Watch Trailer

Samsam (2019) Sinhala Subtitles | සැම්සැම් [සිංහල උපසිරසි]

අද කතාව පටන් ගන්නේ පුංචි වීරයෙක්ගෙන්. එයාගේ නම තමයි සැම්සැම් කියන්නේ. මෙයා සාමාන්‍ය ළමයෙක් නම් නෙවෙයි. මෙයා ඉන්නේ වෙන විශ්වයක. වෙනම ග්‍රහලෝකයක තමයි මෙයාලා ඉන්නේ. ඒකෙ නම තමයි “සෑම්” කියලා කියන්නේ. ඒ කිව්වේ මෙයාලගේ ග්‍රහලෝකේ නම සෑම් ග්‍රහලෝකේ. ඉතින් මේ ග්‍රහලෝකේ ඉන්න හැමෝගෙම නම් පටන් ගන්නේ සෑම් කියන…

අද කතාව පටන් ගන්නේ පුංචි වීරයෙක්ගෙන්. එයාගේ නම තමයි සැම්සැම් කියන්නේ. මෙයා සාමාන්‍ය ළමයෙක් නම් නෙවෙයි. මෙයා ඉන්නේ වෙන විශ්වයක. වෙනම ග්‍රහලෝකයක තමයි මෙයාලා ඉන්නේ. ඒකෙ නම තමයි “සෑම්” කියලා කියන්නේ. ඒ කිව්වේ මෙයාලගේ ග්‍රහලෝකේ නම සෑම් ග්‍රහලෝකේ. ඉතින් මේ ග්‍රහලෝකේ ඉන්න හැමෝගෙම නම් පටන් ගන්නේ සෑම් කියන නමින්. ඉතින් අපේ කතාවේ වීරයාගේ නම සැම් සැම් වෙන්නේ අන්න එහෙමයි. තෙරුනානේ? තකොට මේකේ ඉන්නේ මාත් ඒ ග්‍රහලෝකේ හිටියා නම් මම සැම් දේශාන් වෙන්න තිබ්බා. 🙂

කොහොම හරි මේ ග්‍රහලෝකේ ඉන්න හැම ළමයෙක්ටම වගේ එක එක හැකියාවන් තියෙනවා. ඒවා තමන් තුලම තියෙන හැකියාවන්. ඒවා තමන් විසින්ම හොයාගන්න ඕනේ. සාමාන්‍ය ළමයෙක් මේ වගේ හැකියාවක් ඉතා පොඩි වයසකින් හොයා ගන්නවා. අවුරුදු එකහාමාරකින් වගේ හොයා ගන්නවා. ඉතින් මේ කතාවේ කතා නායකයා සැම්සැම්ගේ අම්මයි තාත්තයි කියන්නේ මේ බලයන් අඩුවක් නැතුව තියෙන දෙන්නෙක්. කොටින්ම කිව්වොත් එයාලා ඒ ග්‍රහලෝකේ වීරයෝ දෙන්නෙක්. ඒත් වැඩේ කියන්නේ සැම්සැම්ට මේ කිසිම බලයක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. තාම එයා හොයනවා මොකද්ද එයාට තියෙන බලය කියලා. මෙයා යාළුවො අතර වුනත් කොන් වෙන වෙලාවල් තියෙනවා මෙයාගේ බලය තාම හොයාගේනවත් නැති නිසා.

ඉතින් මේ අතරේදී වෙනම ග්‍රහලෝකයක් තියෙනවා මාර්ත් කියලා. මේකේ ඉන්න රජතුමා නම් හරිම අමුතු කෙනෙක්. එයාට පොඩි ළමයින් හිනා වෙනවා පෙන්න බෑ. එයා කියන්නේ පොඩි ළමයි හිනා වෙන හඳ අහුඅනම එයාට ඔලුවේ කැක්කුම එනවා කියලා. ඉතින් එයාගේ ග්‍රහලෝකේ ඉන්න පොඩි ළමයි ඔක්කොම අයින් කරන්න එයා නියෝග කරනවා. ඉතින් මේ ග්‍රහලෝකේ ඉන්න ඔක්කොම පොඩි ළමයි අරගෙන කට්ටියම එනවා සෑම් ග්‍රහලෝකෙට. ඉතින් දැන් සැම්සැම්ටත් මාර්ත් ලෝකේ යාළුවො ඉන්නවා.

ඉතින් ඔයිට පස්සේ වෙන්නේ මොකද්ද කියලා මම කියන්න ඕනේ නෑ නේ. අනික මම මේ කලේ කතාවේ පොඩි Review එකක්. මේ ලිපිය කියවලා කතාව බැලුවා නම් හොඳට තේරෙයි මොනවද ෆිල්ම් එකේ ඇත්තටම වෙන්නේ කියලා. ඉතින් මේ පුංචි වීරයාගේ වැඩ කොහොමද කියලා බලන්න නම් අනිවාරෙන් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හරි දැන් අපි බලමු මේ නිර්මාණයට හම්බවෙලා තියෙන Ratings මොනවද කියලා. ඉතින් මේ නිර්මාණයට හිමි වෙලා තියෙනවා IMDb Ratings 5.1ක්. ඉතින් මේක ගොඩක් සුපිරි ෆිල්ම් එකක් කියලා ඕක දැක්කම පේනවා ඇති. ඉතින් එහෙනම් මතක ඇතුව Comment එකක් නම් අනිවා දාගෙන යන්න. මොනවත් කියන්න නැත්නම් අඩුගානේ Space එකක්වත් Comment කරන් යන්න.

දවස සුභ වේවා, ඔබට ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,726 downloadsDownload SamSam-2019.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දේශාන් චිරත් ලියනගේ

Subtitles

1,726 downloadsDownload Subtitles36 KB

12 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් දෙකට සබ් දෙන්න.

    Babe - 1995
    Babe: Pig in the city - 1998

  2. Nilush Angana

    Sub ekata thanx

  3. yohan

    thanks bro

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. indika75

    thanks..

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Giant Nandimithra

    Thanks malayaa...

  10. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!