The Physician 2 (2025) Sinhala Subtitles නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට, එහි ආරම්භය මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදු වූවක් බවත්, නමුත් පසුකාලීනව එහි වර්ධනය සහ ව්‍යාප්තිය යුරෝපය තුළ සිදු වූ බවත් අපට පැහැදිලිවම වටහාගත හැකියි. එකල මැදපෙරදිග නගර ලෝකයේ ප්‍රධානතම බුද්ධිමය කේන්ද්‍ර…

නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට, එහි ආරම්භය මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදු වූවක් බවත්, නමුත් පසුකාලීනව එහි වර්ධනය සහ ව්‍යාප්තිය යුරෝපය තුළ සිදු වූ බවත් අපට පැහැදිලිවම වටහාගත හැකියි.
එකල මැදපෙරදිග නගර ලෝකයේ ප්‍රධානතම බුද්ධිමය කේන්ද්‍රස්ථාන බවට පත් වී තිබුනි.
ඉබන් සීනා (Avicenna), අල්–රාසි (Rhazes) , ඉබන් අල්–නෆීස් (Ibn al-Nafis) වැනි විශිෂ්ට මැදපෙරදිග වෛද්‍යවරුන් , යුරෝපීයයන් සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර බොහෝ වෛද්‍ය කරුණු මුලින්ම සොයාගත්හ. එසේම රෝහල් සංකල්පය (Bimaristan), වාට්ටු වෙන් කළ ක්‍රමවත් සහ වෛද්‍යවරුන්ට බලපත්‍ර ලබාදෙන නූතන රෝහල් පද්ධතිය මුලින්ම බිහිවූයේ මැදපෙරදිගයි. ඉබන් සීනා ලියූ The Canon of Medicine ග්‍රන්ථය මෙම වෛද්‍ය විද්‍යාව ක්‍රමවත්ව ගොනු කළ අතර, එය වසර 500කට අධික කාලයක් යුරෝපයේ පවා සම්මත වෛද්‍ය පෙළපොත ලෙස භාවිත විය.
වර්තමාන වෛද්‍ය විද්‍යාලවල පවා එම සොයාගැනීම් ගැන කථාකරන්නේ නැති වුවත් එම අතීතය ඉතා සිත්ගන්නා සුළුයි. ඔව්න්ගෙන් පැවත එන විවිධක් වූ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන පුද්ගලයන් අදටත් මැදපෙරදිග පිටිසර ගම්මාන වල අපට දැකිය හැකිය. Hakim ( හකීම් ) , Hajjam හිජාමා , Raqi( රුක්යා ) ආදී ලෙස ඔවුන්ගේ විශේෂඥතාවය අනුව විවිද නම් වලින් අදද ඔවුන් ආමන්ත්‍රනය කෙරේ.අප බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කළද ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප නොකළ යුතුබවට සාක්ශිද අපට ඇතැම් විට දැකගත හැක.
වෛද්‍ය විද්‍යාවේ ආරම්භය මිනිසාගේ ජීවිතය, වේදනාව සහ සුවය පිළිබඳ සෙවීමත් සමඟම බැඳී පවතින ඉතා දිගු ඉතිහාසයකි. රෝග සුව කිරීම සඳහා දැනුම සොයා ගිය මිනිසාගේ ඒ අඛණ්ඩ ගමන පිලිබදව අවබෝදයක් ලබා ගත හැකි විශිෂ්ඨ චිත්‍රපටක් ලෙස The Physician 2 (2025) දැක්විය හැකිය. IMDb හි 6 ක ( නමුත් සැබවින්ම මෙයට වඩා ඉහල අගයක් ලැබිය යුතුය) ප්‍රේක්ෂක ඇගයීම් ලබන මෙම චිත්‍රපටය ඉතිහාසය, වෛද්‍ය විද්‍යාව සහ මනුෂ්‍ය සදාචාරය එකට ගැටෙන ගැඹුරු කතාවක් ඉදිරිපත් කරයි.
මෙම චිත්‍රපටය නිසි ලෙස අවබෝධ කර ගැනීමට නම් The Physician 1 (2013) ( IMDb -7.2) මුල් චිත්‍රපටය නැරඹීම අනිවාර්යයෙන්ම නිර්දේශ කරමි. එයට හේතුව වන්නේ එහිදී ප්‍රධාන චරිතයේ ආරම්භය, ඔහුගේ වෛද්‍ය දැනුම සොයා යාම, සහ මෙම කතාවට පදනම වන සිදුවීම් පැහැදිලිව ගොඩනගා ඇති බැවිනි. එම පසුබිම නොමැතිව දෙවැනි චිත්‍රපටයේ චරිත ගැඹුර සහ කතාවේ අර්ථය සම්පූර්ණයෙන් අත්විඳීමට අපහසු වේ.
මෙහි ඇති සිත් ඇදගන්නා සුලු බව නිසාම, ඔබටද එය ලබාදීමේ අරමුණෙන් මාගේද ප්‍රථම සිංහල උපසිරැසි ලෙස ඉදිරිපත් කිරීමට සිත් විය. වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය, දැනුම සඳහා වූ කැපවීම, සහ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න සමඟ ගමන් කරන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය පමණක් නොව සිතීමටද බොහෝ දේ ලබා දෙන බැවින් එය නැරඹීමට ඔබට ආරාධනා කරමි.
The Physician 2 (2025) Sinhala Subtitles
![]()
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
751 downloadsDownload The-Physician-II-2025.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වෛද්‍ය චාමර දිල්ෂාන් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-06-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Physician 2 Sinhala Subtitles
Subtitles by
වෛද්‍ය චාමර දිල්ෂාන් අතුකෝරල
Subtitles
3 comments
Lkr
Buddhika laKMal
පළවෙනි උපසිරැසියට සුබ පතුම්…
වෙලාවක් තියෙන විදිහට ඉස්සරහටත් මේ වගේ ඒවටම සබ් දෙන්න…
ජයවේවා…….එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌
Advertisement
මේක මුල් ෆිල්ම් එකටත් උපසිරස ලබා දෙන්න.සතුටුයි….