Watch Trailer

Rupture (2016) Sinhala Subtitles | විදාරකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද , අද මම අරං ආවෙ Horror ,Sci-Fi ,Thriller යන ඛාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් එකක් . අත්භූත පිරිසක් විසින් එක්දරු මවක් වන රෙනේ නම් කාන්තාව පැහැරගෙන යාමක් වටා මේ කතාව නිර්මාණය වෙලා තියනවා . IMDb දර්ශකයෙ ලොකු අගයක් අරන් නැති උනත් මේක සාර්ථක චිත්‍රපටයක්…

ඉතිං යාලුවනේ කොහොමද , අද මම අරං ආවෙ Horror ,Sci-Fi ,Thriller යන ඛාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් එකක් . අත්භූත පිරිසක් විසින් එක්දරු මවක් වන රෙනේ නම් කාන්තාව පැහැරගෙන යාමක් වටා මේ කතාව නිර්මාණය වෙලා තියනවා . IMDb දර්ශකයෙ ලොකු අගයක් අරන් නැති උනත් මේක සාර්ථක චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් . තම ජීවිත තුළ හටගන්නා විවිධ හැඟීම් , හරියට ” බය ” වගේ දේවල් වල සීමාවන් නොසිතන මානයන් කරා ගෙනයන බව තමයි මේකෙන් කියන්නෙ . කතාව බලනකොට තේරෙයි .

2016 අප්‍රේල් 28 දින තමයි මේක ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ .එතකොට මේකට 2017 Ferra Film Festival හිදී Film 4 Life කියන සම්මානය දිනාගන්න පුලුවන් වෙලා තියනවා . මේකෙ අධ්‍යක්ෂක වරයා වන්නේ Steven Shainberg වන අතර රචනය Brian Nelson විසින් කරලා තියනවා . එතකොට මේකෙ Noomi Rapace, Michael Chiklis, Kerry Bishe සහ Prison break tv කතා මාලාවේ John Abruzzi ගෙ චරිතයට පණ පොවපු Peter Stormare යන අය රංගනයෙන් දායක වෙනවා. ඉතිං මේ සළරුව IMDb දර්ශකයේ 4.8 ක අගයක් ලබාගෙන තියනවා .

චිත්‍රපටය ගැන කියන්න තියන මූලිකම දේවල් තමයි ඔය, මේකෙ කතාව ටිකක් කිව්වොත් ‘ රෙනේ මෝගන් කියන්නෙ දික්කසාද වුනු එක්දරු මවක්. එයා ” එවන් ” කියන එයාගෙ ආදරණීය පුතත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. එවන් ගොඩක් වෙලාවට සති අන්තෙ ගත කරන්නේ එයාගෙ තාත්තත් එක්ක. ඉතිං එක දවසක් රෙනේ ,එවන්ව එයාගෙ තාත්තා ගාව නවත්වනවා සති අන්තයක. ඒ සති අන්තෙ රෙනේ තීරණය කරං ඉන්නෙ ටිකක් විනෝද වෙන්න . හැබැයි ඒ දේවල් එහෙම වෙන්නෙ නෑ , නොසිතූ ලෙස රෙනේව අභිරහස් පිරිසක් විසින් පැහැරගනු ලබනවා.

ඉතිං එහෙම පැහැර ගැනීමේ අරමුණ මොකද්ද , ඔවුන් ඇයගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද, අවසානයේ රෙනේගේ එකම බලාපොරොත්තුව වන තම පුතා නැවත දැකගැනීම ඇයට හැකි වේද, කියන දේවල් ඔයාලට මේක බලලාම දැනගන්න වෙනවා.

තවත් කාරණා ටිකක් කියන්න ඕනෙ . යම් කාලයක් ගතකරලා චිත්‍රපටයකට සබ් එකක් කලාම මේකට අළුත් අපිට හිතන්නේ තවනම් බෑ කියල .හැබැයි කලින් කරපු සබ් වලට ඔයාලා එවලා තියන comment දැක්කාම තවත් එකක් කරන්න හිතට පුදුමාකාර ධෛර්යයක් එනවා. ඉතිං ඒවට ස්තුති කරන්න මම මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම සමාව ඉල්ලනවා ඔයාලට reply කරන්න බැරි වීම ගැන . පොඩි දෙයක් කියන්නම්, අපි චිත්‍රපටි බලන්නෙ අනිවාර්යයෙන්ම සිංහල සබ් එකක් හොයාගෙන ඒක දාගෙන . ඉතිං අපිට වීඩියෝ එකක් හම්බවෙලා ඒකට සබ් එක නෙට් එකෙන් හොයාගන්න බැරි උනොත් නිකං පිස්සු වගේ . ඒ කට්ට මම ගොඩක් වෙලාවට කාලා තියන හින්දා සබ් නැතිව ලැබෙන හැම එකකටම පුලුවන් විදියට සබ් කරන්නයි හිතාගෙන ඉන්නෙ. ( පුංචි අපේ ලොකු හීන ) ද මන්දා. එතකොට වෙන කෙනෙක් කවදාහරි දවසක ඒක search කරද්දී හම්බවෙලා බාගන්න ලැබෙන එක තමයි එකම බලාපොරොත්තුව , ලොකුම සතුට.

විශේෂයෙන්ම දෙන්නෙක් ඉන්නවා ස්තුති කරන්න , තරිඳු පෙරේරා , ඔයා හොයලා බලලා තියන අඩුපාඩු පෙන්වලාදීලා ඉදිරියට යන්න සෑමවිටම දිරිමත් කිරීම ගැන මුලින්ම ස්තුති කරනවා. තව සිසිල ප්‍රසාද් සහෝදරයා , අවශ්‍ය දේවල් පිළිබඳව දැනුවත් කරමින් ගුණාත්මක උපසිරසියක් ඔබලාට ලබාදීමට කටයුතු කරමින් අපේ තියන අඩුපාඩු නිවැරැදි කරමින් ලබාදෙන සහයෝගය ඇත්තටම අගය කරනවා . තවත් ගොඩක් දේවල් තියනවා කියන්න . ඒත් දැනට ඇති . තවත් උපසිරසියකින් හමුවෙනතුරු ,ගිහින් එන්නම් , ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,128 downloadsDownload Rupture-2016.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

4,128 downloadsDownload Subtitles30 KB

40 comments

  1. Lusha

    thanks malli

  2. Nuwan Manage

    Ela Mchan

  3. AsithaDilruwan

    elama saho thanks

  4. madhawanuwan

    elama bro digatama sub denn

  5. Hiran Eranda

    සබට ස්තුතියි....දිගටම කරගෙන යං අමිල සහෝ

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. anthimaya

    Thanks

  8. macrocomlk

    Thanks Gayan bro...!!
    #Madu

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Isu d Vil

    Ela..tnx bn..keep it up

  11. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ,
    බුදු සරණයි

  12. anunethu

    Thanks ..

  13. Pathmila_kushantha94

    එල ලොක්කා!

  14. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!

  17. dumindawi

    thanks..........

  18. Suranjan

    Thanks machan......jayawewa......!

  19. Lt.Snk

    ඔබේ සිතුවිල්ලට මාගේ ප්‍රණාමය. උපසිරසියට ස්තුතියි. ජය වේවා!

  20. malith

    Ela ela

  21. chinthaka sampath

    Thank U Dear....

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය.

  23. kodagoda

    tnx bro

  24. kasunkavinda

    patta

  25. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  26. shenal

    thank u

  27. LimeGreenSoda

    ThanksBrother

  28. hasintha ariyathilaka

    ela gayan aiyya

  29. Prasad Lakmal

    thnx mchan sub ekta

  30. Prasad Lakmal

    thanx sub ekata

  31. Damitha Ranasinghe

    gamma bokka

  32. kdrangana

    ela...

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. rumesh thennakoon.

    thanks friends

  35. Mevandhanushka

    Thanks

  36. Ruwanstic

    බොහොම ස්තූතියි

  37. Supun shanika

    බොහොම ස්තූතියි සහෝදරයා

  38. Rukshan37

    Ela

  39. MAALNATH

    Thanks. .......good luck. ...........

  40. pasia

    gammk thm