මේක මගේ පළවෙනි උපසිරැසිය. ඇත්තටම මම මේක හැදුවෙ අපේ අයියගෙ දුවට බලන්නත් එක්ක කියලයි. හැබැයි ඉතින් දුව තවම මොන්ටිසෝරි යන්නෙ, අවුරුදු දෙක තුනක් ගියාම හරි එයා මේකෙන් වැඩක් ගන්නෙ නැතෑ නේද? කොහොම උනත් උපසිරැසිය හදල කාලයක් වෙනවා, උපසිරැසි හදල ගෙදර නිකම් තියගෙන ඉදල වැඩක් නැති හින්ද වගේම තවම කවුරුත් මේකට උප…
මේක මගේ පළවෙනි උපසිරැසිය. ඇත්තටම මම මේක හැදුවෙ අපේ අයියගෙ දුවට බලන්නත් එක්ක කියලයි. හැබැයි ඉතින් දුව තවම මොන්ටිසෝරි යන්නෙ, අවුරුදු දෙක තුනක් ගියාම හරි එයා මේකෙන් වැඩක් ගන්නෙ නැතෑ නේද? කොහොම උනත් උපසිරැසිය හදල කාලයක් වෙනවා, උපසිරැසි හදල ගෙදර නිකම් තියගෙන ඉදල වැඩක් නැති හින්ද වගේම තවම කවුරුත් මේකට උපසිරසි ලබා නොදීපු නිසා මට හිතුන මේක බයිස්කෝප් එකට එකතු කරන්න. උපසිරැසි හදද්දි ‘මධුර ඩික්ෂනරි’ ය මට ගොඩක් උදවු වුනා. මොකද මගේ English දැනුම ගොඩක් හොද මට්ටමක තිබුනේ (දන්නවානේ) .
මට ෂුවර් මේක සීයට අනූ අටක්, අනූ නමයක් නිවැරදියි කියල, ඒත් වැරැද්දක් දැක්කොත් නිවැරදි කරල මේක අප්ඩේට් කිරිමේ සම්පූර්ණ අයිතිය ඔයාලට තියෙනව. ඒ නිසා කිසිම නමක් ගමක් නැතිව මේක ඉදිරිපත් කරනවා. ෆිල්ම් එක මැද්දෙ ඇඩ් කෑලි යනවට මම කොහොමත් කැමති නෑ. ඒ නිසා ඔයාලත් ඒක දිගටම ආරක්ෂා කරයි කියල හිතනවා. කොහොම උනත් මේක ගොඩක් හිතට දැනෙන ෆිල්ම් එකක් වෙයි කියල නම් මට විස්වාසයි. මේ ෆිල්ම් එක සිංහල උපසිර්ස එක්ක ටීවී එකේ ගියත් ඒ උපසිර්ස එක හදල තිබුනෙ යලට මහට වගේ. ඉතින් ඔයාලට සම්පූර්ණ උපසිර්සයම මේ සමග ලැබෙනවා.
දැන් ෆිල්ම් එක ගැන කියනව නම් මේක ළමා ෆිල්ම් එකක්. හැබැයි බාල මහළු වෙනසක් නැතිව රසවිදින්න පුළුවන් විදියෙ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් විදියෙ ආදර්සමත් ෆිල්ම් එකක්. කතාවට අනුව හොදම යෙහෙලියො දෙන්නෙක් (අඹ යෙහෙලියෝ) නිවාඩුවට පස්සෙ පාසලේදි හමුවෙනව. හැබැයි එක්කෙනෙක් අළුතින් තවත් යෙහෙලියක් හොයාගෙන. ඒ අතර පාසැල් අරමුදලෙ හිඟතාවක් නිසා එක යෙහෙලියකගෙ චිත්‍ර පංතිය නවතිනවා. ඉතින් මේ අළුත් යෙහෙලිය නිසා අඹ යෙහෙලියන් අතර ඇතිවෙන හිත නොහොද කම, ඉරිසියාව, දුක වගේම නැවතුන චිත්‍ර පංතිය ආපහු පටන් ගන්න මේ ගොල්ලො එකතුවෙලා කරන දේවල් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. මේ දෙන්න ආපහු හොදම යෙහෙලියන් වෙයිද, ඒ අතරට තවත් අය එකතු වෙයිද, චිත්‍ර පංතිය ආපහු පටන් ගන්න පුළුවන් වෙයිද කියන එක ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නෙ. මට හිතෙන විදියට මේ ෆිල්ම් එක පොඩි කට්ටිය බලන්නම ඕනි වටින ෆිල්ම් එකක් ( ලොකු අයටත් අවුලක් නෑ හොදේ). ලස්සන සිංදු එහෙමත් තියෙනවානේ. බාලම බලන්නකෝ එහෙනම්, ඔය කියෙවුව මදෑ නේද?
450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
334066E960F8E73B9377572AE69B4F3990EEE33C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
953 downloadsDownload Saige-Paints-the-Sky-2013.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කපිල හර්ෂන් ලියනගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කපිල හර්ෂන්
Subtitles
29 comments
ඉසු ඩිපි (Isu DP)
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජයවේවා!!Tharindu
Palaweni subata suba pathum.... bohoma sthuthi....:)
Sisira Hegoda
ස්තූතියි. බාප්පගේ දෝනිටත් ස්තූතියි.
yasiru jayasunadara
Palaweni wadeta suba pathum saho.
thawath upasirasi denna
sathuthiy oyatai dhoni tai dennatama
********Jaya**********kavinda
බොහෝම ස්තුතියි උපසිරැසියට.
camara
thank you
danuka
පලවෙනි වැඩේට සුබ පැතුම්
hasini
අපේ නංගි මේක ආසාවෙන් බලාවි බොහෝම ස්තුතියි උපසිරැසියට.
rohana
මමත් මේ වගේ කථා වලට ගොඩාක්ම කැමතියි
prabhath
godaak thanks niyama wadak
එල්.සී. දමැල්
පළමු උත්සහයට සුභ පැතුම්.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා කපිල සහෝ...
වැඩේ අතාරින්න එපා ඕණ කෙනෙක්ගෙ මුල් උත්සහයන්වලදි අඩුපාඩු තියෙනවා ඉතින් දිගටම සබ් දෙද්දි ඔයාටත් හොරා ඔයාගෙ දැනුම දියුණු වේවි...
මේ සලරුව නම් අනිවා බෑමක්...
උපසිරසට තුති...
ජය...Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KAPILA Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම්ම උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
සබ් එකට තැන්ක්ස්…
me
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
කෙල්ලෝ ටිකකගේ විකාරයක් වගේ නේද? :p
ඒකට කමක් නෑ... ඉඩ තියෙන වෙලාවක බාගෙන බලනවා. (අනිවා බලනවා)ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා වගේම,
පලමු උපසිරැසියට සුබපතනවා. :)
ලඟඳීම තවත් උපසිරැසියකින් හමුවෛමු.**// අනිත් එක තමයි උපසිරැසිය වගේම ඔයාගේ දැනුමත් දියුණු කරගන්න හොඳම
ක්‍රමය තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරිය. ඒක නිසා මධුර වලට වඩා ඒක පාවිච්චි කරන්න :)ආයු -බෝ -වේවා !!!
Budsara
නියමයි.. ගොඩක් ආදර්ශවත් වැඩක්... මටත් පේන්නම බැරි දෙයක් තමයි ෆිල්ම් එක මැද්දෙන් ඇඩ් යන එක.. මේ ෆිල්ම් එක එහෙම නෑ කියලා කියන හින්දම බානවා...
indika
thn Q :)
Manjula Kumara
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !kanchana
jaya wewa .. palawini subata thuthi
isuru
1st sub ekata suba pathum!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….thilina
සම්පූර්ණ අයිතිය ඔයාලට තියෙනව. me wadana hithata weduna, thanks
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි කපිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයAnonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Saige Paints the Sky (2013) | අඹ යෙහෙලියෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Saige-Paints-The-Sky-2013-.jpg)

සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !