Watch Trailer

Materialists (2025) Sinhala Subtitles | හිරු සඳු එකවර දෙපස නැඟේ… [සිංහල උපසිරැසි]

Materialists (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, අද මං අරගෙන ආවේ Materialists (2025) කියන අලුත්ම චිත්‍රපටය. Materialists කියන්නේ 2025 දී තිරගත වුණු ඇමරිකානු ප්‍රේමාන්විත ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. මේක රචනා කරලා අධ්‍යක්ෂණය කළේ සෙලීන් සොන්ග් විසින්. මේ චිත්‍රපටයේ ඩැකෝටා ජොන්සන්, ක්‍රිස් එව…

Materialists (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, අද මං අරගෙන ආවේ Materialists (2025) කියන අලුත්ම චිත්‍රපටය. Materialists කියන්නේ 2025 දී තිරගත වුණු ඇමරිකානු ප්‍රේමාන්විත ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. මේක රචනා කරලා අධ්‍යක්ෂණය කළේ සෙලීන් සොන්ග් විසින්. මේ චිත්‍රපටයේ ඩැකෝටා ජොන්සන්, ක්‍රිස් එවන්ස් සහ පේද්‍රෝ පැස්කල් රංගනයෙන් දායක වෙනවා. නිව් යෝර්ක් නගරයේ සුඛෝපභෝගී පෙම් සබඳතා සංස්කෘතිය පසුබිම් කරගනිමින්  සකස් කරන ලද මේ සිනමාපටය, විවාහා යෝජනා ගලපන්නියක සහ ඇගේ අභිලාෂකාමී නළු හිටපු පෙම්වතා සහ ආකර්ෂණීය කෝටිපති පෙම්වතෙකු අතර ප්‍රේම ත්‍රිකෝණයක් පිළිබඳ කතාවක් ඔස්සේ දිව යනවා.  කිලර් ෆිල්ම්ස් සහ 2AM විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය 2025 ජුනි 13 වන දින A24 විසින් එක්සත් ජනපදයේ නිකුත් කරන ලද අතර සෝනි පික්චර්ස් රිලීසිං ඉන්ටර්නැෂනල් විසින් ජාත්‍යන්තරව බෙදා හරින ලදී. Materialists (2025) විචාරකයින්ගෙන් සාමාන්‍යයෙන් ධනාත්මක සමාලෝචන ලබාගන්නට සමත් වුණා. ඊට අමතරව  IMDb දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. ඒ වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 79%ක Tomatometer අගයකුත් 66%ක Popcornmeter අගයකුත් ලබාගන්නට සමත් වෙනවා වගේම නිෂ්පාදන වියදම වන ඩොලර් මිලියන 20ට එදිරිව ඩොලර් මිලියන 97.7ක ආදායමක් ලබාගන්නට සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි Astra Midseason Movie Awards සම්මාන උළලේදී හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, සහ හොඳම පිටපත වෙනුවෙන් නිර්දේශ හයක් ලබාගන්නට සමත්වෙනවා.

මේ චිත්‍රපටයේ සාරාංශය මෙහෙමයි. මේකේ තියෙන්නේ නිව්යෝර්ක් නගරයේ ඉහළ පෙළේ විවාහ ගැලපීමේ ආයතනයක් පවත්වාගෙන යන හිටපු නිළියක් වන ලුසී මේසන්ගේ (ඩැකෝටා ජොන්සන්) කතාව. ආදරය සොයන පුද්ගලයින්ගෙන් වට වෙන ඇය, ඔවුන්ගේ තත්වය, ධනය සහ පෙනුම කිරා මැන බලමින් විවිධ සබඳතා සඳහා විවිධ සේවාදායකයන්ට යෝජනා සිදු කරනවා. ඒ අතර හදිසියේ සිදුවන සේවාදායකයෙකුගේ හමුවීමක් සමඟ ඇය ප්‍රේම සම්බන්ධය පිළිබඳ ඇගේම දෘෂ්ටිකෝණය ප්‍රශ්න කිරීමට පටන් ගන්නවා. හදිසියේ එකම මොහොතක ඇයගේ ජීවිතයට ආගන්තුකයන් දෙන්නෙක් හමුවෙනවා වෙනවා. එක්කෙනෙක් ධනවත් හා පෙනෙන පරිදි පරිපූර්ණ පුද්ගලයෙක්, අනෙකා ඇගේ අතීතයට සම්බන්ධ නමුත් බොහෝ දුරට සම්බන්ධයක් පැවැත්වීමට අවදානම් සහගත වන අයෙක්. මේ සියල්ල සමඟින් සැබවින්ම අගය කරන දෙයට මුහුණ දීමට ඇය මත පීඩනයක් එල්ල වෙනවා. ඇය තමන්ගේ තෝරා ගැනීම් දෙකෙන් අවසානයේ දිනාගන්නේ කාගේ ආදරයද? චිත්‍රපටය බලලාම ඒක දැනගනිමු. එහෙනම් මිනිස් ජීවිතයේ ආදරය, වේදනාව, වෘත්තීය පීඩනය, විවිධ හැලහැප්පීම් ඔස්සේ ගලා යන මේ සුන්දර චිත්‍රපටයත් නොවරදවාම නරඹන්න.

මේක මගේ 167 වන සිංහල උපසිරැසි නිර්මාණයයි. 

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

Materialists (2025) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.

1,599 downloadsDownload Materialists-2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Materialists (2025) Sinhala Subtitles

Subtitles

1,599 downloadsDownload Subtitles49 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූථියි ප්‍රබුද්ධ සහෝ මේකට සිංහල සබ් දුන්නට.....
    මේක බලන්නම හිටිය එකක්......

  2. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. Hithanadurage Roshan de Silva

    එච්චරම බලන්න ප්‍රියතාවයක් නෑ, ඔබගේ විස්තරය ඉහළ දුටු නිසා බලන්න තීරණය කරා, බොහොම ස්තූතියි ඔබට

  4. vihaga

    MONSTER S03 subtitle ekath ikmanta dennako brother

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.