භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ ශෝකයට පත් භාර්යාවක අතරට මැදි වන්නට එහිදී ඔහුට සිදු වේ. වසරින් වසර කාලය ගතව යද්දී සමින්දාර් මන්දිරය…

භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ ශෝකයට පත් භාර්යාවක අතරට මැදි වන්නට එහිදී ඔහුට සිදු වේ. වසරින් වසර කාලය ගතව යද්දී සමින්දාර් මන්දිරය ක්‍රමයෙන් ගරා වැටෙයි. එහි නිවැසියන්ගේ ජීවිත ගරා වැටෙන්නේද එලෙසින් ම ය. පැරණි වැඩවසම් සමාජ ක්‍රමය ගරාවැටී නව සමාජ ක්‍රමයක් හිස ඔසවයි.
මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය සඳහා මා විසින් තෝරා ගැනුණු “සහීබ් බිබී ඖර් ගුලාම්” නම් හින්දි චිත්‍රපටයේ කතා සන්දර්භය මෙයයි. වංග නවකතාකරු “බිමාල් මිත්‍ර”” විසින් රචනා කෙරුණු “සාහේබ් බිබී ගොලාම්” වංග නවකතාව ඇසුරින් “ගුරු දත්” විසින් 1962 වර්ෂයේදී නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය හින්දි සිනමාවේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ සෞන්දර්යාත්මක සිනමා කාව්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය. සාහේබ්ගේ භාර්යාව වශයෙන් මීනා කුමාරී තම සිනමා ජීවිතයේ විශිෂ්ටතම රංගනය ඉදිරිපත් කරන්නීය. සාහේබ් සහ බිබී අතරට මැදි වූ මස්සිනාගේ චරිතය ගුරු දත් විසින් මැනැවින් ඉදිරිපත් කෙරේ.
මෙම චිත්‍රපටයේ සංගීතය “හේමන්ත් කුමාර්” විසිනි. බෙංගාලි ජන සංගීතය සහ උතුරු ඉන්දීය රාගධාරී සංගීතය ඇසුරින් සැකැසුණු මනරම් පසුබිම් සංගීතය කතාවේ පවතින ශෝකාකූලභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත. “ගීතා රෝයි, ආශා බෝස්ලේ සහ හේමන්ත් කුමාර්” විසින් පසුබිම් ගීත ගායනා කරනු ලබයි.
1962 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, ඇතුළු සම්මාන හතරක් හිමිකරගැනීමට මෙම චිත්‍රපටය සමත් වන අතර සම්මාන අටක් සඳහා නිර්දේශ වීය. එම වසරේම බෙංගාලි ජනමාධ්‍යවේදීන්ගේ සංසද සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහය නළුවා ඇතුළු සම්මාන පහක් හිමිකරගැනීමටද මෙම චිත්‍රපටය සමත් වී ඇත.
නැවත නැවතත් නරඹා රස විඳිය හැකි සිනමා නිර්මාණයක රසය ඔබ සමග බෙදාහදා ගැනීමේ අරමුණින් මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ සඳහා අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියට මාගේ ස්තූතිය පුදකරන අතර සහෘද ඔබගේ අගය කිරීම් සෑම විටම මා දිරිමත් කරන බව සිහිපත් කරමි. ඉදිරියේදී තවත් උපසිරැසි නිර්මාණ සමග හමුවන අපේක්ෂාවෙන් ඔබෙන් සමුගනිමි.
Due to copyright issues, we do not provide any torrent links.
Sahib Bibi Aur Ghulam_news_IndianCinemaFans.Com
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
242 downloadsDownload Sahib-Bibi-Aur-Ghulam-1962.Baiscopelk.com_.rar41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Vajira-Rathnayake.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
22 comments
Tharaka
Vajira Rathnayake
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි, ඔබගේ ඉල්ලීම ඉදිරියේදී ඉටු කරන්නට උත්සාහ ගන්නම්.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
ela saho
Seo spider
Thank you.
Withanage Priyantha Dayakeerthi
පැරණි හින්දි චිත්‍රපට හිඟයක් පවතින මේ වෙබ් එකට ඔබ වැනි රුචිකත්වයක් තියෙන කෙනෙක් ගොඩක් වටිනවා. මමත් "පැරණි හින්දි චිත්‍රපට පිස්සෙක්" කිව්වොත් ඒ නිර්වචනය නිවැරදියි. "විතානගේ ප්‍රියන්ත" නමින් මා කළ පැරණි හින්දි චිත්‍රපට අටක් පමණ මෙම වෙබ් එකේ දැනට තිබෙනවා. Dosti, Sangam, saathi, Aye milan ki bela, Mera nam joker, Anari, An evening in Paris, Boot polish...ආදී ලෙස, ඒ ගොනුව සඳහා ඔබත් එක්වන්න කියා මා සුහදව ආරාධනා කරනවා! ඔබේ මෙම නිර්මාණය මම අනිවාර්යයෙන් නරඹනවා. හැකිනම් 1959 තිරගත වූ ''Sujatha'' පැරණි හින්දි සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන්න, ස්තුතියි!
Vajira Rathnayake
ඔබට ස්තූතියි හිතවත. සුජාතා(1959) සහ බන්ධිනි(1960) යන චිත්‍රසපට දෙක මේවන විටත් මම ටොරන්ට්වල සොයමින් ඉන්නේ. තවමත් චිත්‍රපටවල පිටපත් හෝ උපසිරැසි ගොණු හෝ සොයාගැනීමට ලැබුණේ නෑ. ලින්ක් එකක් සොයා දෙන්න පුළුවන්ද? ඔබගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉටු කරන්නම්.
Vajira Rathnayake
බන්ධිනි (1962) වශයෙන් නිවැරදි විය යුතුයි
අසංක ප්‍රදීප් රණතුංග
Sujata 1959 චිත්‍රපටයේ යු ටියුබ් එකේ සහ Veoh අඩවියේ සම්පුර්ණ පැහැදිලි පිටපතක් තියනවා. ඒක බාගත කර ගන්න. මම හිතන්නේ ඔයාට සාමාන්‍ය විදියට උපසිරසි ගොනුව අන්තර්ජාලයෙන් සොයා ගන්න බැ. මොකද එය තිබු සර්වර් වලින් ඉවත් කරලා තියෙන්නේ. ඒත් මට උදව්වක් කරන්න පුළුවන්. මම ඔයාට ඒ උපසිරසි ගොනුව අරන් දෙන්නම්. කැමැත්තක් තිබේ නම් gapanet ඇට් ජීමේල් ඩොට් කොම් කියන ඊමේල් එකෙන් මාව සම්බන්ද කර ගන්න. මම දෙන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් ඒකයි උපසිරසි ගොනුවයි.
Withanage Priyantha
ඒ වාගේම Geet(1970), Junglee(1961), Aah(1953), Devdas(1955), Dil apna aur preeth paraye(1960), Arzoo(1965), suraj(1966), Azaad(1955) යන පැරණි හින්දි චිත්‍රපට සඳහා මා උපසිරසි කර අවසන්. ඒවා ළඟදීම වෙබ් එකට ලබා දෙනවා. එය මා දැනුවත් කළේ ඒවායින් එකක් තෝරාගෙන ඔබ උපසිරසි කළහොත් මහන්සිය අපතේ යාවිද කියා සිතූ නිසායි. මා හට ශ්‍රී 420 සහ දේව්දාස් සිනමාපට දෙකට එසේ වුවා. ඒ ඊට පෙර මා එම චිත්‍රපට මෙම වෙබ් එකෙන් වෙන්කර ගෙන තිබුණේ නැති නිසා. එය මාගේ වරදක්.
Isuru
thanks machan
ප්‍රේමකුමාර
බොහොම ස්තූති උපසරැසියට.
ප්‍රේමකුමාර
මෙම චිත්‍රපටයට අදාළ ටොරන්ට් ගොණු කිහිපයක් අන්තර්ජාලයෙන් සොයා ගැනීමට පුලුවන් වුනත් ඒ එකක්වත් බා ගැනීමට නොහැකි විය. සමහර පිටපතකට සීඩ් ඇත්තේ ම නැත. එම්.බී.750ක් පමණ ඇති පිටපතකට සීඩ් අත්තේ එක් අයෙකි. එයත් ඉන්දියාවෙන් නිසා තත්පරයකට කිලොබිට් 7ක්වත් ලැබෙන්නේ නැත. මෙම චිත්‍රපටය පරිවර්තනය කොට දීමෙන් සිදුකළ අගනා මෙහෙවර අර්ථවත් වීමට නම් මෙයට යම් මැදිහත් වීමක් කළොත් හොඳයි නේද? ඩිරෙක්ට් ලින්ක් එකක්වත් සැපැයිය හැකිද? යූ.ටියුබ් එකේ තියෙන පිටපතට මෙම උපසිරැසි ගොණුව ගැළැපෙනවාද? මේ ගැන දන්නේ නම් දැනුවත් කරන මෙන් ඉල්ලමි. මෙම චිත්‍රපටය බයිස්කෝප් එල්කේ එකෙන් දුන්නාට පසු ටොරන්ට් මඟින් බා ගැනීමට හැකි වූ ඇතැයි නො සිතමි. එසේ සිටීනම් එය දැනගනු රිසියෙමු. වජිර සහෘදයාණෙනි, මෙම චිත්‍රපටය අපගේ අවධානයට යොමු කළාට නැවැත වරක් ඔබට තුති පුදමි.
Vajira Rathnayake
Sahib Bibi Aur Ghulam MonoColour යනුවෙන් යූ ටියුබ් හි තිබුණු පිටපතකට මේ උපසිරැසි ඉතාමත්ම හොඳින් ගැලපුණා. ඒත් දැන්, මම සර්ච් කරපු වෙලාවේ ඒ පිටපත යු ටියුබ්වල හොයාගන්න බැරි වුණා.
අසංක ප්‍රදීප් රණතුංග
ටොරන්ට් පිටපත් නොතිබුනත් හොඳ වීඩියෝ පිටපත් කිහිපයක්ම තියනවා. hindilinks4u ගුගල් මගින් සර්ච් කර උඩින්ම ලැබෙන වෙබ් අඩවියට පිවිස මෙම නම සර්ච් කරන්න. ඔයාට පිටපත වීඩියෝ ලැබේවි.
ප්‍රේමකුමාර
බොහො ම ස්තූති, අසංක ප්‍රදීප් රණතුංග සහෘදයාණෙනි. ඔබ කී ලින්ක් එකෙන් මෙම සිනමා පිටපත ලබා ගත්තා. එයට මෙම උපසිරැසි මැනවින් ගැළැපේ. යූටියුබ් එකෙන් බා ගත් පිටපතෙහි ගුණාත්මක භාවය මෙම පිටපතට වඩා හොඳය. එහෙත් උපසිරැසිය නොගැළැපේ. මෙම චිත්‍රපටයේ රුව ගුණ විඳගන්නට උපකාර කළ සැමට පින්.
Tharanga Sandakelum Weerathunga
බොහොම ස්තූතියි... මේකෙ තියෙන භවරා බඩානාදාන් කියන සිංදුව මම ගොඩක්ම කැමති එකක්...
Vajira Rathnayake
මමත් ගොඩක් ප්‍රිය කරන ගීතයක්. මේ ගීතයට ගීතා දත් තොරා ගැනීම ඉතාමත්ම නිවැරදි තීරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
praneeth madu
නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilakarathna
මෙම පැරණි, චිත්‍රපට නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්…
Ravi Prasad Kalupahana
great work. I am looking for to see your next work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මට කාල භේදයක් නෑ. ලස්සනනම් ඕනම කාලයක ෆිල්ම් එකක් බලනවා.
මේ වගේ අපි නොදැකපු අපේ කාලයේ නොවන ලස්සන පැරණි සිනමා නිර්මාණ වලට ඉදිරියටත් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
කරන්න හැකිනම්, කරදරයක් නොමැතිනම් ඉල්ලීමක් කරනවා. ඔයාට පුළුවන්නම් Malgudi Days (1987) ටීවී සීරිස් එකටත් සබ් ලබාදෙන්න සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.