුන්වන්න පුලුවන්.! තමන්ගේ විවේක කාලය කැප කරලා තවත් කෙනෙකුට සිනමා රසවින්දනය ගුණාත්මකව විඳීමට ඉඩසලසා දෙන එකත් ලේසි පහසු වවැඩකුත් නෙවෙයි. ඒ කෙසේ වෙතත් සිංහල උපසිරැසිකරණයෙ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් පවුලෙ අයට නම් කාල අවකාශය තියෙනව නම් ඒක ලොකු අභියෝගයක් නෙවෙයි කියන කාරණාව නිරතුරුවම ඔබ ඔප්පුකර පෙන්නනවා.! ඉතාමත් ඉක්මනින් 250 කඩඉමට යන්න කාල අවකාශය ලැබේවා.! ඔබගේ අනාගතය මෙන්ම අධ්‍යාපන කටයුතුත් සාර්ථකම වේවා.! ඒවගේම මාවත් මතක් කරාට බොහොම ස්තුතියි
Ranga
Tnx sub ekata @Congratulations 200* ta✋
Gathsara Umesh
දන්නෙම නැතිව 200ක්ම්ගහල නේද අක්කා..සුබපැතුම්..ගොඩක් සතුටුයි..
මේ මෝවි එක බලන්නවත් එන්නෑ (200) දැක්කෙ නැට්නම්..පොඩ්ක් ඉවසල හොද මෝවි එකකටම (200) සැමරුවානම්..මීටව හොද ගොඩක් ප්‍රතිචාර ගන තිබ්බ නේද අක්කේ....මටනම් මදි වගේ..
තව කොරියන් කතා ඇනිමේ විතරක්ක කරමූ..250 හම්බවෙයිනේ..ඔවු හම්බවෙනවා..අනිවරෙන් හමුවෙමු..ජයවේවා..!!!Mahesh
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
සුපිරි ෆිලුමක් වගේ
ජය වේවා!!!isuru srinath sjs
200 වෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අක්කෙ..!!! ජය වේවා !!
විමා
200ට උණුසුම් සුභපැතුම් මචෝ!
එන පොට හරියන්නේ නැහැ වගේ,
හිටු කියල පස්සෙන් එළවන් එනවා..
එහෙම එනවා දකින්නත් සන්තෝසයි. :)
සබ් මැෂින් එකක් නොවැ ඉබි ගමනින් ඇවිත් තියෙන්නෙ මෙච්චර කල්.
මේල් එකට ලොග් උනොත් හෙළිලිගෙන් සබ්ක් අනිවා දකින්න තියෙන එක සාමාන්‍යය දෙයක් වෙලා දැන් :)
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
ඉදිරියටම යන්න ලැබේවා
සෙට් වෙන වෙලාවට කටට තව පණ ඒවා :Pලහිරු ප්‍රසාද්
හදවතින්ම සුබ පතනවා 200 වෙනි උපසිරැසියට. හෙළිලිගෙ සබ් නම් බලන්න වැඩිය සෙට් වෙලා නැහැ හැබැයි මේ ටිකේ සෑහෙන සබ් ගානක් තියනවා දැක්කා හෙළිලිගෙ නමින්. ඉදිරියටත් මේ ගැම්මටම උපසිරැසි ලබා දෙන්න අවශ්‍ය කාල වේලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයෙන් ජය!Pramod
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Prabath
congratulations & best wishes for the 200th sub.
Rakitha Poornima Ranathunga
Congratulations akke..
Ikmanata 250 th gahamu..හසන්ත වික්‍රමරත්ත
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ඉන්න නිහඬ කසකාරිය කිව්වොත් නිවැරදියි හෙළිලි නංගිට. කොරෝනා නිසා තමන්ගේ කාලය අනික් අය වෙනුවෙන් කැප කල කෙනෙක් විදිහට අද වෙනකොට ඔයාල ෆ්‍රින්ජ් කතා මාලාව එක දිගට උපසිරසි එක්ක බලනවා. ඒ වගේම තවත් කතා මාලා දෙකක් සහ මේ චිත්‍රපටය මේ කෙටි කාලය තුල කරලා ඉවර කලා. තමන් කරන දේ හරියට, වෙලාවට සහ ගුණාත්මක විදිහට කරන්න බැඳිලා ඉන්න දක්ෂ උපසිරසිකාරිණියක් ලෙසින් හඳුන්වන්නත් පුළුවන් කෙනෙක් තමයි අද මේ 200 වෙනි උපසිරස අවසන් කලේ. උපසිරසි ගමනට තව දිගු ගමනක් තියෙනවා වගේම තමන්ගේ අධ්‍යාපන වැඩ අවසන් කරලා අනාගත බලාපොරොත්තු හිතන අයුරින්ම සාර්ථක වෙන්න කියල පතනවා! ජය!
satM
Jaya wewa.
Nelson
Good work dear, thanks for the sub!
මධුකප්‍රිය පෙරේරා
200වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
බයිස්කෝප් අඩවියේ අතළොස්සක් වූ කාන්තා නියෝජනය
අතරින් ඉතාම වේගයෙන් උපසිරසි ලබා දෙන කෙනෙක් නෙව.
හැබැයි ඉතින් වැඩිමනක්ම කොරියානු කතාමාලාවලට උපසිරසි දීම
නිසාවෙන් හෙරලිගෙ සබ් වැඩිය බලන්න සෙට් වෙලා නෑ. නමුත් නරඹපු
කීපයෙන් කියන්න පුළුවන් ඉතාම ගුණාත්මක ලෙස උපසිරසි ලබාදෙනවා කියලා.
එහෙමනම් කොහොමත් මේ 200 ගහලා තව මාස දෙක තුනකින් ඊලග කඩයිමත්
බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා විශ්වාසයි. එසේනම් වැඩි වැඩියෙන් උපසිරසි
කරන්න ලැබේවා කියලා පතනවා. ඒවගේම සියලු කටයුතු සාර්ථක වෙන්නැයි පතනවා.
උපසිරසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය!ශසිත් සඳරුවන්
200 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් හෙළිලි....
ආය ඉතින් සබ් කෙරිල්ලේ වේගේ ගැන කියන්න දෙයක් නෑනේ. සයිට් එකේ හෝම් පේජ් එකේම කී තැනක නම තියනවද. :P වේගේ විතරක් නෙවෙයි ඉතින් ගුණාත්මක බවත් ඉහළයි වගේම හිතට දැනෙන විදිහට උපසිරැසි කරනවා නෙව. ක්රෑෂ් ලෑන්ඩින් ඔන් යූ එකෙන් ඒක හොඳටම තේරුණා.. ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න ගමන් තවත් උපසිරැසි අරන් එන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න අක්කෙ පලවෙනි comment එක මගෙන්. සුබ පැතුම් අක්කෙ 200 කඩයිම වෙනුවෙන්. කොරියන් ජරාව කියලා බලන්න නැතුව හිටිය එකේ. හෙලලි අක්කාගේ සබ් එකක් බලල තමා ඒවා බලන්න පුරුදු උනේ. සරවවි වැඩ ඉවර වෙලා ඉස්සරහා වැඩ සර්තක වෙන්න කියලා ප්‍රර්තනා කරනව අක්කේ එහෙනම් ඉක්මට ඊලන්ග කඩයිමත් ගහමු අක්කේ සබ් එකටත් තුති අක්කේ