Watch Trailer

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්…

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ අතෙහි වූයේ උල් ආයුධයකි. තමන් මෙතෙක් විඳි දුක් ගැහැට අවසන් කළ හැක්කේ මේ උල් ආයුධයට පමණි! තෝන්ගේ අත වේගයෙන් ඉහළට එසැවිණි.

“ඕක බිම දානවා!”

ශාලාව පුරා නිම්නාද වූ හඬ දෙස තෝන් බැලුවේ එක් වරක් පමණි. නැවතත් ඔහු තමාගේ කාර්යයට සූදානම් විය. එක් වරම කන් බිහිරි කරවන වෙඩි හඬක් ඇසුණි….”

************

ජූනි 6 වනදා උදෑසන 6 ට තමන්ගේ පවුලට එකතු වූ කුළුඳුල් දරුවා ඒ මොහොතේම මියගොස් ඇති පුවත සැලවූ තෝන් මහතා අසිහියෙන් මෙන් රෝහල වෙත ගමන් කළේය. තම බිරිඳට මෙම සිද්ධිය නොපැවසූ ඔහු ඒ මොහොතේම, දරුවෙකු, දරුකමට හදා ගැනීමට තීරණය කරයි. කිසිදු ඥාතියෙකු නැති, “ඩේමියන්” යනුවෙන් නම් තැබූ ඒ හුරුබුහුටි කුඩා දරුවා, තෝන් පවුලට සතුට ගෙනාවේය. ඒ අවුරුදු පහක් යන තුරු පමණි. අර්බුදධය පටන් ගන්නේ, සාදයක් අතරතුර ඩේමියන්ගේ ආයම්මා, සියල්ලන් ඉදිරිපිට ගෙල වැළලාගෙන මිය යාමෙනි. ඉන් පසු සිදු වන්නා වූ සියලුම අසාමාන්‍ය සිදදුවීම් දාමය, තෝන් පවුලට ගෙන දුන්නේ අභාග්‍යයක්ම පමණි. තෝන් හට තම දරුවා කෙරෙහි සැකයක් උපදින්නේ මේ අතරතුරය ඒ, පූජක බ්‍රෙනන්ගේ අනතුරු ඇඟවීමත් සමඟය.  “යක්ෂයාගේ දරුවා! ඔහු ඔබේ වන සියලු දෙයක්ම විනාශ කර දමාවි!” පුවත්පත් වාර්ථාකරු කීත් ජෙනින්ග්ස් හා මේ අසාමාන්‍ය සිදුවීම් වල සුලමුල සොයා හඹා යන් තෝන් තමන් මෙතෙක් අත් නොවිඳි භීතියකට කම්පනයකට මුහුණ දෙයි.

“666!”

ඔව්! යක්ෂයාගේ සලකුණ! අවසානයේ තෝන් හට, තමන් මෙතෙක් හදාවඩා ගෙන ඇත්තෙ, මිනිස් දරුවකු නොව යක්ෂයාගේ පුත්‍රයා බව තේරුම් යන විටත් ප්‍රමාද වැඩි වී තිබිණි!

ඉතින් අවසානයේ කුමක් වෙයිද?

චිත්‍රපටිය තිරගත වූ දින එනම්, 1976-6-6 දින ප්‍රේක්ෂකාගාරය මහත් භීතියට පත් කරමින්, චිත්‍රපටයේ නළු නිළියන්, කාර්ය මණ්ඩලය සැබෑ ලෙසම අනතුරේ හෙළමින් හෝ මරණයට ළං කරමින්, Imdb අගය 7.5/10 ක් ගෙන, 1977 Academy සම්මාන උළෙලේ හොඳම සංගීතයට හිමි සම්මානය දිනූ, මේ චිත්‍රපටියථ මඟහැර ගන්නෙ කොහොමද?

ප.ලි.
මං ඩවුන්ලෝඩ් කරපු චිත්‍රපටියේ, උපසිරැසි ගොනුවේ පේළි ගාණ මං පස්සෙ දැක්කෙ. කීයද දන්නවද? 666 යි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

2,979 downloadsDownload The-Omen-1976.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,979 downloadsDownload Subtitles30 KB

17 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ !!!

  2. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  3. tharindu gunarathna

    thank you

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට

  5. Hashan M. Priyadarshana

    Damien Omen II (1978)
    Omen III - The Final Conflict (1981)
    Omen IV - The Awakening (1991)
    මේවටත් සබ් දෙනවද :) :)

  6. Lakshansilva18

    Balala thiyenawa hoda film ekak. Frailty (2001) movie ekatath sub dennako

  7. thushararox

    ape iskole ithihasaya sir dawasak oka gana kiwwa,

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම මේ වගේ පරණ උනත් හොද ෆිල්ම් හොයලා සබ් දෙනවට බොහොමත්ම ස්තූතියි....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Malinda

    කුමාර සිරිවර්ධන මහතා සිංහලට පරිවර්ථනය කල ද ඕමන්, සහ ඕමන් 2 - ඩේමියන් කියන පොත් දෙක මියුසස් ප්‍රකාශන සමාගමෙන් ගන්න පුළුවන්.

    සබ් එකට ස්තූතියි.

  11. Dewadithya

    Thanks for sub!

  12. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  13. sanjeewakbg

    thanks bro..

  14. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request.....

    Omen 2 - 1978
    Omen 3 - 1981
    Omen 4 - 1991

  15. Malith Samarawickrama

    Thanks machan sub ekata

  16. Prabodha Jayakody

    Thanks...

  17. 777

    me series eke anith film vltath sub dennko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.