සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට, අද ලෑස්ති වෙන්නේ තරමක් දුරට ඒකාකාරී බවින් මෙන්ම සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සලරුවක් ඔයාලට පුද කරන්නයි. වර්තමානය වෙද්දි බුරුතු පිටින් දවස ගාණේ රිලීස් වෙන ඉංග්‍රීසී හින්දි දමිළ තෙළිගු ආදී දහසකුත් එකක් චිත්‍රපටි අතරේ සදාකල් තරුණ චිත්‍රපටි බවට බොහෝවිට සලකන්නේ ඉංග්…

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට,
අද ලෑස්ති වෙන්නේ තරමක් දුරට ඒකාකාරී බවින් මෙන්ම සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සලරුවක් ඔයාලට පුද කරන්නයි. වර්තමානය වෙද්දි බුරුතු පිටින් දවස ගාණේ රිලීස් වෙන ඉංග්‍රීසී හින්දි දමිළ තෙළිගු ආදී දහසකුත් එකක් චිත්‍රපටි අතරේ සදාකල් තරුණ චිත්‍රපටි බවට බොහෝවිට සලකන්නේ ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපටි බව ඔයාලා අවිවාදයෙන් පිළිගන්න කාරණයක්. මේ අතරිනුත් අපිට බොහොම සමීප ස්වර්ණමය චිත්‍රපට විදිහට හින්දි චිත්‍රපටි දක්වන්න පුළුවන්. ඉතින් පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන්ම අද මම 1970 වර්ශයේ තිරගත වුණ Sachaa Jutha නම් චිත්‍රපටය අරගෙන ආවා. මේ සිනමා සිත්තම ඔයාලට අරගෙන එන්න මට අවශ්‍ය ගුරු හරුකම් වගේම තෝරා දීම පවා කළේ අපේ අඩවියේ පැරණි හින්දි චිත්‍රපට සදහාම දායකත්වය ලබා දෙන ප්‍රියන්ත දයාකීර්ති අයියා. ඔහුට බොහොම ස්තූති වෙන ගමන්ම චිත්‍රපටය දිහාවට හැරෙමු.
මේ චිත්‍රපටය 1970 වර්ශයේ තිර ගත වුණ එකක්. ඒ වගේම මේ සලරුව කොමඩි, රොමාන්තික වගේම සංගීතමය කියන වර්ගීකරණයට අයත් එකක්. imdb අගය 6.9 ක් ලබාගන්න මේ සිනමා සිත්තමට ගූගල් පරිශීලකයන් ලබා දෙන අගය වන්නේ 78% ක්. ඉතින් සෑහෙන්න හොද ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලබාගන්න හැකි වුණ සලරුවක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. රාජේශ් ඛන්නා, විනෝද් ඛන්නා, මුම්ටාස්, කමල් කපූර් වැනි අය රංගන දායකත්වය සපයනවා. ප්‍රධාන චරිත ද්විත්වය ලෙස රාජේශ් ඛන්නා ඉතා දක්ශ දෙබිඩි චරිත රංගනයක යෙදෙනවා. ඒ වගේම කාලයත් එක්ක වයසට නොයන ලස්සන ගීත කීපයක් මේ සලරුවේ අන්තර්ගත වෙලා තියනවා. ඒ වගේම 1970 වර්ශයේ එඩින්බර්ග් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය දිනාගන්නත් 1971 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලීදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නත් රාජේශ් ඛන්නාට හැකියාව ලැබෙනවා. තවත් විස්තර කිය කිය කල් අරින්නේ මොකටද? බලලම ඉමු නේද? එහෙනම් කෙටියෙන් කතා රසයට බාධාවක් නොවෙන විදිහට කතා සාරාංශය කියන්නම්.
අම්මා තාත්තා නැති කුඩම්මා එක්ක ජීවත් වෙන අයියා නගෝ දෙන්නෙක්….
දුප්පත් නූගත් හදවත පෝසත් ආදරණීය සහෝදරයෙක්……
බාල සන්දියේ ඉදන් අබ්බගාත සහෝදරියක්……
සල්ලි හොයන් නගරෙට යන ගමනේ සිද්ධ වෙන ඇබැද්දි මහ ගොඩක්
සමාජයේ ප්‍රසිද්ධ පෝසත් වංචාකාරයෙක්…
දෙබිඩි චරිත රංගනයක්…..
ඔය කරුණු ටික කිව්වාම ඇති කියලා හිතනවා. තවත් ඉස්සරහට කිව්වොත් කුතුහලය නැති වේවි. පරණ චිත්‍රපටයක් බාගත කරන්න කලින් හැමෝටම එන ප්‍රශ්නයක් තමා සබ් එකට ගැළපෙන හොදම වීඩියෝ පිටපත හොයාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ඩවුන්ලෝඩ් තිබුණත් පරණ ෆිල්ම් වලට සීඩ් බොහොම අඩුයි. පැය තුන හතරක්වත් යන වැඩක්නේ ඒක. මේ සදහා බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය යොදාගන්නවා නම් කිසිම අපහසුවකින් තොරව ගැළපෙනම වීඩියෝ පිටපත හොයා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ Sachaa Jhutha {HD} – Rajesh යනුවෙන් සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිහයි, තත්පර හතරක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 810 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙනවා.
එහෙනම් තවත් ඉස්සරහට මේ වගේම චිත්‍රපට අරගෙන එන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් දැනට සමුගන්නම්. හැම දෙනාටම ජය වේවා!!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත සඳහා අදාළ වේ.
976 downloadsDownload Sachaa-Jutha-1970.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
13 comments
Kantha_DLA
Kasun Harshana
මමත් පැරණි හින්දි චිත්‍රපට රසිකයෙක්. අනිවාර්යයෙන්ම මේකත් බලනවා. හැකිනම් 60,70,80 දශකවල පැරණි හින්දි චිත්‍රපට සඳහා ඉදිරියටත් සබ් දෙන්න. සුබ පැතුම්....
pubudu prasanna
මාත් පරණ ෆිල්ම් වලට කැමතියි. ඉතින් ඇත්තටම මම මේ ෆිල්ම් 1 කලින්ම බාගෙනයි තිබුනේ. ඒත් සබ් එක තිබුනේ නෑ. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.
asankachathuranga
thanks
Priyantha Dayakeerthi
මට පුදුමයි ඔබ වැනි ලාබාල වයසේ කෙනෙක් මෙම සිනමාපටයට සබ් දෙන්න කටයුතු කිරීම ගැන. එයට මගේ ස්තුතිය මුලින්ම පිරිනමනවා! මා ළඟ මේ සිනමාපටයේ වීඩියෝව ගොඩක් කාලයක ඉඳන් තිබෙන්නේ. එය දැන් සිංහල උපසිරසි සමඟ නැවත නරඹන්නට පුළුවන්. මා ළඟ අතිවිශාල ප්‍රමාණයක් පැරණි හින්දි සිනමාපට සහ ඒවායේ ඉංග්‍රීසි උපසිරසි තිබෙනවා. ඔයාට අවශ්‍ය ඒවා කියන්න, ලැබෙන්නට සලස්වන්නම්. ඒ වගේම මගේ යෝජනාවක් තිබෙනවා, හැකිනම් "Barsaat" පැරණි හින්දි සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන්න. එයට පැරණි හින්දි සිනමා රසිකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඔබේ වෙහෙසින් නිමවූ "Sachaa Jhutha" පැරණි හින්දි සිනමාපටයේ සිංහල උපසිරසියට නැවතත් මාගේ ස්තුතිය පිරිනමනවා! ඔබට ජය!!!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
TharakaWAS
Old is gold..
Parani film walta sub denna hitpu eka gna satutui..
digatma karan yamu..
jayen jayama wewa...!!!
thanks for sub...!!!zero123@123
Thanks for the sub
Tharaka
THANKS...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
මල්ලිටත් පැරණි හින්දි සිනමාවේ රහ දැනිලා වගේ.
නියමයි ආහ්.
දිගටම සබ් දෙමු...
ඔබට ජය!dinuka sudara
thank you
Lasantharathnasirirox
ඔබට බොහෝම ස්තුතියි මෙවැනි පැරණි චිත්‍රපට අපට දායාද කරනවාට...ඔබට ජය !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!