ඔන්න එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ඉක්මනටම ආවා. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මරාටි චිත්‍රපටයක්. ලෝකේ මොන රටක හදපු, මොන භාෂාවක චිත්‍රපටයක් වුනත්, චිත්‍රපටය හොඳයි නම් අපේ කට්ටියට බලන්න අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ චිත්‍රපටිය මට භාරදුන්නේ අපේ විමා සහෝ. ඉතිං, ප්‍රථමයෙන්ම විමාට ස්තුතිවන්ත…

ඔන්න එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ඉක්මනටම ආවා. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මරාටි චිත්‍රපටයක්. ලෝකේ මොන රටක හදපු, මොන භාෂාවක චිත්‍රපටයක් වුනත්, චිත්‍රපටය හොඳයි නම් අපේ කට්ටියට බලන්න අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ චිත්‍රපටිය මට භාරදුන්නේ අපේ විමා සහෝ. ඉතිං, ප්‍රථමයෙන්ම විමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ චිත්‍රපටියක් ලබා දීම වෙනුවෙන්.
චිත්‍රපටය ගැන කතා කරනවා නම්, මේක ගොඩක් කතා බහට ලක්වුණු චිත්‍රපටයක්. තිරගතවූ මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටී 3.6 ක ආදායම් වාර්තාවක් තබමින් සියලු දෙනාගේම අවධානය දිනාගනිමින්, එදාමෙදා තුර මරාටි චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායමක් උපැයූ චිත්‍රපටිය මෙන්ම, ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායම් වාර්තාව පසුකළ පළමු මරාටි චිත්‍රපටය ලෙසද මෙම චිත්‍රපටය දැනටමත් ඉතිහාසගතවී හමාරයි. ඒ වාගේම 66 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උත්සවයේ 14ට වැඩි කාණ්ඩය සඳහාද මෙම සලරුව තේරී පත්වනවා. එමෙන්ම, 63 වෙනි ජාතික චිත්‍රපට ඇගයීමේදී මෙම චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබාගැනීමට Rinku Rajguru සමත්කම් දක්වනවා. ඒ මෙම චිත්‍රපටය වෙනුවෙන් ඇයගේ අති විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන්. ඒ වගේම IMDB දර්ශකයේ ප්‍රේක්ෂකයන් තුන්දහසකට වැඩි මනාපයන් ප්‍රමාණයකින් 8.9ක් වැනි ඉහලම අගයක් කරා පැමිණීමටද සමත් කම් දක්වා තිබෙනවා.
චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සුන්දර ගම්මානයක්. කතාවේ ප්‍රධාන චරිතය, පර්ශ්‍යා. පාසලේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්. ඉගෙනීමට දක්ෂ මෙන්ම ගෙදර දොර වැඩ පල ආදියටද උදව් උපකාර කරන දක්ෂ සිසුවෙක්. අත මිට කාසි සරුවට නැතිමුත්, සතුටින් ජීවත් වුන පවුලක දරුවෙක්. මේ පර්ශ්‍යාට ඉන්නවා යාළුවො කණ්ඩායමක්. පාසලේ සම වයසේ යහළුවන් වන මොවුන් සමගින් ඔහු ඉතාමත් කෙළිදෙලෙන් පසුවෙනවා. ඒ වගේම පර්ශ්‍යාගේ හිත ගත් එක් තරුණියක්ද සිටිනවා.වෙන කවුරුත් නෙමෙයි. එම ප්‍රදේශයේ ධනය සහ බලය අතින් ඉතාමත්ම ඉහලින් සිටින වංශවතෙකුගේ දියණිය සමගිනි. ඇය නමින් අර්චනී.එත්, කවුරුත් කතා කරන්නේ ආර්චි කියලා. මේ ඒක පාර්ශවික ආදරයත් සමගින් පර්ශ්‍යා සුන්දර සිහින ලෝකයක සැරිසරනවා. කෙසේ හෝ යහළුවන්ගේ උදව් උපකාර සමගින් මේ අසම්මත ප්‍රේමය ආරම්භ වනවා. ආදරය…සම්මත හෝ අසම්මත වේවා, එය වචනයෙන් විස්තර කල නොහැකි තරම් සුන්දරයි, ගුප්තයි. කාලය ගෙවී යනවා නොතේරේ. එතරම්ම ආදරය යනු, මායාවකි. ප්‍රේමයෙන් මුසපත් වී සිටින මෙම නව යොවුන් යුවලට විටෙක සිතෙනවා ජීවිතය ඇයි මෙතරම් සුන්දර කියා. නමුත් ඒ එක්තරා අවාසනාවන්ත දිනයක් වන තුරාවට පමණි. මෙම සුන්දර ආදර අන්දරයට කණ කොකා අඬලනවා. එක් නිමේෂයකින් සියලු දෙනාගේම ජීවිත උඩි යටිකුරු වෙනවා. පවුල් කීපයක්, කිසිවක් කරකියාගත නොහැකි අසරණ තත්වයට පත්වෙනවා. බලය ඇති තැනැත්තන්, නීතිය අතට ගනිමින් දුර්වලයා තලා පෙලා දමනවා. පුරා හෝරා තුනකට ආසන්න කාලයක් දිගහැරෙනා මේ සුවිශේෂී නිර්මාණය නැරඹීම ප්‍රේක්ෂක ඔබට බාරයි. කතාවේ අවසානය නම්, ඔබ සිහිනෙන් පවා නොසිතන, නෙතට කඳුලක් එක් කරන සංවේදී අවසානයක් වේවි. ඒ බවට මා පොරොන්දු වෙන්නම්.
නැවත හමුවන තුරාවට, හැම දෙනාටම ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි DVDRip / HDRip සඳහා අදාළ වේ.
11,775 downloadsDownload Sairat-2016.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
45 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Saman
We can't open this one
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thwath hoda me wage film ekak denna
mithun
Wow thx bro . ඔය හොදම චිත්‍රපට ටිකක් දුන්න මෙ ටිකෙ.. හොදම රෙටින්.. නියමයි . උපසිරැසිකරනෙයෙ දිගටම දෙදෙන්නට ඔබට කාලය ලැබෙව. ජය
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !buddhika
niyamai sahooooo............denakam hitiye mekath...niymai..digatama sub dena.....jaya wewa.......
Kulanjana Maduranga
niayamai…aniwa balanna ona 1k..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
deshan
mulinma sthuthi obata..sinhalath ekkama ayema baluwa aththatama wargikaranayakin thorawa onama bashawaka cinema nirmana laba deema pilibadawa athisyenma sathutui.film eka gana nam kiyanna wachana na...kalekin awa hodama film ekak saha climax eka husma madakata natharakarannata pawa samath film ekak..ithin banna kalin coment kiyawana ayata bagaththata padu na lassana adara kathawak saha kanapita gasu awasanayak narabanna...obata jaya
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Neighbors 2: Sorority Rising 2016 sub denna
ගයාන්
කවුරු හරි කියනවද උපසිරසි බාගත කල හැකි බටන් එක කොහෙද කියලා.. මට විතරද එක පෙන්නේ නැත්තේ ..?
saranga
Matath penne nene
Ruwan Hettiarachchi.
matath ehema una.machine eka restart kalama hari yanawa.
RADO
pattai wage mcn.. thnxx subata
Dhanuka Akalanka
Niyamai saho, ela...
Kammattipaadam (2016) malayalam ekatath sub dendaThushanga Pramod
thanks macho. mohenjo daro ewith honada copyk ewith sub dennakoo.
Chalana
thnx bro..
Thushanga Pramod
kauru hari meke hd torrent link eka dennako.plzz
Wgk Chathuranga
suppa film eka broo thanzz :)
shan Madhawa
MACHAN KATAWA NAM SUPIRI AI UBALA DEN TORRENT DANNE NETTE BAN .............
Wajira Deegalla
උපසිරසියට thanks දිගටම සබ් කරමු සහෝ
DJey Damith Jackson
okkoma hodai mcn sub ekata thank you...!!!! me ad watena ek nawaththn bai da. poddak adu karannako melo deyak karanna ba hama welema add enawa
Udaya Fernando
Thanks
Sanath Indika
thx broo
Nirmala Sudharshani
plz me film akak wat open wen na . mata tikak kiyala denna...
Nirmala Sudharshani
film akak wat on karala balanna ba. plz kiyala denna kohomada karanna kiyala.
Dilusha
meka downlod karanne kohmadoooooooooooooooooooooooooo
Dewaka
Pattama patta film ekak... thanks bro..
Chanunirmal
Priyamana thozhi eke sub eka dannako.plz............
sahan
Mohendojaro eke sub dannakoo
charith
Puluwan nm mohenjodaro film eke sub eka denna...
Nimesh
Eke sub eka thiyenwa bro....mohenjodaro sinhala sub kiyala google eke search karala balanna
Shiromal
Thankzz !!!!
Please upload "Brahmotsavam" movie subtitlesMenu
Thank you
chathura
අනේ මන්ද මේ දෙමල යක්ක්ගේ මානසිකත්වේ මරාගන්න ඒවමයි ඔච්චර ලස්සනට ඉවර කරන්ඩ තිබ්බද? මුන්ගේ මානසිකත්වේ කියන්නේ වෛරයමයි වපුරන්ඩ ආස
chathura
අනේ මන්ද මේ දෙමල යක්කුගේ මානසිකත්වේ මරාගන්න ඒවමයි ...ඔච්චර ලස්සනට ඉවර කරන්ඩ තිබ්බද? මුන්ගේ මානසිකත්වේ කියන්නේ වෛරයමයි වපුරන්ඩ ආස
Upul_Arjuna
madushangamage
thankes bro....
avishka1996didulanga
Thanx bro...!!
malith
Ela ela
bhanuka dhananjaya
meke sub eka dila thiyena film copy ekata galapenna,pu;uwannm eka fix karanawada.......
Sirimanna
Ela bro!!!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Saranga J. Liyanagama
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴