ලැබුවා වූ 2018 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!!! ඉන්දියාවේ සුපිරි වීරයා, ලිට්ල් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර් යන නම් වලින් හඳුන්වන සචින් ටෙන්ඩුල්කර්ගේ ක්‍රිකට් ජීරිතය ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක් තමයි ඔන්න මේ අවුරුද්දෙ මුලින්ම මම දෙන්න යන්නෙ. 1973 වසරෙ අප්‍රේල් 24 වෙනිදා බොම්බාය…

ලැබුවා වූ 2018 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!!! ඉන්දියාවේ සුපිරි වීරයා, ලිට්ල් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර් යන නම් වලින් හඳුන්වන සචින් ටෙන්ඩුල්කර්ගේ ක්‍රිකට් ජීරිතය ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක් තමයි ඔන්න මේ අවුරුද්දෙ මුලින්ම මම දෙන්න යන්නෙ.
1973 වසරෙ අප්‍රේල් 24 වෙනිදා බොම්බායේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක උපත ලද සචින් රමේශ් ටෙන්ඩුල්කර් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්බ කරන්නෙ වයස අවුරුදු 11දි. පසුව Ramakant Achrekar යටතේ පුහුනුව ලබන සචින් පාසල් ක්‍රිකට් තරග වලදීත් වාර්තා රැසක් පිහිටුවනවා.
ඔහු පලමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන්නෙ 1989 අවුරුද්දෙ පාකිස්තානයට එරෙහිව ඔහුට වයස අවුරුදු 16දි. එතනින් ඇරඹෙන ක්‍රිකට් දිවිය ගැන තමයි මේ චිත්‍රපටිය පුරාවටම ගලාගෙන යන්නේ.
ටෙස්ට් ශතක 51 ක් සහ එක් දින ශතක 49 ක් ඇතුලුව ජාත්‍යන්තර ශතක 100 ක නොබිඳිය හැකි වාර්තාවට හිමිකම් කියන ලොව එකම පිතිකරුවා වන්නේ මේ සචින් ටෙන්ඩුල්කර්. ඒ වගේම එක් දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කල සහ ජාත්‍යන්තර තරග වලදී ලකුනු 30000 සීමාව පසු කල එකම ක්‍රීඩකයාද වෙනවා.
සචින් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා 1996 අවුරුද්දෙදි. එහෙත් ඔහු එතරම් සාර්තක වන්නේ නෑ. ඉන්පසු 2000 අවුරුද්දේ ඔහු නායකත්වයෙන් අයින් වෙනවා ඔහු වෙනුවට Sourav Ganguly නායකත්වය හොබවනවා. නැවත 2007 දි Rahul Dravid නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව, නැවත සචින්ට නායකත්වය ලබා දීමට උත්සහ කලත් ඔහු ඒ වෙනුවට Mahendra Singh Dhoni හට නායකත්වය ලබා දෙනවා.
සචින් ටෙස්ට් තරග වලදී තරග 200කින් ලකුනු 15,921 ක් රැස් කර ගන්නවා. ඒ අතරට ශතක 51ක් සහ අර්ධ ශතක 68ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම කඩුලු 46ක්ද දවාගෙන තියෙනවා. එක්දින තරග වලදී තරග 463 කින් ලකුනු 18,426 ක් රැස් කර ගන්නවා. ඒ අතරට ශතක 49ක් සහ අර්ධ ශතක 96 ක් ලබාගෙන තියෙනවා. කඩුලු 154 ක් දවාගෙන තියෙනවා.
2011දි Wisden Cricketers’ Almanack විසින් ඔහුව Don Bradman ට පසුව බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ලෙසද, Viv Richards ට පසුව බිහි වූ විශිෂ්ටතම එක් දින පිතිකරුවා නම් කරනවා. 1994 දි Arjuna සම්මානයෙන් සහ 1997 දි ඉන්දීය ක්‍රීඩකයෙකුට හිමි ඉහලම ගෞරව සම්මානය වන Rajiv Gandhi Khel Ratna සම්මානයෙන් ද පිදුම් ලබන සචින් 1999 දි සහ 2008 දි Padma Shri සහ Padma Vibhushan සම්මාන වලින්ද පිදුම් ලබනවා. ඒ වගේම 2013 දී Bharat Ratna සම්මානයෙන්ද ඔහු පිදුම් ලබනවා.
අවුරුදු 24ක දායකත්වයෙන් පසුව සචින් 2012 දී එක් දින තරග වලින් විශ්‍රාම ගැනීමට තීරනය කරනවා. 2013 ඔක්තෝබර් මස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් ඔහුගෙ 200 වැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ටෙස්ට් තරගවලින්ද සමු ගන්නවා.
ඉතින් මේ සුපිරි පිතිකරුවා ගැන නිපදවුනු වාර්තාමය චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ James Erskine. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ A. R. Rahman. එ වගේම මේ චිත්‍රපටිය දමිල සහ තෙලිඟු භාශා වලින්ද හඬ කවා තිබෙනවා.
මේ චිත්‍රපටිය තිරගත වුනේ 2017 මැයි මාසෙ 26 වෙනිදා. හොඳ කොපියක් ඇවිල්ල සෑගෙන කාලයක් උනත් එක එක හේතු නිසා දෙන්න සෑහෙන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඒ වගේම පලවෙනි වතාවට තමයි වාර්තාමය චිත්‍රපටියකට උපසිරැසි කරන්න ලැබුනෙ. ඉතින් අමාරු වචන, නොදන්න ඒව වගේම සිංහල තේරුමක් නැති ඒවත් ඕනෙ තරම් තිබුනා. ඉතින් ඒ අවස්තාවලදි උදව් කරපු හසන්තයියට වගේම ධනුශ මල්ලිටත් බොහොම ස්තූතියි.
එහෙනම් ආයෙ තර චිත්‍රපටියකින් හමු වෙමු. සචින්ගෙ අවසන් තරගයෙදි පැවැත්වූ අවසන් කතාවෙන්ම ලිපිය අවසන් කරන්නම්.
කාලය ඉක්මනින් ගෙවී යාවි…
ඒත් ඔබ ඉතුරු කර යන මතකය…
සැමදා මා සමගම රැඳේවි….
විශේශයෙන්ම.
සචින්! සචින්!
ඒ හඬ මගෙ සවනේ රැව් දේවි…
මා හුස්ම ගැනීම නතර කරන තෙක්ම…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
6,715 downloadsDownload Sachin-2017.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
40 comments
Maleesha pathirana
shiranga
meka film ekak neme download karanna epa. torant download karanath ba seed 0 wai. you tube wath epa meka film ekak neme. program ekak wage ekak, download karala kelo ganna epa.
විමා
වාර්තාමය කැටගරි එකෙන් දාලතියෙන්නේ ඒක තමා.
Nerun Kalpajith Fernando
කොහෙන්ද ඩවුන් කරගන්නේ බං අයියේ ?
Maleesha pathirana
Maru...Tnx muthu...
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි නගෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````
DILAN ANUSKA
BALAGENAMA HITAPU AKAK THANKS
Ashen Weerasinghe
thank you
Kawi Jayasinghe
Tnx sis
Gandhaka Indrajith
Thanks for the subtitle
Yohan333
Thax bro sub ekata
Puluwanm herbeats dance movie eke sub eka karala dennko
ඩොක් අයියා
තැන්කු වේවා “දහරා මුතු අමා” නංගියෝ, ඔන්න එහෙනම් උපරැසිය බාගත්තා
තවත් එකක් කරමු නේදYohan333
Thax sis sub ekata
Puluwanm herbeats dance movie eke sub eka karala dennkoLucifer94
පට්ට මුවි එක මචන්.දෝනිගේ එක බැලුව.මේක ඊට වඩා සුපිරි ඇති කියල හිතානවැ.තැන්ක්ස් මචන් ..
Binu
Thanx for the sub
Kulanjana Maduranga
niayamai…thanks sis.sub ekata..digatama sub demu.jaya wewa……
Enuka
well don
madushanka
thanks sub ekata. jaya wewa!!!
nimalmax
tnkz sisi...
Shalitha Thiranjaya
Thank you wewa sub ekata.
Tharindu Sadaruwan
thanks bro
Nirosh C
ස්තුතියි සහෝදරී.ජයවේවා !
indika.prabath9
thanks for the sub sis
AsithaDilruwan
elama sahi thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Shanukaf49
Thanks sis
Viraj
sub ekata thanks sis.. jaya wewa!!
ushan dhanushka
filme eka gane khenda
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..මං හිතාගෙන හිටියේ ෆිලුමක් කියලා.ලිපිය කියෙවුවාම දන්නේ වාර්තාමය වැඩසටහනක් කියලා. කොහොම උනත් අනිවා බලන්න ඕනි..බුදුසරණයි ..ජය වේවා!
chathura1991
Thanks for sub
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.Iroshan Kumar
බොහොම ස්තුතියි උපසිරැසට... ජය වේවා!
Pawanwijerathne
Linck please dude
shanilka krish
bohoma pin wedi wediyen sub karanna lebewa
udarazzz
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
imal1993
torrent link eka dnna plvnm mcn
madhuranga_ranga39
thanks
sachinnn
Thank u very much. patta aasawen idiye me film eka balanna.digatama sub demu...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Maru...Tnx muthu...