Watch Trailer

Saamy (2003) | දෙවියෙක් වගේ පොලිස් කාරයෙක්.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඕයගොල්ලන්ට? ඉස්සෙල්ල පොඩ්ඩක් මන් ගැන කියල ඉන්නම්! නැත්තන් ඉතින් වැඩැක් නෑනේ? හරි හරි, මගේ නම ඇවිල්ල ඉමේෂ් කුමාර (නැත්තන් මගෙ නම දැකල ඔයාල කියයි මන් හැන්ගි මුත්තන් කරන්න යනව කියල) ඉන්නෙ අතුරුගිරියෙ, දැන් නම් ඉතින් ගෙදරට වෙලා ඉදගෙන අම්මට උයනකොට පොඩි සප් එකක් විදියට පොල්ගෙඩියක් ගා…

Saamy 2003

ඉතින් කොහොමද යාළුවනේ ඕයගොල්ලන්ට? ඉස්සෙල්ල පොඩ්ඩක් මන් ගැන කියල ඉන්නම්! නැත්තන් ඉතින් වැඩැක් නෑනේ? හරි හරි, මගේ නම ඇවිල්ල ඉමේෂ් කුමාර (නැත්තන් මගෙ නම දැකල ඔයාල කියයි මන් හැන්ගි මුත්තන් කරන්න යනව කියල) ඉන්නෙ අතුරුගිරියෙ, දැන් නම් ඉතින් ගෙදරට වෙලා ඉදගෙන අම්මට උයනකොට පොඩි සප් එකක් විදියට පොල්ගෙඩියක් ගාල දෙනව. මොකද මම දැන් O/L ඉවර වෙලා රිසාල්ට් එනකන් ගෙදරට වෙලා ඉන්නෙ. ඉතින් ඒ ඉන්න ටිකේවත් අම්ම කියන දේවල් අහගෙන හොද බබා වගේ ගෙදරට වෙලා ඉන්නව. (දන් නැද්ද අපි බබාලනේ) ඔය ඉන්න ටික අතරෙ මටත් හිතුන ‍ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් ඉතින් වැඩ්ඩ වගේ ඉදිරිපත් වෙලා මේ ගැන බයිස්කොප් එකට දැන්වුත් කළා, එයාල ඇත්තටම හොදයි ඒ විතරක් නෙමෙයි අර විකී අයියා ඊටත් වඩා හොදයි- (මොකද මම කියන්න ඉස්සෙල්ල එයාම මට ‍ෆිල්ම් එකක් එවලා තව 3 එව්වා ඒ නිසා එයා ගොඩක් හොදයි :D) ඒකත් හරී කියමුකෝ මම වැඩ්ඩ වගේ කිව්ව ‍ෆිල්ම් එකට සබ් එක දාල උදෙන්ම දෙනව කියල, හැබැයි එයා නම් කිව්වෙ සතියකින් විතර දෙන්න කියල (මම හිතන්නෙ එයාල සබ් දාන එක ගැන දන්න නිසා වෙන්න ඇති එච්චර කල් ගන්න කිව්වෙ) මමත් අනේ සබ් එක දානව දානව ඉවරයක් නෑ..

හරියටම දවස් 3 මම සබ් එක දැම්ම, මම හිතන් හිටියෙ සබ් දානව කියන එක ලේසි වැඩැක් කියල හැබැයි ඒ ලේසි වැඩේ කරනකොට තමයි අමාරු කම පේන්නේ! මට කියන්න තියෙන්නේ සබ් දානව කියන එක හෙන අමාරු වැඩක් කියල, මම මෙච්චර කාලයක් හිතන් හිටියෙත් ලේසී කියල. මට මෙහෙම නම් 50-100 අතර සබ් දාපු කට්ටිය අපි වෙනුවෙන් ඒ ගොල්ලන්ගෙ කාලය වැය කරල කොච්චර කැප වීමක්ද කරල ඇත්තේ. අනිවාරයෙන්ම මමත් ඕගොල්ලන්ට ලොකු දෙයක් කරන්න බලා පොරොත්තු වෙනව! මගේ මොනාහරි අඩු පාඩුවක් තියෙනවනම් මට ඒ ගැන කියල දෙන්න… ස්තූතී ….. !!!!

හරී දැන් කතාව පැත්තට හැරෙමු, ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ ‍ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුපිරිම වැඩ්ඩෙක්. එයා තමා HARI මෙයාගෙ ‍ෆිල්ම්ස් ඔයාල අනිවාරයෙන්ම බලල ඇති…. සින්ගම් , සින්ගම් 2 ඔයාලට අනිවාරයෙන් මතක්යිනේ? අන්න ඒ වගෙ ‍ෆිල්ම්ස් ගණනාවක්ම මෙයා කරල තියෙනව.. ඉතින් ඔයාල දකින්න ඇතිනෙ මම දැන් දෙන්න යන ‍ෆිල්ම් එක? ඒ කත් මෙයා අධ්‍යක්ෂණය කරපු ලස්සන ‍ෆිල්ම් එකක්. රංගනයෙන් දායකත්ව දීල තියෙන්නේ වික්‍රම්. මෙයා ගැනත් ඔයාල අනිවාරයෙන් දන්නව ඇති.

හරි හරි ඔන්න මම කතාව පොඩ්ඩක් කියන්නම් කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ සාමි කියන එක්කෙනෙක් ඒ වගේම ඒ කතාවෙ දුෂ්ටය වෙන්නෙ අන්නාච්චි කියන එක්කෙනයි. සාමි කියන්නෙ පොලීසියෙ ලොක්කෙක් ඒත් මෙයා වැඩි කාලයක් එක නගරයක් ඉදල නෑ හේතුව තමා මෙයා නීතියටම මෙයාගෙ වැඩ කරන නිසා. හැබැයි එයා මේ පාර ඒ කිසිම දෙයක් වෙන්නෙ නැතුව එක දිගටම මේ නගරෙ ඉන්නව. අන්නාච්චි කියන්නේ මුලු රජයම වගේ පාලනය කරන කෙනෙක්. එක පාරටම මෙ දෙන්න තරහ වෙනව. ඊට සාමි කියන මේ පොලිස්කාරයට ඕනෙ වෙන්නෙ අන්නාච්චිව හිරේට දාන්න. ඇත්තටම මොකද්ද මේ දෙන්න අතරෙ සිද්ධ වුණේ? ඇයි මෙයාල රණ්ඩු වෙන්නෙ? ඔක්කොටම කාරණය දේශපාලනටද? නැත්තම් වෙන මොකක් හරිද? අන්නාච්චිව මෙයාට හිරේට දාගන්න පුළුවන් වෙයිද? ඒව් ටික බලාගන්න ඕනිම නම් ඔයාලට මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනව. මම කියන්නෙ නෑ.. මොකද මගෙ අත රිදෙනව ටයිප් කරල විහිළුවක් ඈ… ඔයාල බලලම දැන ගන්නකෝ …..

තව දෙයක් අනේ මගෙ උපසි‍රැසි වල අඩුපාඩුකම් ඇති ඒව මට කියල දෙන්න මම ඊළග උපසි‍රැසියෙන් ඒව හදා ගන්නම් …. එහෙනම් මම යනව, ගියාට ආපහු එනව හොදේ. මතක ඇතුව කොමෙන්ට් එකක් දාල යන්ඩෝ…………………

Saamy (2003) on IMDb

 

 

875 MB කොපිය මෙතනින් බාගන්න

4d4162fcde55a6d336d428d57d8bb6f043200aec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,195 downloadsDownload SAAMY.2003.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

3,195 downloadsDownload Subtitles79 KB

42 comments

  1. nalinda

    Wooow... Suppa film ekak deela thiyenne... patta machan

  2. SaDuN dAnUsHkA

    මෙන්න නවතම සොයාගැනීම
    ටැමිල් අසාලිවීම් කරන්න
    එල කිරි කොල්ලෙක්
    සුභ පැතුම්
    දිගටම අපිත් එක්ක ඉන්න

    1. kalana

      anunata hint noda idahan ban, ubalage wade kata hari boruwata mada gahana aka

    2. Snake Raj

      අනිවාරෙන් අයියෙ ඔයාගෙ කොමෙන්ට් එකටස්තූතී.

    3. SaDuN dAnUsHkA

      කවුරුත් දන්නව මේ
      අරකෙ කට්ටිය
      මේ වගේ ඒවට රිප්ලයි කරන්න එපා
      ආතාක් පාතක් නැති උන් එකක් කතා කරල වැඩක් නැහැ

  3. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. Snake Raj

      ස්තූතී!

  4. indika

    සුභ පැතුම්..... :)

  5. nimal

    patta film akak machan digatama tamil awa demu

  6. ranga

    maxxa

  7. Pradeep

    Yalu palaweni wadeta suba pathum, man meka klin baluwa,
    ath sinhala sabath akka ayeth balanawa, tamil nan ithin apita aniwa.
    digatama sub denna, tamil, Telugu awath denna. sabata Godak Sthuthiy
    saho :lol: :lol:

  8. hasi

    congrz bro. digatama karagena yanna. all the best..

  9. දමිත්

    සුබ පැතුම් සහෝ..
    හැම දෙයක්ම සාර්ථකව කරගන්නා අතරෙම
    දිගටම සබ් දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා..
    ජයෙන් ජය

  10. Kulanjana Maduranga

    niyamai.....thawath aluth saho kenek....G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks IMESH saho.tamil , telugu films nm aniwa balanawama thama. e nisa issarahata thawa tamil film bassamu....digu gamanak yann haki wewa kyla pathanawa.jaya wewa……………

  11. ධනා

    නියමයි කොල්ලෝ ...... දිගටම කරගෙන යමු...

  12. STYLISH PRINCE

    ado mamath uba wage ekek.......................ado thawa tamil tikak danna..............jaya wewa

  13. Laksh!tha

    Thanks Bro...!!! congratz for 1st sub...

  14. D.chamar

    niyamai niyamai sahooo digatama apitha ekka emu jaya.... :D

  15. නලින් පෙරේරා

    ස්තුතියි ඉමේෂ සහෝ. අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. දිගටම අඩවිය එක්ක රැදෙන්න..

    ජය වේවා!

  16. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  17. “චූටී මල්ලි”

    සින්ගම් බැලුවා
    එල එල
    තව කරමු
    සබට තුති
    ඔබට ජය...........

  18. snake raj

    Amathaka wela hitiye mathak kala thnx.

  19. snake raj

    Amathaka wela hitiye mathak kalata thnx.

  20. කැලුම් ගුණසේකර

    පලමු නිර්මාණයට උණුසුම් සුබපැතුම්. ස්තූතියි උපසිරැසියට.

  21. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    මේකත් බාන්න දැම්මා..
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  22. Rohan

    niyamai malli. oyage wayase hatiyata hodatama karala thiyenawa wade........ oyata suba pathum..

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  24. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  26. lusantha

    thanks saho........ela

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. chathura

    niyamai.oyala nethnam api kohomada sinhalen films balanne,thanaks.

  29. Nisal maxx

    Thada thada bro

  30. praveen ranasinghe

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  31. Chamaratharindu

    HD rip ektth sync krl dennko..

  32. danthe

    නියමයි

  33. TharakaWAS

    Subata thanks bro...!!!

  34. jagath_chaminda

    thank

  35. Amalka Himeshan

    Thanks machan sub ekata

  36. damith_janaranjana

    Thanks

  37. damith_janaranjana

    Thanks bro

  38. randil manamperi

    sub ekata thanks