Watch Trailer

Safe (2019) Sinhala Subtitle | ඇය පරිස්සම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕන. ලොකු අපරාධකාරයෙක්ට උනත්… දේශපාලනයට එන්න බොහොම ලේසියි. ත්‍රස්තවාදියෙක්ට උනත් එහෙමයි. මොකද ඒකට සුදුසුකම්වත්, ක්‍රියා පිළිවෙතක්වත් නෑ. එය වෙනස් විය යුතුයි, නැත්තං අපි වෙනස් කළ යුතුයි. ආයුබෝවන් බයිස්කෝප් මිතුරණි. සුපුරුදු පරිදි අදත් ගෙනාවේ මලයාලම් ෆිලුමක්.ඇත්තම කිව්වො…

අපි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕන.

ලොකු අපරාධකාරයෙක්ට උනත්…

දේශපාලනයට එන්න බොහොම ලේසියි.

ත්‍රස්තවාදියෙක්ට උනත් එහෙමයි.

මොකද ඒකට සුදුසුකම්වත්, ක්‍රියා පිළිවෙතක්වත් නෑ.

එය වෙනස් විය යුතුයි, නැත්තං අපි වෙනස් කළ යුතුයි.

ආයුබෝවන් බයිස්කෝප් මිතුරණි. සුපුරුදු පරිදි අදත් ගෙනාවේ මලයාලම් ෆිලුමක්.ඇත්තම කිව්වොත් මේ ෆිලුම හොයල කරමුද කියන අදහස දැම්මෙ සිසිල අයිය. මේ වගේ චිත්‍රපටියක් හොයල වෙන් කරල දුන්නට සිසිල අයියටත් බොහොම ස්තූතියි. ඉතිං කතාවට බහින්න කලින් මම චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියල ඉන්නම්. මේ චිත්‍රපටය CRIME | DRAMA | THRILLER කියන කාණ්ඩ වලට තමයි අදාල වෙන්නෙ. Aparna Gopinath, Anusree, Siju Wilson, Lachu, Mayookha Raj, Aji John, Divya Pillai, Mithun Ramesh ඇතුලු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙල තියෙනව. ටිකක් වෙනස් ගණයේ කතාවක්.

අධ්‍යක්ෂණය : Pradeep Kalipurayath

කතාව : Shaji Pallarimangalam

නිශ්පාදනය : Sarju Mathew, Shaji Pallarimangalam

IMDb අගය : 8.4/10

සංගීත අධ්‍ය : Rahul Subrahmanian

ධාවන කාලය : පැය 2 මිනිත්තු 24

නිකුත් වූ දිනය : 18 October 2019

දැන් බලමුකො කතාව ගැන. මුලින්ම මේකට සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයක් මම හඳුන්වා දීල ඉන්නම්. ශ්‍රේයා, අරුන්දතී, ස්වේතා, මහාදේවන්, වාමදේවන්, ලෙනින් ඉඩිකියුල… ඇතුලු විශාල පිරිසක් ඉන්නව. ශ්‍රේයා කියන්නෙ පොලිස් නිලධාරිනියක්. ඇයගෙ සහෝදරිය (ස්වේත) වසර 15 කට කලින් අතුරුදන් වෙනව. ඒ හේතුවත් එක්ක තමයි ඇය පොලිස් නිලධාරිනියක් වෙල තියෙන්නෙ. වාමදේවන් කියන්නෙ MLA කෙනෙක්. ඔහුගේ පුතා මහාදේවන්, වෛද්‍යවරයෙක්. එතකොට කවුද මේ අරුන්දතී? ඇය සමාජ ක්‍රියාකාරිනියක්. කතාව ආරම්භ වෙන්නෙ ශ්‍රේයා විසින් ලිංගික අපයෝජන 21 සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් එක්ක. එතනින් එහාට කතාව විවිධ සිදුවීම් දාමයක් ඔස්සේ ගලා යනව. මේ චරිත සියල්ල එකට එකතු වෙන්නෙ කොහොමද? මොකක්ද මේ කතාව? මොකක්ද වෙන්නෙ? මේ සියල්ල කුතුහලයෙන් යුතුව පැය 2 මිනිත්තු 24 පුරාවට නරඹන්න එකතු වෙන්න කියල මම ආරාධනා කරනව.

හැමදාම වගේ ඔබේ වටිනා අදහස් පහළින් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඉතිං ඔබේ හිතේ තියෙන දේ පහළින් අකුරු කරල යන්න අමතක කරන්න එපා. නැවතත් මේ චිත්‍රපටය හොයල වෙන් කරල දීපු සිසිල අයියටත් හැමදාමත් අපිට චිත්‍රපට රසවිඳීමට ඉඩ සලසන බයිස්කෝප් අඩවියටත් ස්තූතිවන්ත වෙනව. ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමු.

සුභ දවසක් වේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  True Web-DL පිටපත් සඳහා අදාළ වේ.

6,947 downloadsDownload Safe-2019.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

කසුන් ජලිත

Subtitles

6,947 downloadsDownload Subtitles50 KB

12 comments

  1. Isuru minipa

    Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Anukta 2018 Kannada Movies deka denna supiri Thriller film dekak

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. chandikaranaweera

    ela broo

  4. melinda

    thanks

  5. thilz

    thank u very much

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Niharika

    Demistifying...superb.

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  9. nish47

    ස්තූතියි සහෝ

  10. Anonymous

    Thanks bro

  11. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  12. charitha kelum

    rhanks