Watch Trailer

Bling (2016) with Sinhala Subtitles | මුද්දක් කල හදියක් [සිංහල උපසිරසි සමඟ]

මේ මම කියන්නේ තනිකර කාටූන් රසිකයෙක්. බයිස්කෝප් එකට එවන, දෙවන උපසිරසිය විදියට මම තීරණය කලේ කාටූන් එකක් කරන්න. මේ දවස් වල බයිස්කෝප් එකේ හාස්‍ය ජනක සහ පැරණි සම්භාව්‍ය චිත්‍රපට උපසිරසි වැඩි වශයෙන් නිකුත් උනා කියලා මම හිතනවා. ඒවාට වගේම මේ වගේ සරල ඇනිමේෂන් කාටුන් එකකට ප්‍රිය කරන පොඩි ඈයොන්ටත් විස්සේ තිහේ…

Bling 2016

මේ මම කියන්නේ තනිකර කාටූන් රසිකයෙක්. බයිස්කෝප් එකට එවන, දෙවන උපසිරසිය විදියට මම තීරණය කලේ කාටූන් එකක් කරන්න. මේ දවස් වල බයිස්කෝප් එකේ හාස්‍ය ජනක සහ පැරණි සම්භාව්‍ය චිත්‍රපට උපසිරසි වැඩි වශයෙන් නිකුත් උනා කියලා මම හිතනවා. ඒවාට වගේම මේ වගේ සරල ඇනිමේෂන් කාටුන් එකකට ප්‍රිය කරන පොඩි ඈයොන්ටත් විස්සේ තිහේ අපි වගේ පොඩ්ඩන්ටත් මේක වටීවි කියලා මම හිතනවා. ඉතින් දිග විරාමයකින් පස්සෙ සයිට් එකේ පල වෙන කාටුන් එක ගැන විස්තර ටිකක් කියන්නම්.

මැඩ්ස් (සෑම්) කියන්නේ රොබෝ මිකැනික් කෙනෙක්. එයා පොඩි කාලෙ ලව් එකට විවාහ යෝජනාවක් කරන්න පට්ට කට්ටක් කනවා. ඒත් හැම වෙලේම ඒක කණපිට යනවා. ඉතින් අලුත්ම අලුත් ප්ලෑන් එකකුත් හදාගෙන මෙයා වැඩේට බහිනවා. ඒකට මිනිහා තමන්ගෙ සබ්බ සකලමනාවම දීලා වටිනා මුද්දකුත් මිලදී ගන්නවා. මේ මුද්ද තමයි කතාවේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ. මැඩ්ස්ගේ සේරම දුකට සැපට ඉන්නේ එයාගෙ රොබෝලා සෙට් එක. එක එක හැකියාවන් තියෙන මේ රොබෝලා තමයි මැඩ්ස් ගේ යාලුවෝ. එයාලා තමයි අර ලව් එක ගොඩ දාගන්න උදව් කරන්නෙත්. ඔස්කා කියන්නෙ මේකෙ ඉන්න දුෂ්ඨයා. එයත් රොබෝ තාක්ශනයේ හපනෙක්. එයාට ඉන්නවා සෑහෙන විනාශකාරී දුෂ්ඨ රොබෝ සගයෙක්, වික්ටර් කියලා. මේ ඔස්කා ටත් තියෙනවනෙ ලව් එකක්. එයත් මේ ලව් එක ගොඩ දාගන්න හදන්නෙ මුද්දකින්. හැබැයි මේක තාක්ෂණික මුද්දක්. ඒකෙන් කරන්නෙ එයාගෙ නව තාක්ෂණික ආයුද හසුරවන එක. ඉතින් දවසක් දා මේ මුදු දෙක මාරු වෙල අලි ජරමරයක් වෙනවා. එතැන් ඉඳන් කතාව යන හැටි ඔයාල බලලා දැන ගන්න එක හොඳයි. හොඳට හිනා වෙත හැකි. ඒ අස්සේ යන ආදර කතන්දර දෙකත් විඳින්න පුලුවන් ආසාවෙන්.

මේ කතන්දරේ අධ්‍යක්ෂණය කරන්නේ  Kyung Ho Lee සහ Wonjae Lee එකතු වෙලා. Taylor Kitsch විසින් මැඩ්ස් ගේත්, Jennette McCurdy විසින් සූස් ගේත් හඬ සඳහා දායකත්වය ලබා දෙනවා. මීට අමතරව James Woods වික්ටර් සඳහා, Carla Gugino කැතරින් සඳහා, Jason Kravits ඔස්කා සඳහා, ආදී වශයෙන් තම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. මේ සබ දීලා තියෙන්නේ 1080p කොපියට උනත් 720p brrip එකටත් ගලපගන්න අමාරුවක් නෑ. අනිත් එක තමයි, මේ සබ් එක කරද්දි මම තෝරගත්තු කොපියේ තිබ්බ භාශාව වෙනස්. ඒ හින්දා තිබ්බ නම් ගම් ටිකක් වෙනස්. හැබැයි සබ් එක එකමයි. කතාව රස විඳින්න ඒකෙන් හිරිහැරයක් නෑ. ඉතින් මේ පැය 1යි මිනිත්තු 22 පුරා දිවෙන IMDB මීටරේ 4.8/10 ලකුණු රේටින් එකක් හම්බ වෙච්ච පට්ට ඇනිමේෂන් එක බලලා අදහසක් කියලා යන්න.

Bling (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,964 downloadsDownload Bling.2016.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,964 downloadsDownload Subtitles25 KB

19 comments

  1. mirage

    Thanks machan me sub ekata. jaya wewaa. machan ‘Popstar: Never Stop Never Stopping’ film ekata sub dennako. patta joke film eka.

  2. ඉෂාන් මදුෂ

    එහෙනම් ඉතින් දිගටම කාටුන් ඕන බ්‍රෝ.ජැපනිස් ඇනිමි වලටත් උපසිරැසි
    කරන්න බලන්න.උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!

  3. වයන්ත

    ගොඩක් ස්තුතියි සහෝ sub එකට මමත් කාටුන් පිස්සෙක් තමයි
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු,
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  4. Lahiru Lakmal

    Thanks for sub.

  5. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴......................good...............luck......෴෴

  6. Sajith Anthony

    Cartoon කිව්වම අනිවා බලනව ඉතින් :P
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  7. Asitha

    elama thanks

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  9. Amila Madhusankha Kumarathilaka

    ela ela sub ekata thnx

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kalana Wasala

    Thankzzzz bro sub akata
    The.Secret.Life.of.Pets.2016 me movie akatath sub dendako

  12. D.Chamara

    bohoma sthuthi sahooo jaya....

  13. praneeth madu

    ela saho

  14. NALIN

    Thanks for Subtitle...!
    Please Subtitle for This

    Central Intelligence [2016]
    Kickboxer Vengeance [2016]
    Skiptrace [2016]
    The Secret Life of Pets [2016]
    Tooooooo............

  15. mikhail

    thx u..., :)
    japan anime akakuthi
    damu... ;)

  16. Asanka

    Tnx sub ekata.
    Dragon ball cartoon series eke sub danna puluvanda

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sachintha Kalhara Benet

    Thank You!

  19. mindika

    Thanks !!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.