Watch Trailer

Thunder and the House of Magic (2013) | පුංචි පූස් වීරයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ! නිවාඩු කාලෙ මුකුත් ගෙදර වැඩ නොදුන්න හින්දා මමත් උපසිරස දැමීමේ යෝද මෙහෙවරට සම්බන්ද වෙන්න හිතුවා.හැමදා ම උපසිරස බානවා විතරක් නිසා මමත් හාහාපුරා කියලා උපසිරසියක් බාරගත්තා.මේ ෆිල්ම් එක බාරගන්න කියලා තිබුන ඊමේල් එක මම දැක්කෙ ඒක ඇවිල්ලා දවස් දෙකකට පස්සෙ.ඉතින් මං එදා රෑම නිදිමරාගෙන ෆිල්ම්…

The House of Magic 2013

කොහොමද යාළුවනේ ! නිවාඩු කාලෙ මුකුත් ගෙදර වැඩ නොදුන්න හින්දා මමත් උපසිරස දැමීමේ යෝද මෙහෙවරට සම්බන්ද වෙන්න හිතුවා.හැමදා ම උපසිරස බානවා විතරක් නිසා මමත් හාහාපුරා කියලා උපසිරසියක් බාරගත්තා.මේ ෆිල්ම් එක බාරගන්න කියලා තිබුන ඊමේල් එක මම දැක්කෙ ඒක ඇවිල්ලා දවස් දෙකකට පස්සෙ.ඉතින් මං එදා රෑම නිදිමරාගෙන ෆිල්ම් එක බාලා ලෝක යුද්දය පටන්ගත්තා ඒවුනාට මට මේක ඉවරකරන්න දවස් 7ක්ම ගියා.මේක මගේ ප්‍රථම උත්සාහය නිසා එහෙන් මෙහෙන් අඩුපාඩු ඇති.ඒකට මම ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා.අදහස්,යෝජනා,චෝදනා පහලින් දාන්න.එතකොට මගෙ වැරදි තියනවනම් මට ඒව හදාගත්තැහෙකි නේ. 🙂 මම උපසිරස දාද්දි සමහර ඒවයේ අර්ථය වෙනස්වෙලා තියෙන්න පුළුවන්.ඒකට සමාවෙන්න ඕනෙ.ඒවා ඒ විදිහටම තිබ්බනං කතාවේ රසාස්වදයට හානි වෙන්න පුළුවන්.උපසිරසියට වඩා අර්ථයටයි මම මුල් තැන දීලා තියෙන්නේ.ඒකෙන් කථාවට කිසිම හානිනියක් වෙන්නේ නෑ. හරි, අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේක 2013 වසරේ නිකුත් වුන සලරුවක්.මේක පුංචි පූස් පැටියෙක් වටා ගෙතුන කතාවක්. මේකෙ Imdb අගය 6.3 වෙනවා  මුලින්ම කවුද මේ පූස් පැටියා පාරෙ දාලා යනවා.ඒටපස්සේ එයා ගෙයක් හොයාගෙන යනවා.හැබැයි ඒ ගෙදර ඉන්නවා හාවෙකුයි මීයෙකුයි ඉන්නවා. ඒගොල්ලො පූසට කැමති වෙන්නේ නෑ. මේ ගෙදර අයිතිකාරයාගෙ බෑණා ට ඕනෙ මේ ඉන්න ගෙදර විකුණන්න. ඒත් ඒගෙදර අයිතිකාරයා ඒකට කැමති වෙන්නේ නෑ .ඒඅතරේ ගෙදර අයිතිකාරයා ඇක්සිඩන්ට් වෙනවා. ඔන්න බෑණා ට චාන්ස් එක.එයා මේ ගෙදර විකුණන්න හදනවා. ඒත් පූස්පැටියා අනෙක් අයවත් උදව්කරගෙන ගෙදර බේරගන්නවා. ඒ කොහොමද දන්නවද? ගෙදර අයිතිකාරයාගේ බෑණාට පූසො ඇලජික්. ඒ දුර්වලතාවය උදව් කරගෙන තමා ඒගොල්ලො ගේ බේරගන්නේ.

මේ කතාවෙ චරිත හොඳට කලමණාකරණය කරගෙන තියෙනවා.කතාව නං හරිම ලස්සනයි.එහෙනං බාගෙනම බලන්න. ආහ් !මට කියන්න අමතක වුනා. මට ප්‍රධානවම උදවු කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ ඉතිං මධුර ඩික්ෂැනරියයි මලලසේකර ඩික්ෂැනරියයි තමා. මතක ඇතුව කමෙන්ටුවක් දාන්න. ආ! 1080p කොපියේ සීඩර්ස් ල අඩුයි. ඉතින් සීඩ් කරන ඇත්තෝ සීඩ් කරත්වා ! තවත් උපසිරසියකින් හමුවෙමු. සුබ දවසක් !

Thunder and the House of Magic (2013) on IMDb

 

 

695 GB (BR) කොපිය මෙතනින් බාගන්න

a69f4d95dc0c1b32ede9fe15b53492a73305551e

1.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2ea1b62ab0b37857d4093574a1e602578a213049 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,173 downloadsDownload Thunder-and-the-House-of-Magic-2013.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/රවිඳු-ඉමේෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ඉමේෂ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු ඉමේෂ්

Subtitles

2,173 downloadsDownload Subtitles84 KB

23 comments

  1. nimal

    thnxz lot

  2. නලින් පෙරේරා

    ස්තුතියි රවිදු සහෝ!..

    ජය වේවා!

  3. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට සුබපැතුම්.
    ඇනිමේශන් නම් ඉතිං ගොඩක් හොඳයි.
    මේ කතාව නම් තාම බලලා නෑ.

    උපසිරැසියට ස්තුතියි .... :)

  4. nimal

    ah palamu sub aka neyda suba pathum digatama subs denna

  5. widuranga

    niyamai saho film eka supiri

  6. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks RAVINDU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  7. kanchana

    good luck.. thank u

  8. me

    Thanks

  9. “චූටී මල්ලි”

    අලුත් O/Lසැට් එක වැඩේට
    බැහැලා වගෙ
    එල එල තව කරමු
    සබට තුති
    ඔබට ජය...........

  10. darshana

    palamu sub ekata subapathum.. meka nam mama Balala na saho.. thanks sub ekata..

  11. කැලුම් ගුණසේකර

    පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. ඇනිමේෂන් බලන්න කවුද ආස නැත්තේ? ස්තුතියි උඵසිරැසියට. යාලුවෝ දෙන්නටත් ගොඩක් ස්තුතියි ඔායට උදව් කරාට. :D

  12. හිරු

    අනේ ඔව් අප්ප.. “පොඩි උන්ට පෙන්නන්න පුළුවන්“ කාටූන් ටිකකුත් දාන්න... ( Wall-E වගේ ඒවා නං සබ් කරන්න ලේසි වෙයි නෙ... හි හි... )

  13. #YasmikaSH

    චූටි ම්ල්ලියා කියපු කතාව හරි.. ඕලෙවල් සෙට් එක වැඩේට බැහැලා තමයි..
    බෝම ස්තූතියි උපසිරසියට කිව්වා ඒනංංංංංංංංං

  14. Asitha

    මම මේක නිර්මානි වීජේසිංහ අක්කගෙන් ඉල්ලුවේ.මේකට හරියට english sub එකක් වත් තිබ්බේ නෑ.ගොඩක් ස්තුතියි.පුංචි මල්ලියෙක් නේ.ඉගනිමේ වැඩ පාඩු කරගන්න නම් එපා.සුබ පතනවා.

  15. prabhath

    niyamai malli thanks

  16. Sanjaya

    Thanks Saho....

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    බාන්න දැම්මා ඔන්න
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. කාටුන් පිස්සා

    නියම වැඩක් මල්ලියෝ…පට්ට ෆිල්ම් එක…නිවාඩු කාලෙ නිර්මාණාත්මක දේකට යොදා ගනිපු එක ගොඩක් හොඳයි...ඔන්න එහෙනම් පලවෙනි සබට මගෙනුත් හෘදයාන්ගම සුබ පතුම්…දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගෙන්න (අනිමේශන් නම් වැඩිය හොදයි…. ) හැබයි ඔන්න පාඩම් වැඩ අතපසු කරගන්නව එහෙම නෙවෙයි...

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. Tharindu

    Thank you very much bro...!!!

  23. Anonymous

    thanks